සවනතට මිහිරි හින්දු මන්ත්‍ර-★Must Hear★

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    සවනතට මිහිරි හින්දු මන්ත්‍ර-★Must Hear★

    සවනතට මිහිරි හින්දු මන්ත්‍ර-★Must Hear★

    මන්ත්‍රවල ඉතිහාසය

    මන්ත්‍ර පළමුවෙන්ම සටහන් කර ඇත්තේ වේද නමින් හඳුන්වන හින්දු ග්‍රන්ථ වලය. සෑම හින්දු ධර්ම ග්‍රන්ථයකම පාහේ මහත් වෙහෙස දරා පේළි 2 ක් සහිතව ලියන ලද ශ්ලෝක වශයෙන් සියලුම ලියවිලි පවතින අතර බොහෝ මන්ත්‍රද මෙම ස්වරූපයෙන් හෝ තනි පේළියක් හෝ තනි වචනයක් ලෙසද පවතී.

    හින්දු ආගමේ මුලිකම මන්ත්‍රය වන්නේ ප්‍රාණවත් මන්ත්‍රය ලෙස හඳුන්වන ‘ඕම්’ මන්ත්‍රයයි. එය සෑම මන්ත්‍රයකම මුලාශ්‍රයයි. මෙය පිටුපස පවතින්නේ හින්දුන්ගේ නාම රූප පිළිබඳ අදහසයි. මෙහිදි ද්‍රව්‍ය අදහස් වැනි දැනට පවතින සියළුම දේ තමන් හා රූපයක් සහිතව සංකල්පිත විශ්වයක් තුළ පවතින බවයි. මෙයින් ප්‍රාථමික නාමරූප වන්නේ ආදිකල්පිත ඕම් නම් කම්පනය වන අතර බ්‍රහ්මණයාගේ විද්‍යාමාන පළමුවන නාමරූපයයි. මෙම හේතුන් නිසා ඕම් යනු හින්දු දහමේ පවතින මුලිකම හා බලවත්ම මන්ත්‍රය ලෙස සැලකේ. එම සියළුම හින්දු යාඥා වල පෙර හා අවසාන පදයයි. සමහර මන්ත්‍ර යම් දෙවියෙක් උදෙසා ගායනා කළද, ඕම් ශාන්ති මන්ත්‍රය හා ගයත්‍රි වැනි මුලික මන්ත්‍ර සදාතනික යථාර්ථය උදෙසා ලියවි ඇත.


    හින්දු තන්ත්‍ර වලට අනුව විශ්වය යනු ශබ්දයයි. උතුම් දේ හටගන්නේ වචන හෙවත් ශබ්දයෙනි. මැවීම විවිධ විස්තර හා සංඛ්‍යා වලට අයත් කම්පන වලින් යුක්ත වන අතර එමඟින් ලෝකය නම් සංකල්පය හටගනී. ඉතාමත් සුපිරිසිදු ශබ්ද වන්නේ වර්න(Var.nas) හෙවත් සදාතනික අපට ශබ්ද මඟින් හෝ ඇසට පෙනෙන ලෙස පවතින ශබ්දයයි.


    වර්න(Var.nas) යනු ශබ්දයේ මුල ධාතුවයි. මුලද්‍රව්‍ය, දෙවියන්, ලග්න, මිනිස් සිරුරේ කොටස් සංකේතවත් කිරිම සඳහා සංඛේත පද්ධතියක් ලෙස අකුරු බිහිවිය.


    ඉන්පසු අක්ෂර, මන්ත්‍ර බවට පත්වුන අතර සංස්කෘත හෙවත් වේදය ලියවුනු භාෂාව ද්‍රව්‍ය වල ස්වභාවයට අනුව ගොඩනැගුණි. එමනිසා වේදය යථාර්ථය පිළිබිඹු කරයි.
    ඕම් නම් මුල අක්ෂරය සියළුම දේවල් වල යථාර්ථය වන මහ බ්‍රහ්මයා නිරූපනය කරයි.


    මන්ත්‍ර


    මන්ත්‍ර නැතිනම් දේවනාග යනු ආගමික කාව්‍ය වේ. ඒවා සංස්කෘත භාෂාවෙන් නිර්මාණය වී තිබේ.

    ඒ ඒ මන්ත්‍ර සම්බන්ධ නිකායන් සහ ඔවුන්ගේ දර්ශන අනුව මන්ත්‍ර භාවිතයෙන් ලබන ප්‍රයෝජන ද විවිධ වේ. ආරම්භයේදී මේවා භක්තිකයින්ගේ අරමුණු එක් අරමුණක් කෙරෙහි යොමු කිරීම සඳහා අධ්‍යාත්මික සම්ප්‍රේෂණ ක්‍රමයක් වශයෙන් යොදා ගැනුණි. එසේම බලවත් වචන හෝ කම්පනය නැතිනම් විලෝපනයන් කිරීම සඳහා යොදාගෙන ඇති බව පෙනේ. සොරසතුරන් හා අපද්‍රව්‍ය දුරු කිරීම හෝ ධනය වැඩි කරගැනීමට හැකි, සෞභාග්‍ය ලඟා කර ගැනීම සඳහා කළ ආගමික උත්සව වලදී ද මන්ත්‍ර භාවිත කෙරිණි. ඉන්දියාවේ වෛදික ආගම මඟින් පළමුව හඳුන්වා දුන් මන්ත්‍ර පසුව හින්දු සම්ප්‍රදායේ අත්‍යාවශ්‍ය අංගයක් ‍බවටත් පත්විය. බෞද්ධ, ෂික් හා ජෛන ආගම් වල චාරිත්‍ර විධියක් ලෙසද එය භාවිත වේ.


