127 කථාව...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    399847_316305265075324_193218727383979_832454_1331452935_n.jpg


    ඡායාරූපයේ දැක්වෙන්නේ ඇරන් ලී රැල්ස්ටන්(Aron Lee Ralston) නැමති පුද්ගලයායි. ඇමරිකානු ජාතික කදු නගින්නෙකු වන ඔහු ප්‍රස්ද්ධ ධනාත්මක චින්තන දේශකයෙකුද වෙයි.
    මොහු 2003දී ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් තරණය කරන අතරතුර සිදු වූ අනතුරකදී සිය දිවි ගලවා ගැනීම සදහ තම දකුණු අත සිය සිරුරෙන් කපා ඉවත් කිරීම නිසා මොහු ලෝක ප්‍රසිද්ධ විය.

    වසර 2003 අප්‍රේල් 26 වන දා ඇරන් ලී රැල්ස්ටන් ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් නැගීම ඇරඹූ අතර එහිදී සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු අත ගල් බිත්තියක් සහ රාත්තල් 800ක් පමන බර ගලක් අතර සිර වුනි.අනතුර සිදු වන විට ඔහු සතුව තිබුනේ ආහාර ස්වල්පයක් ජලය ස්වල්පයක් සහ කුඩා කතුරු පිහියක් පමනි.

    අනතුර සිදුව පැයක් යාමට මත්තෙන් ඇරන් තමාට දිවි ගලවා ගැනීමට ඇති අවස්ථා පිලිබද විනිශ්චයක යෙදුනු අතර ඔහුට පෙනී ගියේ දිවි ගලවා ගැනීමට ඔහුට විකල්ප 4ක් පමනක් ඇති බවය.ඒවා නම්,

    කවුරුන් හෝ පැමින තමාව බේරා ගැනීම.
    ගල් පතුර කතුරු පිහියෙන් කඩා දමා අත නිදහස් කර ගැනීම.
    ගල් පතුර ඉවත්කර අත නිදහස් කර ගැනීම.
    අත සිරුරෙන් වෙන් කර දිවි ගලවා ගැනීම.

    ඔහු සතු පස් වන විකල්පය මරණය වූ අතර ඔහු එම විකල්පය පිලිගැනීමට රුචි නොවීය.

    ඔහු දින කීපයක් දිවි ගලවා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය.නොයෙක් ආකාර වලින් ගල් පතුර ඉවත් කිරීමට උත්සාහ කල අතර කතුරු පිහිය ආධාරයෙන් ගල් පතුර කඩා දැමීමට උත්සාහ දැරීය,නමුත් එම උත්සාහයන් සාර්ථක නොවීය.

    අවසානයේ තම දිවි ගලවා ගැනීමට අවසන් උත්සාහය දැරීමට ඔහු ඉටා ගත්තේය,ඒ තම දකුණු අතේ වැලමිටෙන් පහල කොටස තම සිරුරෙන් කපා ඉවත් කිරීමයි. ඒ සදහා සහයට කිසිවෙකු නොසිටි අතර උපකරණයකට තිබුනේ ඔහුගේ කතුරු පිහිය පමනි. තම කතුරු පිහියේ තලය අතේ අස්ථි කපා දැමීමට තරම් ශක්තිමත් නොවුනු බව වැටහුනු බැවින් ඔහු ප්‍රථමයෙන් දකුණු අතේ අස්ථිය ගල් පතුරට තද කර බිද දැමීය.ඉන්පසු කතුරු පිහිය භාවිතා කර දකුණු අත සම්පූර්ණයෙන්ම සිය සිරුරෙන් වෙන් කර දැමීය.. පසුව ඔහු සිර වී සිටි ගල් දෙබුක්කාවෙන් ඉවතට පැමිනි අතර වෙනත් කදු නගින්නන් කණ් ඩායමක් ඔහුට හමු වූ අතර අවසානයේ ඔහුගේ දිවි ගැලවිනි.

    ඇරන් රැල්ස්ටන් සතු වූ අසාමාන්‍ය ධෛර්යත් ජීවිතය සදහා වූ මහත් ආශාවත් නිසා ඔහු ජීවිතය ගලවා ගත් අතර. පසුව ඔහු මෙම සිද්ධිය අලලා Between a Rock and a Hard Place නමින් පොතක්ද පල කලේය.2010 වසරේදී ඩැනී බොයිල් මෙම සිද්ධිය ඇසුරෙන් 127 Hours නමින් චිත්‍රපටියක්ද නිර්මාණය කලේය.

    ඒ ටික කජු වත්තෙන්

    මම මේ ෆිල්ම් එක බැලුව. පට්ට මූවි එක. බැලුවෙ නැති උන් බලපල්ල. ඩැනී බොයිල්ගේ ෆිල්ම් එකක්. අර ස්ලම් ඩෝග් මිලියනර් හැදුවේ. මෙන්න ට්රේලර් එක.

    ටොරන්ට්

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මමත් බැලුවා නියම ෆිල්ම් එක යාලුවා:cool: (අතකපාගන්න කොට නම් බඩ විකාගන්න හිතුනෙ):baffled::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඒ ෆිල්ම් එක බැලුවා මචෝ.. ඒ කොල්ලා විදින දුක දැක්කාම ජීවිතේම එපා උනා. අත කපාගන්න සීණ් එක නම යවලා බැලුවේ..හොද පෝස්ට් එකක් මචෝ.එල
     

    coolflame

    Member
    Feb 5, 2012
    133
    15
    0
    patta kathawa machan. mama asama karana movie ekak. meyage aththa story eka youtube
    eketh thiyanawa. eke meya yanawa meka sidda wechcha thanata. anyway me wage
    movies therenne tike denekuta witharai. wishwasa karapalla mama meka ape yaluwo set ekakata pennala un mata hina una. un kiyanawa me wage film untath hadanna puluwan lu.
    eka mama nikamata kiwwe, meka great movie ekak. thanxx machan
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    mage laga thibba. baluwe na ban. mata set une na eka. atha kapana scene eka nam patta graphic scene eka. epa wenawa.

    අත කපාගන්න ටික යවල දාල බැලුව :baffled:

    අපෝ ඒ ෆිල්ම් එක බැලුවා මචෝ.. ඒ කොල්ලා විදින දුක දැක්කාම ජීවිතේම එපා උනා. අත කපාගන්න සීණ් එක නම යවලා බැලුවේ..හොද පෝස්ට් එකක් මචෝ.එල

    patta kathawa machan. mama asama karana movie ekak. meyage aththa story eka youtube
    eketh thiyanawa. eke meya yanawa meka sidda wechcha thanata. anyway me wage
    movies therenne tike denekuta witharai. wishwasa karapalla mama meka ape yaluwo set ekakata pennala un mata hina una. un kiyanawa me wage film untath hadanna puluwan lu.
    eka mama nikamata kiwwe, meka great movie ekak. thanxx machan

    තෑන්ක්ස් කස්ටියටම