සටනේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ලකුණ
ත්රස්තවාදයට එරෙහි සටනේ කොබ්බෑකඩුව ලකුණ
ශ්‍රී ලංකාවේ ජන සමාජයේ යහපත් පැවැත්මට එරෙහිව රට දෙකඩ කිරීමේ අරමුණින් ඇරඹුණු ඊළාම් ත්‍රස්තවාදය ආරක්ෂක හමුදාවන් මගින් පරාජය කළ හැකි බව තිස් වසරක් තිස්සේ පැවති එම ත්රස්තවාදයේ පළමු දශකයේදීම සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව විසින් පෙන්වා දෙනු ලැබීය. එතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කළ වඩමාරච්චි මෙහෙයුම මගින් එ බව මැනවින් ඔප්පු කළේය. එහෙත් එවක සිටි දේශපාලන නායකත්වය විදේශ ගැති මනසින් ක්‍රියා කළ හෙයින් ත්‍රස්තවාදය අවසන් කරනතුරු සටන දිගටම කරගෙන යැමට ඉඩ නොලැබිණි. වඩමාරච්චි සටන දිනූ එවර සෙන්පතිතුමා 1992 අගෝස්තු 08 වැනිදා කයිට්ස් දූපතේදී ඇටවුණු සතුරු බෝම්බයකට හසුවී දිවි පිදීම ත්රස්තවාදයට එරෙහි සටන කල් ඇතිව ජය ගැනීම නතර කළ මහා ඛෙදවාචකයක් විය. කොටි ත්රස්තවාදීන්ට ඔහු මරා දැමීම කළ නොහැකි දෙයක් බව එතුමන් ඇසුරු කළ බොහෝ දෙනා දැන සිටි කරුණකි. එසේ නම් සෙන්පතිතුමා ඇතුළු 10 දෙනෙක් එදා මරා දමනු ලැබුවේ කවුද? එ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට එවක රජය ක්‍රියා කළේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ ක්‍රමයටයි. පරීක්ෂකයන් කීවේ බිම් බෝම්බයකට හසුවී පිරිස මියගිය බවයි. එහෙත් එ වන විට වසර දෙකක් තිස්සේ සම්පූර්ණ හමුදා පාලන යටතෙහි පැවති කයිට්ස් දූපතෙහි එවැනි බිම් බෝම්බයක් ඇටවීමට කොටි ත්රස්තවාදීන්ට හැකියාවක් තිබුණා දැයි ප්රශ්නයකි.
කොබ්බෑකඩුව මහතා වසර හතක් එක දිගටම ඇසුරු කළ කෙනකු හැටියට එතුමන්ගේ ගතිගුණ යුද ශිල්පය දැනුම මෙන්ම එතුමන්ට ලැබුණු ඔත්තුසේවා සහාය ගැන ද මම හොඳින් දැන සිටියෙමි. එවැනි පසුබිමක් ඇතිව ක්‍රියාත්මක වූ සෙන්පතියෙක් හෝ ආරක්ෂක ප්‍රධානියෙක් මෙතෙක් මට දැන හැඳින ගන්නට නොලැබිණි. එතුමන් තුළ පැවැති ගුණවත්කම හා ඕනෑම දෙයක් වහා වටහාගෙන තීරණ ගැනීමේ හැකියාව ලැබුණේ කෙසේදැයි එතුමාම අප සමග පවසා ඇත. එ අනුව එක් කරුණක් නම් පෙර ජන්ම පුරුද්දයි. දෙවැන්න කුඩා කාලයේ ලැබූ දහම් පාසල් අධ්‍යාපනය හා පන්සල් ඇසුරයි. තුන්වැන්න තමන් ලැබූ යුද පුහුණුවයි. විදේශ රටවලදී ලැබූ පුහුණුවට වඩා මෙරට ලැබූ යුද පුහුණුව එතුමා අගය කළේය. වරක් එතුමා මා සමග කී දෙයක් මෙසේය. "හාමුදුරුවනේ මේ යුද්ධෙ දිනන්න ඉස්සර අපේ මුතුන් මිත්තන් සටන් දිනූ හැටි ඉගෙනගන්න ඕන. එකට මට උදව් කරන්න. එ ගැන ලියූ පොතපත තිබේ නම් මට හොයා දෙන්න."
