|~ මේකෙ ඉන්න සමනළයෝ ~|
මීට කලින් දාපු Thread එකකින් ලංකාවේ ජාතික සමනළයා ගැන කතා කලා මතක ඇතිනේ...
බැලුවේ නැත්නම් මෙතනින් බලන්නකෝ...

අද මං කතා කරන්න යන්නේ ලංකාවේ සමනළුන් ගැන..
මට පුළුවන් උපරිම පරාසයක දේවල් මං හොයලා දැම්මා...
අඩු පාඩු තිබ්බොත් අනිවාර්යෙන් කියන්න...

සමනළයා කියන්නේ ඉතා විචිත්‍රවත් සතුන් පිරිසක්...
කොඳු ඇටපෙලක් නොමැති අපෘශ්ඨවංශී සතුන් වන මොවුන් දවල් කාලයේ සැරිසරන සත්වයන්ය...
කුල පහකට අයත් සමනළ විශේෂ 243ක් ලංකාවේ වාසය කරන අතර ඉන් විශේෂ 20ක් මෙරටට අවේණික වේ...
හිස, උරස, උදරය ලෙස ශරීර කොටස් තුනකින් යුතු මොවුන් හා සලබයන් වෙන් කර ගැනීම සමහරුන්ට අපහසු වේ...
මොවුන් ආසන්න වශයෙන් එක හා සමාන වුවද ලක්ෂණ කිහිපයකින් එකිනෙක වෙන කර හඳුනාගත හැකිවේ...
සංවේදීතාවට ඇති සපර්ශක සමනළුගේ අගින් වක්වූ ලෙස පිහිටා ඇති අතර සලබයන්ගේ පිහිටා ඇත්තේ බෙදුන කෙඳි ලෙසය...
තවද සලබයන් විශේෂ කිහිපයක් ඇරෙන්න අනෙක් සියලු විශේෂ නිසාචර වේ...
සමනළුන් මෙන් වර්ණවත් පිහාටුවලට සලබයන් හිමිකම් කියන්නේ නොමැත...
සමනළයා පෘෂ්ඨයකට වසා සිටින විට පියාපත් ඉහලට හෝ පෘෂ්ඨයට සමාන්තරව තබාගන්න අතර සලබයා තම පිහාටු පෘෂ්ඨයේ ගාවා හෝ ඊට ආසන්නේ තබාගනී...
සමනළුන්ගේ ජීවන චක්‍රය අවස්ථා හතරකින් යුතු අතර මෙම අවස්ථා හතර හොදීන් එකෙනෙකින් වෙනස් වේ...
එම අවස්ථා හතර පහත් පරිදිවේ...
ගැහැණු සමනලයෙකු බිත්තරයෙන් එලියට පැමිනෙන දළඹුවාට පෝෂණය විය හැකි තමන්ට ආවේණික පෝෂක ශාකයක බිතර දමයි...
බෝහෝ විශේෂයන් පත්‍රයේ යට පැත්තේ බිත්තර දමන අතර විශේෂ කිහිපයක් පත්‍රයේ උඩ පැත්තේ හෝ ශාකයේ දළුවල බිත්තර දමයි...
විශේෂය අනුව විවිධ හැඩ, විවිධ පැහැයන් හා එක බැගින් හෝ පොකුරු ලෙස බිත්තර දැමීම සමනළුන් සිදු කරයි...
මෙරට සමනළුන්ගෙන් තැඹිළිවන් සුදනා (Paioneer) එකවර වැඩිම බිත්තර ප්‍රමාණයක් දමන සමනලයා ලෙස වාර්ථා වේ...
එම සමනළයා එක වර බිත්තර 30 සිට 80 දක්වා ප්‍රමාණයක් බිත්තර දමයි...
ඉන්පසුව ශාකයේ පත්‍ර අහාරයට ගනී....
රතු පඳුරු නීලයා (Red Pierrot) පමණක් තමන් යැපෙන අක්කපාන ශාකයේ පත්‍ර ඇතුලට ගමන් කර එහි පටක ආහාරයට ගනී...
දළඹුවා අවස්ථා කිහිමයකදීම හැව ඇරීමක් සිදු කරයි...
