අධිවේගී මාර්ගය අධිවේගී ද?

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    අධිවේගී මාර්ගය අධිවේගී ද?

    අධිවේගී මාර්ගය අධිවේගී ද?

    ඇතැම් ශ්‍රී ලාංකිකයන් වරින් වර සංවර්ධන ව්‍යාපෘති අරඹන්නේ, ඔවුන් ගේ සිත්හි ජනිත වන "ගොබ්බ" අදහස්‌ ක්‍රියාවට නැංවීමට මෙනි. එහි ඇති ඵල රහිත බව හෝ හානිය අවම කිරීමට තරම් බුද්ධියක්‌ ඔවුන් තුළ නැති සෙයකි. බටහිර සුද්දන් කියන ඕනෑ ම දෙයක්‌ සොයා නො බලා ක්‍රියාත්මක කරන්නේ මොවුන් ය. රට පුරා වැවී තිබුණ වනාන්තර සුද්දන් ගේ කීමට පළමුව සුද්දන් ද, දෙවනු ව සිංහලයන් ද විසින් කපා ඉවත් කරන ලදුව වනගහනය මේ වන විට 20% තෙක්‌ පහත හෙළා රට අගාධයට දමා ඇත. ඉන් දේශගුණ වෙනස්‌කම් හා විශාල පරිසර හානියක්‌ වී ඇත. අතීතයේ රජවරුන් විවිධ උපද්‍රවවලින් රට ආරක්‍ෂා කළේ, 18 වැනි සියවසේ සිට මෙරට සිටි නරුමයන්ට මේ අන්දමින් රට විනාශ කිරීමට ය කියා ඔවුන් දන්නේ නම්, අතීතයේ රට ඔවුන් එපරිදි වත් ආරක්‍ෂා නො කරනු ඇත.

    මේ වන විට අධිවේගී මාර්ග කියා සැලැස්‌මක්‌ ද සිංහලයන් ගේ මනසට උත්තේජකාරකයක්‌ ලෙස රිංගා ඇත. අධිවේගී මාර්ග තනනුයේ යම් ප්‍රමිතියකට බවත්, ඒවා සාදන්නේ මෙවැනි කුඩා දූපතකට නො ව විශාල රටවල්, මහාද්වීප හරහා ගමන් කිරීමට බවත් සිංහලයා නො දනී. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක දෙපසට යැමට මංතීරු 6කින් හෝ 8කින් පමණ විය යුතු ය. ඒ කිසිත් නො දන්නවාක්‌ මෙන් කොළඹ - මාතර අධිවේගී මාර්ගය ලෙසින් නම් කර ඇති නව පාර මංතීරු 4කින් නිම කර ඇත. එනම්, එක පසෙකට යැමට තීරු දෙක බැගිනි. මේ මිනුමට ඉදි වී ඇති රටේ සාමාන්‍ය මාර්ග ඕනෑ ම තරම් තිබේ. එම නිසා, කොළඹ - මාතර අධිවේගී මගක්‌ ලෙස අපට සැලකිය නො හැකි ය. මන්ද, මංතීරු දෙකකින් යුක්‌ත වූ විට බර වාහන, සැහැල්ලු වාහන හෝ එකක්‌ පසු කර යන වාහනවලට වත් එම මංතීරු ප්‍රමාණවත් නැත. හදිසියේ වත් වාහනයක්‌ අනතුරකට ලක්‌ වී හෝ ආපදාවකට ලක්‌ වූයේ නම්, එම මංතීරු දෙකක දී සෙසු වාහනවල වේගය ද අඩාළ වේ. එම නිසා කොළඹ-මාතර නව මාර්ගය අධිවේගී මඟක්‌ ලෙස එහි නිර්මාණකරුවන් ගේ හිත සුව පිණිස හැඳින්වූවාට, බුද්ධිමත් අයකුට එය එසේ නො වන බව පෙනේ. එම මාර්ගයේ තැන් තැන්වල වෙනත් මාර්ග මුණ නො ගැසෙන ලෙස පාලම් මතින් මාර්ගය ඉදි වී ඇති විට, ඇතැම් නිර්මාපකයන් එය අධිවේගී මාර්ගයක ලක්‍ෂණයක්‌ යෑයි සිතුවා ද විය හැකි ය. එහෙත්, මාර්ග එකිනෙක හමු නො වී පාලම් මතින් ගමන් කිරීම සංවර්ධිත රටවල සාමාන්‍ය මාර්ගවල පවා දැකිය හැකි ලක්‍ෂණයකි. විශේෂයෙන් ම කඳු, හෙල් ඇති ප්‍රදේශවල එවැනි මාර්ග ඇත. ඔස්‌ටේ්‍රලියාවේ කැන්බරා අගනගරයේ දැනට වසර 30-40කට පමණ පෙර ද සාමාන්‍ය මාර්ග පවා ඉදි වී තිබුණේ, ඒ පරිද්දෙනි. මාතර-කොළඹ අධිවේගී යෑයි කියාගන්නා මේ මඟ අඩු තරමින් එක්‌ පසෙකට මංතීරු 3කින් වත් ඉදි කළ යුතු ව තිබිණි. පසු ව මාර්ගය පළල් කිරීමට ඉඩ තබා ඇති බවට නිර්මාපකයන් තෙපරබෑවත්, මංතීරු දෙක බැගින් 4ක්‌ සඳහා ප්‍රමාණවත් පාලම් බෝක්‌කු ඉදි කළ පසු ව, නැවත මාර්ගය පුළුල් කරන්නේ නම් කෙතරම් වියදමක්‌ යන්නේ දැ'යි මේ අයට නො වැටහේ. මාර්ගය නිසි පළලින් යුතු ව එක වර ඉදි කළ යුතු ව තිබිණි.