කිසිදු ආකාරයක හොරබොරු වංචා නොකළ සෙන්පතිතුමා ත්‍රස්තවාදය මර්දනය කර සටන දිනාගැනීමට අදාළව යම් යම් උපක්‍රම භාවිත කළේය. එදා ආරක්ෂක මණ්ඩල රැස්වීමේ සිටි ඇතැමුන් මගින් සාකච්ඡාවේ තොරතුරු කොටි අතට යන බව එතුමා දැන සිටියේය. එම නිසා සාකච්ඡාවට යන විට සැලසුම් දෙකක් රැගෙන ගියේය. ඉන් එකක් සාකච්ඡා සභාවට ඉදිරිපත් කළේය. එහෙත් සැබෑ මෙහෙයුම පිළිබඳව සටහන තිබුණේ එතුමන්ගේ සාක්කුවේය. අවසානයේ අත්සන ගනු ලැබුවේ සාකච්ඡා මේසයට ඉදිරිපත් කළ සැලසුමට නොව සාක්කුවේ තිබුණු සැලසුමටයි. එතුමන්ගේ මෙහෙයුම් සාර්ථකවීමට මෙය එක් ප්‍රබල හේතුවක් විය.
අන් කිසිදු හමුදා නිලධාරියකුට නොතිබුණු ඔත්තු සේවා සහයෝගයක් එතුමාට තිබිණි. යාපනයේ සිටි දෙමළ වෛද්‍යවරු කොටින්ට කප්පන් දී කොළඹ එන බව කියා එතුමන් හමුවට පැමිණ ඉතා වැදගත් ඔත්තු ලබාදුන් බව අපි දනිමු. එසේ කළේ ඔවුන් එතුමාගේ හදවත හඳුනාගෙන සිටි නිසයි. සෙන්පතිතුමා තුළ දෙමළ විරෝධයක් තිබුණේම නැත. දෙමළ, මුස්ලිම් සාමාන්‍ය ජනතාව එතුමාට ඉතාම ඉහළින් ගරු කළා මෙන්ම ආදරය කළහ. එතුමාට එරෙහිව සිටියේ දෙමළ ත්රස්තවාදීන්ට හා මුස්ලිම් අන්තවාදීන්ටයි. ඔවුන් එතුමන් එරෙහිව සිටින බවද කොබ්බෑකඩුව මහතා දැන සිටියේය.
තවත් වැදගත්ම කරුණක් නම් ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලිසියේ ද පූර්ණ සහාය සෙන්පතිතුමන්ට නොඅඩුව ලැබීමයි. මෙසේ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට ද අණ දිය හැකි එසේ දුන් අණ කැමැත්තෙන් පිළිගත් වෙනත් කෙනකු මම දැන නොසිටියෙමි. අදත් එවැනි අය නැත. "මම හමුදා සෙබළෙකි" යන සිතිවිල්ල නිතරම එතුමන් තුළ තිබිණි. එහෙත් සටන් කිරීම පමණක් නොවන ජන ජීවිත ආරක්ෂා කිරීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම තමන්ගේ යුතුකමක් බව සෙන්පතිතුමා පිළිගත්තේය. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ අනෙක් අයට ද එ බව වටහා දුන්නේය. උතුර හා නැගෙනහිර ක්‍රියාන්විතවල යෙදුණු ආරක්ෂක හමුදාවන් ජනතාව සුරැකීමට මෙන්ම පෝෂණය කිරීමට ද යොමුවූයේ එතුමාගේ මෙම අදහස් නිසයි. වැලිඔය, වවුනියා, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල සෙබළු දහම් පාසල්වල මෙන්ම පාසල්වල ද දරුවන්ට ඉගැන්වීමට පවා යොමු වූයේ මේ නිසයි.
