Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සන්ටෙල්, ඩයලොග්ට විකිණෙන්නෙ මෙහෙමයි
    Thursday, 15 December 2011 09:49

    සිය CDMA දුරකතන ජාලය පුළුල් කිරීමේ අරමුණෙන් සන්ටෙල් සමාගම ඩොලර් මිලියන 34 කට වඩා මඳක් වැඩි ලන්සුවකට මිලදී ගැනීමට සූදානම් බව ඩයලොග් සමාගම කියයි.

    මෙම සමාගම ඩයලොග්හි Dialog Broadband fixed access ඒකකය යටතට පත්කිරීමට නියමිතය.

    මෙම මිලදී ගැනීමත් සමග මෙරට දෙවන විශාලතම ස්ථාවර දුරකතන සම්බන්ධතා සපයන සමාගම බවට ඩයලොග් පත්වන අතර වෙළඳ පොළ කොටස සියයට 23 ක් දක්වා ඉහළ නගී.

    2011 සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් රුපියල් බිලියන 1.8 ක ආදායමක් ලබා තිබේ.


    http://vimasuma.com/index.php?optio...icle&id=3712&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද කොටස් පොළේ නැගීම් වැටීම් මෙන්න
    Friday, 16 December 2011 19:54

    කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රධාන මිල දර්ශකය ඒකක 5,900 කට වඩා පහළ ගිය අද දිනයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුවූ වැදගත් සිදුවීම් මෙසේයි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.82 කින් පහළ ගොස් ඒකක 5,892.69 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 1.08 කින් පහළ ගොස් ඒකක 5,134.68 ක් විය.

    පිරිවැටුම පසුගිය කාලයේදී වාර්තා කළ අඩුම අගයක් වූ රුපියල් මිලියන 463 ක් දක්වා අද අඩුවී තිබේ.

    සන්ටෙල් මිලදී ගන්නා බව නිවේදනය කළ Dialog Axiata කොටසක් ඊයේ ශත 20 කින් වැඩි වුවත් අද යළිත් ශත 10 කින් පහළ ගොස් රුපියල් 7.90 ක් විය.

    ජෝන් කීල්ස් කොටසක් රුපියල් 3.30 කින් පහළ ගොස් රුපියල් 173.40 ක්වූ අතර කොටස් 961,700 ක් ගනුදෙනු විය.

    හැටන් නැෂනල් බැංකුවේ ඡන්ද රහිත කොටසක් රුපියල් 3.30 කින් පහළ ගොස් රුපියල් 79 ක්වූ අතර HVA Foods කොටසක් ශත 20 කින් පහළ ගොස් රුපියල් 33.90 ක් විය.

    HVA Foods ගනුදෙනු වූ කොටස් ප්‍රමාණය 703,600 කි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3728&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    උතුරු කොරියානු නායකයා ජීවන රඟමඩලෙන් සමුගනී
    Monday, 19 December 2011 10:24

    ආසියානු කොටස් වෙළඳ පොළවල් බිම

    උතුරු කොරියාව දිගු කලක් පාලනය කළ එරට ජනාධිපති Kim Jong Il හෘදයාබාදයක් වැළඳීමෙන් මියගොස් තිබෙන බවත් මියයන විට ඔහු 69 වන වියේ පසුවූ බවත් වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුට දියවැඩියාව හා හෘද රෝග කලක පටන්ම තිබූ බවයි.

    උතුරු කොරියානු නායකයාගේ මිය යාමත් සමග ආසියානු කොටස් වෙළඳ පොළවල් උදාසීන වී තිබෙන බවත් උතුරු කොරියාවේ යම් අවිනිශ්චිත තත්ත්වයක් උදාවනු ඇතැයි විශ්වාසයක් ඇතිවී තිබෙන බවත් සඳහන්ය.

    මේ අනුව, දකුණු කොරියාවේ Kospi කොටස් දර්ශකය සියයට 3.9 කින් පහළ ගොස් ඒකක 1,767.89 ක්ද, ජපානයේ Nikkei 225 කොටස් දර්ශකය සියයට 0.8 කින් පහළ ගොස් ඒකක 8,331.00 ක්ද, හොංකොං Hang Seng දර්ශකය සියයට 02 කින් කඩා වැටී ඒකක 17,929.66 ක්ද, Shanghai කොටස් දර්ශකය සියයට 02 කින් පහළ ගොස් ඒකක 2,178.75 ක්ද වී තිබෙන බව සඳහන්ය.


    http://vimasuma.com/index.php?optio...d=3734&catid=46:vimasumavishleshana&Itemid=57
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මුදල් වෙළඳ පොළේ ද්‍රවශීලතාවය සිඳෙයි
    Monday, 19 December 2011 14:04

    න්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොළේ පොලී අනුපාත නැවත වරක් තරමක ඉහළ මට්ටමකට පැමිණ තිබෙන අතර අද උදෑසන කොළඹ කොටස් වෙළඳ පොළද උදාසීන තත්ත්වයකට පත්වී තිබුණි.
    මේ අනුව, මහ බැංකුව ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වමින් රුපියල් බිලියන 4.4 ක ද්‍රවශීලතාවය බැංකු පද්ධතියට ඇතුළත් කර තිබෙන අතර එය සිදුකර තිබෙන්නේ සියයට 7.76 ක පොලී අනුපාතයක් යටතේයි.

    මහ බැංකුව මීට පෙර නිවේදනය කර තිබුණේ රුපියල් බිලියන 7.0 ක ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වන බවයි.

    මේ සඳහා ලැබී තිබූ ලංසු ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 13.65 ක් විය.

    ණය වෙළඳ පොළේ 2014 මාර්තුවේදී කල් පිරෙන බැඳුම්කර වල පොලී 9.83/9.88 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර 2014 ජූලියේදී කල් පිරෙන බැඳුම්කරවල පොලී අනුපාතය ද්‍රවශීලතාවය සිදීයාම හමුවේ 9.95/10.05 ක්වී තිබේ.


    http://vimasuma.com/index.php?optio...icle&id=3736&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පසු බසින කොටස් පොළට මහ බැංකුවෙන් තල්ලුවක්
    Tuesday, 20 December 2011 08:53

    කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම සඳහා බැංකු වලට ණය ලබාදිය හැක්කේ සියයට 05 ක් පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව පනවා තිබූ ණය සීමාව ඉවත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබේ.

    මේ අනුව, බැංකුවල අවධානම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයන්ට යටත්ව වාණිජ බැංකු වලට කොටස් වෙළඳ පොළේ ආයෝජන කටයුතු වෙනුවෙන් ඉදිරියේදී ණය ලබාදිය හැකිබව මහ බැංකුව කියයි.

    කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම සඳහා බැංකු විසින් සැපයූ ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ බැංකුවල ආරක්ෂාව උදෙසා මහ බැංකුව මෙම ණය ලබාදීම සඳහා සීමාවක් පැනවූ අතර පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳ පොළ පසුබෑමක් පෙන්නුම් කර තිබේ.


    http://vimasuma.com/index.php?optio...icle&id=3740&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මිලංක දර්ශකයෙන් සමාගම් හතක් හැලී හතක් ඇතුළට
    Tuesday, 20 December 2011 13:03

    කොළඹ කොටස් වෙළඳ පොළ සිය මිලංක මිල දර්ශකයට ඇතුළත් වන සමාගම්වල වෙනසක් සිදුකර තිබෙන අතර මෙහිදී සමාගම් හතක් අළුතින් එකතු කර ගනිමින් ඩයලොග් සමාගම ඇතුළු සමාගම් හතක් දර්ශකයෙන් ඉවත් කර තිබේ.

    මෙහිදී, Central Finance, DFCC බැංකුව, Union බැංකුව, Lanka Orix Leasing සමාගම, Free Lanka Capital, Colombo Land සහ Vallibel One යන සමාගම් 2012 මුල් අර්ධය වෙනුවෙන් මිලංක මිල දර්ශකයට ඇතුළත් කර තිබේ.

    Dialog Axiata, Hemas Holdings, Janashakthi Insurance, John Keells Hotels, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව, Nawaloka Hospitals සහ Pan Asia බැංකුව මෙම දර්ශකයෙන් ඉවත් කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ කටයුතු කර ඇත.

    මීට අමතරව, මිලංක මිල දර්ශකයට ඇතුළත් වන අනිකුත් සමාගම් වන්නේ Commercial බැංකුව, HNB, LB Finance, NTB, Sampath බැංකුව, Aitken Spence, John Keells Holdings, Richard Pieris, Softlogic Holdings, Ceylon Grain Elevators, Piramal Glass, Royal Ceramics, Laugfs Gas, Lanka Hospitals, Browns and Environmental Resource Holdings යන සමාගම්ය.


    http://vimasuma.com/index.php?optio...icle&id=3743&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් අදත් කඩා වැටේ
    Tuesday, 20 December 2011 16:28

    අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පහළ ගිය අතර දිනයේදී සිදුවූ වැදගත් සිදුවීම් මෙසේයි.
    මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.15 කින් පහළ ගොස් ඒකක 5,851.94 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.34 කින් පහළ ගොස් ඒකක 5,088.25 ක් විය.

    පසුගිය මාස කිහිපය සමග සැසඳීමේදී අද වෙළඳ පොළ වාර්තා කළේ රුපියල් මිලියන 382 ක් වන අඩු පිරිවැටුමකි.

    අද E B Creasy සමාගමේ කොටසක් රුපියල් 200.50 කින් අඩුවූ අතර කොටසක් රුපියල් 1,500 ක් වෙද්දී ගනුදෙනු වූයේ කොටස් 100 ක් වැනි අඩු ප්‍රමාණයකි.

    Cargo Boatd development සමාගමේ කොටසක් රුපියල් 9.70 කින් අඩුවූ අතර කොටසක් රුපියල් 100.30 ක් වෙද්දී ගනුදෙනු වී තිබුණේ කොටස් 200 කි.

    මේ අතර, ජෝන් කීල්ස් සමාගමේ කොටසක් රුපියල් 2.80 කින් පහළ ගොස් රුපියල් 167.30 ක් වූ අතර Swarnamahal Financial Services කොටසක් රුපියල් 2.30 කින් ඉහළ ගොස් රුපියල් 96.20 ක්වී තිබේ.

    මෙම සමාගමේ කොටස් 361,600 ක් ගනුදෙනු වී ඇත.

    එසේම, කොමර්ෂල් බැංකුවේ කොටසක් රුපියල් 100 කට කොටස් 832,700 ක් ගනුදෙනු වූ අතර සම්පත් බැංකුවේ කොටසක් රුපියල් දෙකකින් පහළ ගොස් රුපියල් 191.80 ක් විය.


    http://vimasuma.com/index.php?optio...icle&id=3746&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් පොළට සල්ලි පොම්ප කිරීම නිසා මහ බැංකුවට මල්
    Wednesday, 21 December 2011 09:56

    බැංකු වලට කොටස් මිලදී ගැනීමට ණය ලබාදිය හැක්කේ සියයට 05 ක සීමාවකට යටත්වැයි තිබූ බැඳීම මහ බැංකුව ලිහිල් කිරීම පිළිබඳව කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ප්‍රසාදය පළකර තිබේ.

    මේ අනුව, මෙම ලිහිල් කිරීම නිසා බැංකු වලට සිය අවධානම් කළමනාකරණය යටතේ කොටස් මිලදී ගැනීමට ලබාදෙන ණය ප්‍රමාණය තීරණය කළ හැකි අතර කාලීනව ගෙන තිබෙන මෙම පියවර නිසා කොළඹ කොටස් වෙළඳ පොළට රුපියල් බිලියන ගණනක මුදල් අළුතින් ගලා එනු ඇතැයි තැරැව්කරුවන්ගේ සංගමය විශ්වාසය පළකර තිබේ.

    මෙම ලිහිල් කිරීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට හා නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතාට තුති පුදන බවද කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසා තිබේ.

    කෙසේවෙතත්, සමහර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සැලකිය යුතු ණය ප්‍රමාණයක් මගින් ඇතිකළ ආර්ථික බුබුළක් තුළින් ඉහළට ඇද්දවූ කොළඹ කොටස් වෙළඳ පොළ පසුගිය කාලයේදී පහළට යමින් යථාතත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවයක් තිබුණු බවයි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3750&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් රැළි පෙරළි මෙන්න
    Wednesday, 21 December 2011 19:45

    කොළඹ කොටස් වෙළඳ පොළ අද තවදුරටත් පහළ ගිය අතර දිනයේ සිදුවූ සිදුවීම් මෙසේයි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.16 කින් පහළ ගොස් ඒකක 5,842.83 ක් වෙද්දී මිලංක මිල දර්ශකයේ එතරම් වෙනසක් සිදු නොවී ඒකක 5,088.25 ක් විය.

    පිරිවැටුම රුපියල් මිලියන 376 ක් දක්වා පහළ ගිය අතර ජෝන් කීල්ස් කොටසක් රුපියල් 2.70 කින් ඉහළ ගොස් රුපියල් 170 ක් වෙද්දී කොටස් 515,500 ක් ගනුදෙනු විය.