කුඩා වෙනස් සිදු වෙමින් තුන්වන හෝ හතරවන හැව ඇරීම සිදුවන විට මුල් පැහැයෙන් සම්පූර්ණයෙන් වෙනස් පැහැයකට මෙම දළඹුවන් පත්වේ...
දළඹුවන් පරිසරයට අනුව හොඳින් අනුවර්ථනය වේ...
මෙම අනුවර්ථනයන් විශේෂය අනුව වෙනස් වේ...
ගන්නා අහාර වලින් විස තැන්පත් කරගන්න සමහරක් දළඹුවන් ඒ බව අනෙක් සතුන්ට පෙන්වීම දීප්තිමත් පැහැයන් දරයි...
තවත් විශේෂ තමාගේ පෝෂක ශාකයේ කොල පැහැයෙන් යුතු වන අතර තවත් සමහර විශේෂ බිය වූ විට අමිහිරි ගන්ධයක් නිකුත් කරයි...
සර්පයෙක් ලෙස පෙනීමට ශරීරයේ විශාල ඇස් දෙකක් වැනි රටා පිහිටීම, ශරීරයේ විස කෙඳි පිහිටීමද මෙම සතුන්ගේ අනුවර්ථන වේ...
දළඹුවෙක් පරිණත වූ පසු සුදුසු ස්ථානයක් තොරාගෙන එහි නොසෙල්වී ගුද ප්‍රදේශයෙන් හෝ උරස ප්‍රදේශයෙන් තමාව කෙදී ශ්‍රාවය කරමින් තම ශරීරයේ පිටත් කවචයෙන් ඉවත් වෙමින් කෝෂයක් වේ...
මෙම කෝෂද විශේෂය අනුව විවිධාකාර වන අතර මේවාද පරිසරය සැඟවී සිටීමට අනුවථනය වේ...
රතු ඇස් සමනළයා පමණක් පෝෂක ශාකයේ පත්‍ර රෝල් කර කෝෂයක් සදා ගනී...
කෝෂයෙන් පිටතට පැමිණ පැය කිහිපයක් කෝෂයේම එල්ලෙමින් ශරීරයේ ඇති ස්රාවයන් ඉවත් කරගනිමින් සෙමින් තම පියාමත් විහිදා ගනී...
ඉන්පසුව ඉගිලී යන්නේ හොඳින් වැඩුන සම්පූර්ණ සමනළයෙකි...
අවුරුද්දේ සමහර කාලයන් හිදී රංචු ලෙස සංක්‍රමණය වීමේ පුරුද්දක් සමහර සමනළ විශේෂ වලට පවතී...
පර්යටනය ලෙසද හඳුන්වන මෙය අහිතකර අවස්ථා මග හැරීමක් ලෙස හඳූන්වයි...
සමනළ සංක්රමණයන් ගොඩබිම තුල පමණක් සිදු වේ...
සමන්යයෙන් සත්ව සංක්‍රමණ වලදී අහිතකර කාලය ගෙවුන පසු එම සතුන් නැවත් තම උපන් බිමට පැමිණෙන නමුත් සමනළුන්ගේ නැවත් පැමිණිම සිදුවන්නේ අල්ප වශයෙනි...
අප රටේද මාර්තු සිට මැයි දක්වා කාලයේදී සහ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී සමනළ සංක්රමණයන් වාර්ථා වේ...
මෝසම් සෘතු වලින් පසුව අධිකව වැඩිවන සමනළ ගහනය නිසා ආහාර සොයා රට මධ්‍යයට සංක්‍රමණය වීම මෙහෙදී සිදු වේ...
සමනළ විශේෂ 67ක් පමණ මෙලෙස සංක්‍රමණය වේ...
අධික සාන්ද්‍රණයෙන් යුතු මල් පැණි පානය කර මත් වීමේ පුරුද්දක් සමනළ විශේෂ කිහිපයකින් වාර්ථා වේ...
කොටිත්තන් හා කාක දුඹුරුවන් මෙම මල් පැණි පානයට ප්‍රිය කරයි...
මොවුන් මත් වන්නේ ඇත්හොඬ හා අඬනහිරියා මල් වල් පැණි පානය කිරීමෙනී...
සමහර සමනළුන් තමන්ටම වෙන් වූ වසමක් වෙන් කරගනී...
