ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං ෆෝන් එක off කරලා Volume Down+Home+Power තමා download mode එකට යන්න press කරන්න ඕනේ. එතනදී warning එකක් ඒවි. ආයිත් volume up එක press කලාම download mode :)
    :love::love::cool:
    corrected මචො. මම දාල තියෙන්නෙ recovery mode එක නෙද?
     
    Last edited:
    • Like
    Reactions: vpsupun

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Machan chirichiri ubata matakada apidenna mahansiwela mage fon akata rom akak damma (huawei u8180)(GB Rom).ake Wi-fi wada natuwa mama akata Stock rom aka damma dan machan ait mata kalin rom aka daganna balanakota aka danna bane ban Recovery mod akata awit verify wenawa 17% atanin question mark akak watila restart wenawane ban.mama ait try kala atakota verify wennet natuwa question mark watila restart wenawa ai ban a mata meka kohomahari hadaganna one ban.PLS help machanla

    Machanla udaw karapallako kawruwat me gana danne nadda.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machanla udaw karapallako kawruwat me gana danne nadda.

    උඹ දාපු custom rom එක මොකක්ද? ඒක පාවිච්චි කලාට පස්සේ උඹ අයේ stock rom එක දැම්මේ කොහොමද?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    For GNote users with LPY ROM

    මචංලා... පොඩි අනතුරු ඇඟවීමක් කරන්න හදන්නේ (මේ පාර serious). අලුතෙන් ආපු LPY ROM එක නිසා brick කර ගතපු අය දැන් ගොඩක් ඉන්නවා. ගොඩක් දෙනා Brick කරගෙන තියෙන්නෙ LPY එකෙන් ආයිත් GB  ROM එකට මාරු වෙනකොට සහ full wipe දාන්න ගිහින්. දැනට 10-20 විතර ඉන්නවා softbrick & hardbrck වෙච්ච එවුන්.

    පහල ලින්ක් ටික බලන්න.
    http://forum.xda-developers.com/showthread.php?t=1653290
    http://forum.xda-developers.com/showthread.php?t=1649982
    http://forum.xda-developers.com/showthread.php?t=1650209
    http://forum.xda-developers.com/showthread.php?t=1653582

    මම දෙන උපදෙස් නම්,
    දැනට LPY පාවිච්චි කරන අය පාවිච්චි කරන්න. අවුලක් නෑ. හැබැයි CWMR එකට අත තියන්න වත් එපා. mods, roms එහෙම flash කරන්න හිතන්න වත් එපා. ඔහොම අල්ලගෙන ඉන්න ඔය bugz fix කරලා අලුත් ROM එකක් samsung ලා දාන කල්. ආ... තව CWM එකෙන් Wipe/Factory Reset කරන්න එහෙම යන්න එපා. ඒක අන්තිම reset එක වේවි.

    GB ROM එකකට මාරු වෙනවා නම් හරි Instructions follow කරන්න. සමහර අය GB stock ROM එක කෙලින්ම PC Odin වලින් flash කරලා වැඩේ දෙල් කරගෙන තියනවා. සමහර අයට හරි ගිහින් තියනවා (මාත් එක්කම - මම අද අලුත් CM9 එක දැම්මා). ඉතිං කරන දෙයක් දෙපාරක් හිතලා බලලා කරන්න. මාත් GB pre-rooted stock ROM එක දැම්මේ වැඩිය හොයලා බලන්නේ නැතුව. වාසනාවට අවුලක් උනේ නෑ.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මට තියෙන ප්‍රශ්නේ ඈයි බන් ගොඩාක් Samsung වලට official ICS update එකක් නෑතිව හදන්නේ. S2, Note වලට විතරයි have. මල මගුලක්නේ බන්ස් මේක. එහෙම බලද්දි Nexus කොච්චර හොදද ගෙඩි පිටින් ICS :P

    මගේ පොඩි idea එකක්, මෙතන android වලට set වෙන්න ආසාවෙන් ඉන්න ගොඩාක් උන් ඈතිනේ ඒ හින්දා උබලා benchmark කරලා තියෙන phones වලින්, එක එක price ranges වලට ගන්න පුලුවන් හොදම කියලා හිතෙන devices ටික දෑම්මොත් මොකද.. එක එක තෑන් වල reviews කියවල ගන්නවට වඩා, කවුරුහරි use කරලා තියෙන එකක් බය නෑතිව ගන්න පුලුවන්නේ.:yes:

    නිකන් මේ වගේ..

