ඉරමුසු හම්බයට පිළිතුර

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
ඉරමුසු හම්බයට පිළිතුර

මම දැක්කා හම්බයෙක්(Iramusu 1,2,3,4,5) මේක වටේ යනවා බුදුන් වහන්සේ පිරිණිවන් පෑවේ ඌරුමස් කෑව නිසා කියලා.ඒක වැරදියි පහළින් තියෙන කථාව කියවන්න ඒකට නමුත් බුද්ධ ධර්මය අනුව මස් කෑම තහනම් නෑ
බෞද්ධාගමේ කිසිම නීතියක් නෑ එතන තියෙන්නේ මාර්ග උපදේශනය විතරයි. ඕන කෙනෙකුට
ඒක පිළි අරගෙන බුදුන් පෙන්වපු මාර්ගයේ යන්න පුලුවන් ඕන නැත්නම් නිකම් ඉන්නත් පුලුවන් ඒක තමන්ගේ කැමත්ත.

නමුත් මේ ගණයට අයත් නොවන මාංශ අනුභවයෙන් අකුසල කර්ම වෙන්න පුලුවන්. ඒක අකුසලයක් විතරයි ඒකෙන් කියන්නේ නෑ අපායේ යනවා කියලවත්, මනු‍ෂ්‍යය ලෝකේ ඉපදෙනවා කියලවත් කර්මයේ ප්‍රභලත්වය අනුව තමන්ට ඒක ස්වක්‍රීය ලෙස කාගේවත් බලපෑමක් නැතුව පලදෙනවා.

  1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
  2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
  3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
ඉතින් මේ ගණයට අයත් වෙන (ත්‍රිකෝටි පාරිශුද්ධ) මස් ඕන තරම් අපිට කන්න පුලුවන්
(නමුත් භික්ෂුන් වහන්සේලාට පමණක් විනය නියමයක් අනුව මිනී මස්, ඇත් මස්, අශ්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යාග්‍ර මස්, දිවි මස්, වලස් මස්, කරබානා වලස් මස් කන්න අකපැයි ඒකට හේතුව උදාහරණයකට සිංහ මස් අනුභව කර භාවනා කරන භික්ෂුන්ට එම ඉව ඔස්සේ පැමිණි සිංහයන්ගෙන් අනතුරු සිදුවීම දක්වන්න පුලුවන්, මිනි මස් කෑවම මිනිස්සු පිළිකුල් කරන්න පුලුවන් අඩුම ගානේ බණ අහන්න එන එකක් වත් නෑ එතකොට,
සර්ප මස් හරියට පිළියෙල නොකරොත් විශ ශරීර ගත වෙන්න පුලුවන්, බලු මස් - බල්ලා කියන්නේ මිනිසාගේ ඒකාලේ ඉදලම මිත්‍රයෝ ගෙවල් වල ඇති කරන සත්තු ,අශ්වයන් ඒකාලේ ගමනා ගමනය සදහා ප්‍රයෝජනවත් නිසා මස් කරන්නේ නෑ)

අඹ උයන අයත් වූයේ ගම්පතියකු සේ දනන් අතර පසිඳු චුන්ද නම් ලෝකුරුවකුටය.

බුදුන් වහන්සේ තම අඹ වනයෙහි වැඩ සිටින බව ඇසූ චුන්ද මහත් සේ ප්‍රබෝධයට පත්ව එවේලේම ගොස්‌ උන්වහන්සේට තම ප්‍රණාමය පළකළ යුතු යෑයි සිතා පිටත්ව ගියේය. චුqන්ද තමන් වහන්සේ වෙත එන බව ද බුදුහු දැන සිටියහ. එමතු නොව බුදුන් වහන්සේ උදෙසා පූජා කෙරෙන අවසන් දානය චුන්ද ලෝකුරුචන්ගේ පෙර පැතුමක්‌ පරිදිම සිදුවන්නක්‌ බව ද බුදුහු දුටහ.

චුන්ද මහත් ගෞරවයෙන් බුදු පාමුළ වැඳ වැටුණි. ආනන්ද හිමියෝ ද පසෙක වූහ. බුදුහු චුන්දයන්ට මෙසේ වදාළහ.

