Re Tharuwak Wee Mage Loke

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    දැන් තමා කියවන්න පුලුවන් වුනේ....
    මෙහෙම දොස්තරලා ඉන්නවද බන් :confused::confused::confused:
    එළ එළ...:):):)
    අනිත් පාරවත් පිටු 6-7 ක් දාපං එක සැරේ..:sorry::sorry::sorry:
    ඔබට ජය!!!:yes::yes::yes:
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ela ela some... thanx for pm ... jaya wewa!!! digatama dapan.. ado argan karaya kathawa iwara kala wage ubath hadissi wela meke inna ekek wath maranna epa..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ela ela some... thanx for pm ... jaya wewa!!! digatama dapan.. ado argan karaya kathawa iwara kala wage ubath hadissi wela meke inna ekek wath maranna epa..

    ekek denneknam mareyi ban eth ehema iwara wenne nha, umbala athi kiyanakanma liyanawa

    adath tikak wedi pura liyala dennam
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපෝ මෙයාගේ තියන ආඩම්බර, අනේ කෙල්ලේ මේ මෙන්න මෙහෙට වර ඇඹරෙන්නේ නැතුව, හරියට නිකන් ලැජ්ජාවට බයට හදුනා කෙල්ලෙක් වගේනේ හැසිරෙන්නේ ඇයි යකෝ.

    අනේ මේ මගෙන් අහගන්න එපා ඉතින් මෙතන, අපි ලැජ්ජාවට බයට හදුනා ළමයි තමයි,

    කවුද දන්නේ නෑ අපිව තැන් තැන්වලට එක්කන් ගිහින් නරක කලේ, මගෙන් අහගන්න එපා ඔයා,

    අනේ ඔව් මන් මෙයාව බැලෙන්න උස්සන් ගියේ, අනේ නිකන් රඟ නොපා ඉන්නවද?


    ආ... එහෙමද ඔයා හිතන් ඉන්නේ? ඉන්නවකෝ යේ එන්නේ න ඔයත් එක්ක කොහේටවත් යන්න, බලමුකෝ නාහෙන් අඬ අඬ එන්නේ කවුද කියල පස්සෙන්,


    හරි හරි සුදු ඉතින් ඕකට තරහ ගන්න ඕනැය, මන් දන්නවනේ ඔයා කවුද කියල, අනික මේ ඔයා නාවොත් ඉතින් මට වෙනද වගේම තනියමනෙ ඉන්න වෙන්නේ, එක නිසා ඔන්න මන් පරාදයි.


    ඔව් ඔයා පරාදයි තමයි බබා, ඔයාට බැරි උනානේ ඔයාගේ හිත පාලනය කරගන්න, බලන්න මන් කොච්චර කල් ඉවසන් හිටියද?

    කමක් න ඔය ඉස්සර උන එක හොඳයි නැත්නම් අපි තවමත් දුක් විදිනවනේ,
    කෝ ඉන්න බබා මන් කෝට්ටේ හදන්න, වේදියා ඔලුව හොල්ලගන්න එපා පැටියෝ, ඔයාට මෙහෙම ඇඳ වියලට හේත්තු වෙලා ඉන්න එකද හොඳ නැත්නම් හාන්සි වෙලා ඉන්න එකද?

    මට ඒ දෙකෙන් එකක්වත් හොඳ නෑ, මට ඕනේ ඔයාගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඉන්න,


    අනේ මගේ පැටියෝ දැන් හවස් වෙලානේ අක්කවත් ආවොත් ගෙදර යන ගමන්?


    ඉතින් මොකද වෙන්නේ ඇයි එයා ඇවිත් මොනව් අකරන්නද? මන් බය නෑ ඔයා බය වෙන්නත් එපා, මන් කොහොමත් ඔයා ගැන ඉක්මනට ගෙදර අයත් එක්ක කතා කරනවා දිල්.


    අනේ කලබල වෙන්න්න එපා බබා අන්තිමට අපිට මේ තියන නිදහසත් නැති වෙයි, මට බයයි මහත්තයෝ,


    හරි දැන් බය නැතුව මාව ඔඩොක්කුවට ගන්නකො ඉතින්, මන් ඉන්නවනේ ඔයාට, කවුරු කොහොම මොනවා කීවත් මන් ඔයාට වරදක් වෙන්න ඉඩ දෙන්නේ නැනේ බබා.

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අන්න එහෙමනේ ඉන්න ඕනේ ළමයි උනාම, වැඩිහිටියෝ කියන දේවල් අහන්න ඕනේ, නැත්නම් ගුටි තමයි,

    අනේ ඇත්තද මොට්ටයා, කවුද දැන් මෙතන වැඩිමල් ආ.....


