සුනාමි අවදානම නාගෙන අනාගනී:
මඤ්ඤං මරාණ්ඩුව සුනාමි අවදානම නාගෙන අනාගනී: මහජනයා දුවති, හතිලති, යලිදු පැමිණෙති------
'පැසිපික් අනතුරු ඇඟවීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්රනය පරාජය කරමු -වීරවංශ'------
(ලංකා ඊ නිව්ස් -2012.අප්‍රේල්.11, ප.ව.11.55) රාජ්‍ය පාලනයේ සියළුම අංශ නාගෙන අනාගෙන මඤ්ඤං කරගෙන සිටින මරා රෙජීමය අද ශ්‍රී ලංකාවට ඇතිවූ සුනාමි අනතුර ද නාගෙන අනාගෙන අහිංසක මහජනතාවගේ ජීවිතය අවුල් ජාලාවක් කෙළේය.
අද ඇතිවූ තත්ත්වය කෙටියෙන් කියන්නේ නම් 'කෝකියන් වැඩි වූ හොද්දක්' විය. එක් එක් කෝකියා අරක මදි මේක මදි යයි කියමින් එක එක දේ එකතු කරමින් හොද්දක් උයන්නට ගිය කතාවේ අන්තිමට හොද්ද මහා කල්දේරමක් තරම් විශාල වුවත් එක බින්දුවක් හෝ කෑමට ගත නොහැකි විය.
අද සිදුවූ සුනාමි අවදානම 2004 ආ සුනාමියෙන් පසු පැමිණි තෙවන සුනාමි අවදානමයි. එහිදී ද පෙර සේම ඇමැති වරු, නියෝජ්‍ය ඇමැතිවරු, මාධ්‍ය ආයතන, රාජ්‍ය ආයතන හා නොයෙක් නොයෙක් නිලධාරීන් ද එකතු වී ජනතාවගේ දිවි පෙවත අනවශ්‍ය ආකාරයට කළඹවමින් මහා ව්‍යසනයක් කෙළේය. අනවශ්‍ය ප්‍රමාණයට බිය ගැන්වීය. කොටින්ම කියන්නේ නම් නුගේගොඩ මිනිසුන් පවා බත්තරමුල්ලට දිවීමට තරම් බිය ගැන්වීය. නැගෙනහිර සුමාත්‍රාවේ 8.7 ක භූ කම්පනයකින් දෙහිවල හිල් වීදියේ කන්ද උඩින් පැන නුගේගොඩට සුනාමි රැල්ලක් එන්නේ කෙසේදැයි සිතීමට පවා සන්සුන් මනසක් ජනතාව තුල නැති කර තිබිණ.
සුනාමි අවදානම ගැන නිවේදන නිකුත් නොකළ එකෙක් නොවීය. කොටින්ම බස් මුදලාලි කෙනෙක් වූ ගැමුණු විෙජ්රත්නයාද නිවේදන නිකුත් කෙළේය. නාට්ටාමි වරුන්ගේ සංගමයෙන් සුනාමි නිවේදනයක් නිකුත් නොකිරීම වාසනාවක් විය.
පැසිෆික් සුනාමි අනතුරු මධ්‍යස්ථානයෙන් අනතුරු අඟවන්නේ මහජනතාවට හෝ මාධ්‍ය ආයතන වලට නොවේ. ඔවුන් එම අනතුරු ඇඟවීම කරන්නේ අදාල රාජ්‍යයන්ට සහ ඒ හා බැඳුනු ආයතනයන්ට ය. ඒ අනුව තම තමන්ට සිදුවිය හැකි අනතුර ඒ ඒ වගකිව යුතු ආයතන හෝ රාජ්‍යයන් ගණන් සාදා ගත යුතුය. මෙය එම නිවේදනයන්ගේ පළමුවෙන්ම පැහැදිලිව සටහන් වේ.
ඒ අනුව ලංකාවේ එම ආයතනය හා බැඳී කටයුතු කරන්නේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයයි. මෙයින් මේ සම්බන්ධ පරිනත විද්‍යාඥයන් සිටින්නේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේය. එහි අධ්යක්ෂ ආචාර්ය විජයානන්ද මහතාට අනුව අපට සුනාමි රැල්ලක් එනවාදැයි ගණනය කිරීමට උපකරණ මුහුදේ සවිකර ඇති බවත් ඒ අනුව ස්ථීර ලෙසම පැය එකහමාරකට පමණ පෙර නිශ්චිතවම අනතුරු ඇඟවිය හැකි බවත් ය. සරල ලෙසම කියන්නේ නම් අද භූ කම්පනය සිදුවූ ස්ථානය අනුව සුනාමි රළ තරංගයක් එන්නේ නම් එය අඩුම ගණනේ පැය එකහාමරකට කලින් ඉන්දුනීසියාවට වැදිය යුතුය. සුනාමි රළ තරංග එන්නේ සරල රේඛීයව නොව වෘත්තාකාර ආකාරයටය. එනිසා අද කම්පනය අනුව සුනාමියක් ආවේ නම් එය ස්ථීර ලෙසම ඉන්දුනීසියාවට පැමිණ පැය එකහමාරකට පසුව ශ්‍රී ලංකාව වෙත සුනාමි රළ පැමිණෙනු ඇත. මිනිසෙකුගේ සාමාන්‍ය වේගයෙන් ඇවිද්ද ද පැය එක හමාරකට කිලෝ මීටර 7 ක් ඇවිද ගිය හැක. පසුගිය වතාවේ සුනාමිය රට තුලට පැමිණි වැඩිම දුර කිලෝමීටර 6 ක් බව අමතක නොකළ යුතුය.