"චුන්දය මම ලෝසතුන්ගේ යහපත උදෙසාම, ඔවුන්ගේ සංසාර ගමන නැවැත්වීම උදෙසාම කැප වූ ශාස්‌තෲවරයෙක්‌මි. මම පළමු ද විශුද්ධිය ලදිමි. දැන් ඒ විශුද්ධි මග තහවුරුව, නිවැරැදිව දේශනා කිරීම සඳහා උතුම් සඟ පරපුරක්‌ ද සකසා ඇත්තෙමි. සියලු පව් වලින් වැළකී සිටීම ද තුන් සිත පිරිසිදුව සිටීම ද බුදුවරයන්ගේ අනුශාසනාවය. මේ දෙවියන් සහිත ලොව බුදුවරයකු පහළව, අවිදු අඳුර දුරලීමට ඥාන මාර්ගය සැකසූ බව ප්‍රකටව තිබේ. එහිදී මට ද අප්‍රමාණ බාධා සිදුවිය. යුද බිමට වන් ඇතකු දස දෙසින් එන හී සර ඉවරසන්නාක්‌ මෙන් මමද අසංවර වාග් ප්‍රහාර පරුෂ වචන ඉවසීමි. ඒ කිසිවකින් අකම්පිතව සිටීම බුදු මහිමයයි. මේ දඹදිව රජ,මැති, වෙළෙඳ සිටු යනාdදී සියලු ප්‍රභූහු මට අනුග්‍රහ දැක්‌වූහ. ඒවා මගේ යහපතට නොව සියලු දනන්ගේ යහපතට ම හේතු වනු ඇත. ඔබ ද පසිඳුරන්ට නොවසඟව තෘෂ්ණව දුරලීමට බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය. සදහම් රසයට මෙළොව සියලු රස පසු බසියි. එහි රස දෙව් බඹහු ද ඉඳුරා දනිති. මගේ විලාසය, බුද්ධ මහිමය නොදත් කෙනෙක්‌ භවත් ගෞතමයන් වහන්සේ අනුන් වසඟයට ගන්නා මායා බල සහිත යයි කීහ. එය අනිසි මුසාවකි. මේ ධර්¨මය සුපරීක්‍ෂා කළ හැකිය. එහි තාර්කික බව ඉඳුරා දත හැකිය. ඇසු පමණින් හෝ තර්කයට එකඟ වූ පමණින් හෝ තමන්ගේ දෘෂ්ටිය සමඟ සැසඳුවන පමණින් හෝ කිසිවක්‌ නොගත යුතු බව මගේ අනුශාසනයයි.

චුන්ද ආපසු එද්දී මැදියම් රැයටද ආසන්න විය. ඔහුගේ පියඹ ද දරුවෝද මැදුරෙහි අනෙක්‌ සේවකයෝ ද ඔහු එන තුරුම නොනිදා සිටියහ. සියලුදෙනා තුළම වූයේ කුහුලකි. ඒ බුදුහු කවරහුදැයි යන කුහුල් සිතය. චුන්ද තුළ වූයේ ද කිව නොහැකි තරම් සතුටකි. එක්‌ හේතුවක්‌ වූයේ බුදුන් වහන්සේ පසු දින තම මැදුරට දනට වැඩීමය. අනෙක බුදුන් වහන්සේ නිසා උපන් අප්‍රමාණ සතුටය. බුදුන්වහන්සේගේ දේශනා විලාසය මෙන්ම විශාරදත්වයද චුන්දගේ සිත තදින් ඇද බැඳ ගත්තේය.

"මං මේ වගේ අසාමාන්‍ය ශාස්‌තෲවරයෙක්‌ දැකල නෑ. මේ දඹදිව බුදුන් කියල කියන කී දෙනෙක්‌ නම් ඉන්නවද? ඒත් මේ බුදුන් හා ඒ බුදුන් යෑයි කියන අය අහසට පොළව වගේ. මට ඇත්තටම ඒ බුදු මහිමය විස්‌තර කරන්ට බෑ. උන්වහන්සේගෙ ශාන්ත විලාසය, ඉන්ද්‍රිය සංවරය, එය වචන නිරහංකාර බව වචනවලින් විස්‌තර කරන්ට බෑ. කවියකුට උනත් උන්වහන්සේට උපමා අලංකාර සොයන්ට බෑ. මේ අහස, පොළව, සයුර, නෙවෙයි විශ්වයේ ම සියල්ල ඒ බුදු මහිමයට පරාදයි. එහෙව් බුදු ගුණ මං වගේ කෙනකුට හිතන්ට පුළුවන්ද? ඒ මොනව උනත් තව හෝරා කීයද තියෙන්නේ හිරු උදාවෙන්ට. මේ කාගෙත් පෙර පින් තිබුණා. ඒ හින්දයි උන්වහන්සේ මගේ ආරාධනාව පිළිගත්තෙ. දැන් අපි ඒ ගැන වෙහෙස වෙමු. ඒ පින්කම ඉහළින්ම පවත්වන්ට.