    බබා අනේ විහිලු නෙවේ බබා, මගේ ඔලුව ගොඩක් රිදෙනවා, මේ නළල හරියේ තමයි ගොඩක්ම රිදෙන්නේ, මන් හිතන්නේ උම්මා එකක් වගේ හම්බවුනානම් හොඳ වෙයි,


    අනේ ඇත්තට? වෙන මුකුත්ම ඕනේ නැද්ද දන්නේ නෑ නේද? බබා ඔයාවනම් හදන්න බෑ, කියන දෙයක් අහන්නෙම නෑ,

    ඉල්ලන්න දෙයක් නෑ මාත්තයෝ ජීවිතේටම මේ දිල් ඔයාගෙම විතරනේ, හැමදාම ලඟින් තියන් උම්මා දිදී තියාගෙන ඉන්නම්කො,

    හා එහෙනම් දෙන්නකෝ බලන්න ඔය කියන විදියට ආදරෙන් උම හට හුට හමාරක්,


    දිලිනි.....................


    ස...ස...ස...සමාධි ඔයා...


    අක්ක......


    අක්ක? උඹ කටවහගෙන හිටපන් මල්ලි....මන් මේක මෙයාගෙන්ම අහගන්නම්.


    දිලිනි කියපන් මට මොකද්ද මෙතන සිද්ද වෙන්නේ කියල, උඹ ළඟ මල්ලිව තියල ගියේ කොච්ච්චර විස්වාසේකින්ද? මොකද්ද උඹ මේ කලේ? මට හැමදෙයක්ම කියපන් හරිට ඇත්ත,


    ස...සමාධි....ඔයා හිතන විදිය....අනේ මට....සමාධි


    ගොත ගහන්නේ නැතුව කිපන් දිලිනි, මාව තවත් යක අවුස්සන්නේ නැතුව, දැන් උඹට ඔච්චර හරියක් කරගන්න පුලුවන්නම් කියනන් බැරි කමක් නැනේ, ඔක්කොටම කලින් ඔය බ්ලවුස් එකේ බට්න් එක දාගනින්කෝ


    අක්කේ....ඇති නවත්තගන්න..මොනවද කියවන්නේ. මෙතනම් දිලිනිගේ කිසිම වරදක් නෑ...


    මේ උඹ මල්ලි කට වහපන්, මන් උඹට කතා කරන්නම්, ඊට කලින් මට මෙකිගෙන් දැනගනන් ඕනේ ඔක්කොම,

     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හුටා අම්මා ගහයි බැට්‌ එකෙන්...:shocked::shocked::shocked:
    වැඩේ මාට්ටු නේද?????
    දැන් ඉතින් දෙවෙනි ලෝක යුද්දේ වගේ තියෙයි....:rofl::rofl::rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි මම කියන්නම් හැම දෙයක්ම, ප්ලීස් සමාධි සමීරට ක ගහන්න එපා එයා අසනීපෙන්නේ ඉන්නේ

    එන්නේ හරි ආදරෙයි වගේ නේද සමීරට, හරි එහෙනම් කියපන්කො බලන්න දැන් කතාව.


    සමාධි මට සමාවෙන්න, මන් සමීරට ආදරේ කලේ ගොඩක් කල් ඉඳල, මම උබලගේ ගෙදර යන එන කාලේ ඉඳල මන් සමීරට ආදරේ කළා, එත් එක මම උඹටවත් සමීරටවත් කීවේ නෑ, හැමදාම මම උඹලගේ ගෙදර ඇවිත් ගිහින් අඬනවා, එත් ඒ දුක මම තනියම විදෙව්වා මිසක් මම කාටවත් මේ දේවල් කීවේ නෑ, මන් දැනගෙන හිටිය උඹ මේකට කැමති වෙන්නේ නෑ කියල, එත් සමාධි ඔයාගේ වෙඩින් එකේ වැඩ වලට මටයි සමීරටයි ගොඩක් වෙලාවට එකට වැඩ කරන්න ලැබුන, ඉතින් එතකොට මට ඉවසන් ඉන්න බැරි උනා සමාධි, අනේ මට සමා වෙන්න ප්ලීස්,


    ඇති ඇති ඇති දැන් ඕක නතර කරන්න දිල්,

    අක්කේ මේක අහගන්න ඔයාට කිසිම අයිතියක් නෑ මෙහෙම දිලිනිට සලකන්න, අඩුම ගැනේ දුකක් නැද්ද ඔයි තමුසෙට බලනවා මේ කෙලට කතා කරගන්න පන නෑ අඬනවා, තමුසේනම් මනුස්සයෙක්ද?