    මේ අතර, Swarnamahal Financial Services කොටසක් රුපියල් 4.20 කින් අඩුවී රුපියල් 92 ක්වූ අතර කොටස් 471,300 ක් ගනුදෙනු විය.

    PC House කොටසක් ශත 40 කින් අඩුවී රුපියල් 12 ක්ද, United Motors Lanka කොටසක් රුපියල් තුනකින් අඩුවී රුපියල් 140 ක්ද විය.

    යුද්ධය අවසන් කිරීමෙන් පසුව විශාල ලෙස ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ පසුගිය සති කිහිපය තුළදී කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කර තිබේ.


    http://vimasuma.com/index.php?optio...icle&id=3756&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් වැටි වැටි නැගිටියි
    Thursday, 22 December 2011 17:19

    පසුගිය දින කිහිපය තුළදීම පහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ අද ඉහළ ගිය අතර දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් මෙසේයි.

    සමස්ත මිල දර්ශකය සියයට 1.31 කින් ඉහළ ගොස් ඒකක 5,919.35 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට සියයට 1.56 කින් ඉහළ ගොස් ඒකක 5,167.81 ක් විය.

    පිරිවැටුම අද දිනයේදීද රුපියල් මිලියන 349 ක් වැනි අඩු අගයක් ගනු ලැබුණි.

    Sri Lanka Telecom කොටසක් රුපියල් 1.70 කින් ඉහළ ගොස් රුපියල් 46 ක්වූ අතර Hatton National බැංකුවේ කොටසක් රුපියල් 6.00 කින් ඉහළ ගොස් රුපියල් 150 වෙද්දී ජෝන් කීල්ස් කොටසක් රුපියල් 2.00 කින් ඉහළ ගොස් රුපියල් 172 ක් විය.

    මේ අතර, Commercial බැංකුවේ කොටසක් ශත 80 කින් ඉහළ ගොස් රුපියල් 100 ක්වී තිබේ.

    Samson International කොටසක් රුපියල් 14.90 කින් ඉහළ ගොස් රුපියල් 126.90 ක් වෙද්දී Asiri Central Hospitals කොටසක් රුපියල් 23.40 කින් ඉහළ ගොස් රුපියල් 203.80 ක් විය.

    එසේම, Janashakthi Insurance කොටසක් ශත 80 කින් ඉහළ ගොස් රුපියල් 15.20 ක්වූ අතර කොටස් මිලියන 1.58 ක් ගනුදෙනු වී ඇත.

    HVA Foods කොටසක් රුපියල් 1.70 කින් ඉහළ ගොස් රුපියල් 35.80 ක් වෙද්දී කොටස් 456,300 ක් ගනුදෙනු වී තිබේ.


    http://vimasuma.com/index.php?optio...icle&id=3762&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් අද පෙරළුණේ මෙහෙමයි
    Friday, 23 December 2011 17:34

    පහළ යමින් තිබූ කොළඹ කොටස් වෙළඳ පොළ පිට පිටම දෙවන දිනයටත් අද ඉහළ ගිය අතර වෙළඳ පොළ පිරිවැටුමට ජෝන් කීල්ස් හා කොමර්ෂල් බැංකුවෙන් වැඩි සහයෝගයක් ලැබුණි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 1.07 කින් ඉහළ ගොස් ඒකක 5,982.58 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.43 කින් ඉහළ ගොස් ඒකක 5,189.86 ක් විය. පසුගිය කාලයේදී පහළට ඇද වැටුණු වෙළඳ පොළ පිරිවැටුම අද රුපියල් බිලියන 1.15 ක් දක්වා ඉහළ යෑම කැපී පෙනුණි.

    අද දිනයේ වැඩිම වෙළඳ පොළ පිරිවැටුමක් වාර්තා කරමින් ජෝන් කීල්ස් කොටසක් රුපියල් 170.20 ක්වූ අතර රුපියල් 1.80 කින් පහළ ගොස් කොටස් මිලියන 3.27 ක් ගනුදෙනු විය.

    මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ කොටසක් ශත 10 කින් ඉහළ ගොස් රුපියල් 100.10 ක් වෙද්දී කොටස් මිලියන 2.1 ක් අලෙවි වුණි.

    Union Assurance කොටසක් රුපියල් 22.90 කින් ඉහළ ගොස් රුපියල් 122.90 ක්වූ අතර ගනුදෙනු වූයේ කොටස් 900 ක් පමණි.

    මීට අමතරව, Metropolitan Resource Holdings කොටසක් රුපියල් 3.50 කින් ඉහළ ගොස් රුපියල් 26.50 ක්ද, Nuwara Eliya Hotels කොටසක් රුපියල් 125 කින් වැඩිවී රුපියල් 1,425 ක්ද, HVA Foods කොටසක් රුපියල් 1.30 කින් වැඩිවී රුපියල් 37.10 ක්ද විය.

    http://vimasuma.com/index.php?optio...icle&id=3768&catid=50:puwatharthika&Itemid=56

    ගනුදෙනු වූ HVA Foods කොටස් ප්‍රමාණය 752,700 කි.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් වෙළඳ පොලෙහි මේ දින වල සිදුවෙන අංක මැජික් වංචාව තාක්ෂණික ගේමක්ද?


    පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා.

    නමුත් දැනටත් එවාහි අඩුවක් දකින්නටද නැත. තව දුරටත් මෙහි සිදුවන වංචා පිළිබඳවත් සිදුවුනු වංචා පිළිබඳවත් අපගේ පාඨකයින් දැනුවත් කිරීමට මෙවැනි ලිපි ඵල කිරීමට බලාපොරොත්තු වෙමු.

    පසුගිය මාසයේ කොළඹ කොටස් හුවමාරුව සඳහා අළුතින් මෘදුකාංගයක් හඳුන්වාදෙනු ලැබුවා. මෙය නිර්මාණය කර තිබුනේ Millenium IT (මිලේනියම් අයිටී) (ලන්ඩන් කොටස් වෙළඳපොළට අයිති ශ්‍රී ලාංකීය සමාගමක් ) නැමැති සමාගමක් වන අතර මෙය හඳුන්වාතිබුනේ Automated Trading System 7 නොහොත් ATS 7 යන කෙටි නාමයෙනි.

    දිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.

