|~ මේකෙ ඉන්න සමනළයෝ ~|

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
|~ මේකෙ ඉන්න සමනළයෝ ~|





Butterfly-Group.jpg



මීට කලින් දාපු Thread එකකින් ලංකාවේ ජාතික සමනළයා ගැන කතා කලා මතක ඇතිනේ...
බැලුවේ නැත්නම් මෙතනින් බලන්නකෝ...
:D :D :D :D :D


අද මං කතා කරන්න යන්නේ ලංකාවේ සමනළුන් ගැන..
මට පුළුවන් උපරිම පරාසයක දේවල් මං හොයලා දැම්මා...
අඩු පාඩු තිබ්බොත් අනිවාර්‍යෙන් කියන්න...
:) :) :) :) :)


සමනළයා කියන්නේ ඉතා විචිත්‍රවත් සතුන් පිරිසක්...
කොඳු ඇටපෙලක් නොමැති අපෘශ්ඨවංශී සතුන් වන මොවුන් දවල් කාලයේ සැරිසරන සත්වයන්ය...
කුල පහකට අයත් සමනළ විශේෂ 243ක් ලංකාවේ වාසය කරන අතර ඉන් විශේෂ 20ක් මෙරටට අවේණික වේ...
හිස, උරස, උදරය ලෙස ශරීර කොටස් තුනකින් යුතු මොවුන් හා සලබයන් වෙන් කර ගැනීම සමහරුන්ට අපහසු වේ...



  • සමනළුන් සහ සලඹයින් වෙන් කර හඳුනා ගැනීම

moth-butterfly-differences.jpg


මොවුන් ආසන්න වශයෙන් එක හා සමාන වුවද ලක්ෂණ කිහිපයකින් එකිනෙක වෙන කර හඳුනාගත හැකිවේ...
සංවේදීතාවට ඇති සපර්ශක සමනළුගේ අගින් වක්වූ ලෙස පිහිටා ඇති අතර සලබයන්ගේ පිහිටා ඇත්තේ බෙදුන කෙඳි ලෙසය...
තවද සලබයන් විශේෂ කිහිපයක් ඇරෙන්න අනෙක් සියලු විශේෂ නිසාචර වේ...
සමනළුන් මෙන් වර්ණවත් පිහාටුවලට සලබයන් හිමිකම් කියන්නේ නොමැත...
සමනළයා පෘෂ්ඨයකට වසා සිටින විට පියාපත් ඉහලට හෝ පෘෂ්ඨයට සමාන්තරව තබාගන්න අතර සලබයා තම පිහාටු පෘෂ්ඨයේ ගාවා හෝ ඊට ආසන්නේ තබාගනී...



  • සමනළුන්ගේ ජීවන චක්‍රය

images


සමනළුන්ගේ ජීවන චක්‍රය අවස්ථා හතරකින් යුතු අතර මෙම අවස්ථා හතර හොදීන් එකෙනෙකින් වෙනස් වේ...
එම අවස්ථා හතර පහත් පරිදිවේ...



1. බිත්තර අවධිය


images


මෙය සමනළයාගේ ජීවිතයේ පළමු පියවරයි...
ගැහැණු සමනලයෙකු බිත්තරයෙන් එලියට පැමිනෙන දළඹුවාට පෝෂණය විය හැකි තමන්ට ආවේණික පෝෂක ශාකයක බිතර දමයි...
බෝහෝ විශේෂයන් පත්‍රයේ යට පැත්තේ බිත්තර දමන අතර විශේෂ කිහිපයක් පත්‍රයේ උඩ පැත්තේ හෝ ශාකයේ දළුවල බිත්තර දමයි...
විශේෂය අනුව විවිධ හැඩ, විවිධ පැහැයන් හා එක බැගින් හෝ පොකුරු ලෙස බිත්තර දැමීම සමනළුන් සිදු කරයි...
මෙරට සමනළුන්ගෙන් තැඹිළිවන් සුදනා (Paioneer) එකවර වැඩිම බිත්තර ප්‍රමාණයක් දමන සමනලයා ලෙස වාර්ථා වේ...
එම සමනළයා එක වර බිත්තර 30 සිට 80 දක්වා ප්‍රමාණයක් බිත්තර දමයි...



