පහුගිය ටිකේම යාලුවෝ කිව්වා ස්කූටර් ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියලා. ඔන්න මම අද ලංකාවේ ප්‍රසිද්ද ප්‍රදාන ස්කූටර් ගැන කියන්නයි යන්නේ.. ඔය ගොල්ලොම තීරනේ කරන්න මොකක්ද හොද කියලා. පුද්ගලිකවනම් මම කොල්ලෙක් ස්කූටර් එකක් ගන්න එක ගැන සතුටු නැහැ.සාමාන්නයෙන් ඉන්දියන් ස්කූටර් බලය අතින් නම් හුගාක් අඩුයි
TVS Scooty Pep Plus
මෙයා තමයි ලන්කාවේ වෑඩියෙන්ම ප්‍රසිද්ද උන ස්කූටරය කිව්වොත් හරි. TVS අනිත් බයික් කෙසේ වෙතත් මෙයානම් හොදයි.
ඈන්ජින් දාරිතාව 87.8ccක්. අපි සාමාන්නයෙන් කියන්නේ මෙයා 90cc ස්කූටර් එකක් කියලා
බලය ගෑන කිව්වොත්,
Maximum Power: 5 Bhp @ 6500 rpm
Maximum Torque: 5.8 Nm @ 4000 rpm
ඒ වගෙම ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකුත් මූට තියෙනවා
ඒ වගෙම 51 බෝර් එකකුත් ටියුබ්ලස් ටයරුත් සතුයි..
තව දුරටත් කිව්වොත්,,
DIMENSIONS
Length: 1685.00 mm
Width: 590.00 mm
Height: 1060.00 mm
OTHER SPECIFICATIONS
Weight: 95.00 kg
Ground Clearance: 135.00 mm
Fuel Tank: 5.00 ltrs
Wheelbase: 1230.00 mm
Headlamp: 12V, 35W/35W
Wheel Type: Sheet metal
Wheel Size: 3.00 x 10 mm
ඩ්‍රම් බ්රේක් පද්දතියක් තියෙන මුගේ 71km/hට යන්න පුලුවන් කියලයි හදපු උන් කියන්නේ
TVS Scooty Streak
මෙන්න මූ 4 ස්ටොක් භාන්ඩයක්
ඒ හෑරුනහම වෙන යාන්ත්‍රික වෙනසක් නෑ. බලය හා අනෙකුත් සේරම යාන්ත්‍රික දේවල් TVS Scooty Pep Plusඑක හා සමානයි
ආ තව මෙන්න මේවත් තියෙනවා මේකේ
Mobile charger and a lockable front glove box
Hero Honda Pleasure
මෙන්න මූ ස්කූටියට වඩා බලසම්පන්න එකෙක් කිව්වොත් හරි,, 102cc 4 ස්ටොක් මෝලක් එක්ක තමා මෙයා එන්නේ.
මෙයාගේ බලය ගෑන කතා කරනවනම්,
Displacement: 102cc
Engine: 102cc, 4-Stroke
Maximum Power: 7 Bhp @ 7000rpm
Maximum Torque: 7.85 Nm @ 5000rpm
සුපුරුදු පරිදිම මෙයාගෙත් ගියර් පෙට්ටිය ඉතින් ඔටෝ තමා
අනිත් විස්තර මෙහෙමයි,
Length: 1750.00 mm
Width: 705.00 mm
Height: 1100.00 mm
OTHER SPECIFICATIONS
Weight: 104.00 kg
Ground Clearance: 125.00 mm
Fuel Tank: 5.00 ltrs
Wheelbase: 1240.00 mm
Headlamp: 35W / 35W - Halogen
Wheel Type: Alloys
Wheel Size: 3.5x10 - 3.5x10 mm
