ටිකක් තඩි උනාට මරු
අද මං කියන්න යන්නේ හිපොපොටේමස් ගැන...
මෙයාට තියෙන්නේ නම් ටිකක් අමුතු නමක් නේ...
ගොඩබිම වාසය කරන තුන්වැනියටම විශාල සත්ත්වයා වන්නේ හිපපොටේමස්....
එතකොට කවුද කලින් දෙන්නා...
පළමු ස්ථානය හිමි වන්නේ අලියාට...
දෙවැනි ස්ථානය සුදු රයිනෝසිරස්ට...

හිපෝ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් සොයාගෙන තියනවා...
එක්කෙනෙක් තමා අපිට හිපපොටේමස් කිව්ව ගමන් මතක් වෙන සාමාන්‍යයෙන් හිපෝ සහ ප්‍රමාණයෙන් කුඩා පිග්මි හිපෝ...
මේ හිපෝ විශේෂයන් දෙකම දකින්න ලැබෙන්නේ සමකයට ආසන්නයේ අපි‍්‍රකානු රටවලයි...
කෙතරම් විශාල උනත් මොවුන්ට ඇත්තේ කුඩා ඇස්, කන් සහ කුඩා වලිගයකි...

‘හිපපොටේමස්’ කියන නමේ තේරුම වන්නේ ගංගාවේ අශ්වයා කියන එකයි...
හිපෝගේ නිවහන ගොඩබිම නොව ජලයයි...
හිපෝ සතුන් වැඩි කාලයක් ජීවත් වන්නේ ජලයේයි...
වතුර යටට වී කන් සහ නාස් වසාගෙන හුස්ම හිරකරගෙන මිනිත්තු 3ත් 5ත් අතර කාලයක් වතුර යට ඉන්නට හිපෝ සතුන්ට හැකියාව තියනවා...
නැවත හිස වතුරෙන් උඩට එසවෙන්නේ හුස්ම ගන්න ඕනෑ වුණාමයි...
අවශ්‍ය වූ විට ඊට වඩා වැඩි කාලයක් වතුර යටට වී සිටීමට හිපෝ සතුන්ට පුළුවන්...
කිමිදීමේදී ඇස් දෙපස ඇති ඝන ලෝම වලින් ඇස් වසා ගැනීමක් මොවුන් කරනවා...
හිපෝ සතුන්ට පිහිනන්නත් දක්ෂයි වගේම ජලය පතුලේ ඇවිදීමටද හොඳ හැකියාවක් තියනවා...

හිපපොටේමස් කෑමට ඉතා කෑදර සතුන් ජාතියක්...
විශාල ප්‍රමාණවලින් තණ බුදින්න ඌට හැකියාව තිබෙනවා...
විශාල හිපෝ ගහණයක් සිටිනවා නම් උන් රංචු වශයෙන් කෑම සොයා යද්දී තණබිම් විනාශ විමක් දක්නට ලැබෙනවා...
හිපෝ විශාල සත්ත්වයෙක් නිසා එම ප්‍රදේශවල තණබිම් වල පාංශු ඛාදනය ඇති වූ අවස්ථාද වාර්ථා වෙලා තියනවා...
දිනකට 40km පමණ ආහාර සොයා පිහිනන මෙම සතුන් රාත්‍රී කාලයේදී ගොඩට පැමිණ වගාකල උක් සහ ධාන්‍ය වගා ආහාරයට ගනිමින් විනාශ කිරීමට පුරුදු වී ඇත...

