මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

    මේ පිළිබඳව ලියවී ඇති ලිපි විශාල ප්‍රමාණයක් අපි කියවා ඇත්තෙමු. මට සිතෙන පරිදි හා වැටහෙන පරිදි, බුදුන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් මේ ගැන දේශනා කළහ.



    1) ආමගන්ධ සූත්‍රය.
    2) මහා පරිනිබ්බාන සූත්‍රය
    3)සූත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබඳ විග්‍රහය.
    හා තවත් සූත්‍රවල.



    “තමාව උපමා කර ගන්න” යනු බුදුන් වහන්සේගේ බොහෝ දේශනා වල පවතින හරයකි. එනම් අපට මරණයට, දුකට, වේදනාවට බිය පවතින නිසාය.
    මේ අනුව මේවාට බියනොවන අයෙක් සිටිනවානම් ඒ “රහතන් වහන්සේ කෙනකි”. අපි බොහෝ අවස්ථා වල, රහතන් වහන්සේලා සහ මිනිසුන් සසඳා බලනු ඇත. බුදුන් වහන්සේ “සුකර මද්දව” වැළඳූ බව පැවසීමද එවැන්නකි. උන් වහන්සේ වැනි අයෙකුට, “ඕනෑම දෙයක” හරය දන්නා අයකුට කිසිදු ලෙසකින් කුසල හෝ අකුසල සිදු නොවේ.

    නමුත් අප වැනි අයෙකු මාංශ අනුභව කරන්නේ ඒ පිළිබඳ කෙලෙස් සහිතවය. එනම් සතෙකු මරා තිබෙන බව ද, ඒ මාංශයට ගිජු කමින් වැල්ල්දීමද අප සිදුකරයි. බුදුන් වහන්සේ දේශණා කළේ අපගේ මනස පවිත්‍ර කරන ලෙසය. මාංශ අනුභව නොකළද සමහරුන් ගේ ලෝභය, ද්වේෂය සහ මෝහය උපරිමයෙන් ඇත. ඒ ආමගන්ඩ බමුණටද බුදුන් වහන්සේ වදාළේ “ඔහුටම” වූ ධර්මයකි. එනම් ආමගන්ධ බමුණා ගේ මතය වූ “මාංශ ආහාරය නොකිරීමෙන් පමණක් කෙලෙස් නැති කළහැකිය, එලෙස අනුභව කරනවානම් කෙලෙස් ඇති අයකු” ලෙස මතයන් සාදාගෙන සිටි බැවිනි. මහා පරිනිබ්බාන සුත්‍රය අප හොදින් බැලූ විට බුදුන් වහන්සේලාටම ආවේණික ධර්මතා පවතින බව පෙනී යයි. බුදු වීමට පෙර දින “සුජාතාවගේ කිරිපිඩු දානය සහ ආයු සංස්කාරය හැර්රියවිට ලැබුණු චුන්ද කර්මාර පුත්‍රයාගේ දානය එකම ආනිසංස ඇති බව උන් වහන්සේ දේශනා කළහ. ධර්මතාවට අනුව ඒ දානය නිසා උන්වහන්සේට පංචස්කන්ධය හැරදමිමට පහසු විය. එබැවින් අප බුදුන් වහන්සේ හෝ රහතන්වහන්සේලා සැසදීම නොකළ යුතුය.


    43-352x500.jpg



    දැන් අපි මාශ අනුභව කිරීම හොදද? … නැත.
    ඒ නිසා… ..
    1) සත්ව ඝාතනය සිදුවේ.

    2) ශරීරයේ රෝග වැඩිවේ.

    3) මනස දරුණු වේ.

    4) ශරීරයේ වෙනත් ක්‍රියා කාරිත්ව (කාමය) වැඩිවී පාලනය අඩුවේ.

    5) පරිසරය විනාශ වේ. (ගවයන් සදහා විශාල වනාන්තර හෙළිකරයි,විෂ වායු පරිසරයට එකතුවේ).

    6) සත්වයන්ගේ වේදනාව නිසා සමහර සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කෝප වියහැක. (දැන් සමහර රටවල් තමන් විසින්ම ප්‍රශ්න ඇති කරගෙන යුද්ධ සිදුවේ)



    මිට අමතරව අපි මාංශ අනුභව නොකරනවානම් මානසික සහනයක් පවතී. එනම් අපගේ කරුණාව සහ මෛත්‍රිය ද වැඩිවේ. එබැවින් බොහෝ අවාසි පවතින, මේ කෑම, අපි කළ යුතුද යන්න ඔබම තීරණය කරන්න. අප මේ දුකෙන් නිදහස් වීමට කැමතිනම් (සමහරු අකමැති බැවිනි) මේ අපගේම සහෝදරයන් වැනි සතුන් කා දමා අපගේ උදරය අමු සොහනක් නොකරගන්න.


    තවද, මනස දියුණු වූ මිනිසාට නොදියුණු සත්වයන් පිළිබඳ කරුණාවක් නොමැති නම් කුමක් කරන්නද?


    44-550x353.jpg





     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යථාර්තවත් ලිපියක් සහෝදරයා
    මේ වගේ දේවල් ආයේ ආයේ අපේ අයට මතක් කරල දෙන එක අගය කරනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔන්න අපි දන්නෙ නෑ
    එළ කොල්ලො අපි4 දෙනාටම එකට තියල පෝලිමක් දාවි ඕකා


    :rofl::rofl::rofl::rofl: පිස්සුද බං ඌ බැල්ලියො ගහන්නෙ නෑ..
    අපි මූට බල්ලෙක් සෙට් කරලා දෙමු ! :rofl::rofl::rofl::rofl:
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    මිට අමතරව අපි මාංශ අනුභව නොකරනවානම් මානසික සහනයක් පවතී.

    mekanan sampuuurna aththa.. :yes: :yes: eka mama athdakimen danna deyak.. :dull:


    තවද, මනස දියුණු වූ මිනිසාට නොදියුණු සත්වයන් පිළිබඳ කරුණාවක් නොමැති නම් කුමක් කරන්නද?


    44-550x353.jpg



    Saththunwa maranna kalin e sathhtu kochchara duk widinawada? :( :( Me post eka kiyawala ekkenek hari nirmansha wenawanan thawath eka sathek hari duk widina eka nawathiy... :yes:

    Godak sthutiy ayye me thread ekata :D Rep denna balu :sorry:
     
    • Like
    Reactions: crazybuddy