පාර්ලිමේන්තු වරප්‍රසාද
ඔයාල කල්පනා කරනවා ඇති අපේ පාර්ලිමේන්තු උතුමන්ලා පාර්ලිමේන්තුවේදී මොනවා කතා කලත් කව්රුවත් මුකුත් ඒ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි කියලා.එකට හේතුව තමයි එයාලට අපි කිසි කෙනෙකුට නැති විශේෂ වරප්‍රසාද රාශියක් නීතියෙන්ම ලබා දීල තිබීම.දැන් බලන්න යන්නේ මොනවද ඒ කියන විශේෂ වරප්‍රසාද කියලා.
අපේ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය අවරුදු 60 ක් විතර පරණයි.මේක හදන්න ආදර්ශයට ගත්තේ එංගලන්තේ.අපේ රටේ 1972/78 ව්‍යවස්ථා වලින් මේ නීතිය පිලි අරගෙන තියෙනවා.මේ පනතේ 4 වෙනි වගන්තියෙන් පාර්ලිමේන්තුව තුලදී එයාලට හිමි වෙන වරප්‍රසාද මොනවද කියල විස්තර කරලා තියෙනවා.ඒ මෙහෙමයි.
1. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම භාෂනයේත් විවාදයේත් උපරිම නිදහස හිමි වෙනවා.ඒක වෙනත් කිසිම සාමාන්‍ය පුරවැසියෙකුට නොලැබෙන වරප්‍රසාදයක්
2. මෙයාල පාර්ලිමේන්තුව ඇතුලෙදි කරන කිසිම ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගන්න,සිරගත කරන්න,වන්දි ගෙවන්න සලස්වන්න බැහැ.ඒ කියන්නේ මේ ප්‍රකාශයක් සම්බන්දයෙන් කිසිම දඩුවමක් ලබා දෙන්න බැහැ.
3. ඒ විතරක් නෙවෙයි.පාර්ලිමේන්තුව ඇතුලේ කරන කිසිම ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන් පිටත කිසිම අධිකරණයකින් ප්‍රශ්න කරන්නත් බැහැ.
4. මේක ව්යතිරෙකයකට යටත් නොවෙන නීතියක්.ඒ කියන්නේ අපහාස නීතිය හෝ වෙනත් කිසිම චෝදනාවකට මෙයාල කව්රුත් යටත් නැහැ.මෙයාල කරන ප්‍රකාශයකින් දැනට ජීවත්වෙන හරි,මිය ගිය හරි කෙනෙකුට,සමාගමකට මදිපුංචිකමක් සිද්ධ වුනත් කාටවත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ,

4 වෙනි වගන්තියෙන් කිව්වේ පාර්ලිමේන්තුව ඇතුලේ මෙයාලට ලැබෙන වරප්‍රසාදනේ.පාර්ලිමේන්තුවෙන් පිටතදී මෙයාලට හිමි වෙන වරප්‍රසාද 5 වෙනි වගන්තියේ සදහන් වෙලා තියෙනවා.
කිසිම මන්ත්‍රීවරයෙක් තමන්ගේ කාර්යයක නිරත වෙලා ඉන්න අතරතුර අත්අඩංගුවට ගන්න බැහැ.ඒ වගේම පාර්ලිමේන්තුවට එන අතරතුර අත්අඩංගුවට ගන්නත් බැහැ.හැබැයි ඒ සිවිල් නඩුවකට අදාලව විතරයි.මේ වරප්‍රසාදය අපරාධ නඩු,හදිසි රෙගුලාසි වලට අදාළ නැහැ.

මෙව්වා ඉතින් අපට නම් ගොඩක් අදාළ වෙන්නේ නෑ.මොකද අපි මන්ත්‍රී උත්තමයෝ එක්ක හැප්පෙන්න යන්නේ නැනේ.මෙව්වා ගොඩක්ම බලපාන්නේ ජනමාධ්‍යවේදීන්ට.මේ වරප්‍රසාද කඩ වෙන්නේ කොහොමද කියල A උපලේඛනයේ සදහන් වෙලා තියෙනවා.
1. පාර්ලිමේන්තු විවාද,කතා පිළිබද සාවද්‍ය තොරතුරු පල කිරීම තහනම්.
2. ජනතාව මුලා කරන,විකුර්ති වාර්තා පල කිරීමත් තහනම්.
3. පාර්ලිමේන්තුව තහනම් කරපු විවාදයක් පල කිරීමත් තහනම්.
4. පාර්ලිමේන්තුව විවේචනය කරන,අපහාසාත්මක ප්‍රකාශ පල කිරීමත් තහනම්.
5. මන්ත්‍රීවරයෙක් ගැන,හැසිරීම් ගැන අපහාසාත්මක ප්‍රකාශ පල කිරීමත් තහනම්.
6. මුද්රනාලාධිපති මුද්‍රණය කල යුතු මනතක්,වාර්තාවක් මුද්‍රණය කිරීමත් තහනම්.
7. ඒ වගේ වැඩකට අනුබල දීමත් තහනම්.