මෙම වෙන් කරගැනීම කරගන්නී නිදහසේ සිටීමට, ආහර සඳහා වැනි හේතූන් නිසාය...
තම සීමාවට ඇතුළුවන් වෙනත් සමනළුන් පසුපස ලුහුබැද ඔවුන් තම සීමාවෙන් එලවීමට මෙම සමනළුන් ක්‍රියාකරයි...
තමන්ට වැඩිම සීමාවක් වෙන කරගන්නේ නිල් කැළෑ කොළයා(Blue Oake Leaf) නම් සමනළයාය...
සමනළයා කිව්ව ගමන් පැණි මතක් උනාට හැම සමනළයෙක්ම එහෙම නෑ...
සමහර සමනළුන් ඉදුන පලතුරු වල යුෂද උරා බොයි...
තෙත පසේ ඇති ජලය බොන සමනළුන් ඔබ දැක ඇති...
ඔවුන් මෙය කරන්නේ රංචු වශයෙන් පොළවේ වැසීමෙනි...
ඔවුන් එමඟින් තමන්ට අවශ්‍ය අයන ලබාගන්න අතර මෙය සිදු කරන්නේ පිරිමි සතුන් පමණී...
ප්‍රජනනයේදී එම අයන ගැහැණු සමනළුන්ට ලබා දෙයි...
මුහුදු මට්ටමේ සිට අඩි 75 - 100 දක්වා උස මට්ටම් වල ව්‍යාප්ත වූ සමනළුන් සිටින අතර එකම වනාන්තරයේ විවිධ ස්ථරවල විවිධ සමනළයන් වාසය කරයි...
මෙහිදී පහල ස්ථරවල සමනළුන් අඳුරු පැහැ ගන්නා අතර උස් ස්ථරවලට වන්නට ක්‍රමයෙන් දීප්තිමත් පැහැයන්ට අයත් සමනළයන් වාසය කරයි...
වියළි හා අර්ධ ශුෂ්ක කලාප වල සමනළුන්ගේ වැඩි ව්‍යාප්තියක් ඇති අතර එම කලාප වලින් පමණක් සමනළ විශේෂ 20ක් වාර්ථා වේ...
තෙත් කලාපයේ සමනළ ඝනත්වය අඩු වුවද වැඩි විශේෂ ප්‍රමාණයක් ජීවත් වේ...
ලෝකයේ අඩුම සමනල විවිධතව සහිත විශේෂය වන අතර උප කුල තුනකට අයත් ගන 26ක විශේෂ 605ක් එම විවිධතවය වේ...
ලංකාව තුල මෙම කුලය යටතේ ගන හයකට අයත් විශේෂ 15ක් දැනට වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ දෙකක් මෙරටට අවේණික වේ...
ප්‍රමාණයෙන් විශාල වර්ණවත් සමනළයන් මෙම කුලයට අයත් වේ...
මෙම කුලයට අයත් සමනළුන්ගේ වැඩි පියාසර වේගයක් සහිත අතර දළඹු සමයේදී ප්‍රධාන් වර්ණ රටා දෙකකට පරිවර්ථනය වේ...
අවේණික විශේෂ නොමැති මෙම කුලයෙන් ගන 12කට අයත් විශේෂ 27ක් මෙරටදී වාර්ථා වී ඇත...
ලෝකයේ මෙම කුලයට අයත් උප කුල හතරක ගන 76කට අයත් විශේෂ 1051ක් මේ වන විට වාර්ථා වී ඇත...
මෙම සමනලයන් ප්‍රධාන වශයෙන් සුදු හා කහ පැහැයන් ප්රමුඛ කරගත් පැහැයන්ගෙන් යුතු පියාපත් දරයි...
මෙම කුලයෙන් විශේෂ 5698ක් උපකුල 12ක් යටතේ ගන 633කට අයත්ව සිටී...
ලංකාවේදී ගන 40කට යටත් විශේෂ 68ක් වාර්ථා වෙද්දී එයින් විශේෂ අටක් ලංකාවට ආවේණික වී ඇත...
මෙම කුලයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයෙන් යුතු, සුළඟේ පාවිය හැකියාවක් සහිත සමනළුන් සිටී...
