1971 විරුවන්ට උපහාර දක්වමු
71 අපේ‍්‍රල් අරගලය; අයුක්තියට එරෙහි පළමු පහර
Thursday, 05 April 2012 10:23 0 Comments ප්‍රධාන පුවත
අපේ‍්‍රල් මාසය ආරම්භ වී තිබේ. සුපුරුදු කෝකිල කූජනය වෙනුවට විද්‍යුත් මාධ්‍යවලින් තොරතෝංචියක් නැතිව ඇසෙන අවුරුදු ගැන පුරසාරම්ද එරබදු මල් වෙනුවට වෙළෙන්දන්ගේ සේල් නාම පුවරුද පිරුණු පරිසරයක, නව ලිබරල් ධනවාදය විසින් ආක්‍රමණය කරන ලද පරිසරයක අපේ‍්‍රල් මාසය ආරම්භ වී තිබේ. මේ අපේ‍්‍රලය අපට සිහිපත් කරන්නේ මීට වසර 41කට පෙර අද ලාංකීය සමාජය අත් විඳින දුක්ඛ දෝමනස්සයන්ට එරෙහි අරගලයක නිරත වූ පරම්පරාවකි. අලූත් අවුරුදු සැමරීමේ සම්ප්‍රදායික කටයුත්ත වෙනුවට අලූත් හෙට දවසක් නිර්මාණය කිරීමේ කාර්යභාරය සිය දෙවුර මතට ගෙන, ඒ වෙනුවෙන් අනභිභවනීය පරිත්‍යාගයන් කළ පරම්පරාවක් දශක හතරකට පසු අද දවසේත් අපේ හදවත් කම්පනය කරවන්නේ, ඔවුන් නිරත වූ අරගලයේ සුවිශේෂත්වය හේතුවෙනි.
71 අපේ‍්‍රල් අරගලය ලංකාවේ ඉතිහාසය තුළ පැති කිහිපයකින් නොමැකෙන මං සලකුණු තබා ඇත. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ඉන්දු ආර්යයන් විසින් ලංකාව තුළ රාජ්‍ය ස්ථාපිත කිරීමෙන් පසුව රාජ්‍යයේ ප්‍රචණ්ඩත්වයට හා අත්තනෝමතිකත්වයට එරෙහිව පැන නැගුණු ප්‍රථම ජනතා අරගලය 1971 අපේ‍්‍රල් අරගලයයි. ඉතිහාසයේ විවිධ අවස්ථාවන්හිදී විවිධාකාර අරගල පැන නැගී ඇති අතර ඒ අරගලවල අත්දැකීම්වලින් ඉතිහාස පොත් පිරී තිබේ. ඒ අරගල එක්කෝ රජකුගේ දුෂ්ට පාලනය තවදුරටත් දරා ගත නොහැකිව සිදු වූ අවිඥානික සමාජ ප්‍රතික්‍රියාවන්ය. එසේත් නැතිනම් එක් රජයකු වෙනුවට තවත් රජකු සිංහාසනාරූඪ කිරීම උදෙසා දියත් වූ අරගලයන්ය. එසේත් නැතිනම් කවර හෝ නායකයකුගේ පෞද්ගලික බල ව්‍යාපෘති වෙනුවෙන් සමස්ත සමාජයම වංචනික ලෙස උපයෝගී කර ගැනීමේ අරගලයකි. එහෙත් 71 අපේ‍්‍රල් අරගලය එක් රජකු වෙනුවට තවත් රජකු නිර්මාණය කිරීමේ අරගලයක් නොවේ. 71 අපේ‍්‍රල් විරුවන්ට ධනේශ්වර අධිකරණය තුළ චෝදනා ගොනු කළේ ‘එංගලන්තයේ වැඩ වසන මහ රාජිනීන් වහන්සේගේ ආණ්ඩුව පෙරළා දැමීම’ පිළිබඳ වරද සඳහාය. එහෙත් එම අරගලය මහරැුජිනගේ කිරීටය තවත් කාගේ හෝ හිසක පැළඳවීමේ අරමුණෙන් කළ අරගලයක් නොවේ. එම අරගලය දියත් වූයේ කොමියුනිස්ට්වාදී අරමුණු වෙනුවෙනි. එනම්, රාජ්‍ය නමැති පන්ති පීඩක උපකරණය අහෝසි කිරීම වෙනුවෙනි. 1971 අරගලය සියවස් 25කට පසුව රාජ්‍යයට එරෙහිව ලාංකීය භූමිය මත දිග හැරුණු පළමු අරගලය විය.
