කෙල්ලෙක් දාගමු!! තුන්වන පාඩම

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම රජයෙ විශ්ව විද්‍යාලයක උපාධිදාරියෙක් මුලදි සයන්ස් කරන්න ගිහින් බොට්ටුවකින් පරිඝනක විද්‍යා පාඪමාලාවට මාරු උනා.. ඇත්තටම කිවුවොත් සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කරනවට මඩා මුලදි මට උමනාව තිබ්බෙ භෞතික විද්‍යාව පැත්තෙන් උසස් අධ්‍යයාපනය ලබන්න ඒත් ගෙදර බලපෑමත් එක්ක බොට්ටුව ආපු චාන්ස් එක ගන්න මම තීරණය කලා.. ඩිග්‍රියෙ 3 වෙනි අවුරුද්දෙ ට්‍රෙනින් එකක් එනවා ඒකට යද්දි 8000 ගානෙ මාස 6ක් හම්බුනා. මහපොළ ශිෂ්‍යාදාර දැකලවත් තිබ්බෙ නැති මට පලවෙනියට හම්බුන 8000 පට්ට වටින දෙයක් උනා..

    ඒත් ඒක ජොගි දාලා විනාශ කර ගන්න නං ගියේනෑ.. ඒ වෙද්දි කෙල්ලෙ ක් හිටියෙත් නෑ (මට මේ වෙද්දි කෙල්ලෙක් ඉදල තිබ්බෙත් නෑ දාගන්න උවමනාවක් තිබ්බෙත් නෑ. ආ නෑම කියන්න බෑ ඔලෙවල් කාලෙ නං එකක් දිහා බල බල හිටියා ඒත් හරි ගියේ නෑ අර උඹෙ පලවෙනි ලිපියෙ තියනවා වගේ මම ඒ දවස්වල වැඩියෙ පෙනුම ගැන හිතපු නැති නිසා වෙන්න ඇති) ඉතිං කොහොම හරි, මම වැඩියෙ වියදමට පෙළඹුනේ නෑ.. බිවුවත් බොන්නෙ පාටියක වගේ නිසා මට බොන යාලුවො හිටියෙත් නෑ. 8000 න් 2000 ක් වගේ ඉතුරු කරා ගෙදරන් ගේන කෑම එක කාලා ගෙදර නැවතිලා ඉදපු නිසා බොඩිං ගාස්තු සහ කෑමවලට අමතර වියදම් කරන්න උමනාවක් ආවෙ නෑ. මම කියන ඔය සීන් එක 2010 එතකොට කිරිබත්ගොඩ ඉදං බම්බා වලටම ගියේ 25ද කොහෙද දවසට 60ක් ඇති උනා මට යන්න එන්න. ඉතුරු සල්ලි වලින් මාසෙට සැරයක් පොඩි ෆන් එකක් වගේ ගත්තා. කොහොම හරි ලැබුන මල් ගානෙන්ම හතරෙන් පංගුවක් ඉතුරු කරන්න මට පුරුදු උනේ ඔය විදිහට.

    ඉතිරු කරන සීන් එක හරියටම එන්ටර් වෙන්න ගත්තෙ 40000 ක පඩියකට රස්සාවකට ගියාම 2012. එතකොට 40000ක් කියන්නෙ සාමාන්‍යයෙන් හොද පඩියක්.

    මට මතකයි මට පඩි හම්බෙන මුල් මාසෙම මම යන වියදම කැල්කියුලේට් කරා. එක්සෙල් ෂිට් එකක ගමනට ගියප, පෙරෙරා ඇන් සන් එකෙන් කාපු රෝල් එකේ ඉදං මම මාස කීපයක් මේ විදියට බැලුවා මට හම්බෙන පඩිය කොච්චර වියදං කරාද කියල.. මම දැක්කා මේක ලියපු අපේ යාලුවත් දාලා තිබ්බා එයා ගණන් හදල අයිඩියා එකක් ගත්තා කියල. මාත් ඒකම කරා

