thank u very much machangMaru kathaa tika machan.samahara ewa nam ahala thiyenawa.
rep+



kamak na machangYou must spread some Reputation around before giving it to Mr.Truth again

හරි පාරසයිමා : වයිමා හොදටම විශ්වාසද අපි යන පාර හරි කියලා?
වයිමා : ඇයි සයිමෝ මාව සැකද? මේක තමා හරි පාර.
සයිමා : මන් හිතන්නෙ අපිට පාර වැරදුනා.
වයිමා : පිස්සුද සයිමො මට එහෙම වරදින්නෙ නෑ.
සයිමා : මන් හිතුවා හරි.පෙන්නේ නැද්ද මේක කනත්තකට යන පාරක්නෙ
වයිමා : මොනවා? බය හිතෙන කතා කියන්න එපා.කනත්තක් නම් හොල්මන් එහෙමත් ඇතිනේ.
සයිමා : අර අර තියෙන්නෙ සොහොන් කොතක් ටිකක් ලන් වෙලා බලමු.
වයිමා : ඕනෙ නැ බං.
සයිමා : කෝකටත් බලමුකෝ
වයිමා : හරි හැබැයි තනියම බෑ.දෙන්නම යමු.
සයිමා : මෙකෙ උඩින්ම ඉලක්කම් වගයක් තියෙන්නෙ වයස වෙන්න ඇති.
වයිමා : 250යි.සයිමො මිනිහෙක්ට අවුරුදු 250ක් ඉන්න පුලුවන්ද?
සයිමා : සමහරවිට මෙ ගමෙ අය එහෙම ඉන්නවද දන්නෙ නෑ නෙ.
වයිමා : මොකක්ද වයසට යටින් කොටලා තියෙයෙන්නෙ?
සයිමා : නම වෙන්න ඇති.හිටින් පොඩ්ඩක් ලන් වෙලා බලන්න.ටිකක් අමුතු නමක් නෙ.
වයිමා : මොකක්ද නම?
සයිමා: කිලෝ මීටර්
ලස්සන හැසිරීම
සයිමා: මන් මේ වයිමා මුනගැහෙන්නමයි හිටියෙ
වයිමා: ඒ ඇයි සයිමො
සයිමා: මොකද මේ වයිමා එක පාර ලවක් දෙවක් නැතුව බොන්න ගත්තේ?ප්‍රශ්නයක් නම් මටත් කියන්න.තනියම බොන්න එපා.
වයිමා: මට කිසි ප්‍රශ්නයක් නැ.
සයිමා: එහෙනම් වෙනදට වඩා බොන්නෙ ඇයි?
වයිමා: සයිමා දන්නවනෙ මං ලස්සනට ඉන්න කැමති විත්තිය.
සයිමා: ඒකට බීලා හරියන්නෙ නෑනේ
වයිමා: මොකද නැත්තෙ.හාමිනෙ තමා කිව්වෙ මට මෙහෙම බොන්න කියල.
සයිමා: මොනවා?වයිමගෙ හාමිනෙ කිව්වා?
වයිමා: මෙකනෙ උනෙ අවුරුද්දට අපෙ ගෙදර පාටියක් තිබ්බනෙ.එදා මම හොදටම බීලනෙ හිටියෙ.
සයිමා: ඉතින්?
වයිමා: පහුවදා උදේ නැගිට්ටහම මට කලින් දවසෙ මුකුත් මතක නෑ.හාමිනෙ මට කිව්ව ඊයෙ බීලා හැසිරිච්ච හැටි හරි ලස්සනයි කියලා.මන් ඉතින් ලස්සනට ඉන්න ඕන නිසා බොනවා හැමදාම.
සිරියාවතී
සයිමා: වයිමා මොකො මේ දවස් ටිකෙම ප්‍රශ්ණෙකින් වගේ?
වයිමා: කතා කරල වැඩක් නෑ සයිමො.
සයිමා: මොකද උනෙ?
වයිමා: සයිම දන්නවනෙ මගෙයි සිරියාවතියි යාළු වෙලා හිටියනෙ.
සයිමා: ඔව් ඔව්.ඇයි සිරියාවතිට මොකක් හරි ප්‍රශ්නයක්ද?
වයිමා: නෑ නෑ සිරියාවති නිසා මටයි ප්‍රශ්නෙ.
සයිමා: මට තෙරුනෙ නැ.
වයිමා: සිරියාවතිගෙයි, මගෙයි සම්බන්දෙ දැන් නැ නේ
සයිමා: ඇයි සම්බන්දෙ නතර උනේ?
