රියදුරු~ලකුණු_24

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රියදුරු~ලකුණු_24



    රියදුරු ලකුණු 24 කිව්වාම කට්ටිය බලනවා වෙන්න ඇති මේ මොකක් ද කියලා..

    මේ රියදුරු ලකුණු 24 ගැන අපි හරියට දැන හදුනාගෙන ඉන්න ඕනේ පාරේ ගමන් කරද්දි..
    විශේෂයෙන් වාහනයක උරුම කම් තියෙන ඕනෑම කෙනෙක් මේ ගැන දැනුවත් වේලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ...
    තමන්ට වාහනයක් තිබ්බේ නැති වුනත් තමන් රියදුරු වෘත්තිය කරන කෙනෙක් නම් මේ ගැන දැනුවත් ව තියෙන්න ඕනේ..
    නැත්නම් අපි නිකන් ම එක එක පොලිස් කාරයන්ගේ බොරු චෝදනාවලට ලක් වෙන්න තියෙන ඉඩ අවස්ථා වැඩි...
    හරි අපි දැන් බලමු මොකක් ද මේ රියදුරු ලකුණු 24 කතාව මොකක් ද කියලා..


    1. අනතුරක් වලක්වා ගන්න බැරි වුනා නම්. ~ ලකුණු 06
    2. අනතුරු දායක ලෙස වේගයෙන් රිය පැදවිමට ~ ලකුණු 08
    3. වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08
    4. අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10
    5. වේග සීම ඉක්මවා ගියොත් ~ ලකුණු 06
    6. හරි මං තීරුවේ නොගියොත් ~ ලකුණු 02
    7. ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06
    8. වැරදි පැත්තෙන් ඉස්සර කළොත් ~ ලකුණු 04
    9. දකුණේ නීතිය පිළිනොපැද්දොත්~ ලකුණු 04
    10. දිර්ඝ දුරක් වාහනය පිටු පසට ගියොත්~ ලකුණු 04
    11. සිග්නල් ලයිට් නොසලකා හැරියොත් ~ ලකුණු 06
    12. නලා හඩ (හොන් එකේ ශබ්දය ) වැඩි නම් ~ ලකුණු 06
    13. එන්ජිමෙන් ඕනෑවට වැඩිය ශබ්දයක් ආවා නම් ~ ලකුණු 06
    14. වාහනය ඇතුලේ අධික ලෙස ශබ්දය (සිංදු ඇසිම) වැඩි නම් ~ ලකුණු 06
    15. ආසන පටි දැම්මේ නැත්නම් ~ ලකුණු 03
    16. නීතිය නොසලකා ඉස්සර කලොත් ~ ලකුණු 04
    17. කහ ඉරට කලින් නැවැත්තුවේ නැත්නම් ~ ලකුණු 06
    18. මෝටර් බයිසිකලයේ දෙන්නෙකුට වැඩිය ගියා නම් ~ ලකුණු 04
    19. මෝටර් බයිසිකලයේ හෙල්මට් නොදා ගියා නම් ~ ලකුණු 04
    20. රිය පදවන අතර තුරේදි ජංගම දුරකතනය පාවිච්චි කලොත් ~ ලකුණු 04

    මේ වගේ වැරදි කරන කොට ලැබෙන ලකුණු ගණන 24 ක් එකතු වුනා නම්..
    අවුරුද්දකට ඒ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත් හිටුවනවා..

    උදාහරණයකට දැන් ලකුණු 15 ක් ගත්ත කෙනෙක් හිටියා නම්..
    ඊලග අවුරුද්දේදී වරදක් නොකර ලකුණු නොලබා හිටියා නම් ඒ ලකුණු 15 න් ලකුණු 6 ක් අඩු වෙනවා.
    ඒ වගේම තව දුරටත් ලබන අවුරුද්දේදි ලකුණු නොලබා සිටියා නම් ලබාගෙන තියෙන සියළුම ලකුණු නැති වී යනවා ලූ..


    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. මේ ලකුණු ක්‍රියාත්මක කරනවා කියලා දඩ මුදල් ගෙවන එක නම් නතර වෙන්නේ නෑල්ලු ..:angry:

    මේ ගැන නොදන්න අයට දැන ගැනිමටයි මේ ත්‍රේඩ් එක නිර්මාණය කලේ..

    මේ ගැන ඔගොල්ලන් දරණ අදහසත් කියලා යන්න අමතක කරන්න එපා..
    මේ ක්‍රමයට නම් පදිකයෙක් විදියට බොහෝ දෙනෙක් කැමති වෙයි.. ඒත් මම නම් හිතන්නේ නෑ..
    රියදුරෙක් විදියට මේ ක්‍රමයට කැමති වෙයි කියලා.. :no:


    ඕය සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්න කැමතියි.



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙ වගෙ වැදගත් දෙවල් අපිත් එක්ක බෙදා ගන්න මෙවා සමාජ සත්කාරයන් :rofl:
    මම හිතන්නෙ ඔබට දවල් ඔප්පු කරා :P:rofl:මම ත්‍රෙඩ් එකට කැමැතියි නමුත් ඔප්පු
    කරන්න විදියක් නැහැ ඔය සහොදරයාට:rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙ වගෙ වැදගත් දෙවල් අපිත් එක්ක බෙදා ගන්න මෙවා සමාජ සත්කාරයන් :rofl:
    මම හිතන්නෙ ඔබට දවල් ඔප්පු කරා :P:rofl:මම ත්‍රෙඩ් එකට කැමැතියි නමුත් ඔප්පු
    කරන්න විදියක් නැහැ ඔය සහොදරයාට:rofl:

    හරි මචන් ඒකට කමක් නෑ..
    උඹ මේ ගැන මොනවා ද හිතන්නේ.. ඒ ගැනත් මොනවා හරි කියපන් නැත්නම් හරි නෑ නේ..