ලෝකයේ මෙන්ම ලංකාවේද විශාලම විවිධත්වයක් සහිත සමනළ කුලය මෙයයි...
ලොකයේ උපකුල අටකට අයත් සමනළ විශේෂ 6000කට අධික සමනළ විශේෂ ප්‍රමාණයක් මෙම කුලයට අයත් අතර ලංකවේද ගන 48කට අයත් විශේෂ 85ක් වාර්ථා වී ඇත..
ප්‍රමාණයෙන් කුඩා සමනළුන්ගෙන් යුතු කුලයක් වන මෙමෙ කුලයට මෙරට කුඩාම සමනලයාද අයත් වේ...
විවිධ හැඩ වලින් හා විවිධ වර්ණයන්ගෙන් යුතු ඉතා අලංකාර සමනළ විශේෂ මෙම කුලයට අයත් වේ...
උපකුල හයකට අයත් ගන 550ක විශේෂ 3500කින් යුතු මෙම සමනළ කුලයෙන් ගන 31කට අයත් විශේෂ 48ක් මෙරටදී වර්ථා වේ...
ලංකාවට අවේණික විශේෂ දෙකකින් යුතු මෙම කුලයේ සමනළුන් පියැඹීමට පෙර ගුවනට පැනීමක් සිදුකරයි...
අඳුරු පැහැවන මෙම සමනළයන් පොළවට ආසන්නව කෙටිදුර පියාඹන සමනළයින් වේ...
මෙම කුලයේ සමහර විශේෂ ශාක පත්‍රවල යට පැත්තේ වසා සිටීමට ප්‍රියතාවයක් දක්වයි...
මීට කලින් දාපු Thread එකකින් ලංකාවේ ජාතික සමනළයා ගැන කතා කලා මතක ඇතිනේ...
බැලුවේ නැත්නම් මෙතනින් බලන්නකෝ...

අද මං කතා කරන්න යන්නේ ලංකාවේ සමනළුන් ගැන..
මට පුළුවන් උපරිම පරාසයක දේවල් මං හොයලා දැම්මා...
අඩු පාඩු තිබ්බොත් අනිවාර්යෙන් කියන්න...

සමනළයා කියන්නේ ඉතා විචිත්‍රවත් සතුන් පිරිසක්...
කොඳු ඇටපෙලක් නොමැති අපෘශ්ඨවංශී සතුන් වන මොවුන් දවල් කාලයේ සැරිසරන සත්වයන්ය...
කුල පහකට අයත් සමනළ විශේෂ 243ක් ලංකාවේ වාසය කරන අතර ඉන් විශේෂ 20ක් මෙරටට අවේණික වේ...
හිස, උරස, උදරය ලෙස ශරීර කොටස් තුනකින් යුතු මොවුන් හා සලබයන් වෙන් කර ගැනීම සමහරුන්ට අපහසු වේ...
- සමනළුන් සහ සලඹයින් වෙන් කර හඳුනා ගැනීම
මොවුන් ආසන්න වශයෙන් එක හා සමාන වුවද ලක්ෂණ කිහිපයකින් එකිනෙක වෙන කර හඳුනාගත හැකිවේ...
සංවේදීතාවට ඇති සපර්ශක සමනළුගේ අගින් වක්වූ ලෙස පිහිටා ඇති අතර සලබයන්ගේ පිහිටා ඇත්තේ බෙදුන කෙඳි ලෙසය...
තවද සලබයන් විශේෂ කිහිපයක් ඇරෙන්න අනෙක් සියලු විශේෂ නිසාචර වේ...
සමනළුන් මෙන් වර්ණවත් පිහාටුවලට සලබයන් හිමිකම් කියන්නේ නොමැත...
සමනළයා පෘෂ්ඨයකට වසා සිටින විට පියාපත් ඉහලට හෝ පෘෂ්ඨයට සමාන්තරව තබාගන්න අතර සලබයා තම පිහාටු පෘෂ්ඨයේ ගාවා හෝ ඊට ආසන්නේ තබාගනී...
- සමනළුන්ගේ ජීවන චක්‍රය
එම අවස්ථා හතර පහත් පරිදිවේ...
1. බිත්තර අවධිය
මෙය සමනළයාගේ ජීවිතයේ පළමු පියවරයි...