2. දළඹු අවධිය


10-caterpillar-pictures-l.jpg


බිත්තරයෙන් එලියට එන දළඹුවා ප්‍රථමයෙන්ම අහාරයට ගන්නේ තමන් සිටි බිත්තරයේ කවචයයි...
ඉන්පසුව ශාකයේ පත්‍ර අහාරයට ගනී....
රතු පඳුරු නීලයා (Red Pierrot) පමණක් තමන් යැපෙන අක්කපාන ශාකයේ පත්‍ර ඇතුලට ගමන් කර එහි පටක ආහාරයට ගනී...


දළඹුවා අවස්ථා කිහිමයකදීම හැව ඇරීමක් සිදු කරයි...
කුඩා වෙනස් සිදු වෙමින් තුන්වන හෝ හතරවන හැව ඇරීම සිදුවන විට මුල් පැහැයෙන් සම්පූර්ණයෙන් වෙනස් පැහැයකට මෙම දළඹුවන් පත්වේ...


දළඹුවන් පරිසරයට අනුව හොඳින් අනුවර්ථනය වේ...
මෙම අනුවර්ථනයන් විශේෂය අනුව වෙනස් වේ...
ගන්නා අහාර වලින් විස තැන්පත් කරගන්න සමහරක් දළඹුවන් ඒ බව අනෙක් සතුන්ට පෙන්වීම දීප්තිමත් පැහැයන් දරයි...
තවත් විශේෂ තමාගේ පෝෂක ශාකයේ කොල පැහැයෙන් යුතු වන අතර තවත් සමහර විශේෂ බිය වූ විට අමිහිරි ගන්ධයක් නිකුත් කරයි...
සර්පයෙක් ලෙස පෙනීමට ශරීරයේ විශාල ඇස් දෙකක් වැනි රටා පිහිටීම, ශරීරයේ විස කෙඳි පිහිටීමද මෙම සතුන්ගේ අනුවර්ථන වේ...



3. කෝෂ අවධිය


caterpillar-emerging.jpg


දළඹුවෙක් පරිණත වූ පසු සුදුසු ස්ථානයක් තොරාගෙන එහි නොසෙල්වී ගුද ප්‍රදේශයෙන් හෝ උරස ප්‍රදේශයෙන් තමාව කෙදී ශ්‍රාවය කරමින් තම ශරීරයේ පිටත් කවචයෙන් ඉවත් වෙමින් කෝෂයක් වේ...
මෙම කෝෂද විශේෂය අනුව විවිධාකාර වන අතර මේවාද පරිසරය සැඟවී සිටීමට අනුවථනය වේ...
රතු ඇස් සමනළයා පමණක් පෝෂක ශාකයේ පත්‍ර රෝල් කර කෝෂයක් සදා ගනී...



4. සුහුඹුල් අවධිය


monarch-emerging.jpg


කෝෂයෙන් පිටතට පැමිණ පැය කිහිපයක් කෝෂයේම එල්ලෙමින් ශරීරයේ ඇති ස්‍රාවයන් ඉවත් කරගනිමින් සෙමින් තම පියාමත් විහිදා ගනී...
ඉන්පසුව ඉගිලී යන්නේ හොඳින් වැඩුන සම්පූර්ණ සමනළයෙකි...



  • උපන් බිම හැරයාම

butterfly-group.jpg


අවුරුද්දේ සමහර කාලයන් හිදී රංචු ලෙස සංක්‍රමණය වීමේ පුරුද්දක් සමහර සමනළ විශේෂ වලට පවතී...
පර්යටනය ලෙසද හඳුන්වන මෙය අහිතකර අවස්ථා මග හැරීමක් ලෙස හඳූන්වයි...
සමනළ සංක්‍රමණයන් ගොඩබිම තුල පමණක් සිදු වේ...
සමන්‍යයෙන් සත්ව සංක්‍රමණ වලදී අහිතකර කාලය ගෙවුන පසු එම සතුන් නැවත් තම උපන් බිමට පැමිණෙන නමුත් සමනළුන්ගේ නැවත් පැමිණිම සිදුවන්නේ අල්ප වශයෙනි...