    අනේ ඇත්තද මල්ලි? ඔව් ඔව් මට උඹ ගැන කිසිම අයිතියක් නෑ තමයි, උඹ මේ පිට කෙනෙක් ඉස්සරහ මට කතා කරන්නේ එකනේ මේ විදියට, එත් මල්ලි එකක් මතක තියාගනින් හොඳට, මෙකි මේ කීවට එකී මට හැංගුව කියල, මේකිට පුලුවන්ද එහෙම කරන්න? මහා මෝඩ ඊරියක් කටින් නොකීවට හැරෙද්දී මම කියනන්ම් දිලිනි මොනවද කරන්නේ කියල,

    මම දැනගෙන හිටිය මට තේරුණා දිලිනි ඔයාට ආදරේ කරනවා කියල, එත් මන් එකට කිසිම අනුබලයක් නොදුන්නේ මට උඹව විස්වාස කරන්න බැරි නිසයි, ඒ වගේම අර ඩොක්ටර් කීව කතාවෙන් පස්සේ මම හොඳටම දැනගත්ත මෙතන මොනවා හරි දෙයක් වෙන්න ඇති කියල,
    කමක් නෑ මගේ මල්ලියේ මේ අක්කට උඹ ගැන අය්තියක් නැතුව ඇති, එත් එකක් මතක තියාගනින් මේ සම්බන්දෙට හදවතින්ම ආශීර්වාද කරන්නේ මම කියල.

    අනේ සමාධි....................


    හරි කෙල්ලේ හරි දැන් ඔය අඩන එක නවත්තාපන්, මන් උඹට සර කලේ විහිලුවට කෙල්ලේ, කාටත් වඩා හොඳට මම උඹ ගැන දන්නවා,

    උඹට එක අවස්තාවක් දෙන්න ඕනේ නිසයි මම උඹටයි මල්ලිටයි මගේ වැඩ කරන්න බාර දුන්නේ,දැන් ඉතින් එකෙන් තොපි දෙන්න ප්‍රයෝජන අරන් මෙතන මගුල් නටනවනේ, බලපන් මන් නැතුව වෙන කෙනෙක් ආවනම් එහෙම, මෙතන මෙලෝ සිහියක් නැතුව උඹල වැඩ,
    ඇයි උඹලගේ ගොන් මොළ වලට හිතුනේ නැද්ද මේ දොරට ලොක් එක දාගෙන නටන නාඩගමක් නටන්න?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නිකන් හිටපන්කෝ බන්, මොනවද උඹ කියවන්නේ?

    අනේ පව් තොත්ත බබාලා දෙන්න, මෙතන ඇඳුම් ගලවාගෙන නටන්න හොඳයි තොපි දෙන්නට, කියද්දී තමයි ලැජ්ජාව, අනේ තොපි දෙන්න


    අක්කේ.....

    මට සමාවෙන්න අක්කේ අර විදියට කතා කලාට, මට ඉවසගන්න බැරි උනා ඔයා දිලිනිට එහෙම කතා කරද්දී,

    අනේ පොඩි එකෝ කටවහපන්, උඹල දෙන්නගෙම හැටි මම දන නිසයි එහෙම හැසිරුනේ, මොකද උඹල දෙන්නම මට මගේම උන්, ඉතින් උඹලට වරදක් වෙනවා දකින්න මට බෑ, දෙන්නගෙම හිත්වල ආදරේ බලාගන්නයි මට ඕනේ උනේ,


    මන් ආදරෙයි මගේ අක්කේ ඔයාට, මට සමාවෙන්න ඔයාට කතා කල විදියට,මන් ඇත්තටම ආදරෙයි අක්කේ දිලිනිට,


    හරි හරි එක මන් දැක්ක දෙන්නට දෙන්න දෙන්නව බේරගන්න හදන කොට,

    එත් ඉතින් දිලිනිගේ කතාව අර සුජියගේ තරුවට පෙම් කරපු සිද්දිය වගේ, මෙලෝ රහක් නැතුවනේ ඉවර කලේ, බලපන්කො
    "මටයි සමීරටයි ගොඩක් වෙලාවට එකට වැඩ කරන්න ලැබුන, ඉතින් එතකොට මට ඉවසන් ඉන්න බැරි උනා සමාධි"
    මොකද්ද බලපන් මේකේ අවසානේ? ඉවසන් ඉන්න බැරි උනේ මොකද්ද? උඹට අපේ එකත් එක්ක ඉද්දි චු බරක්වත් හැදුනද?