    අද වනවිට පෙර දිග අධ්‍යාත්මික ව්‍යාපාර බොහෝ පවතී. පුරාතනයේ සිට දියුණු තත්වයක පවතින වාග් විද්‍යාත්මක දැනුමේ ආභාෂය අනුව මන්ත්‍ර නිසි ලෙස උච්චාරණය කිරීම වඩා ඵලදායි වන බව මන්ත්‍ර පිළිබඳව හැදෑරීමේදී දක්නට ලැබෙන කරුණකි. සිත මායාවන්ගෙන් විමුක්ත කර ගැනීම සහ භෞතික බැඳීම් වලින් ලිහිල් කර ගැනීම සඳහා මන්ත්‍ර ප්‍රයෝජනවත් වන බව පිළිගැනේ.
    මන්ත්‍ර ජප කිරීම යනු ඒවා නැවත නැවත ක්‍රමවත්ම උච්චාරණය කිරීමකි.


    හින්දු මන්ත්‍ර සමහරක්


    ගයත්‍රි මන්ත්‍රය

    ॐ भूर्भुवस्व: |
    तत्सवितुर्वरेण्यम् |
    भर्गो देवस्य धीमहि |
    धियो यो न: प्रचोदयात्

    ඔම් බුර් බුවා ස්වහා
    තත් සවිතුර් වර්නෙයම්
    බර්ගෝ දෙවස්ය දිමහි
    දියෝ යෝ නාහ ප්‍රචොදයත්

    Om Bhūr Bhuva Svaha
    (Om) Tat Savitur Varenyam
    Bhargo Devasya Dhīmahi
    Dhiyo Yo Nahah Prachodayāt,

    ගයත්‍රි මන්ත්‍රය සියලු හින්දු මන්ත්‍ර අතර වඩාත් විශ්ව මන්ත්‍රයක් ‍‍‍ලෙස සලකනු ලැබේ.
    මෙහිදි දැනුමට මූලික වු සහ ප්‍රදීපයට මූලික වු සුර්යා සම්බන්ධ වු බ්‍රහ්මයාගෙන් පිහිට පතනු ලැබේ.


    >>>>මෙම මන්ත්‍රය ගැන වැඩි දුරටත් මෙතනින්<<<<



    -ගයත්‍රි මන්ත්‍රය-

    .................................


    ගණපති මන්ත්‍රය සහ වෙනත්








    .................................


    හරේ ක්‍රිෂ්ණ මන්ත්‍රය සහ වෙනත්






    .................................


    ශාන්ති මන්ත්‍රය




    .................................

    කාලි මන්ත්‍රය
    සහ වෙනත්






    .................................


    ලක්ෂ්මි මන්ත්‍රය සහ වෙනත්










    .................................

    සරස්වති මන්ත්‍රය
    සහ වෙනත්








    .................................
    -තොරතුරු විකිපිඩියා ඇසුරෙන්-
    S-1
    S-2
    S-3


    යමක් දැනකියා ගත්තා නම් අදහසක් පල කර යන්න...


    .................................



     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    Rep++
    Patta
     
    Jan 4, 2012
    620
    99
    0
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    සිංහල කොල්ලෙක්;12069692 said:
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්


    ස්තුති යාළුවා:yes::yes::yes::yes::yes:
     

    skanthan

    Junior member
  • May 14, 2009
    149
    2
    18
    47
    Edmonton, Alberta, Canada
    This is very good. But actually, Gayatri Mantra is actually like this:

    ඕං භූර්‍භුවඃ ස්වඃ තත්සවිතූර්‍වරේණ්‍යම්
    භ‍ෙර්‍ගා් දේවස්‍ය ධීමහි ධියෝ යෝ නඃ ප්‍රචෝදයාත්​
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara

    :):):)


    තෑන්ක්ස් මචන්

    ස්තුති යාළුවා:):)



    thnx machan.. mewa download karaganna widiyak kiyanawada

    http://www.savevid.com/ නැත්තම් http://www.internetdownloadmanager.com/


    This is very good. But actually, Gayatri Mantra is actually like this:

    ඕං භූර්‍භුවඃ ස්වඃ තත්සවිතූර්‍වරේණ්‍යම්
    භ‍ෙර්‍ගා් දේවස්‍ය ධීමහි ධියෝ යෝ නඃ ප්‍රචෝදයාත්​

    :cool::)

    interesting

    :):)