පොලිස්

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
    එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්.

    2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්.

    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණයි.

    4. තනි Traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
    (ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

    5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත.
    (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.)

    එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.

    6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..

    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි..
    (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

    8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක.

    9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහයට අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය..
    එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..

    10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා.....
    කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
    ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

    11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
    ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..

    12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත.



    ඉස්සුවෙ මූනු පොතෙන්
    රී පොස්ට් නම් සොරි හොදෙ.
    හොදනම් මටත් කොටුවක් පනින්න උදව්වක් දීපල්ලා
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    මචං මේ කියලා තියෙන දේවල් ඇත්ත තමයි.......හැබැයි පොලීසියෙන් නවත්තපු වෙලාවක මේකේ තියෙන පොලිස්කාරයා කරන වැරැද්දක් පොලිස්කාරයාට පෙන්නලා දීපන්....උඹට දඩ කොළයක් 100% ෂුවර්...........