චුන්දගේ විස්‌තරය ඇසූ පිරිස සිය කුතුහලය සංසිඳවා ගැනීම වෙනුවට එය තව තවත් වර්ධනය කර ගත්හ. ඇතැම් කෙනෙකුට සිතුනේ එක්‌වරම රාත්‍රිය පහන් වේ නම් කොතරම් අගේද යන්නය.s ඉනික්‌බිති චුන්දගේ මැදුර තුළින් දිස්‌ වූයේ යුහුසුළුව ඒ අතට මේ අතට දිව යන්නෝය. තන්හි තන්හි නොයෙක්‌ ක්‍රියාකාරකම්වල නිරත වන්නෝය. චුන්ද වහාම පිරිස්‌ කැඳවා මැදුරෙහි පහත මාලය හිස්‌ කරවා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට ආසන පැනවීය. මැදුර ඉදිරිපස තාවකාලික මණ්‌ඩපයක්‌ ඉදිකරවා එහි ලියකම්, මල්කම් යනාදියෙන් සරසන ලෙසටද නියෝග කළේය. මැදුරට පිවිසෙන මාවත සුදු වැලි අතුරවා, පුන්කලස්‌ තබවා මහත් සැණකෙළියක්‌ සෙයින්ම අලංකාර කිරීමටද පිරිස්‌ යෙදවීය. මන්දිරය අබියස ආරුක්‌කු හැඩයෙන් යුතු දර්ශනීය තොරණක්‌ ද මග දෙපස වෙනත් තොරන් ද ඉදිකරවීය. මේ කලබලය ඇසූ නුවර වැසියෝ ද රැය නොබලා මේ කුමන අරුමයක්‌ දැයි විමසන්නා හු බුදු පෙරහරකැයි දැන ප්‍රමුදිතව ඒ කටයුතුවලට එක්‌වූහ. මැදුර හා මඟ දෙපස විසිතුරු කළ පිරිස්‌වලට අමතරව සංගීත හා ගායනයෙහි සමත් කලාකරුවෝ ද එතැනට රොක්‌ වූහ. ඔව්හු බුදුගුණ තේමා කළ මනහර ගී එවේලේම ප්‍රබන්ධ කරවා ගායනා කරවීමටද සූදානම් කළහ.

මේ අතර මුළු නුවරම නම්ගත් සුපවේදීහු ද මැදුරෙහි වූහ. ඔවුන්ගෙන් කෙනෙක්‌ බුදුන් ප්‍රමුඛ පන්සියයක්‌ පමණ වූ සංඝයා වහන්සේ සඳහා පලතුරු යුෂවලින් පාන වර්ග ද සැකසූහ. ප්‍රණීත ගිලන්පස සූදානම් කළහ. ඛාද්‍ය භෝජ්‍ය එසේ සැකසෙද්දී චුන්දගේ සිතට නැඟුණේ බුදුන් ප්‍රමුඛ පිරිසට විශේෂ ව්‍යංඤනයක්‌ සකසා පූජා කළ යුතු බවය. හේ ප්‍රධාන සුපවේදියා කැඳවා උපදෙසක්‌ පැතීය. එහෙත් ඔහු කීවේ දානය සඳහා සියල්ල මනාවද උත්කර්ෂවත් ලෙසද සංවිධානය කර තිබෙන බවය. අබැටක තරම් අඩුවක්‌ නොමැති බවය. සැබැවින්ම චුන්දගේ දානය ඒ සා අනර්ඝ එකක්‌ම විය. එහෙත් චුන්දට එක්‌ වරම යමක්‌ සිහි විය. ඒ අතිශය දුර්ලභ වූ සූකර මද්දව නම් ඖෂධීය හතුවලින් සැකසෙන ව්‍යංඤනයකි.