සෙන්පතිතුමා දේශය දේශීයත්වය මෙන්ම දේශීය සංස්කෘතිය ද ඉහළින්ම අගය කළ කෙනෙකි. එ සියල්ල රැකදීම තම වගකීම බව පිළිගත් අතර දේශන මගින් සෙබළුන්ට ද එය වටහා දුනි. පෞරාණික නටබුන් රැක ගැනීම මෙන්ම එම ස්ථානවල අලුතෙන් වෙහෙර විහාර ඉදිකිරීම කළ යුතු බව එතුමාගේ අදහස විය. එය සුද්දාගේ පුරාවිද්‍යා ශාස්ත්‍රයට අනුව පැරණි නටබුන් එ අයුරින්ම තහවුරු කළ යුතුය යන න්‍යායට එරෙහි වූවකි. එතුමා කීවේ පෞරාණික වෙහෙර විහාර බැලීමට පමණක් නොව වන්දනා කිරීම සඳහා ද සකස් විය යුතු බවයි. 1992 ජුනි මාසයේ පොසොන් උත්සව මාලාවක් සෙන්පතිතුමාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබිණි. අපට ද ඊට සහභාගිවීමට ආරාධනා ලැබිණි. උත්සව මාලාව ආරම්භ කළේ මැදවච්චිය මන්නාරම පාරේ මාංකුළම ගමෙහි තිබුණු මුස්ලිම් පල්ලියකින්ය. එතුමාගේ අනින් පල්ලිය ඇතුළට පුටු ගෙන්වා ඇතිරිලි දමා භික්ෂූන් වහන්සේට වැඩ හිදීමට යොදා පන්සිල් දී පිරිත් කියා උත්සවය ඇරඹුණි. එහිදී දේශනයක් කළ සෙන්පතිතුමා මිහිඳු සංස්කෘතිය හඳුන්වා දුන්නේය. මෙරට සියලු දෙනා ඊට ගරු කළ යුතු බවද අවධාරණය කළේය. එතුමාගේ අදහස්වලට කිසිවෙක් එරෙහි වූයේ නැත.
කුඩා දරුවන් කෙරෙහි සෙන්පතිතුමන් තුළ තිබුණේ අප්‍රමාණ සෙනෙහසකි. ඔවුන්ගේ රැකවරණය හා පෝෂණය වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම එතුමා ඉටු කළේය. එතුමාගේ මුවින් නිතර පැවසුණු ප්‍රකාශයක් නම් "මේ දරුවන්ට මේ යුද්ධෙ අපි ඉතිරි නොකළ යුතුයි" යන්නයි. ත්‍රස්තවාදී ප්‍රහාරවලින් කුඩා දරුවන් මැරී සිටිනු දුටු එතුමාගේ හදවත බලවත් සේ කම්පාවට පත්විය. එවැනි අවස්ථාවක සෙබළුන් අමතා කී දෙයක් නම් "මට දවසකට ත්රස්තවාදීන් පණස් දෙනෙක් විනාශ කරන්න ඕන" යනුවෙනි.
එදා පැවති රජය ත්රස්තවාදීන් වර්ධනය වීමට ඉඩදීම ඔවුන් සමග සාකච්ඡා කිරීම සටන් විරාම ඇති කර හමුදාව බැරැක්කවලට සීමා කිරීම වැනි දේ නිසා ජනතාව තුළ හමුදා ආණ්ඩුවක් ඇති කළ යුතුය යන අදහසක් තිබිණි. වරක් මගේ මිතුරෙක් සෙන්පතිතුමාට මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවෙහි පැවසුවේ "ලෝකයේ තියෙන නරකම ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවත් හොඳම මිලටරි ආණ්ඩුවට වඩා හොඳයි" යනුවෙනි. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එතුමාගේ අණ පිළිගත් බැවින් සිතුවා නම් හමුදා ආණ්ඩුවක් පිහිටුවීමට ද එතුමාට හැකියාව තිබිණි. එහෙත් සෙන්පතිතුමා එවැනි කෙනෙක් නොවේ.