    ශ්‍රී ලාංකික සමාඟමක් මෙවැනි දේ කිරීම පිළිබඳ අප සතුටු විය යුතු බව ඇත්තකි නමුත් දෝෂ සහිත මෘදුකාංග ඛෙදාහැරීම මඟින් රටට වන අපකීර්තිය ලැඛෙන ආඩම්බරයෙන් මැකිය හැකිද ? ඒ වගේම එය රටට කරන ආර්ථික සංහාරයක් වන්නේ කොටස් වෙළඳපොල යනු ආර්ථිකයේ ප්‍රාග්ධනය උපදවන සාරභුමිය බැවිනි.

    මිලේනියම් අයිටී හි මෘදුකාංග භාවිතයෙන් ලන්ඩන් කොටස් වෙළඳපොළද; වෙළඳපොල පිරිවැටුම අතින් පහත වැටි ඇති අතර ඒ රහස වසා ගැනිමටදෝ ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් මිලේනියම් අයිටී මිලදී ගැනීම සැක සහිත බවද මත පල කර ඇත. යුරෝපීය පුවත්පත් සහ වාර්තා සඳහන් කරන්නේ ලන්ඩන් කොටස් වෙළඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී සේවියර් රෝලේට් ට තම රැකියාවද මේ නිසා අහිමි විය හැකි බවය.

    මෙදින කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවන අංක විජ්ජාව ඉතාමත් අශෝභන දෙයකි. එනම් කොටස්වල පසුගිය දිනවලදී එම කොටස වාර්ථා කරන ලද ඉහලම මිල පහලම අගය වැනි කොටස් වෙළඳාමේදී දැනගත යුතුම දත්ත නොපෙන්වනු ලබයි. තවද සමස්ත මිල දර්ශකය සහ මිලංක මිල දර්ශකයේද අගයන් විවිධ වාර්ථා වල විවිධ අංක යටතේ පෙන්නවනු ලබයි.

    අප වෙත ආරංචි වී ඇති ආකාරයට මෙමඟින් ඔවුන් විසින් සිදුකරන ලද කොටස් වෙළඳ පොළ ආශ්‍රිත වංචා වසා ගැනීමට පරණ දත්තයන් විකෘති කිරීමක් කරනු ලබන බවයි. තවද ආසියාවේම ආශ්චර්යය මවා පාමින් පසුගිය අවුරුද්දේ දිනයක කොළඹ කොටස් වෙළඳ පොල පරිගණකයේ දෘඩාංගයක ක්‍රියාවිරහිත වීමක් නිසා එම දිනයම කොටස් වෙළඳ පොලෙහි නිවාඩු දිනයක් කරන ලදි. ඒ 2011 සැප්තැම්බර් 19 වෙනිදායි. මෙමඟින් පෙනී යන්නේ මොවුන්ට බැක්අප් පද්ධතියක්ද හරිහැටි නොමැති බව නොවේද ?

    කොළඹ කොටස් වෙළඳ පොලෙහි කඩා වැටීම පිළිබඳ කථා කරන විට කථා නොකරම බැරි චරිතයක් වනුයේ ක්‍රිශාන් බාලේන්ද්‍රයි.

    ක්‍රිශාන් බාලේන්ද්‍රයි යනු මෑත කාලින ලෝක ඉතිහාසයේ විශාලතම ඩොලර් මිලියන් 100 කට වඩා ඇමෙරිකානු මුල්‍ය වෙළඳපොල වංචාව සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ උපන් හිටපු සිංගර් සභාපතිගේ පුත් වූ රාජ් රාජරත්නම් ගේ ගැලෙන් ෆන්ඩ් හි තම සේවය ඇරඹු පුද්ගලයකි. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගමේ (රටට ම සොසේජස් කවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්) හිටපු සභාපති කෙන් බාලේන්ද්‍ර ගේ පුත් ක්‍රිෂාන් බාලේන්ද්‍ර ව ශ්‍රී ලාංකීය කොටස් වෙළඳපොලේ සභාපති ලෙස පත් කල දා පටන් 2011 ජුනි 16 වෙනදා සිට කොටස් වෙළඳපොල ක්‍රිෂාන් බාලේන්ද්‍ර ගේත් ඔහුගේ සගයන්ගේත් මහා සූදු පිටිය වී හමාරය.

    ක්‍රිෂාන් බාලේන්ද්‍ර මෑතකදී McKinsey නම් ඇමෙරිකානු සමාගමේ ඉන්දීය ශාඛාවට රුපියල් මිලියන් 150 ක ඩීල් එකක් දී ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොළට අනාගත සැලසුමක් ලබාදෙන ලෙසිනි. එත් අද වෙන විටවත් McKinsey සහ සමාගම කිසිම අනාගත සැලසුමක් ලබා දී නැත.

    ක්‍රිෂාන් බාලේන්ද්‍ර ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල කා දැමු තවත් එක චරිතයකි ඒ මෑත ඉතිහාසයේ වැඩිම අගයකට මහජනතාවට කොටස් බෙදා දුන් ඔස්මන් කාසිම් ගේ Expolanka සමාගමත් රටේ විශාලතම ඉස්පිරිතාල සමුහය අයිති රටට නොකියා ජංගම දුරකථන විකුණා පෝසත් වූ අශෝක් පතිරගේ ගේ Softlogic සමාගමත් රුපියල් 14 කට සහ රුපියල් 29 කට පිලිවෙලින් මහජනතාවට කොටස් නිකුත් කරද; එම සමාගම් දෙකම සල්ලි කාර කීප දෙනකුට සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට රුපියල් 6 කට වැනි සොච්චමකට Expolanka කොටස් ලබාදුන් අතර රුපියල් 7.20 කට Softlogic කොටස් ප්‍රයිවට් ප්ලේස්මන්ට් නම් සල්ලි කාරයන් තවත් පෝසත් කිරීමේ අරමුණින් ලබාදෙන ලදී.

    එම මහජන නිකුත්තු දෙකම කොටස් වෙළඳපොළට ගෙන ආවේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර අධ්‍යක්ෂක දූරය දරන ජෝන් කීල්ස් කැපිටල් සමාගමත්; රටටම KFC කුකුල් මස් කවන සහ Unilever සමාගමේ Walls අයිස්ක්‍රීම් හි අභ්‍යන්තර සේවක අරගලයක් දේශපාලන බලවේග හරහා ඇතිකොට Cargills අයිස්ක්‍රීම් පිහිටවූ රන්ජිත් පේජ් ගේ පවුලේ අයට අයිති CT කැපිටල් සමාගමත් එක්වය.