තත්ත්වය මෙසේ පැහැදිලිව තිබියදී පැසිපික් අනතුරු ඇඟවීම ගෙඩිය පිටින් ගිලිමින් ලංකාවේ බොහෝ ආයතන පිස්සු කෙළියේ ය. පැසිපික් අනතුරු ඇඟවීම අනුව බි්රතාන්යයට අයත් දියාගෝ ගාර්ෂියාවට ද අනතුරු අඟවා තිබිණ. නමුත් එරට ලංකාවේ මෙන් මුළු බි්රතාන්ය මාධ්‍යයත් මැති ඇමැතිවරුත් බස් මුදලාලිලාත් නිවේදන නිකුත් කරමින් පිස්සු කෙළියේ නැත.
අද ඇතිවූ අවදානම කිලීගේ-සිරස විසින් සජීව ක්‍රිකට් තරඟයක් ගානට කපා ගත්තේ ය. නමින් නොකීවද බොහෝ මාධ්‍ය ආයතනද මඤ්ඤං කෙළේය.
පෙර කී ආකාරයෙන් මේ ගැන ප්‍රමාණාත්මක අවබෝධයක් ඇති භූ විද්‍යා දෙපාර්තමේන්තුව තිබියදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුලින්ම පැන මහජනතාවට හැකිතාක් උස්බිම් වලට දුවන්නැයි කීය. ඒ පසුපස යමින් ආපදා කළමණාකාර මධ්‍යස්ථානය තව එකක් කීය. ආපදා ඇමැති ද මැදට පැන්නේ ය. සජීව විස්තර ප්‍රචාර බාගෙට අසා ගන්නා මිනිස්සු ලවක් දෙවක් නැතිව දිව්වෝ ය. ඔය අතරේ කව්දෝ එකෙක් කුමන හෝ මාධ්‍යයකට සුනාමි රළ පහර නුගේගොඩටත් පැමිණිය හැකි යයි කී බැවින් නුගේගොඩ ජනතාව බත්තරමුල්ල පැත්තට දිව්වේ ය. දකුණු නැගෙනහිර වෙරළ තීරයම මෙසේ අනවශ්‍ය ආකාරයෙන් භීතියෙන් භීතියට පත් කෙළේය. අවුරුදු වෙනුවෙන් ලක ලැහැස්ති වෙමින් සිටි ජන ජීවිතය අවුල් ජාලාවක් කෙළේය. අඩුම ගණනේ සුනාමි සයිරන් නලා සවි කර තිඛෙන්නේ කුමකටදැයි පවා මිනිසුන් දන්නේ නැත. කිලීගේ-සිරසේ සයිරන් එකට දුවන්න පටන් ගත්තෝ ය. මිනිසුන් හුරු කළ යුත්තේ අනතුරු අඟවන සයිරන් නලා හ~කටද? අපිලිවෙළ මාධ්‍ය තරඟයේ කච බොචයට ද?
මඤ්ඤමේ තරම කියාපාන එක් සිදුවීමක් කියමු. සුනාමි අනතුරත් සමග මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිගෙන් මහජනයාට එස්එම්එස් පණිවුඩයක් ලැබිණ. ඉන් කියැවුනේ ගාලූ පාර වසන බවත් සියළුම වාහන සඳහා අධිවේගී මාවත නොමිලේ විවෘත කරන බවත් ය. මහජනයා අධිවේගයට පැමිණි කල නොමිලේ ගමනක් නැත. බස් රථ වලට හැර සියළුම වාහන වලට ගේට්ටු නිලධාරීහු ටිකට් කැඩුවෝය. නොමිලේ කතා අපි දන්නේ නැතැයි ඔවුහු කීහ. නිර්මාල් සියළුම වාහන යැයි කීවද ගේට්ටු වෙත ආ මෝටර් සයිකල් ත්‍රී රෝද රථ වලට යන්න දුන්නේ නැත. අනෙක් පාරද වසා දමලා ය. මේ කළ මඤ්ඤම නිසා හෙට එක්කෝ නිර්මාල් කොතලාවල අස්විය යුතුය නැතහොත් අධිවේගයේ ගේට්ටු නිලධාරීන් අස්විය යුතුය.
