බොනවනන් බීපල්ලා හරියට

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
බොනවනන් බීපල්ලා හරියට

මුලින්ම කියන්න ඕනෙ අමද්‍යප අය ඉන්නවනන් මේ නූල ඔබ තුමන්ලාට නොවේ. බොන එක පිලිවෙලට බොන්න කියල දුන්නා මිසක් මත් පැන් පානය කට්ටියට පුරුදු කරන්න දාපු නූලක් හැටියට නොසලකන්න. මත් පැන් පානය ශරීරයට අහිතකරයි. ඕන් ඒකත් කිව්ව. නැත්තන් නඩු නේ:D:D

අරක්කු පානය ආරම්භ කරන විට
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව මේසය මත තැබීමෙන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී දෙතොළ තෙමාගැනීම හෝ සිදුකරන්න.

අරක්කු පානයට අතරමැදින් එක්වන විට
ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූයේනම් අරක්කු පානය කිරීමට පෙර අනිවාර්යයෙන්ම සව්දිය පුරන්න. එසේ කිරීමෙන් ඔබ වෙරිවෙන්නේ නැති හෝ ඔබ පානය කරන අරක්කු වෙන විශේෂ රසක් වීම සිදු නොවේ. නමුත් ඔබ ආචාරශීලී අයෙක් බවට අනෙක් අයට හැගේවි.

හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න
අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.

කිසිමවිටක ඔබේ වීදුරුව තනි නොකරන්න
ඔබ අරක්කු පානය කරනා විට ඔබට නොයෙක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්‍ය වීම මේ අතර ප්‍රධාන වේ. මේ සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානයෙන් නැගිටිනවානම් ඔබේ අරක්කු වීදුරුවත් රැගෙන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව මේසය මත තබා එම ස්ථානයෙන් පිට නොවන්න. මෙසේ කිරීම මගින් ඔබේ අරක්කු වීදුරුවට වෙනත් දේවල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුවේ.

ඔබේ වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එසේම සිදුකරන්න ඉඩ දෙන්න.
ඔබට ගැළපෙන අරක්කු ප්‍රමාණය දන්නේ ඔබ පමණි. එසේනම් ඔබේ අරක්කු වීදුරුව පුරවා ගත යුත්තේ ඔබ විසින්මය. ඔබ තවෙකෙකුගේ තත්වය දන්නේ නැත. එමනිසා අන් අයගේ වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර දෙන්න.

කටගැස්ම සහ මිශක භාවිතයේදී සැළකිළිමත්වන්න
අරක්කු සමග අවශ්‍ය වන ඊළග අංගයනම් කටගැස්මයි. මෙහිදී ඔබ සතුව ඇති අරක්කු ප්‍රමාණය සමග කටගැස්ම ප්‍රමාණයද කළමණාකරණය කරගැනීමේ වගකීම ඔබ සතුවේ. අරක්කු සමග මිශ්‍ර කරනා අනෙක් පාන වර්ගයන් (කොකාකෝලා, ස්ප්‍රයිට්) වැනි දේ සදහාද මෙය මෙසේම වේ.

කටගැස්ම පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න
බොහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත වේ. මේ කිසිම දෙයකින් බොහෝ විට එකම ප්‍රමාණයේ කෑළි කැපිය නොහැකිය. එමනිසා පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න. පීරිසියේ ඇත්තේ ප්‍රමාණයෙන් විශාල කැබලිනම් එම කැබලි දෙකට කඩාගැනීම සිදු කළ හැක.

ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ
අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.

හැකිතාක් ජලය පානය කරන්න
අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. මෙසේ කිරීමෙන් අරක්කු මගින් ශරීරයේ ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිවේ.

අරක්කුවලට ගිජු නොවන්න
මේසය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්‍ය නැත. අරක්කු සියල්ලම නොබීවා කියා කිසිවෙක් ඔබට දෝශාරෝපනය කරන්නේද නැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අරක්කු පානය කරන්න.



වැදගත් උනා නන් රෙපක් බැරි නන් බම්පියක් හරි දාල පලයව්. අපෙ එව්වොන්ට මේවා ගොඩක් වැදගත් නෙව....

PS: මගෙ mail එකට ආපු එකක් තමයි මෙ දැම්මෙ. පස්සෙ තමයි දන්නෙ මේකෙ ඇත්තම හිමිකරුවා තමයි මේ ඉන්නේ http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html
 
Last edited:

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න
    අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.

    machn amuwen gahannda hoda ne kiyla kiyanwa neda?? :confused:
     

    heshan4u

    Active member
  • Nov 9, 2008
    1,712
    19
    38
    Pasyala
    aniwaaaa.........
    ape kastiya bite eka diet karagannawane ban.... :D good Instructions

    Machooo.. boddi dumak danawanam share karagena eeka karanna kiyalat kiyahan machooo...
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න
    අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.

    machn amuwen gahannda hoda ne kiyla kiyanwa neda?? :confused:

    ehema ekak na bn. neat gahaddi tika tika gahapan glass ekakata dagena. modaya wage tak gala bonna epa okkoma tika
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    hariyatama danne na machan. godak ewun kiyanne nan soda naththan water ekka gahanna kiyala.

    hugak coke daala, sprite dala bon kota actual taste eka enne na.

    meka godak balapanne premium whiskey walata. Black label ekak wage bonna mix karanne nethuwa. ehema bonna amaru nam ice cubes hari cool water hari poddak demmata awulak ne. ;););)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    උගුරෙන් පල්ලෙහට යනවනන්.... ඔලුවත් කැරකෙනවනන් මොනා උනාම මොකෝ බන්. උඹ ගහන් ඔන්න ඔහේ:lol::lol:
    :lol::lol::lol::lol::lol::lol: Rep added bro.. දවසක සෙට් වෙලා අරක්කු කරටි කැඩෙන්න ගහමු. හැබැයි ඔන්න උබ තියරියට ගහන්න ඕනෙ හරි...
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න
    අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.

    machn amuwen gahannda hoda ne kiyla kiyanwa neda?? :confused:

    me keyala thiyenne amuwen gahana ekak gana nemai ban, coke sprite, wena wena ewa dammama arakkuwala rada suwada wenas wenawa, ethakota upset yannath puluwan, eka nesai soda or water kalawam karala[අමිශ්‍ර අරක්කු ] bonna keyanne,
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :lol::lol::lol::lol::lol::lol: Rep added bro.. දවසක සෙට් වෙලා අරක්කු කරටි කැඩෙන්න ගහමු. හැබැයි ඔන්න උබ තියරියට ගහන්න ඕනෙ හරි...

    wathura bona wade thamaa poddak awul. muladi nan patan ganna puluwan. tikak wela yaddi ooka amathaka wela yanawa ban :lol::lol::lol:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    "සව්දිය පුරන්න" meke meaning eka mokadda bun?

    Cheers, the term originated in 16th century Ireland, the intention is toast. At that time the Irish drinkers, there is such a habit, put a piece of toast into a glass of whiskey or beer in order to improve the alcohol and the removal of impure alcohol. By the 18th century, the "Cheers" is the meaning of the word only today, and congratulations to develop into a community tribute. Cheers, people often have to clink with each other, it is said that the church bell with the same meaning, in order to ward of evil spirits.

    Source : http://www.blurtit.com/q580012.html