ගැහැණු සමනලයෙකු බිත්තරයෙන් එලියට පැමිනෙන දළඹුවාට පෝෂණය විය හැකි තමන්ට ආවේණික පෝෂක ශාකයක බිතර දමයි...
බෝහෝ විශේෂයන් පත්‍රයේ යට පැත්තේ බිත්තර දමන අතර විශේෂ කිහිපයක් පත්‍රයේ උඩ පැත්තේ හෝ ශාකයේ දළුවල බිත්තර දමයි...
විශේෂය අනුව විවිධ හැඩ, විවිධ පැහැයන් හා එක බැගින් හෝ පොකුරු ලෙස බිත්තර දැමීම සමනළුන් සිදු කරයි...
මෙරට සමනළුන්ගෙන් තැඹිළිවන් සුදනා (Paioneer) එකවර වැඩිම බිත්තර ප්‍රමාණයක් දමන සමනලයා ලෙස වාර්ථා වේ...
එම සමනළයා එක වර බිත්තර 30 සිට 80 දක්වා ප්‍රමාණයක් බිත්තර දමයි...
2. දළඹු අවධිය
බිත්තරයෙන් එලියට එන දළඹුවා ප්‍රථමයෙන්ම අහාරයට ගන්නේ තමන් සිටි බිත්තරයේ කවචයයි...
ඉන්පසුව ශාකයේ පත්‍ර අහාරයට ගනී....
රතු පඳුරු නීලයා (Red Pierrot) පමණක් තමන් යැපෙන අක්කපාන ශාකයේ පත්‍ර ඇතුලට ගමන් කර එහි පටක ආහාරයට ගනී...
දළඹුවා අවස්ථා කිහිමයකදීම හැව ඇරීමක් සිදු කරයි...
කුඩා වෙනස් සිදු වෙමින් තුන්වන හෝ හතරවන හැව ඇරීම සිදුවන විට මුල් පැහැයෙන් සම්පූර්ණයෙන් වෙනස් පැහැයකට මෙම දළඹුවන් පත්වේ...
දළඹුවන් පරිසරයට අනුව හොඳින් අනුවර්ථනය වේ...
මෙම අනුවර්ථනයන් විශේෂය අනුව වෙනස් වේ...
ගන්නා අහාර වලින් විස තැන්පත් කරගන්න සමහරක් දළඹුවන් ඒ බව අනෙක් සතුන්ට පෙන්වීම දීප්තිමත් පැහැයන් දරයි...
තවත් විශේෂ තමාගේ පෝෂක ශාකයේ කොල පැහැයෙන් යුතු වන අතර තවත් සමහර විශේෂ බිය වූ විට අමිහිරි ගන්ධයක් නිකුත් කරයි...
සර්පයෙක් ලෙස පෙනීමට ශරීරයේ විශාල ඇස් දෙකක් වැනි රටා පිහිටීම, ශරීරයේ විස කෙඳි පිහිටීමද මෙම සතුන්ගේ අනුවර්ථන වේ...
3. කෝෂ අවධිය
මෙම කෝෂද විශේෂය අනුව විවිධාකාර වන අතර මේවාද පරිසරය සැඟවී සිටීමට අනුවථනය වේ...
රතු ඇස් සමනළයා පමණක් පෝෂක ශාකයේ පත්‍ර රෝල් කර කෝෂයක් සදා ගනී...
4. සුහුඹුල් අවධිය
ඉන්පසුව ඉගිලී යන්නේ හොඳින් වැඩුන සම්පූර්ණ සමනළයෙකි...
- උපන් බිම හැරයාම
අවුරුද්දේ සමහර කාලයන් හිදී රංචු ලෙස සංක්‍රමණය වීමේ පුරුද්දක් සමහර සමනළ විශේෂ වලට පවතී...
පර්යටනය ලෙසද හඳුන්වන මෙය අහිතකර අවස්ථා මග හැරීමක් ලෙස හඳූන්වයි...
සමනළ සංක්රමණයන් ගොඩබිම තුල පමණක් සිදු වේ...