ඔය ස්කූටර් සෙට් එකෙන් ලොකු, වෑඩි ඈන්ජින් දාරිතාවක් තියෙන එකෙක් මූ.හැබැයි බජාජ් ක්‍රිස්ටල් එකේ ඇන්ජිම අඩු උනාට මීට වඩා බලය වැඩී. හලාවත-මාදම්පේ පැත්තේ අපේ යාලුවෝ පිස්සුවෙන් වගේ පදින්නේ ප්ලෙසර් තමා. මුලු ලංකාවෙම තියෙන ප්ලෙසර් ගාන හලාවත-මාදම්පේ ප්ලෙසර් ගානට වඩා අඩුයි.... හික් හික්
Bajaj Kristal
මුගේ තියෙන්නේ 94.8cc එන්ජින් එකක්.ඒ වගෙම 4 ස්ටොක්, හැබැයි බලය අතින් ප්ලෙසර් ඒටත් පෙප්ට් එකටත් වඩා වැඩියි
මෙන්න මෙහෙමයි බලය,
Engine: 94.8cc, 4-stroke
Maximum Power: 7.3bhp@7500rpm
Maximum Torque: 7.66nm@5500rpm
අනිත් විස්තරත් බලමු
Weight: 99.00 kg
Ground Clearance: 140.00 mm
Wheelbase: 1370.00 mm
Electrical System:12V, (AC+DC)
Wheel Size: 3.00 – 10 4PR mm
Tubeless tyres
Honda Dio
බලය, ඈන්ජින් දාරිතාව, තෙල් ටැන්කියේ ප්‍රමානය අතින් ගත්තහම ලොකුම එකා මූ. හොද නිශ්පාදනයක් කියලා මට හිතෙනවා (පාවිච්චිකරලනම් නෑ)
110 දාරිතාවකින් යුත් 4 ස්ටොක් මෝලක් තමා මුගේ තියෙන්නේ..ඒ වගෙම මෝලෙන් උපරිම බලයකුත් දෙනවා
Engine: 109cc, 4-stroke
Maximum Power: 8 Bhp @ 7500 rpm
Maximum Torque: 8.66 Nm @ 5500 rpm
ආයෙත් අහන්න එපා කොහොමත් ගියර් ඔටෝ මැටික් තමා එන්නේ මේ බෝට්ටු වල
මේකේ චැසි තාක්ශනයHigh rigidity Under Bone type
අනිත් විස්තර මෙහෙමයි
Length: 1788.00 mm
Width: 707.00 mm
Height: 1130.00 mm
Weight: 110.00 kg
Ground Clearance: 160.00 mm
Fuel Tank: 6.00 ltrs
Wheelbase: 1238.00 mm
Headlamp: 12V 35/35W
Battery Type: MF
Battery Voltage: 12V
Battery Capacity: 3Ah
Horn: Dual
Wheel Size: 90/100-10 mm
මචන්ලා මම ඇන්ජිම හා තාක්ශනය ප්‍රදාන කරලා කතාකලාට ස්කූටරයක් ජනප්‍රිය වෙන්නේ ඒ මත නෙමේ. මොකද මේක හදන්නේ ගැහැනු අය ඉලක්ක කරලා. ඒ නිසා ස්කූටරයක් ජනප්‍රිය වෙන්න බලපාන ප්‍රදාන කරුනු අතර
පාලනය කිරීමේ පහසුව
නඩත්තු පහසුව
විශේශයෙන්ම පෙනුම
බඩු දාන පෙට්ටිය
පාට
වගේ දේවල් තමා ප්‍රදාන වෙන්නේ
ඒ නිසා ස්කූටරයක් ගන්නවනම් පැදලා බලලා ඉන්න එක ඇගට ගුනයි. කොහොම උනත් හයියෙන් යන්න නම් බෑ මේ බෝට්ටු වල. පාලනය කිරීමත් අන්තිමයි..එහෙම කියලා වයිෆ්ටයි හස්බන්ඩටයි දෙන්නටම පදින්න ජේඩ් එකක් හොනට් එකක් ගන්න බෑනේ, අවශ්‍යතාවය අනුව ගන්න වෙන බයික් එක ඩිපෙන්ඩ් වෙනවා කියලා මම කියන්නේ ඒකයි. ඒ නිසා හොයලා බලලා තමන්ට ගැලපෙන එකක් ගන්න
මෙන්න මගේ පරන ත්‍රෙඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
කොටපු මහන්සියට රෙපක් දීලා බම්ප් එකක් එහෙම දාලා පලයල්ලා ඉතින්