කොහොමද වැඩේ.ඒ පර්ලිමෙන්තුවින් පිටතනේ.අනිත් උපලේඛනයේ තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙදි ඔය වරප්‍රසාද කඩ වෙන්න පුළුවන් විදිය.
1. පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග පාර්ලිමේන්තු වාර්තාවට කලින් පල කිරීම තහනම්.
2. සාක්ෂිකාරයෙක් විදියට මන්ත්‍රීවරයෙක් ඉදිරියේ ඇත්ත වසන් කිරීම තහනම්.
3. මන්ත්‍රීවරයෙකුට ගරුසරු නැතුව කතා කිරීම,බාධා කිරීම,නිලධාරියෙකුට පහර දීම තහනම්.
4. කතානායක හෝ මන්ත්‍රීවරයෙකුගේ නියමයක් පිලි පැදීමෙන් වැලකීම තහනම්.

මේ විදියට බැලුවම මේ එළකිරි එකේ සමහරු දාන ත්රෙඩ්ස් , කොමෙන්ට්ස්,නිවුස් වලින් උනත් මේ වරප්‍රසාදය කඩ කළා කියල නඩු දාන්න පුළුවන්.හැබැයි මරුම වැඩේ කියන්නේ එහෙම උනොත් නඩු දාන්නේ,වන්දි ගෙවන්න වෙන්නේ ඒ ත්‍රෙඩ් ඒක දාපු කෙනාට නෙවෙයි.එළකිරි එකේ ඇඩ්මින් ට.එතකොට මන්ත්‍රීගොල්ලෝ ගැන කතා කරන්න තියෙන නිදහස බොහොම සීමාසහිතයි කියල ඔයාලට හිතෙනවා ඇති.ඔව් එහෙම තමයි.වරප්‍රසාදයක් කඩ කලොත් අවරුදු දෙකක් හිරේ ලැගලා,5000 ක දඩේකුත් කාලා තමයි එලියට එන්න වෙන්නේ.

හැබැයි මේ කොයි තරම් නීති තිබුනත් දක්ෂ මාධ්‍යවේදියාට පුළුවන් ඕවට අහු නොවී මහජනයාට ඇත්ත හෙළි කරන්න.එකට නීතිය ගැන පුළුල් දැනුමකුත්,හොද අත්දැකීම් සම්භාරයකුත් තියෙන්න ඕනා.ඒ වගේ මාරු සිද්ධියක් මම ඔයාලට කියන්නම්.ඔන්න අපේ රටේ හිටිය "මැල්" කියලා මුදල් ඇමතිවරයෙක්.මෙතුමා ඒක සැරයක් අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා කතාවේදී කිව්වලු "අපි කලින් තිබුණු අයවැයේ හිල් මැකුව" කියලා.මේ අයවැය ගන්නම දෙයක් නැතිලු.මේකට තද උන එක්තරා ජාතික පුවත්පතක කර්තෘ කෙනෙක් පලවෙනි පිටුවේම "හිල් මැකු" අයවැය කියලා හෙඩිම දැම්මලු."හිල් මැකු" කියන ඒක අනිත් පැත්ත හැරෙව්වම එන්නේ මොකද්ද කියලා තේරෙනවා ඇතිනේ.

ඔන්න තවත් දවසක අයවැය විවාදය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදියෙක් සිගරට් එකක් පත්තු කරගෙන ආපස්සට හැරෙනකොටම මුදල් ඇමතිතුමාගේ ඇගේ හැප්පුනාලු.මේකට නහුතෙට මල පැනපු මන්ත්‍රීතුමා කිව්වලු "තමුසෙට හෙට ඉදන් සිගරට් බොන්න මම ඉඩ තියන්නේ නෑ" කියලා.වාර්තාකාරය කන්තෝරුවට ගිහින් නිවුස් එකක් ලිව්වලු "හෙට සිට සිගරට් මිල ඉහලට" කියලා.

ඔන්න ඔව්වා තමයි අපේ මන්ත්‍රීගොල්ලන්ට තියෙන සුවිශේෂී වරප්‍රසාද.මෙව්වා කොච්චර බලගතු උනත් මෙයාලව පාර්ලිමේන්තුවට යවන්නෙත් අපිම නිසා අපේ අතේ තියෙන බලය වැඩි බව මතක තියා ගන්න.එහෙනම් තවත් ත්‍රෙඩ් එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මම යනවා.කියවලා කොමෙන්ට් එකක් දාලා යන්න.තොරතුරු සොයා ගන්නත්,අනවශ්‍ය දේවල් තෝරලා බේරලා ගන්නත්,විශේෂයෙන්ම ටයිප් කරන්නත් පොඩි කට්ටක් කාපු නිසා රෙප් දුන්නාට අමනාප නැත.

Last edited:

+6