සමන්යයෙන් සත්ව සංක්‍රමණ වලදී අහිතකර කාලය ගෙවුන පසු එම සතුන් නැවත් තම උපන් බිමට පැමිණෙන නමුත් සමනළුන්ගේ නැවත් පැමිණිම සිදුවන්නේ අල්ප වශයෙනි...
අප රටේද මාර්තු සිට මැයි දක්වා කාලයේදී සහ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී සමනළ සංක්රමණයන් වාර්ථා වේ...
මෝසම් සෘතු වලින් පසුව අධිකව වැඩිවන සමනළ ගහනය නිසා ආහාර සොයා රට මධ්‍යයට සංක්‍රමණය වීම මෙහෙදී සිදු වේ...
සමනළ විශේෂ 67ක් පමණ මෙලෙස සංක්‍රමණය වේ...
- සුරා පානය
කොටිත්තන් හා කාක දුඹුරුවන් මෙම මල් පැණි පානයට ප්‍රිය කරයි...
මොවුන් මත් වන්නේ ඇත්හොඬ හා අඬනහිරියා මල් වල් පැණි පානය කිරීමෙනී...
- දේශසීමා
සමහර සමනළුන් තමන්ටම වෙන් වූ වසමක් වෙන් කරගනී...
මෙම වෙන් කරගැනීම කරගන්නී නිදහසේ සිටීමට, ආහර සඳහා වැනි හේතූන් නිසාය...
තම සීමාවට ඇතුළුවන් වෙනත් සමනළුන් පසුපස ලුහුබැද ඔවුන් තම සීමාවෙන් එලවීමට මෙම සමනළුන් ක්‍රියාකරයි...
තමන්ට වැඩිම සීමාවක් වෙන කරගන්නේ නිල් කැළෑ කොළයා(Blue Oake Leaf) නම් සමනළයාය...
- ආහාර ගැනීම
සමනළයා කිව්ව ගමන් පැණි මතක් උනාට හැම සමනළයෙක්ම එහෙම නෑ...
සමහර සමනළුන් ඉදුන පලතුරු වල යුෂද උරා බොයි...
තෙත පසේ ඇති ජලය බොන සමනළුන් ඔබ දැක ඇති...
ඔවුන් මෙය කරන්නේ රංචු වශයෙන් පොළවේ වැසීමෙනි...
ඔවුන් එමඟින් තමන්ට අවශ්‍ය අයන ලබාගන්න අතර මෙය සිදු කරන්නේ පිරිමි සතුන් පමණී...
ප්‍රජනනයේදී එම අයන ගැහැණු සමනළුන්ට ලබා දෙයි...
- ව්‍යාප්තිය
මුහුදු මට්ටමේ සිට අඩි 75 - 100 දක්වා උස මට්ටම් වල ව්‍යාප්ත වූ සමනළුන් සිටින අතර එකම වනාන්තරයේ විවිධ ස්ථරවල විවිධ සමනළයන් වාසය කරයි...
මෙහිදී පහල ස්ථරවල සමනළුන් අඳුරු පැහැ ගන්නා අතර උස් ස්ථරවලට වන්නට ක්‍රමයෙන් දීප්තිමත් පැහැයන්ට අයත් සමනළයන් වාසය කරයි...
වියළි හා අර්ධ ශුෂ්ක කලාප වල සමනළුන්ගේ වැඩි ව්‍යාප්තියක් ඇති අතර එම කලාප වලින් පමණක් සමනළ විශේෂ 20ක් වාර්ථා වේ...
තෙත් කලාපයේ සමනළ ඝනත්වය අඩු වුවද වැඩි විශේෂ ප්‍රමාණයක් ජීවත් වේ...
- ලංකාවේ සමනළ කුලයන්
1. පැපිලියොනිඩේ (Papilionidae)
ලෝකයේ අඩුම සමනල විවිධතව සහිත විශේෂය වන අතර උප කුල තුනකට අයත් ගන 26ක විශේෂ 605ක් එම විවිධතවය වේ...
ලංකාව තුල මෙම කුලය යටතේ ගන හයකට අයත් විශේෂ 15ක් දැනට වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ දෙකක් මෙරටට අවේණික වේ...
ප්‍රමාණයෙන් විශාල වර්ණවත් සමනළයන් මෙම කුලයට අයත් වේ...