වයිමා: දවසක් එයාගෙ ඇද යට තිබිලා සිගරට් කොට වගයක් අහු උනා.
සයිමා: වයිමා නම් මහ මෝඩයෙක්
වයිමා: එ ඇයි?
සයිමා: ඒ වගෙ පුන්චි දේකට හොයන්නෙ බලන්නෙ නැතිව කෙල්ලව අතාරිනවද?
වයිමා : සයිමා මේ මොනවද කියන්නෙ?මන් නෙමෙ සිගරට් බොනවා වැඩියි කියලා එයයි මාව අතැරියෙ.
ඇහැ නිසා
සයිමා : වයිමා මොකො මේ ඇහැක් රතුවෙලා?
වයිමා : මාර වැඩේ නේ උනේ. මගෙ වම් ඇහැට රොඩ්ඩකුත් ගියානෙ.ඒක අයින් කරන්න් දොස්තරට 300කුත් ගියා.
සයිමා : අයියෝ ඕක මොකක්ද?වයිමට වම් ඇහැ නිසා ගෙවන්න උනේ රුපියල් 300යි.මන් දකුනු ඇහැ නිසා අවුරුදු 20ක ඉදන් ගෙවනවා.
වයිමා : මොකක්ද සයිමා ඒ කතාවෙ තෙරුම?
සයිමා : මන් මගෙ ගෑනිව මීට අවුරුදු 20කට කලින් යාළු කරගත්තේ දකුනු ඇහැ ගහලනේ.
දුම් සංඥ්ඥාව
වයිමා : සයිමා අර ඈත පෙන්නෙ දුමක් නේද?
සයිමා : ඔව්මයි දුමක් තමා.මොකක්ද ඒ?
වයිමා : මේ පැත්තට එනවා කවුද හාදයෙක් අපි මිනිහගෙන් අහල බලමු.
සයිමා : මේ උන්නැහෙ අර දුමක් පෙන්නෙ කොයි හරියෙද?
මිනිසා : ඒ අර වැදි ගම්මානයනෙ
වයිමා : එහෙනම් එකත් එකටම ඕක සංඥ්ඥාවක් වෙන්න ඇති.මන් අහලා තොයොයනවා ඔහොම සංඥ්ඥා ගැන.
සයිමා : උන්නැහෙ හැබෑවට මොකක්ද ඒ සංඥ්ඥාව
මිනිසා : ආ..........එකෙන් කියන්නෙ කඩයක් ගිනිගන්නවා කියල.
වයිමා : කඩයක් ගිනිගන්නවා?ඒක හෙන අමුත් සංඥ්ඥාවක් නේ.කොහොමද කඩයක් ගිනිගනිද්දි සංඥ්ඥා කරන්නෙ?
මිනිසා : අමුතුවෙන් මොන සංඥ්ඥාද මහත්තයො.ඔය දුම එන්නෙ ගිනි ගන්න කඩෙන් තමා.
දෙගුනයක් ඉක්මන්
සයිමා : ම්............අර වයිමා නේද කම්මුල්ට අත ගහන් බලන් ඉන්නේ.මොකද වයිමො දාහට අරන් සීයට දීලා වගේ
වයිමා : බලන්නකො සයිමා හොද කරන්න ගිහින් මට උන දේ.
සයිමා : ඇයි මොකද උ
වයිමා : සයිමා දන්නවනේ මන් කවදත් කඩිසර මිනිහා විත්තිය.
සයිමා : මොකො මන් නොදන්නේ
වයිමා : මන් කන්තෝරුවෙ අනිත් අය දවස් දෙකෙන් කරන වැඩෙ එක දවසින් කරනවා
සයිමා : ඉතින්?
වයිමා : හාමිනෙ එක්ක ට්‍රිප් එකක් යන්න මන් ඊයෙ ලොක්කගෙන් නිවාඩු ඉල්ලුවා
සයිමා : ලොක්ක නිවාඩු දුන්නෙ නෑ?
වයිමා : නෑ නිවාඩු දුන්නා.අනිත අය දවස් දෙකෙන් කරන වැඩෙ එක දවසින් කරනවා කියල දවස් දෙක හමාරයි නිවාඩු දුන්නේ.
