අත්අඩංගුවට ගනු ලැබූ කහවත්ත ද්විත්ව පුද්ගල ඝාතනයේ සැකකරුවන් 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද අධිකරණය විසින් නියෝග කර තිබේ.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් කහවත්ත කොටකෙතන ගම්මානයේ පදිංචිව සිටි මව හා දියණිය ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට තිදෙනකු පසුගිය 8 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.
කහවත්ත කොටකෙතන සමගි මාවතේ පදිංචිව සිටි 52 හැවිරිදි නයනා නිල්මිණී (මව) සහ 18 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගී දියණිය ඝාතනය කර තිබියදී ඉකුත් පෙබරවාරි මස 01 වැනිදා කහවත්ත පොලිසිය මගින් සොයා ගනු ලැබිණි.