මැඩගස්කරය

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    :love: :love: :love:

    madagascar_wallpaper.jpg



    "මැඩගස්කරය (Madagascar)" කාටූන් චිත‍්‍රපටයේ සිදු වූ දෙය වසර මිලියන 60කට පෙර ඒ විදියට ම සිදු වුණා ! !

    මැඩගස්කරයේ දී හමුවන අමුතු සතුන් පැවත එන්නේ මීට වසර මිලියන 60කට එපිට දී මුහුද හරහා ආ ආදී මුතුන්මිත්තන් ගෙන්. හරියට ම ‘මැඩගස්කරය(Madagascar) නම් කාටූන් (සැකිලි රූ) චිත‍්‍රපටයේ දී සිදුවුණා වගේමයි.

    විද්‍යාඥයන් විසින් භෞමික සතුන් විසිරී ඇති ආකාරය ගැනත් පොළොවේ භෞතික පිහිටීම ගැනත් මුහුදේ වායුගෝලීය තත්වයන් ගැනත් පවත්නා සුළං ප‍්‍රවාහ ඔස්සේ අපි‍්‍රකාවේ සිට පහුරු මතින් පා වී ආ අයුරු දැක්වෙන ආකෘතියක් සකස් කර තියෙනවා.

    මේ කටයුත්තට දායක වූ ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය කැරන් සැමන්ඞ්ස් හා සගයන් කියන්නේ මේ ජලප‍්‍රවාහ අඩු වූ විට එසේ පා වී ආ පහුරුකරුවන් ද අඩු වූ බවයි.


    36608625.jpg

    මැඩගස්කරය චිත‍්‍රපටයෙන්: ඒ චිත‍්‍රපටයේ දී සීබ‍්‍රා (මාර්ටි), සිංහයා (ඇලෙක්ස්), හිපෝ (ග්ලෝරියා) හා ජිරාෆ් (මෙල්මැන්) ආදීන් ඒ දූපතේ වෙරළට මුහුදෙන් ගසා ගෙන ආ අයයි.

    ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමි සැසි වාරයක දී මේ පිළිබඳ අධ්‍යයනයක් ප‍්‍රකාශයට පත් කෙරුණා. ක්ෂීරපායීන් මෙම දූපතට එන කාලයේ දී ම ඔවුන්ගේ ගමනට හිතකර තත්වයන් පැවති බව එහි සඳහන් වුණා. ඒ කාලයේ පැවති ජලප‍්‍රවාහයන් මගින් සැතැපුම් 300ක් පමණ දුරක් වන මේ ගමන කළ හැකි දෙයක් වූවා පමණක් නොව කාලයට සාපේක්ෂව ඉක්මනින් කළ හැක්කක් ද වූ බව එහි සඳහන් වුණා.

    මිහිමත ඇති සිව්වැනි විශාලතම දූපත වන මැඩගස්කරය සලකනු ලබන්නේ ලෝකයේ සත්ව ජීවිතයේ පැවත්මට සුදුසු තෝතැන්නක් හැටියටයි. එහි ඇති හුදෙකලා බව නිසා, එහි වෙසෙන ක්ෂීරපායීන් වැඩි හරියක් හා කුරුල්ලන් අඩක් පමණත්, ඒ වගේ ම ශාක විශේෂ බොහොමයක්මත් මේ මිහිමත වෙනත් කිසි තැනකදී අපට හමු නොවන ඒවා වෙලා.

    මේ සතුන් අතරට බළල් හා සුනඛ ලක්ෂණ ඇති පොස්සන් නම් සතුන්, ලීමර විශේෂ 70ක් පමණ, හම්බාවන්, පටු ඉරි ඇති මුගටියන් ආදී සතුන් අයත් වෙනවා.

    සමහර පර්යේෂකයන් විශ්වාස කළේ නැහැ, පා වෙන ගස් කඳන් හෝ පඳුරු හෝ මත නැඟී, විවෘත මුහුදේ හිරු කිරණින් ලැබෙන පීඩා විඳ දරා ගනිමින්, ජලය හා ආහාර නොමැතිව, තියුණු ලෙස වෙනස් වන උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙමින් කායික වෙහෙස යටපත් කර ගෙන මෙවැනි ගමනක් ඒවිද කියා.


    50960032.jpg

    මැඩගස්කරයේ බහුලව දක්නට ලැබෙන සතුන් අතර ඉන්නා මේ වළලූ වල්ගා ඇති ලීමරයන්



    එහෙත් ආචාර්ය සැමන්ඞ්ස් කියන්නේ, මේ අදහස තහවුරු කිරීමට ඔවුන්ගේ සොයා ගැනීම්වල ප‍්‍රතිඵල ප‍්‍රබලව සහය වන බවයි. ඒ අනුව අද මෙම මැඩගස්කරයට ආවේණික පෘෂ්ඨවංශික සතුන් වැඩි හරියක් වසර මිලියන ගණනකට පෙර, සාගරය හරහා සුළඟ හා දිය රැලි උපයෝගී කර ගෙන, අපි‍්‍රකාවේ සිට මෙහි පැමිණ ජීවිතය ගෙන ගිය බව තහවුරු කිරීමට හැකි බවයි, ඔහුගේ අදහස වන්නේ,

    ‘මේ සත්ව විශේෂ වැඩිපුරම මෙහි එන්නට ඇත්තේ සාගරය හරහා මුහුදු දිය රැලි මේ දිවයින දෙසට හමා එන කාලයේ දියි. බොහෝ විට මෙය සිදු වන්නට ඇත්තේ ආසන්නව ඇති ලොකු ගොඩ බිම වූ අපි‍්‍රකාවෙන්’ කියා, ඔහු කියනවා.
    මෙම දිය රැලි අනෙක් අතට හමා යන කාලයේ දී විශේෂයෙන් ම මෙහි එන්නට ඇත්තේ පියෑඹිය හැකි සතුන් වර්ගයි. ලෝකයේ සිව්වැනි විශාලතම දූපත වූ මේ මැඩගස්කරයෙහි පවතින ජෛව විවිධත්වය සිදු වී ඇති ආකාරය පැහැදිලි කරන්නටත් මේ සොයා ගැනීම් යොදා ගන්නට පුළුවන් කියලයි, මේ පර්යේෂකයන් කියන්නේ
    .



    44786381.jpg

    අපි‍්‍රකාවෙන් සතුන් ආවේ යැයි සැලකෙන මැඩගස්කරයේ වෙරළයි මේ.

    මේ පහුරුවලින් ආ අදහස මුලින්ම මතු වූයේ 1940දියි. ඒත් සමහරුන් තර්ක කළේ සතුන් මෙහි ආවේ ඒ කාලයේ පැවති පාලමක් බඳු ගොඩබිම් කොටසක් මතින් බවයි.

    දැන් තේරුම් අරන් තියෙන්නේ, වර්තමාන ලීමරයන් පොදු ආදීමයා මේ මැඩගස්කරයට එන්නට ඇත්තේ මීට වසර මිලියන 50ත් 60ත් අතර කාලයකට පෙර බවයි.

    2005 දී ‘මැඩගස්කරය’ නම් වූ කාටූන් චිත‍්‍රපටයෙන් කියැවුණේ සතුන්වත්තක සතුන් හතර දෙනෙක් නැවක් අනතුරට පත් වීමෙන් මැඩගස්කර දූපතට ආ කතාවක්.


    :love: :love: :love:

    Bump එකක්වත් දාලා යමල්ලා
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...