කොබ්බෑකඩුව මහතා උතුර හා නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අපේක්ෂා කරන්නේය යන අදහස ඇතැමුන් තුළ තිබිණි. විශේෂයෙන් එන්.ජී.ඕ. මානසිකත්වයෙන් පත්තරවලට ලිපි සැපයූ අය ද එවැනි අදහස් පළ කර තිබිණි. වරක් එදා සිටි හමීඩ් ඇමැතිවරයා ඇතුළු කණ්ඩායමක් ජනාධිපති ප්‍රේමදාස මහතා ද සමග වවුනියාවට ගොස් කොබ්බෑකඩුව මහතාගෙන් දේශපාලන විසඳුමකට පැමිණීම සුදුසුය යන අදහස ලබාගැනීමේ උත්සාහයක යෙදිණි. එහෙත් එතුමා එක එල්ලේම පැවසුවේ ත්රස්තවාදයට දේශපාලන විසඳුම් නැත. එය යුද්ධෙන්ම අවසන් කළ යුතුය. එම යුද්ධය කිරීමට අවශ්‍ය පහසුකම් දෙතොත් තම සෙබළුන් ශක්තිමත්ය යන අදහසයි. බලය බෙදීමේ අදහසට ද සෙන්පතිතුමා විරුද්ධ විය. බෙදිය යුත්තේ පරිපාලනය මිස දේශපාලන බලය නොවන බව ද එතුමාගේ අදහස විය. පළාත් සභා කිසිදු වැඩකට නැති ආයතන බව ද එතුමා තරයේ පිළිගත් කරුණකි.
මෙහි මා සඳහන් කළේ කොබ්බෑකඩුව නමැති උතුම් මිනිසා තුළ පැවැති විශේෂ ලක්ෂණ කීපයකි. එම ගතිගුණ හමුදා නායකයන්ට පමණක් නොව දේශපාලකයන්ට ද රට මැනවින් කරගෙන යැම සඳහා අතිශයින්ම ප්‍රයෝජනවත් වෙයි. ත්රස්තවාදයට එරෙහි සටනේ කොබ්බෑකඩුව ලකුණ එදාට පමණක් නොව අදට මෙන්ම හෙටට ද එකසේ වැදගත් වෙයි. විදේශ ගැති දේශපාලකයන්, සාමයේ මුවාවෙන් සූරාකෑමට ඇබ්බැහිවූවන් එන්.ජී.ඕ. කාරයන් හා යුද්ධයෙන් හම්බ කරගත් අය යන සුළුතරයක් කොබ්බෑකඩුව ලකුණ අනුමත නොකළ ද එතුමා නොදුටු කුඩා දරුවාගේ පටන් බොහෝ දෙනා එම ශ්‍රෙෂ්ඨ මිනිසා අගය කළහ. අදත් අගය කරති. හෙටත් එසේමය. තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදී උවදුර අවසන් කර සැනසුම් සුසුම් හෙළන හැම දෙනාම එ වෙනුවෙන් දිවි පිදුවා පමණක් නොව නායකත්වය හා දායකත්වය දුන් කොබ්බෑකඩුව සෙන්පතිතුමන් වැනි අය සිහි කිරීම කළගුණ සැලකීමක් මෙන්ම යුතුකමක් ද වෙයි.
බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමි භික්ෂු පෙරමුණේ ලේකම්
දිවයින ඉරිදා සංග්‍රහය-2010/08/08
..........................
පහත දි ඇති ලිපිත් කියවන්න
සැබෑ යුද වීරයෙකු වූ
සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව
★ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව දිවිපවත ★
DENZIL KOBBEKADUWA WIKI PAGEhttp://en.wikipedia.org/wiki/Denzil_Kobbekaduwa
AN EXCEPTIONAL THIRD WORLD GENERAL
KOBBEKADUWA MURDERhttp://www.sangam.org/FB_PROPAGANDA/Denzil.htm