uba maara minihek...
Hondata hithanna puluwan.
Godak watina kiyana dewal tikak igenagaththa.
Thanks
(Rep denna belu. ekata sorry wenna oni)





100% true machan![]()
You must spread some Reputation around before giving it to magicwithhasitha again.![]()


මචන් මම මේක බස් ඒකෙදි දැකපු දෙයක් නිසා ලියන්නේ..මෙන්න මේකයි සිද්ධිය..මම රෑ 7.00 ට විතර ගෙදර එන්න..බස් එකට නැග්ගා...බස් එක ටික දුරක් යන කොට යාචකයෙක් බස් එකට නැගලා..සුපුරුදු විදියට හිගමන් යදින්න පටන් ගත්තා..ඔය වෙලාවේ තමයි..මගේ ඉස්සරහා ෂීට් එකේ හිටපු ජොඩුව කතා කරන දෙයක් මට ඇහුනේ..(හොරෙන් අහන් හිටියෙ නැහැ ඇහුනා හොදේ....)කෙල්ල මොකක් හරි ඉල්ලනවා මට ලාවට වගේ ඇහුනා..මට ඉල්ලපු දේ මීටර් උනේ කොල්ලා දීපු උත්තරේට...මේ වෙලාවේ සල්ලි නැහැ බබා..දැනට ඕක තියාගන්න අපි ඒ ෆෝන් එක පස්සේ ගමු...කෙල්ල කොල්ලගෙන් දතක් ගලවන්න හදනවද කියලා මට හිතුනා...ඔන්න ඔය වෙලාවේ තමයි..යාචකයා මන් ලගට ඇවිත් මහත්තයෝ කිව්වේ...මොනවා උනත් මොකද කියලා මම ඔන්න රුපියල් දහයක් දුන්නා..මැන්ස් ලග අම්බානට කසිප්පු ගදයි...මට හිතුනා මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට පුදුම අවශ්‍යතා තියෙන්නේ කියලා සමහර අය...ජිවිතේ ජයගන්න රුපියල් සත හිගා කනවා..සමහරු මරු දකින රුපියල් සත හිගාකනවා....තවත් සමහරුන්ට කොච්චර දේවල් තිබුනත් මදී...හරි පුදුමයි..අවශ්‍යතා කියන ඒවා....උවමනා වලින් වෙනස් වෙන විදිහ මට තේරුම් ගියා...අපේ බලාපොරොත්තු මොහොතෙන් මොහොත වෙනස් වෙනවා...."ආ හරි හරි යමු" කොන්දොස්තර මාමා කැගහනකොට තමයි මම දැක්කේ බොහොම අමාරුවෙන් කාගෙන් වත් උදව්වක් නැතුව..කිහිලි කරු දෙකකුත් තියාගෙන කෙනෙක් බස් එකට නගිනවා ,,මම මුලි හිතුවේ තවත් හිගන්නේක් කියලා..නැහැ මට වැරදුනා...නියම මනුෂ්‍යයෙක්...මිනිසුන් බාහිරින් පේන ස්වරූපයට වඩා ඇතුලතින් හරි වෙනස් කියල මට තේරුනේ මේ කෙනත් එක්ක කතා කලාමයි...මෙයාගේ කකුල් දෙකම පන නැහැ...නම සරත්...කරන්නේ වඩු වැඩලු...වඩු වැඩ පුරුදු වුනේ බොහොම අමාරුවෙන් කිව්වා...යතුගානකොට ටිකක් සමබරව ඉන්න අමාරුලු..නමුත් ජීවත් වෙන්න ඕන නිසා මේ රෑකියාව කරනවා කියලා තමයි ඔහු මාත් එක්ක කිව්වේ...දන්නේම නැතුව මම ගමනාන්තෙටත් ඇවිත්...මම බස් එකෙන් බැස්සා...පයින් යන ගමන් මම බස් එකේ දැකපු අහපු සිදුවීම් මට මතක් වුනා..ඇත්තටම අපිට බැහැයි කියලා දෙයක් නැහැ..මට කල්පනා කරනකොට හිතුනා සරත් වඩුකාර්මිකයෙක්...කකුල් දෙකම පණ නැහැ....ඒතකොටම අර යාචකයාව මතක් වුනා..අත පය කකුල් මේ හැම දෙයක්ම හොදට තිබුනා...නමුත් ඔහු යාචකයෙක්...සරත් වඩුකාර්මිකයෙක්...හරි පුදුමයි..."හිත ඇත්නම් පත කුඩාද"...කියල කියලා තියෙනවනේ මම මටම කියාගත්තා....ඒතකොට අර කෙල්ල ෆෝන් එකක් තියෙනකොට තව ෆෝන එකක් ඉල්ලුවේ..