    අම්මටසිරි අක්කේ සුජියගේ කතාව ඉවර කලාද? මොකද උනේ දිනුකයට චමත්කව හම්බුනාද? නැත්නම් අරුන් කෙල්ලව මරලද? ශික් මට මේ දවස් ටිකේ කියවන්න බැරි උනානේ කොහෙද නෙට් සර්ෆ් කරන්න බැනේ මෙතන ඉදන්.


    අපෝ එක ගැනනම් මගෙන් අහන්න එපා මල්ලි වෙන ඕන එකක් අහපන්, සුජියත් මට පෙන්නේ දේශපාලනයේ අදිසි හස්තයකට අහුවෙලාද කොහෙද, කෙල්ලව මැරුවේ මොකෙද්ද කියලනම් දන්නේ නෑ එත් කෙල්ලට වෙඩි තිබ්බ, එකී මහන වෙන්න ගිහින්ලු දිනුකය දානයක් දෙන්න ගියා, අපූඕ අන්තිම කොටස් දෙකෙන් කතාවේ 50%ක්ම ලියල තිබ්බ,,


    අක්කේ බර වචන වැඩි උනාද මන්ද එකටනම් හික්...මේ සුජියට කතා කරලා බලන්න ඕනේ, ෂුවර් එකටම වෙන්න ඇත්තේ ඕකගේ කෙල්ල සද්දයක් දාන්න ඇති කොහෙවත් යන කෙල්ලෝ ගැන කතා ලියල අහුවෙන්න එපා කියල,

    මූත් ඉතින් ගොනා සහ තණකොළ සාම්පලේට කතාව නවත්තන්න ඇති, අනී ඕක වගේ පිරිමි.

     
    • Like
    Reactions: Mirrors

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ අනේ මේ කාටවත් කියන්නේ දැන් ඉතින් උබත් එහෙමනේ කලේ, කෙල්ලෙක් හින්ද නෙවේද උඹේ අක්කට බන්නේ ආ....

    අන්න ඉතින් ඕකනේ බැරි අක්කත් මෙතන ඌරගේ මාළු උගේම අන්ගේ තියල කපන්නන හදනවනේ, මන් ඉතින් එහෙම කලේ අක්ක බනින නිසානේ,

    ඔන්න මම දිලිනි කීව නිසා අක්කට බැන්නනම් ඔන්න මාත් සුගිය වගේ කියන්න පුලුවන්.

    හරි හරි උඹ හොඳ එකා වැඩේ ඉවරනේ, මොනවා උනත් "තරුවකට පෙම් කලෙමි" කියවපු සැහෙන සෙට් එකක් කොල්ලට බැනල තිබ්බ, මොනවා උනත් ඉතින් එක කතෘගේ අයිතියනේ අපි මොනවා කරන්නද?


    අනේ මේ ඔයාල දෙන්න මොනවා ගැනද අප්පා කතා කරන්නේ මටනම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ,


    ආ බබා අක්කයි මැයි මේ කීවේ ඔන්ලයින් නවල් එකක් ගැන, මගේ යාලුවෙක් ලියපු,


    ආ... එහෙමද? එක ගැනද බබා අර දවසක් මාත් එක කීවේ? නිලියෙක්ට හිතින් ආදරේ කරලා හීනෙන් බය වෙලා නැගිටපු ගමන් නවල් එකක් ලියන්න පටන් ගත්ත කියල යාලුවෙක්?


    අන්න හරි බබා ඒක ගැන තමයි කීවේ, ෂුවර් එකටපොරගේ කෙල්ලට අහුවෙලා වැඩේ දෙල් වෙන්න ඇති, පව් අෆ්ෆා අහිංසකයා,


    අනේ අනේ මේ පොඩි කොල්ලන්ව බයිට් නොකර ඉන්න, ඔයාට පුලුවන්ද හරියට ගලපලා පේලි දෙකක් ලියාගන්න,


    අනේ මේ බලහල්ලකෝ කොහෙවත් යන එකෙක්ට මෙයාගේ අනුකම්පාව, අම්මප ඕකව අහු උනාම ගහන්න ඕනේ ඉස්සරහ දත් දෙකෙන් එකක් ගැලවෙන්න,


    හා..හා...ගහ බැයිනම් කොළ ගන්න ඔයා යේ ඉස්පිරිතාල ගානේ ඉන්දනම් ඔන්න ලෑස්තිවෙන්න එපා,


    ඇයි සුදු මැණිකට බයද? බය වෙන්න එපා අම්මි ඔයා ඉන්නකන් මට මොනවත් වෙන්නේ නෑනේ,


    මේ...මේ.. යකොඕ මුන් දෙන්නට සිහියක් පොතක් නෑනේ මන් මෙතන ඉන්නවා කියල, අනේ මන්ද උඹල දෙන්නනම්, ඔක්කොටම හපන් මූට ලැජ්ජාවක් නෑනේ යකෝ තමන්ගේ අක්ක ඉන්නවා කියල.

