CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි ඔන්න ටික කාලයක් ගියා post එකක් දාන්න මොකද මමත් Exam එකක් ලිව්වා ඒකයි. හරි අපි බලමු දැන් අපි ඉන්නේ කොහේද කියලා. අපි කතා කර කර හිටියේ OSI Layers (තට්ටු හතේ නිර්මාණය) ගැනනේ මෙන්න මම Links ‍ටික දැම්මා නැවතත් පොඩ්ඩක් මුල ඉදලා මතක් කර ගන්න.

    OSI Model (Open System Interconnection Model) හැදින්වීම
    http://www.elakiri.com/forum/showpost.php?p=11663842&postcount=164
    http://www.elakiri.com/forum/showpost.php?p=11663901&postcount=165

    07. Application Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11665344&postcount=169

    06 Presentation Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11874232&postcount=177

    05 Session Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11874678&postcount=178

    PDU (Protocol Data Unit)
    http://www.elakiri.com/forum/showpost.php?p=11887516&postcount=186

    04 Transport Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11887697&postcount=188
    http://www.elakiri.com/forum/showpost.php?p=12019892&postcount=202
    http://www.elakiri.com/forum/showpost.php?p=12052663&postcount=203
    http://www.elakiri.com/forum/showpost.php?p=12095842&postcount=205

    අපි Layers 04 ගැන කතා කරලා ඉවරයි තව 03 ක් තියෙනවා ඊළගට තියෙන Network Layer එක ගැන දැන් බලමු
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    03 Network Layer

    දැන් අපි 03 වෙනි Layer එක ගැන බලමු. මේකෙදි තමා අපි Routers ගැන කතා කරන්නේ. එහෙම නැත්තම් CISCO ලොක්කා ගැන කතා කරන්නේ. මේ හින්දම Routers අපි හදුන්වනවා Layer 03 device එකක් කියලා.

    මේ Layer එකේ ප්‍රධාන කාර්්‍යයන් කිහිපයක් ගැන බලමු. මම කිව්වනේ Routers ගැන කතා කරන්නේ මේකෙදි කියලා ඉතින් අපිට දල අදහසක් ගන්න පුලුවන් network එකක් route පිළිබදව අධ්‍යයනය කරන්නේ මේ Layer එ‍කේදි කියලා.

    මෙතනදි අපිට මේ route පිළිබදව හොද අවබෝධයක් තියෙන්න ඕ‍නේ. මොකද network එකක් කියන්නේ නොයෙකුත් devices එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන තැනක්. අපි සරල උදාහරණයක් ගමු. පහත රෑපය බලන්නකෝ

    Mesh-Topology.jpg

    ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ network එකක එක Host (PC) කෙනෙක්ගේ ඉදලා තව Host කෙනෙක්ට data එකක් යවනකොට ඒ data එක් අදාල destination එකට ලගා වෙන්න එක පාරක් නෙවෙයි පාරවල් රාශියක්ම තියෙන බව. ඉතින් මේ වගේ අවස්ථාවකදි මේ Layer 03 device මගින් ඒ data එක යැවීමට සුදුසුම මාර්ගය (route එක) තෝරලා දෙනවා. ඒක තමයි මේ Network Layer එකේ හුගක්ම වැදගත් කාර්්‍යය.

    ඊට අමතරව Layer 03 වලදි Network එකේ තියෙන devices ඔවුන්ට ආවේනික Logical Address එකක් මාර්ගයෙන් හදුනා ගනු ලබනවා. දැන් ඔයගොල්ලෝ බලයි මොකක්ද මේ Logical Address කියන්නේ කියලා නේද ?? Logical Address කියන්නේ අපි පාවිච්චි කරන IP Addresses වලට.

    අපි තව විදිහකට මේක කිව්වොත් Network Layer එකේදී යම් data එකක් යවන් කෙනා (Source Host) සහ එම data එක ලබන කෙනා (Destination Host) හදුන ගන්නේ IP Addresses මාර්ගයෙන්.

    දැන් අපි බලමු Network එකක data ගමන් කරද්දි ඒ data, Layer 03 device (Router) එකක් හරහා යන්න හදද්දි මොකද වෙන්නේ කියලා.