හිපෝගේ සම මෘදු වන අතර ලොම් නොමැත...
නාසයේ, කන්පෙතිවල හා වල්ගයේ පමණක් ඝණ රෝම දක්නට ලැබේ...
හිපෝගේ සමට යටින් ඇත්තේ ඝන මේද ස්ථරයක්...
මෙම සතුන්ගේ සමෙන් දියරයක් නිකුත් වේ...
එම දියරය හිපෝ සතුන් දැඩි හිරු රැසින් ආරක්ෂා වන්නට උපකාරී වේ...
අවර්ණ ලෙස සමෙන් නිකුත් වෙන මෙම දියරය කුඩා කාලයකදී පිළිවෙලින් තැඹිලි, රතු හා දුඹුරු පැහැයන්ට හැරේ...
මෙය හිපෝගේ සමෙන් දහඩිය මිශ්‍ර ලේ පැමිණීමක් ලෙස සමහරුන් වරදවා අර්ථකතනය කෙරේ...
වැඩුණු පිරිමි සතුන් එකිනෙකා සමඟ පොර බඳිමින් සටන් කරද්දී ඇති වන තුවාල සුව වීමට ඖෂධයක් ලෙසත් මෙම දියරය ක්‍රියාත්මක වෙනවා...
හිපෝ රංචුවක් හඳුන්වන්නේ හිපෝ පාසල(Hippo School) ලෙසයි...
මෙලස හඳුන්වන එක රංචුවක හිපෝලා 20ත් 100ත් අතර ගණනක් අයත් වෙනවා...
හිපෝලා රංචු ගැසෙන්නේ ගැහැනු සතුන් හා හිපෝ පැටවුන් රංචුවේ මැදට හා පිරිමි සතුන් රංචුව වටේ සිටින ලෙසයි...
පිරිමි හිපෝ සතුන් ගැහැනු සතුන්ට ළං වන්නේ ප්‍රජණන සමයේදී පමණයි...
එසේ නොවන කාලයන් වලදී ගැහැණු සතුන් ඉන්නා තැනකට පිරිමි සත්වයෙක් කිට්ටු වුනොත් ගැහැනු සතුන් සියල්ලෝම එක්වෙලා එම පිරිමි සතාට පහර දී පලවා හරිනවා...

හිපෝ මවක් වරකට බිහි කරන්නේ එක් පැටවකු පමණයි...
ගැබ් ගෙන සති 34ක ගර්භණී සමයක පසුවයි හිපෝ පැටවා මෙලොව එලිය දකින්නේ...
සාමාන්‍යයෙන් හිපෝ පැටවකුගේ උපත ගොඩබිමේ දී සිදුවූවත් ජලය යටදී හිපෝ උපත් සිදුවූ අවස්ථාද කාලාතුරකින් සිදුවී තිබෙනවා...
එලෙස උපදින හිපෝ පැටවකු ඉපදී මිනිත්තු කීපයක් ඇතුළතදීම පිහිනන්න, දුවන්න, පනින්න වැනි බොහෝ දේ ඉගෙන ගන්නවා
හිපෝවන්ගේ තවත් අමුතු හැසිරීමක් වන්නේ හිපෝ මවක් ඇය ජීවත් වන ප්‍රදේශයෙන් පිටතට යනවා නම් තමන්ගේ හිපෝ පැටවා තවත් හිපෝ අම්මෙකුට භාරදීලයි පිටවෙලා යන්නේ...
තවද කුඩා පිරිමි පැටවුන්ට පහර දීමට පැමිණෙන වැඩිහිටි පිරිමි සතුන් පළවා හැරීමට එම සතුන් සමඟ දරුණු සටන් වලට එළඹීමට පවා මෙම හීපෝ මව් සතුන් නොපැලිකේ...
පිරිමි හිපෝ සතුන් එකිනෙකාට අභියෝග කරන්නේ හැකි තරම් මුඛය විවර කරලයි...
එහෙම කරලත් අභියෝගය එල්ල කරන පිරිමි හිපෝ පසුබසින්නේ නැතිනම් ඇඟේ ගැටෙමින් එකිනෙකා සමඟ සටනට පිවිසෙනවා...
යටි හනුවේ තිබෙන උල් දත් මේ සටනට යොදා ගැනෙනවා.
මෙම දත් ඉතා තියුණුය...
61cm දිග සහ 3kg බර වන මෙය ඇත දළ තරමට වටින්නේය.
හිපෝ පිරිමි සත්තු මේ විධියට සටන් වදින්නේ ගැහැනු හිපෝ සතුන්ගේ සිත් දිනා ගැනීමටයි...
මහළු වීමේදී සමහර හිපෝ සතුන් උමතු වී රැලේ සතුන්ට හෝ වෙනත් සතුන්ට ඉවක් බවක් නොමැතිව පහර දීමට පෙළඹෙන බව කියවේ...