     
    • Like
    Reactions: twisted

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ මන්ද උඹල දෙන්නනම් හදන්දත් බෑ හැදෙන්නෙත් නෑ... ඔක්කොටම හපන් මේ දෙකට ගනින්න බැරුව හිටිය දිලිනි උඹට මොකද බන් උනේ?
    හරි මේ ඒක නෙවේ ඩොක්ටර් ආව නේද? මොකද කීවේ? ටිකට් කපනවා කෙවද? කොහොමද දැන් තුවාල වල තත්වේ?

    දැන්නම් ප්‍රශ්නයක් නෑ කීව සමා, මන් හිතන්නේ හෙට හවස විතර ගෙදර යන්න පුළුවන් කීව, එත් ගොඩක් මහන්සි වෙන්න එපා කීව, පුළුවන් තරම් බෙඩ් රෙස්ට් කරන්න කියල තමයි කීවේ, මන් හිතන්නේ සතියක් විතර යනකන් සමීරව බලාගන්න කෙනෙක් ඕන වෙයි.


    ආ...එහෙමම කීවද? මටනම් විස්වාස නෑ, උඹ මේ ගෙදරටත් රින්ගන් මූව බලාගන්නද දැන් හිතන් ඉන්නේ? මට තේරෙන්නේ නැද්ද ඉතින් උඹ හැරෙද්දී මොකාටද එන්නේ කියල,

    ආවු අප්පා ඒක කියද්දීත් දෙන්නගේ කටවල් කනේ, අනේ උඹල දෙන්නට මන් හින්දම හොඳයි ඉතින්,

    එන්නේ මගේ හොඳ අක්කනේ කොහොම හරි කරලා අම්මල දෙන්නව කැමති කරගන්නවකෝ, මොකද්ද හලෝ මන් පවු කියලවත් කරලා දෙනවකො,


    අපේ ගෙදරින්නම් ඉතින් ප්‍රශ්නයක් නෑ, අම්මත් කැමතිවෙයි එයාටත් මහන්සි වෙන්න වේද කරන්න බැරි නිසා, එත් දිල් උඹලගේ අම්ම කමතිවෙයිද උඹ අපේ ගෙදර ඇවිත් මේවා කරනවට?


    මන් කතා කරලා බලන්නම් මචන්, අම්මත් දුකින් ඉන්නේ සමීරට මෙහම් උනා කීවම, සමහර විට අම්ම අකමැති වෙන එකක් නෑ,


    හැබැයි ඉතින් මේ නටන නැටුම් උඹල දෙන්න ගෙදර දාන්න ගිහින් අම්මට හරි තාත්තට හරි අහු උනාම දෙන්නටම තමයි එලියට බහින්න වෙන්නේ, එකත් ඉතින් උඹල දෙන්නටනම් අර ඉබ්බා දියේ දාපු සිද්දිය වගී තියෙයි නේද?


    අපි මොකටද දැන් බය වෙන්නේ ඉතින් මගේ වෙදිමහල් සහෝදරි මන් වෙනුවෙන් කතා කරන්න ඉන්නවන්නේ, නේද මගේ සුදු අක්කියෝ මගේ උම්මා කොටේ


    අනේ මේ නවත්තගනින් ඇයි දැන් මම නරක නැද්ද? මගේ කට වක්කඩ නෙවේද? ඔන්න ඕවට තමයි කියන්නේ කබර ගොයත් තලගොයා වෙනවා කියල කන්න ඕනේ උනාම,


    මේ අක්කේ ඒක නෙවේ , මේ දේවල් නිසා ඔයාගේ වෙඩින් එකේ වැඩ අතපසු කරගන්නත් බැනේ, මට අයියගෙන් අහල එයාලගේ පැත්තෙන් එන ගාන අහල කියනවද? මොකද හොටෙල් එකට ඩෙට් ඒක බුක් කලාට තවම අපි ප්ලේට්ස් ගානයි මෙනු එකයි දීල නෑ,