    කතාවෙ මේ හරිය වෙනකං කියවං යන උංට හිතෙයි මු පට්ට බොරින් සල්ලි වියදං කරල නැතුව කුණා වගේ ඉතුරු කරල කියල. හැබැයි මම එහෙම හිතන අයට කියන්න තියෙන්නෙ හම්බු කරන්න හම්බෙන මුල් චාන්ස් එකේම ගොනා වැඩ කඩං පැන්න වගේ වියදං කරන්න ගත්තොත් උඹ අවුරුදු 5ක් ගියාම නවතින්නෙ ලොකු ආර්ථික ප්‍රශ්නයක වෙන්න පුලුවන්. ඊට වඩා අලුතින් හම්බු කරන්න ගන්න මල්ලිලා ටික මුලදි තමං දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලි වලට වටිනාකමක් දුන්නොත් ජීවිතේ දවසක් ඒවි ඒ සල්ලි වලින් ලයිෆ් එක ආතල් එකේ විදින්න පුලුවන් වෙන

    කොහොම හරි ආපහු කතාවට ආවොත් මම අර විදිහට ප්ලෑන් කරල වියදං කරන්න ගත්ත නිසා මට පුලුවන් උනා ඉතුරු වෙන ගානේන් වෙඩිමට කොටසයි, ඉතුරු කරන්න කොටසයි විදිහට දෙවිදියකට ඉතුරු කරන්න

    කොහොම හරි මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක උනේ මට ආපු වෙන ජොබ් ඔෆර් එකකට මම අවුරුද්දක් ඇතුලත යන්න තීරණය කරපු එක. එතන පඩිය නං හොදයි ඒ කාලෙ හැටියට 90ක් විතර ලැබුනා මතකයි. හිටපු හැටියට දෙගුණයක වැඩි වීමක්. ගොඩන් මම වැඩ කරපු තැන හිටපු සීනියර්ලා කිවුවා අවුරුද්දෙන් ජොබ් මාරු කරන්න එපා කියලා ඒත් හම්බුන පඩිය හින්දා මම ඒක කලා. වැදගත්ම දේ තමා කොල්ලෙක්ගෙ ආදායම වැඩි වෙද්දි අනිවා ඌ වියදම ඒ හා සමානවම ඇජස්ට් කරගන්නවා. ඒත් මම ඒ අනවශ්‍ය වියදම් ටික කලින්ම අදුනගෙන තිබ්බ නිසා එහෙම ලොකුවට මගෙ වියදම වෙනස් කර ගත්තෙ නෑ.


    එතකොට කට්ටිය එක්ක සෙට් වෙලා පාටි දාලා බීලා ආතල් අරගන්න එවුන් අනන්තවත් උඹලට හම්බෙයි. ඒත් උඹට ඒවට වත්කමක් නැත්තං උඹ දැන ගන්න ඕනෙ උඹ උඹෙ ගමන යන්න. මම වැඩ කරපු තැන් 4ම එක එක ජාතියෙ ඩයල් සෙට් උනා. ගොඩක් උං බීලා ආතල් අරං, මොඩල් එක ආපු ගමං අල්ත්ම ෆොන් එක අරං අනවශ්‍ය විදියට තමං හම්බුකරගන්න දේ වියදං කරන උං. තමංම මුල්‍ය විනයක් ඇති කරගන්න එක තමයි වැදගත්ම කාරණය

    මම මාසෙට හම්බෙන සැලරි එකෙන් අනිවා භාගයකට වඩා ඉතුරු කරනවා. මටත් මේක ලියපු එක්කෙනා කිවුවා වගේ බෑන්ක් අකවුන්ට් 2ක තිබ්බා. එකක් කාඩ් එක එක්ක එන එක. මම ඒකට සල්ලි තියා ගන්නෙ බොහොම පොඩි ගානයි. පඩිය ආපු ගමන් මම කාඩ් එක නැති එකවුන්ට් එකට දාන්නෙ. දාලා මට ඕනෙ ගාන මම අරකෙන් ගන්නවා. කාඩ් එක නැති අකවුන්ට් එකට මම ඔන්ලයින් හදල තිබ්බෙත් නෑ එතකොට සල්ලි ගන්න පොතත් උස්සං බැංකුවකට යන්න වෙනවා. ගොඩක් වෙලාවට හැමතිස්සෙම එහෙම යන්න බැරි නිසා අනවශ්‍ය වියදං වලට වියදං වෙන එක අඩුයි.

