Taskmanager සඳහා විකල්ප වැඩසටහන්
Taskmanager කියන්නේ වින්ඩෝස් වල තියෙන අපිට ගොඩක් වැදගත් වෙන Tool එකක්,එමගින් අපිට පුළුවන පරිගණකයේ එම අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ කුමන වැඩසටහන්ද,එම වැඩසටහන් සඳහා කොපමණ Ram ප්‍රමාණයක් භාවිතා කරනවාද කොපමණ ප්‍රමාණයක් ඔබගේ CPU එක එම වැඩසටහන් සඳහා භාවිතා කරනවාද යන්න මෙන්න එම ක්‍රියාත්මක වෙන වැඩසටහන් ස්ථාපිත වී ඇති ස්ථානය ආදිය සොයාගැනීමේ හැකියාව පවතිනවා.
Windows Taskmanager මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සකස් කරන ලද්දක් වුවත් මෙහි බොහෝ අඩුපාඩුත් පවතිනවා.මේකට විසඳුමක් විදිහට විකල්ප Taskmanager වැඩසටහන් විවිධ ආයතන මගින් ඉදිරිපත් කර තිබෙනවා.Process Explorer,Process Hacker,AnVir Task manager ඒ අතරින් කීපයක්.
මම මෙතනදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ AnVir Taskmanager වැඩසටහන පිළිබඳව,Anvir Taskmanage වැඩසටහන Windows Taskmanager සඳහා අතිශයින් බලසම්පන්න විකල්ප/ආදේශක වැඩසටහනක් හැටියට දක්වන්න පුළුවන්.පළමු වතාවට මෙහි අතුරුමුහුණත(Interface) දකිද්දි නම් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් පරණ Windows Taskmanager එක හොඳයි කියලා,මොකද මේකේ හැමතැනම පාහේ විවිධ සැකසුම් සහ විස්තර ආදිය දක්නට ලැබෙන නිසා Windows Taskmanager එකට වඩා ටිකක් වෙනස්/දියුණු අතුරුමුහුණතක් තමා මෙයට නිර්මාපකයින් ලබා දී තිබෙන්නේ.මෙහි ප්‍රධාන වශයෙන් Tab 5ක් දකින්න පුළුවන්.
ඔබට දැනට පරිගණකය තුල සිදුවන ක්‍රියාකාරකමක් පිළිබඳ විස්තර දැනගැනීමට අවශ්‍යනම් ඔබ කල යුත්තේ Process tab එකට යෑමයි,එහි පහල ඇති Detailed Information මගින් අදාල විස්තර දැකගැනීමේ හැකියාව පවතිනවා.Properties tab එක මගින් යම් ක්‍රියාකාරකමක් පරිගණකයේ ආරක්ෂාවට බලපෑමක් වේ යැයි සිතෙනවා නම් ඒ පිලිබඳ විශ්ලේෂණය කිරීම සඳහා යොදාගන්න පුළුවන්.
Process Properties මගින් ක්‍රියාකාරකම ආරම්භ වන ස්ථානය සහ එය ක්‍රියාත්මක වීමට යොදාගත් Commad line එක මෙන්න පරිගණකයේ සම්පත් කෙතරම් ඒ සඳහා භාවිතා කරනවාද යන්න එමගින් බලාගැනීමට හැකියි.
Process එක Right Click කිරීම මගින් ලැබෙන මෙනුවෙන්ද විශාල කාර්යයන් කීපයක්ම කරගැනීමේ හැකියාව පවතිනවා.එම වැඩසටහන VirusTotal වෙත යවා විවිධ Antivirus මෘදුකාංග කීපයක් භාවිතා කර එහි තත්ත්වය පරික්ෂා කරගැනීමට පවා මෙයින් හැකියාව පවතිනවා.ක්‍රියාත්මක වන වැඩසටහනක් Startup එකට Add කිරීම,යම් වැඩසටහනක් භාවිතා කරන Ram ප්‍රමාණය පහල දැමීම,වැඩසටහන් නවතා දැමීම සහ අවහිර කිරීමද ඒ අතර වනවා.
මේ මගින් ඉතා සවිස්තර ලෙස ක්‍රියාත්මක වන වැඩසටහන් වල විස්තර පෙන්නුම් කරනවා.මෙහි අමතර උපාංග ලෙස Startup Monitor,IE Homepage Guard,Windows Tweaker මේ සමග ඈඳා තිබෙනවා.මෙම Taskmanager වැඩසටහනින් Window Taskmanager වැඩසටහන සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය (replace)කල හැකියි ,එවිට ඔබට පහසුවෙන්ම Ctrl+Shift+Esc Buttons එකවැර ක්‍රියාත්මක කර මෙම Anvir Taskmanager වැඩසටහනට පිවිසීමේ හැකියාව පවතිනවා.එය Tools -> Options -> Program Settings මගින් සිදුකර ගැනීමේ හැකියාව පවතිනවා
Anvir වෙබ් අඩවියට පිවිසීමෙන මෙය ඩවුන්ලෝඩ් කරගත හැකියි
http://www.anvir.com/
මේකේ Portable Version එක පහල Torrent Link එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
http://h33t.com/details.php?id=d84e7fdf4b6212d57e0b1c6f60a3606e3fab6c00

- Startup tab - Startup එකේදි ක්‍රියාත්මක වන වැඩසටහන් බලාගැනීම/ඒවා වෙනස් කිරීම,
- Applications - දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ විස්තර බලාගැනීම,
- Processes - දැනට පරිගණකය තුල සිදුවන ක්‍රියාකාරකම් හා බැඳුනු විස්තර
- Services - දැනට ක්‍රියාත්මක වන සේවා සහ ඒවාට අදාල විස්තර හා Log යන tabs මේ අතර වනවා