    2004 දී ලංකාව මහා සුනාමියෙන් සෝදා හැරීමත් සමගම ජෝන් කීල්ස් සමාගම රාජ් රාජරත්නම් හා එක්වී ගැලෙන් සුනාමි රිලීෆ් ෆන්ඩ් හා එක්වී රුපියල් මිලියන් 59.8 කට ගාල්ලේ රත්ගමට ගෙවල් 100 කුත්, මාතර රාස්සදෙනියේ රුපියල් මිලයන 30 කට ගෙවල් 50 කුත් හම්බන්තොට සිරිබෝපුරට ගෙවල් 50 කුත් රුපියල් මිලියන 35.7 කට ලබාදුන්නේ සාදරනව හොයපු මුදල් වලින් නොව; හුදෙක් රාජ් රාජරත්නම් විසින් අන්තනෝමතික ලෙස ලොව වටා සිටි සමාගම් අධ්‍යක්ෂක වරුන් සහ සේවකයන් ට මුදල් දී ලබාගත් ඉන්සිඩර් ටිප්ස් මගින් කොටස් වෙළඳපොල වලින් කොටස් මිලදී ගෙන වැඩි මිලවලට විකුණා මනිපුලේට් කිරීමෙන් හම්බු කරපු සල්ලි වලිනි.

    සුවිශේෂී කොටස්වෙලන්දපොල ආරන්චිමාර්ග සඳහන් කරන්නේ එකල රාජ් රාජරත්නම්ගේ ශ්‍රී ලාංකීය ආයෝජන කළමනාකරණය කරේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ JB සේකුරිටිස් සමාගමේ අධ්‍යක්ෂක වරයකු වූ මුර්ටසා ජෆෙර්ජි විසින් බවයි. රාජ් එකවරක් ශ්‍රී ලංකාවේ තම මිත්‍රයන්ව නොමිලේ ටිකෙට් දී රාජ් ගේ ඇමෙරිකාවේ මැන්හැටන් හි ගෙදර සුපිරි උපන්දිනයක් පවත්වා ඇති බවද නිව් යෝර්ක් පුවත්පත් සඳහන් කරයි.

    මනිපුලේට් කර මුදල් ඉපයූ ඩොලර් මිලියන් හැටකට වඩා ලාභ ලැබූ ගැලෙන් ෆන්ඩ් හි රාජ් රාජරත්නම්ට සහ ඔහුගේ ඇමෙරිකානු මෙන්ම ඉන්දීය සගයන්ට අද ඇමෙරිකාව නඩු පවරා හමාරය. නමුත් ඔහුගේ ලාංකීය සගයන්ට නඩු පැවරීමට කව්රුත් නැත.කොටින්ම කියනවානම් රාජ් රාජරත්නම් තම ගැලෙන් ෆන්ඩ් හි ආයෝජකයන්ට මුදල් වැඩි ප්‍රමාණයක් ගෙව්වේ ඔහු ලංකාවේ ආයෝජනය කර තිබු ඩොලර් මිලියන් 115 හෙවත් රුපියල් බිලියන් 13.5 පමණ වටිනා කොටස් (2008 වන විට) ඊටත් ඉහල වැඩි අගයකින් 2009 සිට 2010 වකවානුවේ විකුණා රටෙන් ශ්‍රී ලංකාවෙන් හොඳට හම්බු කරගැනීමෙනි.

    රාජ් විකුණු කොටස් වැඩි හරියක් මිලදී ගත්තේ අපේ රටේ මහජනතාවගේ මුදල් තැන්පත් කරන ලංකා බැංකුවත් (Bank of Ceylon ) සහ වැඩකරන ජනතාවගේ මුදල් අනාගත සුබසිද්ධියට ඉතිර කරන සේවක අර්ධසාධකයෙනි (Employees Provident Fund and Employees Trust Fund ). අන්තිමට අපි අපේ සල්ලි වලින් පෝසත් කර ඇත්තේ කොටින්ට උදව් කර; අපිටම දැන් මානව හිමිකම් උල්ලංගනය කරයි කියා චෝදනය කරන බරක් ඔබාමා ගේ රාජ්‍ය ලේකම් වෙන හිලරි ක්ලින්ටන්ට චන්දෙ ඉල්ලන්ඩ වියදම් කර රාජ් රාජරත්නම් වය.

    ඒවාට වගකිවයුතු ක්‍රිෂාන් බාලේන්ද්‍ර වැනි අය සහ රාජ් රාජරත්නම්ට යුනියන් ඇෂුවරන්ස් කොටස් මිලදී ගැනීමට-රටට විදේශ මුදල් ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්තිද අවලංගු කරමින්-රාජ් රත්නම් ගේ රුපියල් මිලියන තුන්සීයක් තම නොමිනී බැංකු ගිණුමට ගෙන්වාගත් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැනි අය ටයි කෝට් ඇඳ ගත්ත අංක එකේ වන්චාකරයන්ය.

    කව්ද මේවට වග කියන්නේ?


    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/03/blog-post_5501.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ACME සමාගමේ කොටස් එක වර ඉහල ගොස් පහල ආවේ ඇයි ?


    කොටස් වෙළඳ පොළ යනු රටක ආර්ථීකයට කෙලින්ම බලපාන ස්ථානයක් වන නමුත් දිනෙන් දින කොටස් වෙළඳ පොල හා ආශ්‍රිතව කෘතිමව මිල ඉහල පහල ගෙනයාම තුලින් සාමාන්‍ය ආයෝජකයන් වෙත ඒ පිළිබඳ හෙලිකිරීමේ ව්‍යපාරයක් අප ආරම්භ කලෙමු.

    ඒ හුදෙක්ම මෙම වෙළඳ පොළ හරහා අසරණ වන ජනතාව ඉන් මුදවා විධිමත් ලෙස මෙහි ආයෝජනය සඳහා මඟ පෑදීමටය.

    කොළඹ කොටස් වෙළඳ පොලෙහි ප්‍රධානීන් විසින් මෙසේ කෘතීමව මිල ඉහල පහල යෑම වැලැක්වීමේ අරමුණින් කිසියම් ක්‍රියාපටිපාටියක් හඳුන්වා දුනි.

    එය කෙටියෙන් නම් කිසියම් කොටසක මිල සියයට 10 වඩා මිල ඉහල ගිය හොත් එයට Price Band නොහොත් ගෝනි බිල්ලා තියරිය අදාල වන ලෙසයි. මෙම ගෝනි බිල්ලා අදාල වන කොටස් දින 5 යන තුරු සියයට 10 සීමාව නොඉක්මවා ඉහල හෝ පහල බැසිය නොහැක.එය එසේ වුවද කොටස් නියාමකයාට අනුව ගෝනි බිල්ලා සූත්‍රයට හසුවන්නේ අදාල සමාඟම් කොටසක ලැයිස්තුගත මුළු කොටස් ප්‍රමාණයෙන් දිනකදී කොටස් වෙළඳ පොලේ හුවමාරු වන ප්‍රමාණයද සලකා බැලීමෙනි.