    ( 03:51 - 07.22 )

    රූප රාමුත් බලා ගන්න එතකොට තවත් වැඩියෙන් තේරුම් ගන්න පුලුවන් වෙයි



     
    Last edited:
    • Like
    Reactions: akozlov68

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරි මචන් ඒකට කමක් නෑ..
    උඹ මේ ගැන මොනවා ද හිතන්නේ.. ඒ ගැනත් මොනවා හරි කියපන් නැත්නම් හරි නෑ නේ..
    අනිවාර්යෙන්ම කවුරු කැමති උනත් නැතත් ඔක ඉතා හොද ක්‍රමයක් :yes:ඔය වගෙ දෙවල් වෙන්න ඔන විනිත රියදුරන් ඇති වෙන්න :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවාර්යෙන්ම කවුරු කැමති උනත් නැතත් ඔක ඉතා හොද ක්‍රමයක් :yes:ඔය වගෙ දෙවල් වෙන්න ඔන විනිත රියදුරන් ඇති වෙන්න :)

    ඔව්, ඒක නම් ඇත්ත..
    ඒත් බලමු අනිත් අය මොනවාගේ උත්තරයක් දෙයි ද කියලා...
    හැමෝම එකම මට්ටමෙන් හිතන්න යන්නේ නෑ නේ..
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අනිවාර්යෙන්ම කවුරු කැමති උනත් නැතත් ඔක ඉතා හොද ක්‍රමයක් :yes:ඔය වගෙ දෙවල් වෙන්න ඔන විනිත රියදුරන් ඇති වෙන්න :)


    සිරාවට..:yes: මේක නම් ඇත්තටම හොඳ නීතියක්... හැබැයි මේකේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට ලකුණු දීලා නෑ නේද.....;) ඒකත් දැම්මා නම් තමා හොඳ.:rofl::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිරාවට..:yes: මේක නම් ඇත්තටම හොඳ නීතියක්... හැබැයි මේකේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට ලකුණු දීලා නෑ නේද.....;) ඒකත් දැම්මා නම් තමා හොඳ.:rofl::rofl:

    ඔව්, මචන් උඹ කියන එක හරි ඒත් ඒකටත් අරුන්ට දෙන්න පුලුවන්..
    අංක 2 යි 5 යි...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔව්, ඒක නම් ඇත්ත..
    ඒත් බලමු අනිත් අය මොනවාගේ උත්තරයක් දෙයි ද කියලා...
    හැමෝම එකම මට්ටමෙන් හිතන්න යන්නේ නෑ නේ..

    එකනම් ඇත්ත:yes:
    සිරාවට..:yes: මේක නම් ඇත්තටම හොඳ නීතියක්... හැබැයි මේකේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට ලකුණු දීලා නෑ නේද.....;) ඒකත් දැම්මා නම් තමා හොඳ.:rofl:
    :)

    පොලිස් අණ >ඉම්සා ගෙ විර කතා දෙකට පස්සෙ ඇඩ් කරන්නලු ඉන්නෙ:lol::rofl:තාම එ ගැන විමර්ශනය කරනවාලු :lol:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    හරියට කරනවනම් හොද වැඩක් :yes::yes:

    එත් මේක පොළිසියට කීයක් හරී හොයගන්න ක්‍රමයක් වෙයිද දන්නෙ නැහැ :confused:

    ලකුණකට 500 වගේ :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරියට කරනවනම් හොද වැඩක් :yes::yes:

    එත් මේක පොළිසියට කීයක් හරී හොයගන්න ක්‍රමයක් වෙයිද දන්නෙ නැහැ :confused:
    ලකුණකට 500 වගේ :P

    :lol: ඒවා කියන්න බෑ මචන්...
    කොහොම වුනත් මේ වගේ ලකුණු කතාව හින්දා කොහොම කොහොම හරි..
    අරුන්ගේ අතට සරු වීමක් නම් වෙයි අනිවාර්යෙන් ම..
     
    • Like
    Reactions: roshancs05

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔව්, මචන් උඹ කියන එක හරි ඒත් ඒකටත් අරුන්ට දෙන්න පුලුවන්..
    අංක 2 යි 5 යි...


    නෑ නෑ මචන්. ඔය කොඉ වැරද්දටත් ලකුණු දෙන්න පොලිස් බුවෙක් අදාළ වාහනය නවත්තලා ඉන්නෙපැයි විසිල් එක ගහලා... එහෙම නවත්තන්න කියලා විසිල් එක ගහද්දීත් වාහන කාරයා නවත්තන්නේ නැතිව ගියොත්...:confused::confused: ඒක එතකොට පොලිස් අණ නොතැකීමක් නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ නෑ මචන්. ඔය කොඉ වැරද්දටත් ලකුණු දෙන්න පොලිස් බුවෙක් අදාළ වාහනය නවත්තලා ඉන්නෙපැයි විසිල් එක ගහලා... එහෙම නවත්තන්න කියලා විසිල් එක ගහද්දීත් වාහන කාරයා නවත්තන්නේ නැතිව ගියොත්...:confused::confused: ඒක එතකොට පොලිස් අණ නොතැකීමක් නේ..

    ඔව්, ඒක නම් ඇත්ත.. :yes:
    මේ නිතීය පාරිලිමෙන්තුවෙන් සම්මත වේලා නිකුත් කරපු හින්දා..
    අර පොලිස් රාල දෙන්නාට මේ ප්‍රශ්නේ උඹට වගේම අරුන් දෙන්නාත් මතු වෙන්න ඇති..
    :D