සුපවේදියාද සූකර මද්දව ව්‍යංඤජනය ගැන මනාසේ දනී. මේ ඖෂධීය හතු විශේෂය ඌරන් ලහින මඩ වගුරුබිම්වල ඌරු මළ හා මුත්‍රා නිසා හටගන්නකි. එහෙත් මැදියම් රැයෙහි මතුවන ඒවා අලුයම හිරු නැගෙනවිටම සූකරයන්ගේ ඇස ගැටීම නිසා කිසිවිටෙක පහසුවෙන් ලබා ගත නොහැකි බවද ඔහුට සිහි විය. මේ ආකාරයටම වැඩෙන අජ මද්දව හා ගෝ මද්දවද තවත් දුලබ ඖෂධීය හතු විශේෂයන්ය. එළුවන්ගේ පයට පෑගී එළු මළහා මුත්‍ර නිසාම මතුවන අජ මද්දව ද ප්‍රබල ඖෂධයකි. ගව මද්දවද එබඳුමය. කෙසේ හෝ මේ කවර මද්දව විශේෂයක්‌ ලබා ගැනීම වුවද කන කැස්‌බෑ විය සිදුරෙන් අහස දැකීම වැනි අසාමාන්‍ය වූද අසීරු වූද දෙයක්‌ බව චුන්ද හොඳින් දනී. එහෙත් ඔහු සුපවේදියා ද කැටුව මැදුරෙන් මදක්‌ ඔබ්බට ගොස්‌ අසල වූ සූකරයන් ගාල්කරන ස්‌ථානයක්‌ හෙවත් ඌරු ගාලක්‌ වෙත ගියේය. චුන්ද මවිතයට පත් වූයේ ඒවනවිටත් ගොහොරු මඩින් මතුව රිදී පැහැයෙන් දිලෙමින් තිබුණු සූකර මද්දව පැළෑටි දැකීමෙනි. සුපවේදීයාටද එය අදහාගත නොහැකි විය. අනතුරුව දෙදෙනාම එක්‌ව ඒ සියල්ලම නෙලා ගත්හ. දෙදෙනාම මහත් සේ ප්‍රබෝදයෙන් ආපසු ගොස්‌ සූකර මද්දව ව්‍යංඤජනය ද සකසා දානයෙහි සියලු කටයුතු= අවසන් කළහ.

ඉක්‌බිති හිරු නැඟී ස්‌වල්ප වේලාවකට පසු බුදුහු භික්‍ෂු සංඝයා සමග චුන්දගේ මැදුරට වැඩියහ. මේ බුදු පෙරහර දැක ගැනීමට මග දෙපස මහත් ජනකායක්‌ ද එක්‌ව සිටියහ. බුදු ගුණ ගැයුම් හා මුසු වූ සංගීතයද ඇසූ ඇසූවන් දුක්‌ නිවන්නක්‌ම විය. ඒ මධුර තාල වාදන හා මුසු ස්‌වර මද නල සමග පෑහෙමින් ඈතින් ඈතටම ගියේය. දෙව්ලියන්ටද ඒ ගී සර ඇසුණි. බුදුහු ඒ සියල්ල උපේක්‍ෂාවෙන් ඉවසා වදාරමින්ම චුන්ද මැදුරට වැඩියහ. මැදුරෙහි සිටි සියල්ලෝම පා ඇඟිලි හිට නැඟෙමින් බුදුන්ගේ මුව මඩල දැක ගන්ට නොඉවසිලිමත් වූහ.

චුන්ද සිය පියඹ හා දරුවන්ද සමීප නෑයන්ද සමග බුමුතුරුණක හිඳගෙන සිටියේය. බුදුහු චුන්ද තමන් වහන්සේ වෙත කැඳවා ඔහු විසින් විශේෂයෙන් සකසන ලද සූකර මද්දව ව්‍යංජඤනය පිළිබඳව විමසූහ.

චුන්දයිනිá ඔබගේ සූකර මද්දව ඖෂධීය ආහාරය මට පමණක්‌ පිළිගන්වන්න. එය වැළඳීමට යෝග්‍ය වන්නේද බුදුවරයකුම පමණි. එසේ මා වළඳවා ඉතිරි වන යමක්‌ ඇද්ද එයත් කිසිදු පූජකයකුට භුක්‌ති විඳීමට අවකාශ නොතබා මහ පොළොවේම වළලා දැමීම සුදුසුය. අනෙක්‌ සියලුම ඛාද්‍ය භෝජ්‍ය සියලුම සංඝයා වහන්සේලාට පිළිගැන්වීම මැනවි.