අප රටේද මාර්තු සිට මැයි දක්වා කාලයේදී සහ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී සමනළ සංක්‍රමණයන් වාර්ථා වේ...
මෝසම් සෘතු වලින් පසුව අධිකව වැඩිවන සමනළ ගහනය නිසා ආහාර සොයා රට මධ්‍යයට සංක්‍රමණය වීම මෙහෙදී සිදු වේ...
සමනළ විශේෂ 67ක් පමණ මෙලෙස සංක්‍රමණය වේ...



  • සුරා පානය

k8170256.jpg


අධික සාන්ද්‍රණයෙන් යුතු මල් පැණි පානය කර මත් වීමේ පුරුද්දක් සමනළ විශේෂ කිහිපයකින් වාර්ථා වේ...
කොටිත්තන් හා කාක දුඹුරුවන් මෙම මල් පැණි පානයට ප්‍රිය කරයි...
මොවුන් මත් වන්නේ ඇත්හොඬ හා අඬනහිරියා මල් වල් පැණි පානය කිරීමෙනී...



  • දේශසීමා

images


සමහර සමනළුන් තමන්ටම වෙන් වූ වසමක් වෙන් කරගනී...
මෙම වෙන් කරගැනීම කරගන්නී නිදහසේ සිටීමට, ආහර සඳහා වැනි හේතූන් නිසාය...
තම සීමාවට ඇතුළුවන් වෙනත් සමනළුන් පසුපස ලුහුබැද ඔවුන් තම සීමාවෙන් එලවීමට මෙම සමනළුන් ක්‍රියාකරයි...
තමන්ට වැඩිම සීමාවක් වෙන කරගන්නේ නිල් කැළෑ කොළයා(Blue Oake Leaf) නම් සමනළයාය...



  • ආහාර ගැනීම

110071-425x282-Butterfly_orange.jpg


සමනළයා කිව්ව ගමන් පැණි මතක් උනාට හැම සමනළයෙක්ම එහෙම නෑ...
සමහර සමනළුන් ඉදුන පලතුරු වල යුෂද උරා බොයි...
තෙත පසේ ඇති ජලය බොන සමනළුන් ඔබ දැක ඇති...
ඔවුන් මෙය කරන්නේ රංචු වශයෙන් පොළවේ වැසීමෙනි...
ඔවුන් එමඟින් තමන්ට අවශ්‍ය අයන ලබාගන්න අතර මෙය සිදු කරන්නේ පිරිමි සතුන් පමණී...
ප්‍රජනනයේදී එම අයන ගැහැණු සමනළුන්ට ලබා දෙයි...



  • ව්‍යාප්තිය

04863779ec8545c882ab7f5e93c48bd2_prefRes.jpg


මුහුදු මට්ටමේ සිට අඩි 75 - 100 දක්වා උස මට්ටම් වල ව්‍යාප්ත වූ සමනළුන් සිටින අතර එකම වනාන්තරයේ විවිධ ස්ථරවල විවිධ සමනළයන් වාසය කරයි...
මෙහිදී පහල ස්ථරවල සමනළුන් අඳුරු පැහැ ගන්නා අතර උස් ස්ථරවලට වන්නට ක්‍රමයෙන් දීප්තිමත් පැහැයන්ට අයත් සමනළයන් වාසය කරයි...
වියළි හා අර්ධ ශුෂ්ක කලාප වල සමනළුන්ගේ වැඩි ව්‍යාප්තියක් ඇති අතර එම කලාප වලින් පමණක් සමනළ විශේෂ 20ක් වාර්ථා වේ...
තෙත් කලාපයේ සමනළ ඝනත්වය අඩු වුවද වැඩි විශේෂ ප්‍රමාණයක් ජීවත් වේ...



  • ලංකාවේ සමනළ කුලයන්


1. පැපිලියොනිඩේ (Papilionidae)

ලෝකයේ අඩුම සමනල විවිධතව සහිත විශේෂය වන අතර උප කුල තුනකට අයත් ගන 26ක විශේෂ 605ක් එම විවිධතවය වේ...
ලංකාව තුල මෙම කුලය යටතේ ගන හයකට අයත් විශේෂ 15ක් දැනට වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ දෙකක් මෙරටට අවේණික වේ...
ප්‍රමාණයෙන් විශාල වර්ණවත් සමනළයන් මෙම කුලයට අයත් වේ...
මෙම කුලයට අයත් සමනළුන්ගේ වැඩි පියාසර වේගයක් සහිත අතර දළඹු සමයේදී ප්‍රධාන් වර්ණ රටා දෙකකට පරිවර්ථනය වේ...