    කෙසේ වෙතත් ගෝනි බිල්ලා සුත්‍රයේ නියම පදනම අද වන තෙක් කොටස් නියාමකයා විසින් ආයෝජකයන්ට පැහැදිලිව දන්වා නැති අතර එය ඔවුන්ට අවශ්‍ය පරිදි භාවිතා කරන බව දැනීමට ලැබේ.

    ACME සමාඟම යනු ලංකාවේ මුද්‍රණ ක්‍රේෂ්ත්‍රයේ හා අදාලව තම ව්‍යපාර කටයුතු සිදුකරනු ලබන සමාඟමකි.

    පහත දැක්වෙනුයේ එම සමාගමෙහි කොටස් පසුගිය දින කිහිපයෙහි හුවමාරු වූ දත්ත ඇතුලත් දල සටහනකි.

    ජනවාරි මස 30 වන දින මිලියන 3.216 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.26.40 මිලකට වන අතර එදින එම කොටස සියයට 12.82% මිල ඉහල ගොස් තිබුණි.

    ජනවාරි මස 31 වන දින මිලියන 5.978 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.29.70 මිලකට වන අතර එදින එම කොටස සියයට 12.50% මිල ඉහල ගොස් තිබුණි.

    පෙබරවාරි මස 01 වන දින මිලියන 12.191 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.33.50 මිලකට වන අතර එදින එම කොටස සියයට 12.79% මිල ඉහල ගොස් තිබුණි.

    පෙබරවාරි මස 02 වන දින මිලියන 7.2 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.24.90 මිලකට වන අතර එදින එම කොටස සියයට 25.57% මිල පහල බැස තිබුණි.

    කථාව එසේ උනද එම ගෝනි බිල්ලා තියරිය මෙම කොටස් වලට අදාල නොවුනේ ඇයි ?

    තිරය පිටුපස සිදුවූයේ වෙනත් දෙයකි තැප්‍රෝබේන් සිකුරිටීස් නම් ආයතනයේ ප්‍රධානියා වන දිනාල් විජේමාන්න තැනැත්තා විසින් මෙම ACME සමාඟමේ කොටස් විශාල ප්‍රමාණයක් රජයේ සේවක අර්ථසාධක අරමුදල විසින් මිලදී ගනු ඇතැයි රාවයක් ගොඩනංවා මෙම කොටස් එම තැරුව්කාර සමාඟමේ සහ අනෙකුත් අයට විකුණා ඇත.

    මෙයින් දිනාල් විජේමාන්න සහ ඔහුගේ ලොක්කා වන ලංකාවේ Bond King ලෙස නම් දැරූ අජිත් දේවාසුරේන්ද්‍ර ඇතුලූ LOLC සමාඟමත් , දිනාල්ගේ ප්‍රමුඛ සඟයන් වන Navara Capital අධිපති හර්ෂ ද සිල්වා , Finco සමාඟමේ නියෝජ්‍ය සභාපති ප්‍රියංජිත් වීරසූරිය ඇතුළු පිරිස දින 3 ඇතුලතදී තම තමන්ට අවශ්‍ය පරිදි ACME කොටස් මිල ඉහල යවා අසරණ මිනිසුන් අන්දවා මුදල් උපයා ගන්නා ලදි.

    ACME කොටස් දින 3 ක් තුල පිට පිට මිල සියයට 12 වඩා මිල ඉහල ගියද ශ්‍රී ලංකා කොටස් නියාමකයාගේ ගෝනි බිල්ලා ස්වරූපයෙන් එන Price Band වෙත හසු නොවීය. කෙසේ වෙතත් පෙබරවාරි 2 දින එම කොටසේ මිල සියයට 25 ක් පහත වැටී කොටස් මිලියන 7.2 හුවමාරු වූ අතර කොටස් නියාමකයා පෙබරවාරි 3 වනදා දිනාල් විජේමාන්නට සහ තැප්‍රෝබේන් සිකුරිටීස් ආයතනයට ලිපියකින් දැනුම් දුන්නේ මෙවැනි "අසමජ්ජාති" වැඩ නොකරන ලෙසටයි.

    දිනාල් විජේමාන්නට ලිපිය ලැබීමත් සමඟම එදින හවස 2010 අගෝස්තු මස සිට 2011 මේ වන තෙක් දිනාල් ගේ කොටස් මෙහෙය වීමට ඉහලම දායකත්වය සැපයූ හිටපු විනිමය සහ සුරුකුම්පත් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක‍ෂක ජෙනරාල් මලික් කාදර්, දිනාල්ව බැහැදැකීමට ගොස් ඇති බවද වාර්ථා වේ.

    කොටස් වෙළඳ පොළ තැරුව්කරුවන් සහ ආයෝජකයන් සුපුරුදු ලෙස හඳුන්වන "මලිික්ගේ කැෂියර්" නොහොත් දිනාල් විජේමාන්න මීට අවුරුදු කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා මූල්‍ය වෙළඳ පොලෙහි බොහෝ අකටයුතුකම් කල තැරුව් කරුවන් කිහිපදෙනෙකු වන චන්දන එදිරිසූරිය, රොමේෂ් යන සඟයන්වද එකකොට ශ්‍රී ලංකාවේ ලොකුම Manipulator (හොර කොටස් මෙහෙය වන්නා) වන "බුදු මහේෂ්" වද 2009 වසරේ සිට වාර්ථාගත ලෙස පරදවා ඇත.

    තව දුරටත් අනාරවණය වන්නේ ACME සමාඟම සෑම කොටස් 10 කටම කොටස් 11 ක හිමිකම් නිකුතුවක් ලබාදීමෙන් 2010 සැප්තැම්බර් මස රුපියල් මිලියන 243.9 තම කොටස් හිමිකරුවන්ගෙන් උපයා මාස දෙකකට පසු නිවේදනයක් මඟින් නිකුත් කලේ තම සමාඟමේ කළමණාකරුවන් කිහිපදෙනෙකු 2010 මාර්තු මස සිට 2010 සැප්තැම්බර් වන තෙක් ගිණුම් වාර්ථා වංචා සහගතලෙස වෙනස් කර ඇති බවත් පසුව එම කළමණාකරුවන් එම සමාඟමෙන් ඉවත් කරනු ලැබූ බවත්ය.