බුදුන් වහන්සේ විසින් ලබා දෙන ලද උපදෙස අකුරටම ක්‍රියාත්මක කළ චුන්ද තුළ කිසියම් කුහුලක්‌ ද වැඩුණි. බුදුහු ද එය දුටහ. එහෙත් ඒ පිළිබඳව පසුව විග්‍රහ කිරීමටද සනිටුහන් කර ගත්හ. දානමාන කටයුතු මනාව ඉටු විය. බුදුහු අනුමෙවැනි බණක්‌ ද දෙසීමෙන් අනතුරුව මැදුරෙන් පිටතට වැඩීමේ රිසියෙන් ආනන්ද හිමියන් දෙස බැලූහ. ආනන්ද හිමියෝ සැණෙකින් පැමිණ පාත්‍රය අතට ගත්හ. සාදුකාර හඬින් මැදුර ගිගුම් දුනි. චුන්ද හා පවුලේ සමීපතම අයද වෙනත් ප්‍රභූහු ද යළිත් බුදුන් වහන්සේට නමස්‌කාර කළහ. බුදුහු සන්සුන් ගමනින් වැඩියහ.
 

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    ගොඩාක් දැනුවත් උනා.. එපික් සොහොයුරාට ගොඩාක් පින්.. ඒ වගේම මේ මාතෘකාව ගැන කතා කරන්න උනන්දු කරවපු ඉරමුසු මානසික රෝගියාටත් පින්!
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ගොඩාක් දැනුවත් උනා.. එපික් සොහොයුරාට ගොඩාක් පින්.. ඒ වගේම මේ මාතෘකාව ගැන කතා කරන්න උනන්දු කරවපු ඉරමුසු මානසික රෝගියාටත් පින්!

    ඔව් මචන්. මේවගේ මිත්‍යාදෘශ්ථික මානසික රෝගීන්ට අපි අනුකම්පා කරන්න ඕනේ. ඌරෙක් කෑගැහුවට කන්දක් පාත්වෙන්නේ නෑ නේ
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    reputation_neg.gif
    N/A 02-24-2012 09:07 PM හලෝ පොන්ස්~Iramusu
    iramusuwa mage repakuth kapagena gihin :sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය ලොකේ ඉන්න හොදම මස් වෑද්දොටික හුගාක් සත්තු මරාගෙන කෑවට ඌරු මස් කන්නේ නෑ. ඒ උන්ගේ මහ එකා උන්ට ඌරව මරන් කන්න එපා කියපු නිසානේ.
    ඈයි මෑන් ඌරව මරන් කන්න එපා කිව්වේ??

    ඔය උන්ගේ මහ උතුමා මිනී මරලා ගෑනු දුශනය කරලා ලමයි අපචාරයේ යොදෝලා අනාගත මනුශ්ය ජාතියටත් පජාති බොරු ලෝකයල් උගන්වලා තමන් කරපුවා ගෑනම මහා පීඩනෙන්ලු හිටියේ තමන්ගේ හර්ද සාක්ශියත් එක්කම. දෑන් ඉතින් මු මෑරෙන්නත් ලන් උනාම ගියාලු ඉන්දියාවෙන් ආව භාවනා කරලා අනාගතේ ගෑන අනාවෑකි කියන්න පුලුවන් බලයක් හදාගත්ත් ඉර්ශිවරවෙක් ගාවට, ගිහින් ඈහුවලු මම මේ කරපු පව් සමාකරගන්න පුලුවන්ද මට මොකද මරනින් පස්සේ වෙන්නේ මේ කරපු පව් වලට කියලා.ඉර්ශිවරයා කිව්වලු තෝ මේ කරපු පාප කර්ම වලටනම් තොට මේ ආත්මේ තියා ජාති ජාතිවත් ගෑලවීමක් නෑ, තෝනම් ජාති ජාතිත් ඉපදෙන්නේ ඌරෙක් වෙලාම තමයි කියලා. ඉතින් තමන්ගේ ජාතියේ උන් අනාගතේදි තමාවම මරාගෙන කන්න හොදනෑති නිසා තමයි ඔය උත්තමයා ඌරු මස් කෑම තහනම් කරලා තියෙන්නේ ලු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැදගත් පෝස්ට් එකක්..

    හැබැයි බන් අර දෙකයි පනහේ නපුංසක උන්ගේ බොරු තර්ක වලට අපි සැලෙන්නෙ නැතුව ඉමු බන්..
    මොකා කොහොම කෑගැහුවත් බුද්ධාගම කියන්නෙ මහමෙර වගේ නොසැලෙන දෙයක්..සත්‍යයක්..
    ඒක වෙනස් කරන්න කාටත් බැහැ.. එදත් අපවාද, උපහාස ආවා බුදු හාමුදුරුවන්ට..අදත් එනවා.. හෙටත් එයි..ඒත් ඒ හැම එකෙන්ම වෙන්නෙ බුදුගුණ තව තවත් ඉස්මතු වෙන එක.

    +7