71 අපේ‍්‍රල් විරුවන් ගම්දනව්, නගර සිසාරා තාප්පවලත්, මහ මංවලත් ලීවේ ‘යුක්තිගරුක දේශයක්, සාධාණ සමාජයක්, නිවහල් මිනිසෙක්, අපේ පැතුම එයයි’ යනුවෙනි. ඔවුන් අරගල කළේ, සිරගත වූයේ, වධ වේදනාවන්ට ලක් වූයේ සිය අභිලාෂයන් හා සබඳතාවන් කැප කළේ, ඇදහීමට අසීරු කැප කිරීම් කළේ එම සිහිනය වෙනුවෙනි. ඒ සිහිනය පෞද්ගලිකව ඉසුරුමත් ජීවිතයක් ගත කිරිමේ සිහිනයක් නොවීය. තමන්ට වරප්‍රසාද ලබා ගැනීමේ සිහිනයක් නොවීය. ඒ සිහිනය සාමූහිකත්වය පිළිබඳ සිහිනයකි. විදුලි කියතකින් කපා මරා දමනු ලැබු කමල බන්දු සහෝදරයාත්, වද හිංසාවන්ට හා අවමානයට පාත්‍ර කර ඝාතනය කළ මනම්පේරි සහෝදරියත් එවැනි කැප කිරීම් කළ දස දහස් ගණන් අපේ‍්‍රල් විරුවන් හැම දෙනාමත් ප්‍රාර්ථනා කළේ සාධාරණ සමාජයකි. යුක්තිය රැුඳි රටකි. වහල් භාවයෙන් මිදුණු, නිදහස් මිනිසෙකි. එනිසාම අපේ‍්‍රල් අරගලය ඇතැම් ‘විශ්‍රාමලත් විප්ලවවාදීන්’ (මේ අයගෙන් ඇතැම් අය අද ඉන්නේ ධනපති නායකයින්ගේ ඔඩොක්කුවේ සුරතල් වෙමිනි* පවසන ආකාරයේ ‘මෝඩ සුන්දර කැරැුල්ලක්’ නොවේ. එය අවිචාරශීලි කැරලිකාරීත්වයකට, තරුණ උන්නතිකාමීත්වයකට හෝ සීමා රහිත අතිධාවනකාරීත්වයකට ලඝු කළ නොහැක. 71 අපේ‍්‍රල් අරගලයේ ලීවරය බවට පත් වූයේ මනුෂ්‍යභාවය පිළිබඳ ලාලසාවයි. එය ලාංකීය භූමිය තුළ එවැනි පළමු අත්දැකීමයි.
71 අරගලයේ මෙන්ම ඒ අරගලයට උර දුන් අපේ පූර්වගාමී පරම්පරාවේද විවිධ අඩුලූහුඬුකම් තිබිණි. සීමා සහිතකම් තිබිණි. එහෙත් ඔවුන් අද නවලිබරල් ධනවාදය විසින් නිර්මාණය කිරීමට සැරසෙන නරුමවාදී මනුෂ්‍ය ප්‍රතිරූපයේ ප්රතිපක්ෂය වන සාමූහික සමාජ දැක්මක්, සමාජ වගකීමක් උර දැරූ සැබෑ වගකීම් සහගත පුරවැසියන්, නායකයින් විය. 71 අපේ‍්‍රල අරගලය උතුරේත් දකුණේත් භේදයකින් තොරව සමස්ත සමාජයේම විමුක්තිය හා පීඩිතයන්ගේ අයිතීන් වෙනුවෙන් දියත් වූ අරගලයකි. ඒ නිසාම එම අරගලයේ කවර සීමාකාරීත්වයන් තිබියදී වුව 71 අපේ‍්‍රල් පරම්පරාව පිළිබඳ අපට ඇත්තේ ගෞරවයකි.
71 අරගලය දියත් වූයේ පසුගාමීත්වය රජ යූ සමාජයකය. රදළ බලපුළුවන්කාරකම්ද මුසු කර ගත් පසුගාමී ධනපති නායක නායිකාවන්ගේ අනුහස් සහිත රැුස්වලළුවලින් ඇස් නිලංකාර කර තිබූ සමාජයකය. දැහැමි බව යනු අසාධාරණය ඉදිරියේ නිහඬව සිටීම යැයි උගන්වා, ක්රමයේ පැවැත්ම වෙනුවෙන් ශික්ෂණයට ලක් කර තිබූ සමාජයකය. ප්‍රකට දමිළ කවියකු වන ජෙයපාලන්ගේ කවියක සඳහන් වන ආකාරයට මඩෙහි ලැගි මී ගොනුන් මෙන් මේ දුක් සිය ඉරණම හා උරුමය යැයි බාර ගෙන එය විඳ දරා ගත් සමාජයකය. අපේ‍්‍රල් අරගලය ලාංකීය සමාජයට නව මිනිසකු හඳුන්වා දුන්නේය. ඒ මිනිසා රදළ උරුමයන් හා කෘත්‍රිමව පුම්බන ලද නායක නායිකාවන් ඉදිරියේ ඇඹරෙන, දණ ගසන, යටත් වන මිනිසාට වෙනස් මිනිසෙකි. ඒ මිනිසා අයුක්තිය ඉදිරියේ නොදුටු ඇස් ඇතිව, නොඇසූ කන් ඇතිව සිටින අසංවේදී මිනිසාට වඩා වෙනස් මිනිසෙකි. ඒ මිනිසා පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන්, අවස්ථාවේ වාසි වෙනුවෙන්, රජවරුන්ට වන්දිභට්ටකම් කරන, සිය අධ්‍යාත්මය විකුණා දමන නරුමවාදී මිනිසාට වඩා වෙනස් මිනිසෙකි. අපේ‍්‍රල් අරගලය හඳුන්වා දුන්නේ සමාජයම වගකීමක් සහිත නිරවුල් දෘෂ්ටියක් සහිත නිදහස හා යුක්තිය වෙනුවෙන් සටන් වදින, සාමූහිකත්වය උදෙසා ආත්මාර්ථය කැප කරන, මනුෂ්‍යත්වයේ පරමාදර්ශීභාවය කැටි කර ගත් මිනිසෙකි.