    වංචාවේ අගය නොපෙන්වූ ACME හි අධ්‍යක‍ෂක දිනාල් පීරිස් හිටපු අධ්‍යක‍ෂක ජෙනරාල් මලික් කාදර්ගේ සැබෑ මිතුරෙකු වූ නිසා මෙම සමාඟමේ වංචාව ගැන හෝ ගිණුම් වාර්තා සම්බන්ධව කිසිඳු විමර්ෂණයක් කිරීමට කොටස් නියාමකයා උත්සාහ දැරුවේද නැත.

    කව්ද මේවට වග කියන්නේ ?
    තවත් මෙවැනි වංචා පිළිබඳ අනාගතයේදී හෙලි කිරීමට බලාපොරොත්තු වෙමු.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නොමඟ යවන්නාත් නොමඟට - PC House සභාපතිටත් වැඩ වරදී


    කොළඹ කොටස් වෙළඳ පොලෙහි අසාමාන්‍ය ලෙස මිල වෙනස් කරමින් සාමාන්‍ය කොටස් මිලදී ගන්නන් නොමඟ යවමින් මුදල් ඉපයූ PC House අධ්‍යක්ෂක S .H .M රිශාන් නැමැති තැනැත්තාට ඊයේ දිනයේදී (එනම් 2012-02-02) වැඩ වරදී ඇත.

    ආයෝජකයන් කලබල වී විකුණන කොටස් මොහු විසින් මිලදී ගෙන වැඩි මිලට විකුණා ලාබ ගැනීමට ගත් ප්‍රයන්තයක් අද දිනයේ වැඩ වැරදී ගොස් රුපියල් මිලියන ගණනක අලාභයක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

    ඔහු විසින් එසේ මිලදී ගෙන අලාභ වී ඇති කොටස් වනුයේ Greg .w 0002 සහ Greg .n යන කොටස් ය. තවද ඔහුට අදාල තැරුව්කාර සමාඟමෙන් ලබාදී ඇති ණය සීමාව ඉක්මවා ඇති බැවින් එය අඩු කිරීම සඳහා අද දිනයේ ඔහු සතුව ඇති Orient ගාමන්ට්හි මිල අසාමාන්‍ය ලෙස ඉහල යැවීමට දැරූ ප්‍රයන්තයක් නිශ්ඵල විය.

    මොහු විසින් තමාට අයත් ආයතන කොටස් වෙළඳ පොළට රැගෙන ඒමෙන් අනතුරුව අසාමාන්‍ය ලෙස කොටස් මිල ඉහල ගෙන ගොස් කුඩා පරිමාණ ආයෝජකයන් නොමඟ යැවීමක් සිදු කරගෙනයයි.

    මෙයට උදාහරණයක් ලෙස පසුගිය දිනයක ඔහුට අයත්ව තිබූ PC Pharma සමාගම කොටස් වෙළඳ පොලෙහි ලැයිස්තු ගත කොට රු.10 වන කොටසක් පළමු දිනයේදීම රු.89 වැනි මිලකට ගෙන ගොස් ඔහුට අයත්ව තිබුණු කොටස් මිලියන 10 ප්‍රමාණයක් එක කොටසක් මිල රු.50 වන මිලකට විකිණීම තුලින් ඔහු විසින් කෙසේ ආයෝජකයන් නොමඟ යැවේද යන්න මනාව පිළිඹිමු වේ.

    මේ සඳහා ඔහු විසින් අනුගමණය කරනුයේ ඉතා විශාල ලෙස කොටස් මිලදී ගැනීමට ආයෝජකයන් සිටින බව පෙන්වීමට ඔහු හෝ ඔහුගේ සඟයන් විසින් බොරු ඕඩර්ස් දැමීමයි. මෙහි වැඩි ඉල්ලූමක් පවතින බව දකින සාමාන්‍ය ආයෝජකයන් එවැනි කොටස් මිලදී ගැනීමට පෙළඹෙයි. එවිටS .H .M රිශාන් කර ඇත්තේ ඔහුගේ ඕඩර්ස් ඉවත් කර අසරණ ආයෝජකයන්ට රු.10 වටිනා කොටස් රු.50 වැනි පස් ගුණයක් ඉහල මිලකට විකිණීමයි.

    තවද මොහු විසින් පවත්වාගෙන යන PC House නැමැති ආයතනයේද විශාල අක්‍රමිකතා සිදුවන බව වාර්ථා වේ.එනම් පාරිභොගිකයන් විසින් වගකීම් කාලය තුල රැගෙන එනු ලබන පරිගණක කොටස් වල කිසියම් දෝෂ සහිත තත්වයක් මතු කර (එසේ නොමැති අවස්ථා වලදී) එම කොටස පාරිභෝගිකයන් නැති ස්ථානයකට ගෙන ගොස් එහි කෙසේ හෝ පිටින් පෙනෙන පරිදි සියුම් ලෙස සීරීමක් සිදුකර එම වගකීමෙන් නිදහස් වීමට උත්සාහ දරයි.

    මෙසේ සිදු කිරීමට හේතුව ලෙස අප කල සමීක‍ෂණයකදී දැන ගැනීමට ලැබුනේ මෙම කොටස් ලංකාව තුලට ආනයනය කිරීම නීති විරෝධී ලෙස රජයේ අදාල බදු නොගෙවා (Hand Carry ) ලෙසින් ආනයනය කිරීම හේතුවෙන් නැවත එම කොටස් අදාල සමාඟම් වෙත යැවීමේදී ශ්‍රී ලංකා රේගු අධිකාරියේදී ඇතිවන ගැටළු සහගත තත්වයෙන් මිදීමට එසේ වගකීමෙන් නිදහස් වීම සඳහා එසේ සිදුකරනු ලබයි.

    දිනකට වගකීම් ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් ගෙන් 70% වැඩි පිරිසක් සඳහා මෙසේ මුහුණ දීමට සිදුවන බව යුනිටි ප්ලාසා හි තුන්වන තට්ටුවට යන ඕනෑම අයෙකුට දැකිය හැකිය.
    තවද එම වගකීම ලබා දීම සඳහා ලබා ගන්නා ඉතාම සීමිත කොටස් සඳහා වගකීම ලබා දීම ලෙස පවසන්නේ එම කොටස් ගෙන්වීමට මාස ගණනක් කාලයක් ගතවන බැවින් ඒ සඳහා භාවිතා කරන ලද කාලයට ගණනක් අඩු කර මුදල් ලබා දිය හැකි බවක් (ඔවුන්ගේ ලාබය) හෝ වැඩි මුදලක් ගෙවා වෙනත් වර්ගයක කොටසක් ලබා දිය හැකි බවකි.

