මචංලා, මගේ ෆෝන් එක නැතිවුන නිසා මම කියන්නේ. උඹලා ඔය ෆෝන් තියන ඒව පරිස්සම් කරගන්න ගන්න පුළුවන් උපරිම දේවල් කරල තියාගනිල්ලා. සමහර අය ෆෝන් එකත් එක්ක නිකන් දෙන features වත් පාවිච්චි කරන්නේ නෑ. මම දන්න දේවල් කීපයක් මම කියන්නම් ෆෝන් එක පරිස්සම් කරගන්න.
එකක් තමයි Samsung official Mobile Tracker එක. සමහර Custom ROMs දාපු අයට නම් මේක පාවිච්චි කරන්න බෑ. මම දන්න විදියට නම් Samsung mobile phones ගොඩක් අය පාවිච්චි කලත් ඒකේ නොමිලේ දෙන Mobile Tracker එක පාවිච්චි කරන විදිය ගොඩක් දෙනා දන්නේ නෑ.
හරි, Samsung Mobile Tracker එක පාවිච්චි කරන්න ඕන අය මෙන්න මේ Steps ටික අනුගමනය කරන්න.
දැං ආයෙමත් http://samsungdive.com/ එකට ගිහින් login වෙලා බලන්න device එක පෙන්නනවද කියලා.
- http://samsungdive.com/ වෙබ් site එකට ගිහින් මුලින්ම නොමිලේ දෙන ගිණුමක් විවෘත කරගන්න
- දැන් ෆෝන් එකේ, Security and Location settings වල Sim Card Change Alert එක Tick කරන්න. Username Password ඇහුවොත් දෙන්න අර Site(http://samsungdive.com/) එකේ දාපු Username,Password.
- Alert Message Recipient ලා විදියට හොඳට දන්න කීප දෙනෙක්ගේ Numbers දාලා, පොඩි පණිවිඩයකුත් දාල තියන්න.
- අන්තිමට Remote Control tick කරන්න
![]()
ඊට පස්සේ ඒකේ තියන දේවල් Test කරල බලන්න. කරන්න පුළුවන් දේවල් සෑහෙන්න තියනවා.
- ෆෝන් එක දැනට තියන තැන බලන්නත් (Find My Mobile), ෆෝන් එක පැය 12ක් යනකල් Track කරන්නත් පුළුවන් (Start Tracking). ඒ buttons දෙක page එකේ යටම තමා තියෙන්නේ.
- ෆෝන් එක lock කරන්න පුළුවන්
- ෆෝන් එක Full Volume Ring කරන්න පුළුවන්
- calls, messages forward කරන්න පුළුවන්.
- call logs බලන්න පුළුවන්
- ෆෝන් එක Wipe කරල දාන්න පුළුවන් (All Personal Details)
- ඕන නම් Screen එක unlock කරන්නත් පුළුවන්.
![]()
තව දෙයක්. ෆෝන් එක පුළුවන් තරම් Unlock කරල තියන්න බලන්න. හොරෙක් ගත්තොත් ඒක පාවිච්චි කරන්න පුළුවන් විදියට තියන්න ඕනේ. පාවිච්චි කලොත් තමා හොයන්න ලේසි. Face Unlock, Security Patterns වගේ දේවල් දැම්මම ෆෝන් එක හොරකම් කරන කෙනාට ඒක පාවිච්චි කරන්න බැරි වෙනවා. එතකොට එක්කෝ විසි කරයි, නැත්නම් Flash කරන තැනකට දීල flash කරල දායි. එහෙම උනොත් දාපු Trackers එකක් වත් වැඩක් නැති වෙනවා.
Samsung custom ROMs දාපු අයත් අනිත් ෆෝන් පාවිච්චි කරන අයත් බලන්න මොනවද security features තියෙන්නේ කියලා. මුකුත්ම tracking software එකක් නැත්නම් Lookout වගේ software එකක් වත් Google Play එකෙන් දා ගන්න.
මොනවා හරි, තමන්ගේ ෆෝන් එක පරිස්සම් කරගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කලින්ම හදල තියන්න.ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ
machan lookout eka hondai da kaspersky mobile ekata wada ?

ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ
Custom Rom එකකුත් දාල ඉවරයක් කරලම දාමුද







damn machan