පිග්මි හිපෝ සාමාන්‍ය හිපපොටේමස් කෙනකුගේ විශාලත්වයෙන් 1/5 ක් තරම් ප්‍රමාණයෙන් යුතු වෙනවා...
මොවුන්ව කුරු හිපෝ ලෙසත් හඳුන්වනවා...
මොවුන් හමුවන්නේ බටහිර අප්රිකවෙන් පමණයි..
උඩු කොටස කළු සහ පහල කොටස කොළ-කහ වන මෙම පිග්මි හිපෝ පිහිනීමට දක්ෂයෙක් වූවත් සාමාන්‍ය හිපපොටේමස් සත්ත්වයෙක් තරම් ජලයේ ජීවත් වන්නේ නැහැ...
මොවුන් ජීවත් වන්නේ වගුරු ආශි‍්‍රත වනාන්තරවලයි...
සාමාන්‍ය හිපපොටේමස් සත්ත්වයෙන් තරම් කලහකාරී නොවන මොවුන් අනතුරකින් බේරීමට ඝන යටි වියනක් ඇති වනගත ප්‍රදේශවල සැඟවෙනවා...
පිග්මි හිපෝ හරිම සමාජශීලී සතුන් ජාතියක් නොවේ...
නිශාචර සතුන් වන ජීවත්වන්නේ හුදෙකලාව හෝ ජෝඩුවක් හැටියටයි.
දිවා කාලය විවේකයෙන් ගතකර රාත්‍රී වැටුන පසු ආහර සෙවීම ආරම්භ කරනවා...
මොවුන්ගේ ප්‍රධාන ආහාර වන්නේ කොළ වර්ග හා පළතුරු අහාරයට ගන්නවා...
‘පොදු හිපපොටේමස්’ කියලා කියන්නේ අපි කවුරුත් දන්න හිපෝ...
දුඹුරු හෝ අළු පැහැවන මොවුන් ප්‍රමාණයෙන් හුඟක් විශාල ප්‍රචණ්ඩකාරී සත්ත්වයක්...
විශාලත්වයෙන් තුන්වෙනි තැන ගත්තත් බර අතින් නම් මෙයා දෙවෙනි වෙන්නේ අලියාට විතරයි...
එහෙම බරෙන් වැඩි විශාල පොදු හිපෝට පිහිටා තිබෙන්නේ ඉතා කොට පාද සතරක්...
එසේ වුනත් හොඳ වේගයකින් ගමන් කිරීමේ හැකියාවක් මේ සත්වයාට තියනවා...
මුළු අප්‍රිකාව පුරා පැතිර සිටියද අද වන විට මොවුන් අප්‍රිකාවේ උතුරු අක්ෂාංශ 17 අවට ප්‍රදේශයට පමණක් සීමා වී සිටිනවා...
මෙම සතා ජලාශයක් වෙත යනවිටදී එයට හරස් වන ඕනෑම සතෙකුට කිසිඳු පැකලීමකින් තොරව මෙම සතා පහර දෙනවා...
මේ හිපෝ දිවා කාලය ගත කරන්නේ ගංගාවක, විලක හෝ වැවක පතුළේ ගිලී සිටිමිනුයි...
මොවුන් වතුරේ සිටීමට ප්‍රිය කරන අතර එමඟින් ඔවුන්ගේ ශරීරයේ ඇති අධික උෂ්ණත්වය පාලනය කිරීමක් එමඟින් සිදුවේ...
මෙම හිපෝවෙක් හොඳින් වැඩුන විට උස මීටර් 1.5ක් මීටර් 4ක් පමණ දිගක් හා ටොන් 3.6ක් පමණ බරකින් යුක්ත වෙනවා...
කෑම සොයමින් ගොඩට පැමිණෙන්නේ සවස් කාලයේ අඳුර වැටුණාමයි.
නමුත් කෑම සොය වැඩි දුරක් ගමන් කිරීමක් කරන්නේ නම් නැහැ...
ප්‍රධාන ආහාරය තමයි තෘණ වර්ග...
වර්ථමානයේ අප්‍රිකාවට සීමා වුවද මෙම හිපපොටේමස් මුතුන් මිත්තන්ගේ පොසිල ඉන්දියාවෙන් සහ එංගලන්තයෙන් හමුවී තියනවා.
එංගලන්තයෙන් හමුවූ පොසිලය වර්ථමාන සත්වයාට බොහෝ සෙයින් සමාන බව කියවෙනවා...
කෙතරම් විශාල , ශක්තිමත්, ප්‍රචණ්ඩකාරී සතෙක් උනත් හිපපොටේමස්ටත් මිනිසාගෙන් නම් ගැලවීමක් ලැබිලා නෑ...
මෙම සත්වයා වඳවී යාමේ අවධානමට සහ අප්‍රිකාවේ එක කොටසකට පමණක් සීමාවීමට මිනිස් ක්‍රියාකරකම් සෘජුවම බලපා තියනවා...
හිපෝගේ විශාල දත් වලට ඇති අධික වටිනාකම නිසා ඒවා ගැනීමට මෙම සතුන් මරණයට පත් කරන අතර 5cm පමණ ඝණකමින් යුතු සම කස නිපදවීමට යොදාගනී...
තවද මෙම සතාගේ මස් ආහාරයට ගන්න අතර සම සුප් නිපදවීමට යොදාගනී...

