ලන්ඩන් ඔලිම්පික්.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලන්ඩන් ඔලිම්පික්.

    2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි 27 වැනිදා ආරම්භවීමට නියමිතයි. අගොස්තු 12 වැනිදා උළෙලේ නිමාව සටහන්වෙනවා.
    විචිත්‍රවත් ඔලිම්පික් උළෙලකට සූදානම්වෙන ලන්ඩනය ඒ සඳහා විවිධාකාරයේ ක්‍රියා මාර්ග අනුගමනය
    කරනවා.
    london-olympic-logo.gif


    ඇලුමිනියම්වලින් නිර්මාණය කරන ලද දැවැන්ත ඔලිම්පික් නිල ලාංඡනය එහි අංගයක්. ඔලිම්පික් උළෙලේ යෝධ නිල ලාංඡනය  ලන්ඩනයේ තේම්ස් නදිය ඔස්සේ චාරිකා කිරීම ඇරඹුවා.
    එය ලන්ඩනයේ ඵෙතිහාසික ස්ථාන ආශ්‍රිතව ගමන් කිරීමට නියමිතයි. මෙය මීටර 11 X 25 ක විශාලත්වයෙන් යුතුවෙනවා.


    _58759839_014117258-2.JPG
     
    • Like
    Reactions: BC_Dilum

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මී ළඟ ඔලිම්පික් තරගාවලියට දින 150 ක් තිබියදී ගමන් ඇරඹූ මෙම නිල ලාංඡනයේ මුහුණත විවිධ වර්ණයෙන් යුත් විදුලි බල්බවලින් (Led) ආලෝකවත්වෙනවා.



    _58759987_hi014117261.JPG


    සෑම දිනකම උදෑසන සිට සවස් කාලය දක්වා යාත්‍රාකෙරෙන මෙය ටවර් බ්‍රිජ් වෙත ළඟාවීමට නියමිතයි.


    _58759993_014117305-1.JPG
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙම නිර්මාණය එළි දැක්වීමට නියමිතව තිබුණේ වෙනත් ස්ථානයක නමුත් අවසානයේදී ලන්ඩන් පාළම ආසන්නයේදී (London Bridge) නිරාවරණය කෙරුණා.


    _58760373_014117194-2.JPG



    ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයෙන් ගමන් කිරීමේ අවස්ථාව එයට අහිමිවන අතර ගංගාවේ ජල මට්ටම සහ වඩදිය බාදිය තත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව බලධාරීන් ප්‍රකාශ කළා.

    ghjyj.JPG
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙය ලන්ඩනයේ විශේෂිත ස්ථානවලදී නවතා තැබෙන අතර එහි අරමුණ ජනතාවට එය නැරඹීමේ අවස්ථාව ලබාදීමයි.
    මේ වනවිටත් එරට ජනතාව බොහෝ උද්යෝගයෙන් පසුවන අතර ඔවුන්ගේ කැමරාවලට මෙම දසුන් ලබා ගැනීමේ කාර්යයේ නිරතවෙනවා.



    _58763574_105521.JPG



    ඔලිම්පික් නිල ලාංඡනය ගමන් කරවීම සඳහා ටවර් බ්‍රිජ්හිදී අවස්ථාව හිමි වුයේ මෙලෙසයි.


    _58768323_hi014119128.JPG