දත් මැද්දද?

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ


    මෙන්න ගන්නවනම් Tooth brush

    අප සාමාන්‍යයෙන් දත් මදින බුරුසුව වෙනුවට ඉලෙක්ට්‍රොනික දත් බුරුසුව ඇවිත් දැන් වසර අටක් විතර වෙනවා.


    3.JPG

    පැරණි විදුලි දත් බුරුසුව



    දැන් ඊටත් එහා ගිය නිපැයුමක් ඇවිත්. නවීන තාක්ෂණයේ අග‍්‍ර ඵලයක් සෙල එය හඳුන්වන්න පුළුවන්.
    මේ නව විදුලි දත් බුරුසුව හඳුන්වා ඇත්තේ ‘බ්‍රොන් ඕරල් බී ට‍්‍රයම්ප් 5000’ කියායි.
    හැමදෙයක් ම සිදු වන්නේ තාක්ෂණයෙන්.

    1.JPG

    ලස්සන සිනාවක් තහවුරු කරන නව තාක්ෂණික නිපැයුම
    New Oral-B PC Triumph 5000 with SmartGuide




    ඔබ දැනටමත් දන්නවා නේ ස්මාට් ෆෝන් එක ගැන.
    මේ ස්මාට් බුරුසුවක්!
    මෙහි ඇති තාක්ෂණය හා පාවිච්චි කිරීමේ පහසුව ගැනත් ඉන් ලැබෙන ප‍්‍රතිඵල ගැනත් දැන ගත්තාම මේ බුරුසුවත් ගන්න කැමති අය පෝලිම් ගැහේවි කියලයි එය නිෂ්පාදනය කළ සමාගම කියන්නේ.


    සාමාන්‍ය දත් බුරුසුවක් වගේ නෙවෙයි, මේක දන්ත වෛද්‍යවරයකුගේ වාර්තාවක් වගේ විස්තරයක් දත් මැදලා ඉවරවුණාට පස්සේ ඔබට දෙනවා.
    ඒකට උදව් වෙන්නේ මේ බුරුසුවත් සමග ඔබට ලැබෙන ස්මාට් ගයිඞ් එකයි.
    පැරණි ඉලෙක්ට්‍රොනික දත් බුරුසුවල වගේ මේකෙත් ‘ටයිමරයක්’ තියෙනවා, වේලාව සකසන්න.
    ඒ විතරක් නෙවෙයි, ඔබ බුරුසුවේ පීඩනය දත්වලට වැඩියෙන් යොදවනව නම් පීඩන සංවේදක උපකරණයක් මගින් රතු එළියක් දල්වලා ඒ බව ඔබට දැනුම් දෙනවා.


    මෙහි දත් මැදීමේ ක‍්‍රම කීපයක් තියෙනවා.
    ගැඹුරට දත් පිරිසිදු කිරීම, දත් සුදු පැහැ ගැන්වීම හා විදුරු මස් සම්බාහනය කිරීම ආදී වශයෙන්.
    ඒවගේම මේ දත් බුරුසුව එහා මෙහා ගෙන යාමට හා නාන කාමරයේ බිත්තියේ කන්නාඩිය අසලින් එල්ලා තැබීමට විශේෂ බහාලූවක් ද තියෙනවා.



    2.JPG

    දත් මැදීමේ කලාව ඩිජිටල් යුගයට ගෙන යන ඕරල්
    බී ප්‍රොෆෙෂනල් කෙයාර් ට‍්‍රයම්ප් 5000




    මෙහි බැටරිය සම්පූර්ණයෙන්ම චාජ් කළාට පසු දින දහයක් කි‍්‍රයා කරනවා.
    මෙහි බුරුසු කොටසේ කි‍්‍රයාකාරිත්වය මිනිත්තුවකට ස්පන්දක 40,000ක් ද භ‍්‍රමණවාර 8,000ක් ද වෙනවා.
    සාමාන්‍යයෙන් අතින් කි‍්‍රයාකරන බුරුසුවකට වඩා දෙගුණයක් දන්ත පථ අස් කිරීමේ හැකියාවක් මෙයට තියෙනවා.


    බි‍්‍රතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයෙන් ප්ලැටිනම් වර්ගීකරණයේ අගය කිරීමක් මෙයට ලැබිලා තියෙනවා.


    තවත් මොනවා කියන්නද!
    ඔබට මෙය සතියක් පාවිච්චි කළාම දැනේවි දන්ත වෛද්‍යවරයකු ළඟ හවස් වරුවක් ගත කළා වගේ කියලයි නිෂ්පාදනය හඳුන්වා දෙන අය කියන්නේ.


    අද ඔබ මවිත වෙනවා නම් ස්මාට් ෆෝන් එකක් නැතුව මෙච්චර කල් මං වැඩ කර ගත්තෙ කොහොම ද කියලා, මේ ස්මාට් බුරුසුව පාවිච්චි කළාට පස්සෙත් ඒ විදියටම හිතෙනවා නිසැකයි.
    ඒත් මේ බුරුසුවක හිමිකාරයෙක් වෙන එක තමයි ප‍්‍රශ්නය.
    දැනට මේ බුරුසුවක මිල පවුම් 179.99ක්. අපේ රුපියල්වලින් 36,000ක් විතර වෙනවා. ස්මාට් අඩුවුණා වගේ මේකත් කලක් යන විට අඩු මිලට ගත හැකි වේවි.
    එතෙක් පරණ පුරුදු විදියට දත් මදිමු.
    ;););)


    dancing%20toothbrush.gif
    dancing%20toothbrush.gif
    dancing%20toothbrush.gif
    dancing%20toothbrush.gif
    dancing%20toothbrush.gif







     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දත් බුරුසු හපන උනුත් ඉන්නව මම දන්න
    නංගි බබාගේ ත්‍රෙඩ් එක හොදයි නෙ
    හොද ආරම්භයක් දිගටම ත්‍රෙඩ් දාන්න
    ගුඩ් ලක්
     
    • Like
    Reactions: Fire Angel

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    angel gen dakka palaweni thread eka.
    patta pata pata :D

    දත් බුරුසු හපන උනුත් ඉන්නව මම දන්න
    නංගි බබාගේ ත්‍රෙඩ් එක හොදයි නෙ
    හොද ආරම්භයක් දිගටම ත්‍රෙඩ් දාන්න
    ගුඩ් ලක්

    ස්තූතියි අයියලා...
    :):):)
    thank-you-comment-013.gif
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සුභ පැතුම්...

    පලවෙනි Thread එකම වටින දෙයක් ගැන දාපු Fire Angelට මගෙන් සුභ පැතුම්...!!!
    දිගටම හොඳ දේවල් බෙදාගමු...
    ජය...!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    You must spread some Reputation around before giving it to Fire Angel again.
    :( :( :( :( :(


    strong-tooth.gif



    picture.php

     
    • Like
    Reactions: Fire Angel

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ආ මෙයා ත්‍රෙඩ් එකකුත් දාල නේද :rofl:
    සෝයි නියමයි :D මාත් ගන්න ඕනේ එකක් :cool:
    ඕකෙන් දත් මදින්න ගිහිල් කලන්ට් එක වැදෙයිද දන්නෑ :eek:
    & congratz for 1st thread :D
     

    Similar threads