මෙම සතා මැරීමට මන්ද, බොරු වලවල් හා ශක්තිමත් කූඩු උපයෝගී කරගන්නා අතර තුවාල කර හෝ නිරාහාරව තබා මෙම සතුන් මරා දමයි...

ස්වභාවධර්මයේ අපූරුවතම නිර්මාණයක් වන මොවුන් රැක ගැනීම අත්‍යාවශ්‍යය...

හිපෝගේ කිමීදීමේ හැකියාව

ආහාර ගැනීම

සමේ තිබෙන ස්වභාවික ආරක්ෂණය
හිපෝගේ සම මෘදු වන අතර ලොම් නොමැත...
නාසයේ, කන්පෙතිවල හා වල්ගයේ පමණක් ඝණ රෝම දක්නට ලැබේ...
හිපෝගේ සමට යටින් ඇත්තේ ඝන මේද ස්ථරයක්...
මෙම සතුන්ගේ සමෙන් දියරයක් නිකුත් වේ...
එම දියරය හිපෝ සතුන් දැඩි හිරු රැසින් ආරක්ෂා වන්නට උපකාරී වේ...
අවර්ණ ලෙස සමෙන් නිකුත් වෙන මෙම දියරය කුඩා කාලයකදී පිළිවෙලින් තැඹිලි, රතු හා දුඹුරු පැහැයන්ට හැරේ...
මෙය හිපෝගේ සමෙන් දහඩිය මිශ්‍ර ලේ පැමිණීමක් ලෙස සමහරුන් වරදවා අර්ථකතනය කෙරේ...
වැඩුණු පිරිමි සතුන් එකිනෙකා සමඟ පොර බඳිමින් සටන් කරද්දී ඇති වන තුවාල සුව වීමට ඖෂධයක් ලෙසත් මෙම දියරය ක්‍රියාත්මක වෙනවා...
ප්‍රජණනය
හිපෝ රංචුවක් හඳුන්වන්නේ හිපෝ පාසල(Hippo School) ලෙසයි...
මෙලස හඳුන්වන එක රංචුවක හිපෝලා 20ත් 100ත් අතර ගණනක් අයත් වෙනවා...
හිපෝලා රංචු ගැසෙන්නේ ගැහැනු සතුන් හා හිපෝ පැටවුන් රංචුවේ මැදට හා පිරිමි සතුන් රංචුව වටේ සිටින ලෙසයි...
පිරිමි හිපෝ සතුන් ගැහැනු සතුන්ට ළං වන්නේ ප්‍රජණන සමයේදී පමණයි...
එසේ නොවන කාලයන් වලදී ගැහැණු සතුන් ඉන්නා තැනකට පිරිමි සත්වයෙක් කිට්ටු වුනොත් ගැහැනු සතුන් සියල්ලෝම එක්වෙලා එම පිරිමි සතාට පහර දී පලවා හරිනවා...