ආශාව අවශ්‍යතා වලට වඩා ඉස්මතු වුන නිසා කියලා මට හිතුනා...මම මේ සිද්ධි කිහිපයෙන් හොද ආදර්ශයක් ගත්තා....අපිට දෙයක් කරන්න ඕනේ නම් හිතේ ශක්තිය තිබෙනම්,උත්සහය,කැපවීම,තියෙනවා නම් බාධක කියන්නේ....මොනාද කියල මට හිතුනා......ඇත්තටම බාධක කියන්නේ අපේ අරමුණු වලට අපිව රෑගෙන යන්න අපිව ශක්තිමත් කරන බලවේගයක් ඒ බාධක හරියට හදුනගත්තොත් අපේ මොන නැති බැරි කම් තිබුනත් අපිට ජය තමයි..හරියට සර්ත් වගේ..හරියට බාධක වලට මුහුණ දුන්නේ නැත්තම් ඉවරයි හරියට අර යාචකයා වගේ...මුලින්ම තමන්ගේ අවශ්‍යතා හදුනා ගන්න..නිතරම අරමුණක ඉන්න...හැම තිස්සෙම අරමුණට යන්න බලන්න...බාධාවන් අශිර්වාදයක් කරගන්න...මට කියන්න ඕනා මෙච්චරයි.."මට බැහැ,,මට මොකවත් නැහැ,අරයට වගේ මට නැහැ...එයාට අරවා තියෙනවා මටත් එකක් තිබුනොත් හොදයි.."මේවා හිතෙන් අයින් කරන්න....හැමතිස්සේම ඔයා ලග තියෙන දෙවල් ගැන සතුටු වෙන්න...නැති දෙවල් ගැන දුක් වෙන්න එපා ඒවා ලබාගන්න අරමුණු කරගන්න..මට බැහැ කියලා හිතලා ( - ) සිතුවිලි ඇති කරගන්න එපා...."මට පුලුවන් කියලා හිතන්න"( + ) සිතුවිලි ඇති කරගන්න....අපේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ "අපිට වඩා අරයට සල්ලි තියෙනවා,එයාගෙ කාර් එක ලොකුයි,,අපේ එක පොඩියි,එයාල කන්නේ හෝටලෙන්,අපි ගෙදරින් කන්නේ....."මෙවගේ සිතුවිලි අපිව සදාකාලික යාචකයො කරයි...ඔයාට ඔයාව සසදන්නම ඕනේ නම් ඔයාට වඩා සැප විදින අයත් එක්ක සසදන්න එපා...ඔයට වඩ දුක් විදින අය ගොඩක් මේ ලොකේ ඉන්නවා...ඒක අමතක කරන්න එපා....ඔයාට සල්ලි නැහැ මුකුත්ම නැහැ කියලා හිතෙනවානම් ....."මට අතපය හොදට තියෙනවා,,"අත පය නැති අය මේ ලොකේ කොච්චර ඉන්නවද කියල සතුටු වෙන්න..ඔයාගෙ හිත සතුටින් තියන්න බලන්න....ඔයා දියුණු වෙයි බලන් ඉන්න කොට...හැම දෙයකම හොද දේ දකින්න බලන්න....ඔයාව ඔයාට වඩ සල්ලි නැති,දුප්පත්..අයත් එක්ක සසදලා ඔයට මොනතරම් දේවල් තියෙනවද බලන්න.....ගොඩක් දෙවල් තියෙනව නේද?හරි ඔයා මේ ලෝකේ ඉන්න දුප්පත්ම කෙනා කියමුකෝ...දුක් වෙන්න එපා..ඔයාට වටිනා මනුෂ්‍ය ජිවිතයක් තියෙන්නේ ඒක ගැන සතුටු වෙන්න හිත සතුටු කරන්න බලන්න අපිට තියෙන දේවල් වලින්...
ඔබට ජය...
මම එහෙනම් ගියා...ඔයාලට වැදගත් දෙයක් දැනගන්න ලබුනම් rep රේප් දිලා යන්න...කොමෙන්‍ටුවක් ඉතාමත් අගේ කරමී....මට මේ අදහස් ලබා දීමට උදව් දුන් බසයේ ගමන් ගත් සියලු දෙනාට පින්....
අවසානයෙදි දෙයක් කියන්නම්.........
"ජීවිතය ජිවත් කරවීමට වෙර දැරීම සැබෑ වූ ජිවිතයි"
Great post.....
You must spread some Reputation around before giving it to magicwithhasitha again.



very nice post dude keep it up it'll be very useful to everyone thanks again
patta talk eka machan
rep +