2. පිරිඩේ (Pieridae)

අවේණික විශේෂ නොමැති මෙම කුලයෙන් ගන 12කට අයත් විශේෂ 27ක් මෙරටදී වාර්ථා වී ඇත...
ලෝකයේ මෙම කුලයට අයත් උප කුල හතරක ගන 76කට අයත් විශේෂ 1051ක් මේ වන විට වාර්ථා වී ඇත...
මෙම සමනලයන් ප්‍රධාන වශයෙන් සුදු හා කහ පැහැයන් ප්‍රමුඛ කරගත් පැහැයන්ගෙන් යුතු පියාපත් දරයි...



3. නිම්ෆැලිඩේ (Nymphalidae)

මෙම කුලයෙන් විශේෂ 5698ක් උපකුල 12ක් යටතේ ගන 633කට අයත්ව සිටී...
ලංකාවේදී ගන 40කට යටත් විශේෂ 68ක් වාර්ථා වෙද්දී එයින් විශේෂ අටක් ලංකාවට ආවේණික වී ඇත...
මෙම කුලයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයෙන් යුතු, සුළඟේ පාවිය හැකියාවක් සහිත සමනළුන් සිටී...



4. ලයිකැනිඩේ (Lycaenidae)

ලෝකයේ මෙන්ම ලංකාවේද විශාලම විවිධත්වයක් සහිත සමනළ කුලය මෙයයි...
ලොකයේ උපකුල අටකට අයත් සමනළ විශේෂ 6000කට අධික සමනළ විශේෂ ප්‍රමාණයක් මෙම කුලයට අයත් අතර ලංකවේද ගන 48කට අයත් විශේෂ 85ක් වාර්ථා වී ඇත..
ප්‍රමාණයෙන් කුඩා සමනළුන්ගෙන් යුතු කුලයක් වන මෙමෙ කුලයට මෙරට කුඩාම සමනලයාද අයත් වේ...
විවිධ හැඩ වලින් හා විවිධ වර්ණයන්ගෙන් යුතු ඉතා අලංකාර සමනළ විශේෂ මෙම කුලයට අයත් වේ...



5. හෙස්පිරිඩේ (Hespiridae)

උපකුල හයකට අයත් ගන 550ක විශේෂ 3500කින් යුතු මෙම සමනළ කුලයෙන් ගන 31කට අයත් විශේෂ 48ක් මෙරටදී වර්ථා වේ...
ලංකාවට අවේණික විශේෂ දෙකකින් යුතු මෙම කුලයේ සමනළුන් පියැඹීමට පෙර ගුවනට පැනීමක් සිදුකරයි...
අඳුරු පැහැවන මෙම සමනළයන් පොළවට ආසන්නව කෙටිදුර පියාඹන සමනළයින් වේ...
මෙම කුලයේ සමහර විශේෂ ශාක පත්‍රවල යට පැත්තේ වසා සිටීමට ප්‍රියතාවයක් දක්වයි...




  • ලංකාවට ආවේණික සමනළයින්
ශ්‍රී ලංකාවට ආවේණික සමනළයින් 20ක් මේ වනවිට හඳුනාගෙන ඇත...
ඔවුන් පහත පරිදි වේ...