    15K-20K -------->
    20K-25K -------->
    25K-30K -------->
    30K-35K -------->
    35K-40K -------->
    40K-45K -------->
    45K-50K -------->
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචංලා... පොඩි අනතුරු ඇඟවීමක් කරන්න හදන්නේ (මේ පාර serious). අලුතෙන් ආපු LPY ROM එක නිසා brick කර ගතපු අය දැන් ගොඩක් ඉන්නවා. ගොඩක් දෙනා Brick කරගෙන තියෙන්නෙ LPY එකෙන් ආයිත් GB ROM එකට මාරු වෙනකොට සහ full wipe දාන්න ගිහින්. දැනට 10-20 විතර ඉන්නවා softbrick & hardbrck වෙච්ච එවුන්.

    පහල ලින්ක් ටික බලන්න.
    http://forum.xda-developers.com/showthread.php?t=1653290
    http://forum.xda-developers.com/showthread.php?t=1649982
    http://forum.xda-developers.com/showthread.php?t=1650209
    http://forum.xda-developers.com/showthread.php?t=1653582

    මම දෙන උපදෙස් නම්,
    දැනට LPY පාවිච්චි කරන අය පාවිච්චි කරන්න. අවුලක් නෑ. හැබැයි CWMR එකට අත තියන්න වත් එපා. mods, roms එහෙම flash කරන්න හිතන්න වත් එපා. ඔහොම අල්ලගෙන ඉන්න ඔය bugz fix කරලා අලුත් ROM එකක් samsung ලා දාන කල්. ආ... තව CWM එකෙන් Wipe/Factory Reset කරන්න එහෙම යන්න එපා. ඒක අන්තිම reset එක වේවි.

    GB ROM එකකට මාරු වෙනවා නම් හරි Instructions follow කරන්න. සමහර අය GB stock ROM එක කෙලින්ම PC Odin වලින් flash කරලා වැඩේ දෙල් කරගෙන තියනවා. සමහර අයට හරි ගිහින් තියනවා (මාත් එක්කම - මම අද අලුත් CM9 එක දැම්මා). ඉතිං කරන දෙයක් දෙපාරක් හිතලා බලලා කරන්න. මාත් GB pre-rooted stock ROM එක දැම්මේ වැඩිය හොයලා බලන්නේ නැතුව. වාසනාවට අවුලක් උනේ නෑ.

    Note එකක් brick උනොත් නම් ඉතින් ඉදලා වෑඩක් නෑ :sorry:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Samsung phone වලට custom ROM, kernel flash කරදින් එක track වෙන seen එක තමයි binary counter එක කියන්නෙ. එක phone එකෙ download mode එක on උනාම පෙන්නනව. ( volume up+ power+ Home buttons එකට ඔබාගෙන ටික වෙලාවක් ඉන්න.). flash counter එක warranty එක ට බලපානව.

    Flash this kernel through PC odin, that will reset your count and remove the triangle.

    then flash the stock rom through PC odin and you are good to go.

    PM me once you are done with download so that I will remove the file.

    Source : http://forum.xda-developers.com/showpost.php?p=26088156&postcount=23

    මේක ඕන ඇනඩ්‍රොයිඩ් ෆෝන් එකකට හරියනවද?? මගේ ලග තියෙන්නේ SGAce එකක්...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    අපිත් දෙම්ම කොමෙන්ට්. :)

    11.gif
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Flash this kernel through PC odin, that will reset your count and remove the triangle.

    then flash the stock rom through PC odin and you are good to go.

    PM me once you are done with download so that I will remove the file.

    Source : http://forum.xda-developers.com/showpost.php?p=26088156&postcount=23

    මේක ඕන ඇනඩ්‍රොයිඩ් ෆෝන් එකකට හරියනවද?? මගේ ලග තියෙන්නේ SGAce එකක්...