    මෙවැනි වංචාකරුවන්ට නිදැල්ලේ සිටීමට කිසියම් හෝ දේශපාලන පසුබිමක් නොතිඛෙනවා විය නොහැක. කොටස් වෙළඳ පොලෙහි ආයෝජකයන් දැනුවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    එනම් මෙම වංචාකරු භාරයේ Orient Garment කොටස් සහ PC House සමාඟමෙහි කොටස් ඇති බැවින් එවැනි සමාඟම් වල ආයෝජනය කරන විට කිසියම් අවධානයකින් සොයා බලා ආයෝජනය කරන ලෙසයි.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොමිස් කාක්කාගේ ඉංජිනේරු කොම්පැණිය රුපියල් බිලියන පහක් ඩැහැගනී


    ශ්‍රී ලංකාවේ 90 දශකයේ මැද භාගයේ සිට රජයේ කොන්ත්‍රාත් සහ ලංසු ලබාගෙන ත්‍රිවිධ හමුදාවට ආයුධ සහ යුධ වාහන ගෙන්වා තම මඩිය තදකර ගත් සුප්‍රසිද්ධ කොමිස් කාක්කා හෙවත් සුමල් සංජීව පෙරේරා, සාමයේ අරුණලූ පිබිදෙන සමයක ඔහුගේ නවතම සල්ලි හොයන සූත්‍රයවී ඇත්තේ රටේ පාරවල් හදා කොමිස් ඩැහැගන්නා තම ඉංජිනේරු කොම්පැණිය මහජනයාට නොවටිනා ගණනකට අලෙවි කිරීමට තැත්කිරීමයි.

    දැනට පවතින නීතියට අනුව සමාගමක පුද්ගලිකව ආයෝජකයන්ට ලබාදුන් කොටස් අලෙවිකිරීමට හැක්කේ එම නිකුතුවෙන් අවුරුද්දකට පසු වන අතර හරියටම මෙය කොටස් වෙළඳ පොලෙහි ලැයිස්තුගත කිරීමට අදහස් කරන දිනට අවුරුද්දකට පෙර පුද්ගලිකව ඇක්සස් සමාඟම විසින් රුපියල් බිලියන 4.5 කොටස් නිකුත් කර ඇති අතර මෙයට අමතරව සුමල් පෙරේරා ඇතුළු අධ්‍යක‍ෂක මණ්ඩලයට හා සේවකයන්ට තවත් රුපියල් බිලියන 3 කොටස් නොමිලේ ඛෙදා ඇත.
    මෙම මහජන කොටස් නිකුතුව මඟින් එම ආයතනය බලාපොරොත්තුවනුයේ රුපියල් මිලියන 500 මුදලක් ලබා ගැනීමටයි. (මෙය අනෙකුත් ආයතන සමඟ ගත් කල ඉතා අඩු මුදලකි.) නමුත් මෙහි පිටුපස ඇත්තේ තවත් යමකි.

    මෙහි කොටසක මිල රුපියල් 25 වන ආකාරයට නිකුත් කරන අතර ආයෝජකයන් නිතරම බලාපොරොත්තුවනුයේ තමන් යෙදවූ මිලට වැඩි වාසියක් ගැනීමටයි නමුත් මෙහිදී මොවුන් බලාපොරොත්තුවනුයේ තමන්ට නොමිලේ ලැබුනු කොටස් පළමු දින වලදීම විකුණා ඉන් ඉවත් වීමයි. මෙම කොටස් වල මිල ඉහල යැවීමට ගෙවීම් ලබාදී මූල්‍ය ආයතන කිහිපයක් විසින් රෙකමදාරුද ලබාගෙන ඇත.

    කෙසේ හෝ මෙයින්ද අසරණ කරන්නට තැත්කරනුයේ සාමාන්‍ය ආයෝජකයන්වය. ඔබ හෝ දන්නා අයෙක් මෙම ආයතනයේ ආයෝජනය කරන්නට සූදානම් නම් තවත් වරක් මේ පිළිබඳව අධ්‍යයනයක් කර බලන්න. මෙය හුදෙක්ම ඉදිරිපත් කරනුයේ මෙම දිනවල විවිධ ආකාරයෙන් සිදුකෙරෙනු ලබන මූල්‍ය වංචා පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

    මෙම කොමිස් කාක්කා විසින් සිදුකර ඇති වංචා අතර ඒසියා පැසිෆික් ගොල්ෆ් කෝස්, චීන වරාය ඇතුළු ප්‍රොජෙක්ට්ස් ගණනාවක් වන අතර මේවා පිළිබඳ හෙලි කිරීමට වචන දස දහසක් ලියුවද මදිය.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    SECහි නව අධ්‍යක්ෂක ධුරයට දේශපාලන බලපෑම්


    සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) අධ්‍යක්‍ෂක ජනරාල් ධූරයට නම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒවාගෙන් දැනට හර්ෂ ෆර්නෑන්දු හා නිශාන් සුමණධීර යන අයගේ නම් තෝරාගෙන ඇත.

    මෙහි හර්ෂ ෆර්නෑන්දු යන මොහු නීතිවේදියෙකු පමණක් වන අතර කොටස් වෙළඳ පල ගැන කිසිඳු ආකාරයක පළපුරුද්දක් නැති අයෙකි. නිශාන් සුමණධීර නීතීඥයෙකු , බැංකු කරුවෙකු , තැරුව්කාර සමාගම් දෙකක සභාපති ධූරය හෙබවූ අයෙකි.

    දැනට කොටස් වෙළඳ පලේ කඩා වැටීම සම්බන්ධයෙන් මෙම තනතුරට පුද්ගලයෙකු ඒමට පමා වීමද බලපා ඇති අතර කොටස් වෙළඳ පොල තැරුව්කාර සමාගම් විසින් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම තනතුරට මේ සම්බන්ධව දැනුමක් ඇති අයෙකු පත් කරන ලෙසටයි.

    කෙසේ නමුත් දේශපාලන පසුබිම් මත හර්ෂ ෆර්නෑන්දු මහතා පත් වීමට ඉඩක් ඇති නමුත් එසේ වුවහොත් ආයෝජකයන් සහ තැරුව්කරුවන් එයට විරෝධය පෑමටද එක්ව සිටී.

    සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් මලික් කාදර් මහතාට මාසිකව ලක්‍ෂ දෙකහමාරක මූලික වැටුපක් ලැබූණු අතර ඔහු මෙම තනරතුරෙන් ගිය අවස්ථාවේදී කොළඹ කොටස් වෙළඳ පොල එම කාර්තුවේම දිනක් තුල ඉහල යනු ලැබූ ඉහලම අගය වාර්තා විය.