ඉහත දැක්වූයේ මරා රෙජීමයට කිසිදු දෙයක කිසිදු වැඩ පිළිවෙලක් නැති කම ගැන අද සවස සිදුවීම් වලින් එකක් පමණි.
සුනාමි අවදානමක් 3 වන වරටත් ඇතිවුවද කිසිදු දෙයක කිසිදු සැලැසුමක් නැති බවට තව එක් උදාහරණයක් මෙන්න. මේ අව් අස්සේ බස් මුදලාලි ගැමුණු විෙජ්රත්නයාද නිවේදනයක් නිකුත් කළේය. ඉන් කියැවුනේ බස් හිමියන්ට වහාම තම බස් රථ රැගෙන පුළුවන් තරම් උස් ස්ථානයන්ට යන ලෙසය. බයේ දුවන මිනිසුන්ව නොමිලේ බස්රථ වල දමා ආරක්ෂිත ස්ථාන වලට ගෙන යා යුතු අවස්ථාවක මේ ගොන් හාදයාගේ නිවේදනයෙන් බස් හිමියන් සේවයෙන් ඉවත් කරවූවා නොවේද? අනෙක් අතට ගැමුණු කව්ද? මෙවැනි අවස්ථාවක රටේ බස් ධාවනයේ වගකීම ඔහුගේද? ඔහු වෘත්තීය සමිතියක් වැනි සංවිධානයක නිලතලයක් දරන්නෙකි. ඒ මදිවාට මෙවැනි අවස්ථාවක ඕනෑම ගොනෙකුගේ ගොන් නිවේදන ප්‍රචාරය කිරීම හොඳදැයි මාධ්‍යද දැනගත යුතුය.
මාධ්‍යය කළ කුලප්පුව කොතෙක්දැයි, වාහන අධිවේගයෙන් පැන ගියේ කිසිදු විනයක් අනුව නොවේ. පාරේ හැම පැත්තෙන්ම ගියෝය. බියෙන් දුවන කී දෙනෙක් මාරාවේශයෙන් එළවන රථ වල වැදී සුනාමිය එන්න කළින්ම අනතුරු කර ගත්තාදැයි තවම දන්නේ නැත.
ලඟ එන ව්‍යසනය සජීවීව භුක්ති විඳීමේ තරඟයට මුහුණ දීම මිස මාධ්‍යයට වෙනත් හැඟීමක් තිබුනාදැයි සැකය. මන්ද යත් මේ අව් අස්සේ එක් මාධ්‍යයක් මගින් තකහනියේ වරින් වර මහජනතාවට ප්‍රචාරය කෙළේ, රැල්ලක් එන බව දකින්නේ නම් තම ජංගම දුරකථනයෙන් සේයාරුවක් හෝ ගෙන ඔවුන්ගේ නාලිකාවට එම්එම්එස් කිරීමේ දුරකථන අංකයකි.
පැය 4 කට පසුව සුනාමි අවදානම පහ වූ බව පැවසීය. එයද පළමුවෙන් කීවේ කාලගුණ දෙපාර්තමේන්තුවය. මෙම විෂය ඔවුන්ට වඩා ලංවන්නේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවට හෝ ආපදා කළමණාකාර මධ්‍යස්ථානයට වුවද කාලගුණය එසේය. විටෙක නිදිය. විටෙක පැන පැන පිස්සු කෙලිති. අනෙක් අතට මාධ්‍ය ආයතන පවා කිනම් ආයතනයෙන් නිවැරදි නිවේදනය ලබා ගත යුතු දැයි දන්නේද නැත. මන්ද ඊට නියම ක්රවේදයක් නොමැති බැවිනි.
තවත් සුනාමි අවදානමක් කවදා හෝ එනු ඇත. එදිනට ද තෙවෙනි වතාවටත් අද කළ ගොං කම් එලෙසම යළි සිව්වන වතාවටත් සිදුකරන බව අපට සක් සුදක් සේ විශ්වාසය. ඒ මන්ද යත් මරා රෙජීමයට කිසිදු මහජන කටයුත්තක් හෝ රාජ්‍ය කටයුත්තක් හෝ අනා ගන්නේ නැතිව කර ගත නොහැකි බැවිනි.
ලිපිය අවසන් කිරීමට පෙර සුනාමි අවදානම අස්සේ මහජනතාව අතර සංසරණය වූ එස්එම්එස් පණිවුඩයක් මෙහි ලියා තබමු.
zපැසිපික් අනතුරු ඇඟවීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පරාජය කරමු - විමල් වීරවංශZ