    බුදු අම්මෝ නැතෝ ... ඕක හරියන්නේ Samsung වලට විතරයි. ඒකෙත් Gnote වලට විතරයි (මන් හිතන්නේ - මොකද මම ඕක තාම හරියට බැලුවේ නෑ.). SGAce එකෙත් counter එක තියනවද :shocked:...? ඕක reset කරන්න ඕන තරම් ක්‍රම තියනවා. නමුත් තමුන්ගේ ෆෝන් එකට ගැලපෙන ක්‍රමය තෝර ගන්න ඕනේ.

    Edit : ඔවු .. මම ඇරලා බැලුවා. ඕකේ තියෙන්නේ kernel එකක්. අනිවා Gnote වල stock LPY kernel එක වෙන්න ඕනේ. ඒ නිසා වෙන කවුරුවත් ඕක try කරන්න යන්න එපා.
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    බුදු අම්මෝ නැතෝ ... ඕක හරියන්නේ Samsung වලට විතරයි. ඒකෙත් Gnote වලට විතරයි (මන් හිතන්නේ - මොකද මම ඕක තාම හරියට බැලුවේ නෑ.). SGAce එකෙත් counter එක තියනවද :shocked:...? ඕක reset කරන්න ඕන තරම් ක්‍රම තියනවා. නමුත් තමුන්ගේ ෆෝන් එකට ගැලපෙන ක්‍රමය තෝර ගන්න ඕනේ.

    Edit : ඔවු .. මම ඇරලා බැලුවා. ඕකේ තියෙන්නේ kernel එකක්. අනිවා Gnote වල stock LPY kernel එක වෙන්න ඕනේ. ඒ නිසා වෙන කවුරුවත් ඕක try කරන්න යන්න එපා.

    මටත් දැනගන්න ඕන ඒක තමයි...
    මොකද මම ෆෝන් එක කීප සැරයක් Flash කරා...
    :sorry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ochara marenne usb jig ekak ebay eken ganin ko.. ;)
    ඒ හුට්ටප්පරේ ගැන තව ඩිංගක් පැහැදිලි කොරපංකො...
    කෝමද ඒකෙන් වැඩේ කරගන්නේ..
    නොදැනුවත්කමටයි ඇත්තටම අහන්නේ...:(
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    C ROM ekak flash karala ayeth Stock ROM eka Odin walin damma...
    passe thawa deparak withara S ROM eka odin walin damma machan...

    custom ROM එක දැම්මේ කොහොමද (ඒ කියන්නේ Root කරලද තියෙන්නේ)? හරි දැං binary counter එක up වෙලාද ? කීයද තියෙන්නේ (download mode ගිහින් බලන්න) ?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machan mata sgsii ekata patta stable rom ekak diyanko?

    Stock ROM එක තමා පට්ටම stable :D . නැත්නම් CM9, AOKP වගේ එකක් බලන්න :). පොඩ්ඩක් XDA forum එකේ ඇවිද්ද නම් ගැලපෙන එකක් හොයාගන්න පුළුවන් වේවි.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    custom ROM එක දැම්මේ කොහොමද (ඒ කියන්නේ Root කරලද තියෙන්නේ)? හරි දැං binary counter එක up වෙලාද ? කීයද තියෙන්නේ (download mode ගිහින් බලන්න) ?
    C ROM එක දැම්මේ CWM එකෙන්...
    රූට් කරා..
    ඩව්න්ලෝඩ් මෝඩ් එකේ පෙන්නන්නේ Downloading කියලා විතරයි... counter එකක් පෙන්නන්නේ නෑ..
    අන්තිමට S ROM එක දැම්මට පස්සේ රූට් කලෙත් නෑ CWM දැම්මෙත් නෑ මචං...:sorry:

    ඩව්න්ලෝඩ් මෝඩ් එකට ගියා කියලා දැන් තියෙන සිස්ටම් එකට අවුලක් වෙන්නේ නෑ නේද???
    මොකද අද මම කේබල් එක ගෙනාවේ නෑ මොනවත් කරන්න....
     
    Last edited:
    Status
    Not open for further replies.