01. ශ්‍රී ලංකා මහ කුරුළු පියා පැපිලියා / Lanka Birdwing

4478257478_d05974d16e.jpg





02. ශ්‍රී ලංකා රෝස පැපිලියා / Lanka Rose

257349201_acea43dbfc.jpg





03. පාවෙන්නා / Tree Nymph

CMDCF00Z.jpg





04. ශ්‍රී ලංකා කොටිතියා / Lanka Tiger

4143544515_865dd7110a.jpg





05. නිල් කැළෑ කොළයා / Blue Oakleaf

2786050385_0131291bda_o_700.jpg





06.
ශ්‍රී ලංකා ගස් දුඹුරුවා /Lanka Treebrown

4651862578_436520c6c8.jpg





07. ශ්‍රී ලංකා කැළෑ ගස් දුඹුරුවා / Lanka Ferester

3406857842_4441af3200.jpg





08. රන් හීන් දුඹුරුවා / Jewel Four ring

4383950189_0e0d717536_z.jpg




09.
ශ්‍රී ලංකා තල් දුඹුරුවා / Lanka Palmfly

3954433493_ef67f3f918_z.jpg





10.
ශ්‍රී ලංකා ගස් නිලයා / Ormiston’s Oakblue

4560449478_e7a7153ccf.jpg





11. අඳුරු රිදී නිලයා / Coulded Silverline

nature01.jpg





12. ශ්‍රී ලංකා රාජ් නිලයා / Lanka Indigo Royal

3700836002_f0f9bce2b1.jpg





13. කැළෑ හතර ඉරියා / Woodhouse’s 4 Lineblue

445.jpg





14. ශ්‍රී ලංකා හය ඉරියා / Pale Lanka 6 Lineblue

827.jpg





15. සුදු නීල ඉරියා / White – Tipped Lineblue

NAK_adult_male_upperside_Sunny_c.jpg





16. ශ්‍රී ලංකා සේරු නිලයා / Lanka Cerulean

5348062037_ce43b89d8a_z.jpg





17.
ශ්‍රී ලංකා පඳුරු දුඹුරුවා / Cingalese Bushbrown

3731540311_138e630ea2_z.jpg





18. ශ්‍රී ලංකා උදාර නිලයා / Lanka Hedge Blue

Tiny-Grass-Blue.jpg





19. සිටිරාසියා / Decorated Ace

2623630249_4aa2c0e8d4_z.jpg





20. දුලභාසි
/ Rare Ace

PugnaciousLancer.jpg






  • පැවැත්මට ඇති තර්ජන
අනෙක් සතුන්ට මෙන්ම වන විනාශය මොවුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් වී ඇත...
වගාවන්ට යොදන කෘමිනාශක හා විදේශීය මල් වර්ග වැවීමෙන් අවේනික පෝෂක ශාක අහිමිවීම මොවුන්ගේ පැවැත්මට හානි දායක වී ඇත...
මේ හේතූන නිසා ශ්‍රී ලංකාවේ සමනළ විශේෂ76ක් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත...
අවේනික විශේෂ 20න් 13ක්ම මෙම තර්ජනයට ගොදුරු වී ඇත...
නීති විරෝධී ලෙස ඇල්ලා අපනයනය කිරීමද වර්ථාමානයේ මෙමෙ සතුන්ට ඇති තර්ජනයක්...


ලංකාවේ පවතින නීති වලට අනුව සියළුම සමනළයින් ආරක්ෂා කලයුතු සතුනෙ වේ...
මෙම මැරීම, හානි කිරීම, අවසර නොමැතිව ඇල්ලීම, විකිණීම, සන්තකයේ තබාගැනීම හා ප්‍රදර්ශණය කිරීම සපුරා තහනම් වේ...
මෙම වැරදි වලට අවුරුදු 2ත් 5ත් අතර සිරදඬුවමක් හෝ රු.15,000ත් රු.25,000ත් අතර දඩ මුදලක් නියම වන අතර අනවසර අපනයට රු.25,000ත් රු.75,000ත් අතර දඩ මුදලක් අවුරුදු 5ත් 10ත් අටර සිරදඬුවමක් යන දෙකම හෝ එකකට යටත් කෙරේ...


කොපමන නීති පැවතියද මෙම සතුන් සංරක්ෂනය නිසි පරිදි වෙනවාද යන්න ගැටළුවකී...
පරිසරයේ විචිත්‍රත්වය ඔප්නංවන, ඉතා අහිංසක සතුන් වන අහිමි වීම නවතාලිය හැකිද යන්න ගැටලුවකි...