නැතිවුන බඩු
සයිමා : මොකෝ වයිමා තරහෙන් වගේ
වයිමා : ඉදලා වැඩක් නෑ.අමාරුවෙන් ගත්ත බඩු ටික
සයිමා : මොකද වයිමො.මොකක්ද ප්‍රශ්නෙ.මොකද මේ බෝතලෙකුත් කිහිල්ලෙ ගහන්
වයිමා : කියල වැඩක් නෑ සයිමා
සයිමා : නාහෙන් අඩන්නෙ නැතුව කියපන්කො
වයිමා : මගෙ බඩු ඔක්කොම නැති උනා සයිමො
සයිමා : එ කිව්වෙ ගෙදරට හොරු පැන්නද?කවද්ද ඊයෙද?පොලිසියට කිව්වද?ඔහොම ඉදලා හරියන්නෙ නෑ.ගිහින් පොලිසියට කියමු.
වයිමා : මෙ මොනවද කියන්නෙ?මගෙ ගෙදරට හොරු පැන්නෙ නෑ.
සයිමා : එහෙනම් බඩු ඔක්කොම නැති උනා කිව්වෙ?
වයිමා : බඩු ටික නැති උනෙ කිහිල්ලෙ ගහන් එද්දි මූඩිය ඇරිලා.
දිවියලෝකෙ යමුද?
සයිමා : වයිමා නේද අර බාර් එකට වෙලා හොඩටම බොන්නෙ.කතා කලොත් සීලවන්තයයා.අබරන්නම් හොද ගුලියක්.
වයිමා : අහ් සයිමා නේද අර?මන් මොකටද බය වෙන්නෙ.මන් බොන්නෙ මගෙ සල්ලි වලින්නෙ.
සයිමා : බාර් එකෙ ඔක්කොම බිලා නිසා මගෙ විහිලුවට රැවටෙවි.
වයිමා : අරු මොකද අර මේසෙට නැග්ගෙ?
සයිමා : හරි කට්ටියම අහගන්න.මෙතන දිවියලෝකෙ යන්න කැමති අය ඉන්නවනම් නැගිටින්න.
වයිමා : මෙ මොනවද මූ කියවන්නෙ?
සයිමා : ඔක්කොමල නැගිට්ටට වයිමා නැගිට්ටෙ නෑ.මොකද වයිමා කැමති නැද්ද මැරුනට පස්සේ දිවියලෝකෙ යන්න?
වයිමා : අහ් මැරුනට පස්සෙද?එහෙනම් මාත් කැමතියි.
සයිමා : ඇයි වයිමා හිතුවෙ කොහොමද?
වයිමා : මන් හිතුවෙ මෙ අරක්කු ටික බොන්න කලින් දිවියලෝකෙ යන්න කතා කලා කියල.
පුදුම බෝලේ
සයිමා : මොකක්ද වයිමා ඔය අතේ තියෙන්නෙ බෝලයක් නේද?
වයිමා : මේක මෙ එසේ මෙසේ බෝලයක් නෙමේ.මෙක වටින බෝලයක්
සයිමා : මොකක්ද ඕකේ තියන වටින කම?
වයිමා : වයිමා දන්නේ නෑනෙ.මෙක මැජික් බොලයක්
සයිමා : මොකක්ද ඉතින් ඕකෙ තියන මැජික් එක?
වයිමා : මැජික් එක තමා.මෙ බොලෙ නැතිවෙන්නෙම නෑ.
සයිමා : ඒ කිව්වෙ?
වයිමා : මෙක පදුරක් අස්සෙ රැදුනොත් බීප් බීප් ගානවා.වතුරට වැටුනොත් පාවෙනව.රෑට එලියක් දෙනවා.මොන විදියටවත් මෙක නැති වෙන්නෙ නෑ.
සයිමා : දැන් වයිමට කොහෙන්ද ඕක?
වයිමා : ආ...මන් මෙ දැන් මෙතනින් යද්ද අර පදුර අස්සෙ තිබිල ඇහින්දෙ
කාසියේ වාසිය
මිනිසා : ම්............කවුද අර මගේ ඉස්සරහට දුවගෙන එන්නෙ.හොරුවත්ද?
සයිමා : සර්.....
වයිමා : සර් අපිට රුපියලක් දෙනවද?
මිනිසා : මේ තමුසෙලා හොරු නේද?
සයිමා : ඔව් සර්...
වයිමා : තමුසෙලා ආවෙ මගෙ සල්ලි හොරකම් කරන්න නේද?
සයිමා : ඔව් සර්...
මිනිසා : එහෙනම් තමුසෙලා ඇයි මගෙන් රුපියලක් ඉල්ලන්නෙ?
වයිමා : කාසියෙ වාසිය බලන්න
මිනිසා : ඒ කිව්වෙ?
සයිමා : අපි දෙන්නගෙන් කවුද මුලින්ම සර්ව මන්කොල්ල කන්නෙ කියලා ටොස් එක දාලා බලන්න
රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.
පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.
![]()