71 අපේ‍්‍රල් අරගලය මර්දනය කිරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද, පන්ති සහයෝගීතාවාදී ගොහොරුවේ ගිලී සිටි ඊනියා වම්මුන්ද, එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයද, අධිරාජ්‍යවාදීන්ද, සකලවිධ ප්‍රතිගාමීන්ද, එපමණක් නොව දේශපාලන වශයෙන් අවස්ථාවාදයට ගොදුරු වී සිටි ඊනියා සමාජවාදී රාජ්‍යයන්ද එකාවන්ව එක් වූයේ අහම්බයකින් නොවේ. ඉන් අනතුරුව ලෝක ධනවාදයේ ව්‍යාපෘතිය බවට පත් වූ නව ලිබරල්වාදය ගොඩනැගීමට නම් 71 අරගලය පරාජය කිරීම අවශ්‍ය විය. නව ලිබරල්වාදී නරුම මිනිසා ගොඩනැගීමට නම් 71 අරගලයේ ගොඩනැගූ මනුෂ්‍ය පරමාදර්ශය විනාශ කිරීම අවශ්‍ය විය. කෙටියෙන් කියෙන්නේ නම් 1977 සාර්ථක කර ගැනීමට නම් 1971 යටපත් කළ යුතු විය. ඒ මර්දනීය දුෂ්ට අක්ෂය ගොඩනැගුනේ ඒ වෙනුවෙනි.
71 අපේ‍්‍රල් අරගලයේ සීමාකාරීත්වයන් හා අඩුලූහුඬුකම් කොපමණ තිබියදී වුව එම පරම්පරාව දෙස විචක්ෂණශීලි ලෙස යළි හැරී බැලීමේ වුවමනාව උපදින්නේ එතැනිනි. නව ලිබරල් ධනවාදයේ වසර 35ක් ගෙවන මේ මොහොතේදී ‘ඩුප්ලිකේට් මිනිසුන්‘ හෙවත් මිනිස් වෙසින් හැසිරෙන තිරුසනුන් බහුල සමාජයක දිවි ගෙවන අපට 71 අපේ‍්‍රල් අරගලයේ අත්දැකීම හා ආධ්‍යාත්මය දිව ඔසුවකි. 71 අපේ‍්‍රල් විරුවන් මරා දැම්මේ, වධ හිංසාවන්ට ගොදුරු කළේ, නිහඬ කළේ හා සිරගත කර සමජයෙන් ඉවත් කළේ ධනවාදයට සැබෑ මිනිසුන් අනවශ්‍ය බැවිනි. එහි මනුෂ්‍ය පරමාදර්ශය නරුමවාදය වන හෙයිනි. ඒ උගුලෙන් ගැලවීම උදෙසා අප සොයා යන ආධ්‍යාත්මය ඇත්තේද 71 අපේ‍්‍රල් අරගලය තුළය. ඒ නිසා 71 අරගලය පිළිබඳ සුභවාදී දෘෂ්ටියෙන් බලන්නට මෙන්ම එය නිෂේධනීය ලෙස ප්‍රතික්ෂේප කරන්නන්ටද එම අත්දැකීම මග හැර යා නොහැක. කාලයේ වැලි තලාව තුළ රාජ්‍ය නම් මර්දන යන්ත්‍රයට එරෙහිව ලාංකීය භූමිය තුළ සිදු වූ ප්‍රථම අරගලය අමතක කිරීමටද නොහැක. කලූ ගලක් බිඳ හෙළන්නට ඇතැම් විට කුළු පහර සියයක් අවශ්‍ය විය හැක. කලූ ගල බිඳෙන්නේ සිය වෙනි පහරෙන් පමණක් නොවේ. පළමු පහරේ ශක්තියද ඒ ප්‍රතිඵලය තුළ අන්තර්ගතය. පළමු පහර අසාර්ථක බව නිගමනය කිරීමට ඉක්මන් වන්නන්ට අපට කීමට ඇත්තේ එම නිගමනය කලූ ගල බිඳී යන පැය තෙක් කල් දමන ලෙස පමණි. 71 අපේ‍්‍රල් අරගලය පිළිබඳ වඩාත්ම සාධාරණ ඇගැයීම හා සමාජලෝචනය සිදු වනු ඇත්තේද ඒ සාධාරණ, යුක්තිගරුක හා නිවහල් සමාජය තුළය