    RouterOS_3_policy_routing_example_network.png

    ඉහත දක්වලා තියෙන්නේ සරල network එකක්. ඔන්න router 02 කුත් තියෙනවා. හරි අපි හිතමු Client1 කියන කෙනා (pc එක) පණිවුඩයක් යවනවා Client2 කියන pc එකට අන්න ඒ පණිවිඩය Client1 කියන pc එකෙන් පිටවෙද්දි ඒකට source IP address එක (192.168.20.239) සහ destination IP address (192.168.22.233) එකත් අමුණලා තමයි යවන්නේ.

    හොදට බලන්න ඒ පණිවුඩය ඉස්සෙල්ලාම ලැබෙන්නේ කාටද ?? router1 අයියට තමයි ලැබෙන්නේ එයා ඔන්න දැන් බලනවා ඒ ආව පණිවිඩේ කොහේටද යන්නේ කාගෙන්ද ආවේ කියලා ඒ බලන්නේ අර source සහ destination
    IP එකෙන් තමයි. දැන් මෙයා destination IP එක බලලා තීරණය කරනවා මේ පණිවිඩය යවන්න ඕනේ පාර (route එක) මොකක්ද කියලා මෙයා ඒ පණිවිඩය router2 ට යවනවා. දැන් ඔන්න router2 ත් කලින කෙනා වගේම source සහ destination IP එක බලනවා එයා destination IP බලද්දි දකිනවා මෙන්න මේ IP එක කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්න Client2 කියන පොරනේ ‍ඉතින් කෙලින්ම එයාට ඒ පණිවුඩය ලබා දෙනවා.

    හොදයි අපි හිතමු ඔය scenario එකම නැවතත්. දැන් මේ අවස්ථාවේදී
    Client1 කියන pc (192.168.20.239) එක පණිවිඩයක් යවනවා තවත් pc එකකට අපි ඒ pc එකේ IP address එක 10.10.10.2 කියලා හිතමු. දැන් ඔන්න පණිවිඩය ඉස්සෙල්ලාම router1 ලබා ගන්නවා. දැන් මෙයා බලනවා මෙයාගේ පාරවල් වල විස්තර අඩංගු (route එක) table එකේ 10.10.10.2 කියලා කෙනෙක් ඉන්නවද කියලා අඩු ගානේ 10 න් පටන් ගන්න IP තියෙන route එකක්වත් තියෙනවද කියලා. රෑපය අනුව එහෙම කෙනෙක් නෑනේ ඉතින් මෙයා මොකද කරන්නේ ??? මොනවා කරන්නද ඒ පණිවිඩය අයින් කරලා දානවා (drop කරනවා).

    ඔය මම කව්වේ ඉතා සරලව ඔය ක්‍රියාවලිය මීට වඩා හොදට සංකීර්ණව අපි Routing පාඩමේදී කරමු. නමුත් ඔයගොල්ලන්ට සරල අදහස ලැබෙන්න ඇති කියලා හිතනවා.
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,298
    17,232
    113

    ela thanx ....
    11.gif
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,298
    17,232
    113
    CCNA කරන ගමන් Microsoft exam එකකුත් කරලා තියන එක හොදද...?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔන්න තාම Network Layer එක ඉවර නෑ. තව පොඩි කාරණා ටිකක් තියෙනවා කියන්න. ඉස්සෙල්ලාම පොඩි වචන set එකක් තියෙනවා ඉගෙන ගන්න මේවා හුගක් වැදගත් අපිට ඉස්සරහදි විශේෂයෙන් Routing පාඩම කරද්දී.

    Data Packets :

    Data Packets කියන්නේ මොනවද ??? සරලවම කිව්වොත් අපි ඒ කියන්නේ Users ලා යවන data, network එක හරහා ගමන් කරන්නේ Data Packets විදිහට.

    Route Update Packets :

    මම කලින් Router එකක් හරහා Data ගමන් කරද්දි සිදු වන ක්‍රියා දාමය විස්තර කලානේ ඒකෙදි මම කිව්වා Router ඔවුන්ගේ routing table එක check කරනවා කියලා Data එක යැවීමට අදාල path එක එහෙම නැත්තම් පාර හොයා ගන්න කියලා. එතකොට මේ routing table එක කොහොමද එයා හදාගන්නේ. ඒක ඉතාම සරලයි මෙයා කරන්නේ එයාට කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්න අනිත් Router (මේකට අපි කියනවා neighbor routers කියලා) සහ device එක්ක කතා කරලා ඒ අයගේ routing details එහෙම මෙයා මෙයාගේ routing table එකට දා ගන්නවා (අවශ්‍ය details පමණක්).