:(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:(





picture.php

 
Last edited:

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|


උපතින් මං මේ කිසිවක් නොදන්නා අතර පෞද්ගලික අත්දැකීම් හා පොත-පත කියවා ලබාගත් දැනුමෙන් මෙම ලිපිය සැකසුවෙමි.
මෙය මීට කලින් එළකිරියේ පළවී තිබේනේදයි දන්නේද නැත.
මෙය මා උපුටාගත්තක් නොවේ.
මෙහි සඳහන් තොරතුරු වෙනත් තැන්වල සඳහන් වී ඇත්දැයි දන්නේද නැත.
නැවතත් කියන පරිදි මෙය උපුටාගත්තක් නම් නොවේ.
ඡායාරූප පමණක් Google වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
ඔබ සමඟ මෙම තොරතුරු බෙදා ගැනීම සඳහා පමණක් මෙය පළ කෙරුවෙමි.
උපුටාගන්නවා නම් මා ගැන සඳහන් නොකලත් උපුටාගත් ස්ථානය ලෙස එළකිරිය දැක්වීමට කාරුණික වන්න.

මෙම Thread එක ඔබට වැදගත් වේවී යයි සිතමි.
ස්තූතියි...!!!

:D :D :D :D :D

picture.php
 
  • Like
Reactions: Mr.Truth

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
හප්පා.....:D:D මාරම වටින ත්‍රෙඩ් එකක්නෙ මචන්..:yes: මේ ව‍ගේ ගොඩක් අමුතු දේවල් මීමැස්‍‍සො ගැනත් තියෙනවා..පුලුවන්නම් ඒ ගැනත් නූලක් දාන්න..ම‍ගෙන් සුබ පැතුම්..REP ++
 
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    • සුරා පානය

    k8170256.jpg


    අධික සාන්ද්‍රණයෙන් යුතු මල් පැණි පානය කර මත් වීමේ පුරුද්දක් සමනළ විශේෂ කිහිපයකින් වාර්ථා වේ...
    කොටිත්තන් හා කාක දුඹුරුවන් මෙම මල් පැණි පානයට ප්‍රිය කරයි...
    මොවුන් මත් වන්නේ ඇත්හොඬ හා අඬනහිරියා මල් වල් පැණි පානය කිරීමෙනී...
    සමනලයො වගේ අහි0සකයිනුත් පන්සිල් කඩනවනම් ....අපි කැඩුවම මොටෝ...

    එල ත්‍රෙඩ් එක මච0...
    11.gif


     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    පට්ට පෝස්ට් එක ඈ...
    එල රෙප් ඉවරලු මචො... පස්සෙ දෙන්නම් එල :P:P

    කමක් නෑ මචං...
    Comment එකට ස්තූතියි...!!!
    :D :D :D :D :D


    හප්පා.....:D:D මාරම වටින ත්‍රෙඩ් එකක්නෙ මචන්..:yes: මේ ව‍ගේ ගොඩක් අමුතු දේවල් මීමැස්‍‍සො ගැනත් තියෙනවා..පුලුවන්නම් ඒ ගැනත් නූලක් දාන්න..ම‍ගෙන් සුබ පැතුම්..REP ++

    එළ මචං...
    මං උත්සාහ කරන්නම් මී මැස්සෝ ගැනත් මේ වගේම Thread එකක් දාන්න...

    :yes: :yes: :yes: :yes: :yes:


    කෝරලේමහත්තයා;12748119 said:

    සමනලයො වගේ අහි0සකයිනුත් පන්සිල් කඩනවනම් ....අපි කැඩුවම මොටෝ...
    එල ත්‍රෙඩ් එක මච0...
    11.gif


    බලං යද්දී අහිංසකයි කිව්වට සමනළයොත් අඩි ගහනවා නේද...???
    :P :P :P :P :P

    picture.php

     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    ඔබෙග් ලිපිය සමනලුන් ෙස්ම ෙසාඳුරුයි. හැබැයි දමන බිත්තර සංඛ්‍යාව නිවැරදි නැහැ. ෙබාෙහා් වර්ග වරකට දමන්ෙන් 10කට අඩු ගණනක්. සලබයන් නම් බිත්තර විශාල සංඛ්‍යාවක් දමනවා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුපිරි පෝස්ට් එක මචෝ රෙප්+ දිගටම මේවගේ ත්‍රේඩ් අපි බලාපොරොත්තු වෙනවා
    3d-ok2.gif