    දැන් නං ගොඩක් බැංකු වල කාඩ් දෙන්නැති මාසෙකට ගන්න පුලුවන් වාර ගාන සීමා කරපු අකවුන්ට් තියනවා ලංකාබැංකවෙ රන් උල්පත වගේ මමත් පස්සෙ ඒකකට මාරු කලා මොකද පොලිය 2පාරක් හම්බෙන සීන් එකක් තිබ්බ නිසා

    මම ඔහොම මාස 3ක් ඉතුරු කරන සල්ලි මාස 3කට සැරයක් ස්තාවර තැන්පතු දානවා. මුල් කාලෙ නං පොලිය හොදයි මට මතක විදියට 15% වගේ දීපු කාලත් තිබ්බා

    පස්සෙ පස්සෙ නං පොලිය අඩු වෙද්දි මම ටිකක් කොටස් වෙළදපල බැලුවා (දැන්නං රෙකමන්ඩ් කරන්නෙ නෑ මාත් එක පාරට ඔක්කොම නොදා දවසේ රෝල නොගහ බ්ලු චිප් කම්පැනි ලොන්ග් ටර්ම් අරං දැම්ම අඩුවට හම්බුනාම)

    ඒ වගේම කියන්න ඕනෙ වැදගත් දෙයක් තමයි ජීවිතේ මුල්‍ය තීරණ ගන්න කොට දුර බලල ගන්න එක. මට මතකයි 2014 අග හරියෙ තමයි ඇක්සියො හයිබ්‍රිඩ් මුලින්ම ලංකාවට ආවෙ. මට සෙට් උනා ගෙන්නන එකෙක් ලක්ෂ 38කට ජී අන් රෙජිස්ටර් එකක් ගෙන්නන්න අතේ ඉතුරු කරපු සල්ලි තිබ්බා පොඩි ලිස් එකක් දාන්න විතරයි තිබ්බෙ. ඒ එක්කම අපේ ගෙවල් හරියෙන්ම ඉඩං කෑල්ලක් ආවා ලක්ෂ 12 පර්චස් 10ම බස් පාරටත් ළගයි අනික ගමේම නිසා ඉන්න උංවත් අදුනනවා. අන්තිමට මම තීරණය කරා ලීස් දාලා ඇක්සියො එකක් අරං ලොකෙට පෙන්න දුවනවට වඩා ඉඩම අරං දාන්න මම ගේ හැදුවෙ ඒකෙ. දැන් දැං අපේ පැත්තෙ පර්ච් එක ලක්ෂ 8ක් වගෙ අන්තිමට බලද්දි, පස්සෙ ඉතිරි සල්ලි වලින් පොඩි වාහනයක් ගත්තා.

    මේ කතාව කිව්වෙ මුල්‍ය තීරනයක් ගන්න කොට දුර බලල ගන්න කියන එක කියන්න. මොකද කොල්ලෙක් උනාම ආස ඇති ලයින් එක දාලා අලුත්ම වංඩියක් බස්සගෙන ඉන්න ඒත් අන්තිමට වාහනයක තෙල් ගගහ සර්විස් කර කර ඉන්සුරන්ස් ගෙව ගවෙ හම්බුකරන සල්ලි ලොන් වලට හිර කර ගත්තම ගොඩ නැගෙන්න බෑ මුල් කාලෙදි


    අනික් දේ තමා ක්‍රෙඩිට් කාඩ්. මම රස්සාවට ගිහින් 3 වෙනි අවුරුද්ද වෙනකං ගත්තෙ නෑ එක කාඩ් එකක්වත්. අද කොල්ලෙක් වැඩට ගිය ගමන් සැලරි ස්ලිප් 3ක් පෙන්නන්න් පුලුවන් උනාද ඌ ගන්නවා කාඩ් එක. අරං උලනවා හතර වටේටම. ක්‍රෙඩිට් කාඩ් තියන එකෙන් වෙන තව දෙයක් තමා තමන්ට අත්‍යවශය නොවන වැඩකට නැති වියදම් කරන්න පෙළඹෙන එක. අරකෙ සල්ලි තියන නිසා තමන්ට ඇත්තටම මුල්‍ය ශක්තිය නැති උනත් හිතන්නෙ නැතුව උලල දානවා. අන්තිමට මාසෙ පඩිය වැඩි හරියක් වාරිකයි පොළියයි ණය ගෙවනවා




    ammo ow credit card nam ganna hodama naha :no:


    math 2012 wedata giye, e kale wediya lokuwata itiri kale naha podi kale idan ratha gaaya tibba nisa car ekak gatta ;) habai katawath pennawath nemei mata mage athal eka ganna. habai e kale idam walata invest kalanam ada wadi wena ganen e wage car 2k 3k ganna puluwan :D



    salli nam itiri karanna oni emergencies waladi watinawa. mokada wahana idam hithana taram ikmanata cash karanna amarui. e wagema hodama investment eka tamai idam ganna eka :D
     
    • Like
    Reactions: smaldeniya