    සත්‍ය වශයෙන් ම මේ මාර්ගයේ කොළඹ සිට මාතරට වේගවත් ගමනකින් යා හැකි දැ'යි දෙවනු ව සිතා බැලිය යුතු ය. වර්තමාන බකපණ්‌ඩිතයන් ගේ ඇස්‌තමේන්තුව පැයකින් එම ගමන නිම කළ හැකි බව ය. එහෙත්, අප අදහස මාතර සිට කොළඹට එම මඟෙහි පැමිණෙන අයකුට, කොට්‌ටාව තෙක්‌ පැයකට ආසන්න කාලයකින් එම මාර්ගයේ හදිසි ආපදාවක්‌ ඇති නො වුණොත් පැමිණිය හැකි අතර, නැවත කොට්‌ටාවේ සිට කොළඹට ඉබි ගමනින් ඒමට තවත් පැයකට ආසන්න කාලයක්‌ ගත වේ. එවිට මුළු ගමනට ම සාමාන්‍යයෙන් පැය දෙකකට ආසන්න කාලයක්‌ ගත වේ. එහෙත්, දැනුදු කොළඹ-මාතර බස්‌ රථ හෝ වෙනත් වාහන පැය 3-3 1/2කින් පමණ මාතරට ළ`ගා වන අතර, වාහන අඩු රාත්‍රී කාලයේ දී එම කාලය තවත් පැයකින් පමණ අඩු කරගත හැකි ය. (ඇතැම් බස්‌ රියෑදුරෝ රාත්‍රී කාලයේ දී කොළඹ සිට තංගල්ලට පවා පැය 3 1/2න් යති.) ඒ අනුව ගත හොත් අධිවේගී යෑයි නම් කළ නව මඟෙහි ගමන් කිරීමේ දී සත්‍ය වශයෙන් ම කොළඹ- මාතර ගමනින් ඉතිරි වන්නේ, පැය 1 1/2ක්‌ පමණ කාලයකි.

    තව ද, මාතරට ගමන කෙළින් ම කොළඹ සිට ආරම්භ නො කර පානදුර, කළුතර වැනි උප නගරයකින් අරඹන්නේ නම් බොහෝ විට පවතින මාර්ගවල ද ගාල්ලට පැය 1 1/2 කින් හා මාතරට පැය 2කින් පමණ රාත්‍රී කාලවල ළ`ගා විය හැකි අතර, දිවා කල මාර්ගයේ පවතින වාහන ප්‍රමාණය අනුව එයට තව අමතර පැයක්‌ පමණ වැය වේ.