    අන්න එතකොට මේ Routers ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර කතා කරගන්නේ Route Update Packets හරහා.

    Interface :

    Interface එක කියලා කියන්නේ අපි කවුරැත් දන්න විදිහට Router එකක data packets ඇතුලට එන හෝ එළියට යන ස්ථාන (අපේ PC එක පිටිපස්සේ මේ වගේ එක එක Interfaces හුගක් තියෙනවා දැකලා ඇති). ඒවා Ethernet, Fast Ethernet, Serial, Com වගේ විවිධ interfaces වෙන්න පුලුවන්. Interface කිහිපයක් පහත රෑපයෙන් බලාගන්න පුලුවන්.

    router2_ports_detail.jpg

    හොදයි අන්තිම වශයෙන් අපි
    Router වල විශේෂ ලක්ෂණ කිහිපයක් හදුනා ගමු.

    01. Routers, by default, will not forward any broadcast or multicast packets.

    02. Routers use the logical address (IP Addresses) in a Network layer

    03. Routers are use to path selection. (network එකක data ගමන් කල යුතු මාර්ගය තීරණය කිරීම)

    04.
    Routers are use to Packet filtering. (අපිට පුලුවන් Router එකක් මාර්ගයෙන්, මෙන්න මේ data යන එක නවත්තන්න මෙන්න මේ data විතරක් යන්න දෙන්න කියලා data filter කරගන්න )

    05. Routers can provide quality of service (QoS) for specific types of network traffic. (ඔය
    QoS ගැන CCNA වලට ඇතුලත් කරලා නෑ නමුත් Router එකේ වැඩ කෑල්ලක් විදිහට මතක තියාගන්න.)

    මීට අමතරව මතක තියා ගන්න ඕනේ වැදගත්ම දේ තමයි
    Network Layer එකේ PDU (Protocol Data Unit) එක තමයි PACKETS කියන එක. ඒ කියන්නේ Network Layer එකෙන් process කරලා එලියට දාන්නේ packets

    හරි ඔන්න Network Layer එකත් ඉවරයි එහෙනම්.

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,327
    3,119
    113
    6°54′N 79°54′E
    ciscoWIC2Tt.jpg

    යාළුවා මේකෙන් ලැබෙන ප්රෝයෝජනය මොකක්ද?network එකට remotely access කොරන්න පුලුවන්ද(by using dialup modem).....පොඩි විස්තරයක් දානවද?:):)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ciscoWIC2Tt.jpg

    යාළුවා මේකෙන් ලැබෙන ප්රෝයෝජනය මොකක්ද?network එකට remotely access කොරන්න පුලුවන්ද(by using dialup modem).....පොඩි විස්තරයක් දානවද?:):)

    ඔය Dual Serial Connection එකක් තියෙන card එකක්. ඔකේ පේන විදිහට Integrated Access Point එකක් තියෙනවා වගේ නමුත් හරියට පැහැදිලි නෑ. මට පොඩ්ඩක් ඕකේ Brand එකයි Model No එකයි කියන්න.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,327
    3,119
    113
    6°54′N 79°54′E
    ඔය Dual Serial Connection එකක් තියෙන card එකක්. ඔකේ පේන විදිහට Integrated Access Point එකක් තියෙනවා වගේ නමුත් හරියට පැහැදිලි නෑ. මට පොඩ්ඩක් ඕකේ Brand එකයි Model No එකයි කියන්න.

    :)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,298
    17,232
    113
    සහෝ subnetting ගැන ලියන්න පුලුවන්ද..මට subnetting අවුල්..:(:(:(
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Sanjee PDF version eka ikmatanata deepan macho...
    loku udawwak...

    අනේ මචෝ මේ දවස් වල ටිකක් tight schedule එකක ඉන්නේ ජූලි හරි අගෝස්තු වල හරි මගේ Lab එක තියෙනවා. මේ පාඩම් ටික Word එකකට Copy කරලා ඊට පස්සේ Word to PDF Converter එකකින් හරවා ගන්න එක එච්චර අමාරැ නෑ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ මචෝ මේ දවස් වල ටිකක් tight schedule එකක ඉන්නේ ජූලි හරි අගෝස්තු වල හරි මගේ Lab එක තියෙනවා. මේ පාඩම් ටික Word එකකට Copy කරලා ඊට පස්සේ Word to PDF Converter එකකින් හරවා ගන්න එක එච්චර අමාරැ නෑ.

    Ok machan
    Best of luck for your Practicals:D