හිපෝ පැටවුන්
හිපෝ මවක් වරකට බිහි කරන්නේ එක් පැටවකු පමණයි...
ගැබ් ගෙන සති 34ක ගර්භණී සමයක පසුවයි හිපෝ පැටවා මෙලොව එලිය දකින්නේ...
සාමාන්‍යයෙන් හිපෝ පැටවකුගේ උපත ගොඩබිමේ දී සිදුවූවත් ජලය යටදී හිපෝ උපත් සිදුවූ අවස්ථාද කාලාතුරකින් සිදුවී තිබෙනවා...
එලෙස උපදින හිපෝ පැටවකු ඉපදී මිනිත්තු කීපයක් ඇතුළතදීම පිහිනන්න, දුවන්න, පනින්න වැනි බොහෝ දේ ඉගෙන ගන්නවා
හිපෝවන්ගේ තවත් අමුතු හැසිරීමක් වන්නේ හිපෝ මවක් ඇය ජීවත් වන ප්‍රදේශයෙන් පිටතට යනවා නම් තමන්ගේ හිපෝ පැටවා තවත් හිපෝ අම්මෙකුට භාරදීලයි පිටවෙලා යන්නේ...
තවද කුඩා පිරිමි පැටවුන්ට පහර දීමට පැමිණෙන වැඩිහිටි පිරිමි සතුන් පළවා හැරීමට එම සතුන් සමඟ දරුණු සටන් වලට එළඹීමට පවා මෙම හීපෝ මව් සතුන් නොපැලිකේ...
හිපෝ සටන්
පිරිමි හිපෝ සතුන් එකිනෙකාට අභියෝග කරන්නේ හැකි තරම් මුඛය විවර කරලයි...
එහෙම කරලත් අභියෝගය එල්ල කරන පිරිමි හිපෝ පසුබසින්නේ නැතිනම් ඇඟේ ගැටෙමින් එකිනෙකා සමඟ සටනට පිවිසෙනවා...
යටි හනුවේ තිබෙන උල් දත් මේ සටනට යොදා ගැනෙනවා.
මෙම දත් ඉතා තියුණුය...
61cm දිග සහ 3kg බර වන මෙය ඇත දළ තරමට වටින්නේය.
හිපෝ පිරිමි සත්තු මේ විධියට සටන් වදින්නේ ගැහැනු හිපෝ සතුන්ගේ සිත් දිනා ගැනීමටයි...
මහළු වීමේදී සමහර හිපෝ සතුන් උමතු වී රැලේ සතුන්ට හෝ වෙනත් සතුන්ට ඉවක් බවක් නොමැතිව පහර දීමට පෙළඹෙන බව කියවේ...

පිග්මි හිපෝ/ Pygmy Hippopotamus (විද්‍යාත්මක නාමය : Choeropsis liberiensis)
පිග්මි හිපෝ සාමාන්‍ය හිපපොටේමස් කෙනකුගේ විශාලත්වයෙන් 1/5 ක් තරම් ප්‍රමාණයෙන් යුතු වෙනවා...
මොවුන්ව කුරු හිපෝ ලෙසත් හඳුන්වනවා...
මොවුන් හමුවන්නේ බටහිර අප්රිකවෙන් පමණයි..
උඩු කොටස කළු සහ පහල කොටස කොළ-කහ වන මෙම පිග්මි හිපෝ පිහිනීමට දක්ෂයෙක් වූවත් සාමාන්‍ය හිපපොටේමස් සත්ත්වයෙක් තරම් ජලයේ ජීවත් වන්නේ නැහැ...
මොවුන් ජීවත් වන්නේ වගුරු ආශි‍්‍රත වනාන්තරවලයි...
සාමාන්‍ය හිපපොටේමස් සත්ත්වයෙන් තරම් කලහකාරී නොවන මොවුන් අනතුරකින් බේරීමට ඝන යටි වියනක් ඇති වනගත ප්‍රදේශවල සැඟවෙනවා...
පිග්මි හිපෝ හරිම සමාජශීලී සතුන් ජාතියක් නොවේ...
නිශාචර සතුන් වන ජීවත්වන්නේ හුදෙකලාව හෝ ජෝඩුවක් හැටියටයි.
දිවා කාලය විවේකයෙන් ගතකර රාත්‍රී වැටුන පසු ආහර සෙවීම ආරම්භ කරනවා...
මොවුන්ගේ ප්‍රධාන ආහාර වන්නේ කොළ වර්ග හා පළතුරු අහාරයට ගන්නවා...
පොදු හිපෝ / Common Hippopotamus (විද්‍යාත්මක නාමය : Hippopotamus amphibius)