    ඒ අනුව, ගවයන්ට පුන්නක්‌කු ලබා දෙන්නාක්‌ සේ, කුඩා දිවයිනක්‌ වන මෙරට කෙත් වතු යට කරමින් අධිවේගී යෑයි නම් තබාගන්නා තවත් සාමාන්‍ය මාර්ග තැනීමේ මේනියාවෙන් ඉවත් ව, පවතින මාර්ග ම නිසි ප්‍රමිතියට පුළුල් කිරීමේ කටයුතු සොයා බැලිය යුතු ය. ඉදිරියේ දී ඉදි කිරීමට නියමිත කොළඹ-කටුනායක හා කොළඹ-මහනුවර අධිවේගී මාර්ග ද එලෙස පුස්‌සක්‌ නො කර, එය අධිවේගී නම්, විදේශවල ප්‍රමිතීන්ට අනුව හදනවා මිස, එවැනි වැඩවලට මුදල් හා ගොවිබිම් වැය නො කර සිටිය යුතු ය.

    එස්‌. එච්. පෙරේරා
    මොරටුව

    Soruce - http://www.vidusara.com/
     
    • Like
    Reactions: DJ_Lasith

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    ඔලමොට්ටල වැඩ නම් කර ඇත. එහෙත් මෙයින් වැඩකුත් අපට ගත හැක

    මම දන්නා හැටියට ලොව හැම රටකම තියන Highway වල Lane 4ක් o 6ක් නැත....

    £2.5 Million Japan Highway Accident

    fer1.jpg

    fer2.jpg

    only 2 lines
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,033
    20,605
    113
    හස්තිශෛලපුර
    මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.
    11.gif
    :yes::yes::yes::yes::yes::yes:
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.
    :yes::yes::yes::yes::yes:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    moda rajek liyapu moda article ekak. reply ekak liyannawath watinne nathi tharam gobba adahas liyala thiyenne.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මට නම් එකග වෙන්න බැහැ:no:. එහෙම කියල රේප් එහෙම කපන්න ගියේ නම් නැහැ ඔං:D.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.

    Liyapu miniha amu modayek. Rata bus haiyen yanawa kiyala udeta yanne kohomada kiyala hithanne na. Ethkota ra wenakan indala gaman yannada kiyanne.
    Lankawe wahana dawasen dawasa wadi wenawa ekata piliyama mokadda kiyala kisi kathwak na.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    express way හදන්නේ අවශ්‍යතාවයට මිසක් නිකන් බොරුවට මංතීරු ගණන වැඩි කරලා හැදුවයි කියලා වැඩක් නැහැ කව්රු මොනවා කිව්වත් express way එකින් වෙන සේවය 100% වෙනවා..ඒක කාටවත් නැහැ කියන්න බැහැ .. ඒක ඒක බූරුවන්ට ඕනතරං බුරු කතා කියන පුළුවන් ..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.

    ow eka atta...ekko mans ta tiyenne Highway ekata danna denne nathi karaththayak wage item ekak wenna athi.......

    lankawe ethin moka karath wadak na kiyana pisso ennawa...unge job eka bana bana enna eka witharai un wena deyak ratata karanne na...:)
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මට නම් එකග වෙන්න බැහැ:no:. එහෙම කියල රේප් එහෙම කපන්න ගියේ නම් නැහැ ඔං:D.

    ammiyo mage Rep kapanna nm epa...mama nm Highway ekata banne na...mama open kala dawase edan oke giya....mata nm oka hugak udau una......

    375356_2846436159842_1227562496_33349568_675584422_n.jpg
     
    • Like
    Reactions: BonziBUDDY

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    and Meka signal project ekak nemai.meka mama danna widihata hambanthota idan Katunayaka dakwaa yana project ekak.danata open karala tiyenne Kottawen patan aran matharin iwara wena palaweni kotasa witharai.meka sampoornayenma iwwara unahama liyapu kenata puluwanwenawa cmb kittuwa tiyana tanakin colombo walin baha ganna:P edaata oya pramaadaya gana kiwwanam awulak na.ethakota kottawa kiyanne tawath eka entrance ekak witharai.
     
    sniper911

    Member
    Dec 21, 2011
    237
    6
    0
    ගියපු මට තේරෙනව මේකෙ තියන වටින කම. මමත් unp කාරයෙක් තමයි. ඒත් මමත් ඕකෙ ගියදා ඉඳන් කටයි පුකයි වහගෙන ඉන්නව.

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    machan colombo to matara yanna 4.30/5.00 hours day time yanawa .but at night 3.00/3.5 hourswalin yanna puluwan ( after 11 pm to 5.00am)
    chathura D koheda inne ?
    keyboard eka thibunata gon post danna epa