බොරලුගොඩ මහත්තයෝ, මෙතන තියෙන්නෙ ඔයගොල්ලො මුස්ලිම් වීම නිසා තියෙන ප්රශ්නයක් නෙවෙයි. ඔය කට්ටිය මොන ආගමක් ඇදහුවත් අපට කමක් නෑ. ඒත්, මේ රටේ ප්රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එක ඔයගොල්ලො පිළිගන්න ඕනේ. මේකෙන් කියන්නෙ ඔය කට්ටියට ඉස්ලාම් ආගම අත හරින්නවත් සිංහල වෙන්නවත් නෙවෙයි. මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන පිළිගන්න කියන එක විතරයි.
උදාහරණයක් විදියට මේ ත්රෙඩ් එකේම ඔයා කියල තිබුණ ශරියා නීතියේ දෙන සමහර දඬුවම් වලට සමාන දඬුවම් ලංකාවෙත් දෙන්න ඕනෙ කියල. ලංකාවෙ තියෙන්නෙ හතුරාට උනත් මෛත්රිය කරන විදියෙ සිංහල බෞද්ධ සංස්කෘතියක්. ඒ වගේ සංස්කෘතියක් ඇතුලෙ ඔය වගේ දේවල් කරන්න බැහැ කියන එකයි ඔයා තේරුම් ගන්න ඕනෙ. අපේ රටට අරාබි සංස්කෘතියක් ආදේශ කරන්න උත්සාහ කරන්නෙ නැතිව, ඔයාලගෙ පාඩුවේ ඔයාලගෙ ආගම අදහගෙන ඉන්නවනම් අපිට කිසිම ප්රශ්නයක් නැහැ. ඒක තේරුම් ගන්න.