මෙම කුලයට අයත් සමනළුන්ගේ වැඩි පියාසර වේගයක් සහිත අතර දළඹු සමයේදී ප්‍රධාන් වර්ණ රටා දෙකකට පරිවර්ථනය වේ...
2. පිරිඩේ (Pieridae)
අවේණික විශේෂ නොමැති මෙම කුලයෙන් ගන 12කට අයත් විශේෂ 27ක් මෙරටදී වාර්ථා වී ඇත...
ලෝකයේ මෙම කුලයට අයත් උප කුල හතරක ගන 76කට අයත් විශේෂ 1051ක් මේ වන විට වාර්ථා වී ඇත...
මෙම සමනලයන් ප්‍රධාන වශයෙන් සුදු හා කහ පැහැයන් ප්රමුඛ කරගත් පැහැයන්ගෙන් යුතු පියාපත් දරයි...
3. නිම්ෆැලිඩේ (Nymphalidae)
මෙම කුලයෙන් විශේෂ 5698ක් උපකුල 12ක් යටතේ ගන 633කට අයත්ව සිටී...
ලංකාවේදී ගන 40කට යටත් විශේෂ 68ක් වාර්ථා වෙද්දී එයින් විශේෂ අටක් ලංකාවට ආවේණික වී ඇත...
මෙම කුලයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයෙන් යුතු, සුළඟේ පාවිය හැකියාවක් සහිත සමනළුන් සිටී...
4. ලයිකැනිඩේ (Lycaenidae)
ලෝකයේ මෙන්ම ලංකාවේද විශාලම විවිධත්වයක් සහිත සමනළ කුලය මෙයයි...
ලොකයේ උපකුල අටකට අයත් සමනළ විශේෂ 6000කට අධික සමනළ විශේෂ ප්‍රමාණයක් මෙම කුලයට අයත් අතර ලංකවේද ගන 48කට අයත් විශේෂ 85ක් වාර්ථා වී ඇත..
ප්‍රමාණයෙන් කුඩා සමනළුන්ගෙන් යුතු කුලයක් වන මෙමෙ කුලයට මෙරට කුඩාම සමනලයාද අයත් වේ...
විවිධ හැඩ වලින් හා විවිධ වර්ණයන්ගෙන් යුතු ඉතා අලංකාර සමනළ විශේෂ මෙම කුලයට අයත් වේ...
5. හෙස්පිරිඩේ (Hespiridae)
උපකුල හයකට අයත් ගන 550ක විශේෂ 3500කින් යුතු මෙම සමනළ කුලයෙන් ගන 31කට අයත් විශේෂ 48ක් මෙරටදී වර්ථා වේ...
ලංකාවට අවේණික විශේෂ දෙකකින් යුතු මෙම කුලයේ සමනළුන් පියැඹීමට පෙර ගුවනට පැනීමක් සිදුකරයි...
අඳුරු පැහැවන මෙම සමනළයන් පොළවට ආසන්නව කෙටිදුර පියාඹන සමනළයින් වේ...
මෙම කුලයේ සමහර විශේෂ ශාක පත්‍රවල යට පැත්තේ වසා සිටීමට ප්‍රියතාවයක් දක්වයි...
- ලංකාවට ආවේණික සමනළයින්
ශ්‍රී ලංකාවට ආවේණික සමනළයින් 20ක් මේ වනවිට හඳුනාගෙන ඇත...
ඔවුන් පහත පරිදි වේ...
ඔවුන් පහත පරිදි වේ...
01. ශ්‍රී ලංකා මහ කුරුළු පියා පැපිලියා / Lanka Birdwing
02. ශ්‍රී ලංකා රෝස පැපිලියා / Lanka Rose
03. පාවෙන්නා / Tree Nymph
04. ශ්‍රී ලංකා කොටිතියා / Lanka Tiger
05. නිල් කැළෑ කොළයා / Blue Oakleaf
06. ශ්‍රී ලංකා ගස් දුඹුරුවා /Lanka Treebrown
07. ශ්‍රී ලංකා කැළෑ ගස් දුඹුරුවා / Lanka Ferester
08. රන් හීන් දුඹුරුවා / Jewel Four ring
09. ශ්‍රී ලංකා තල් දුඹුරුවා / Lanka Palmfly
10. ශ්‍රී ලංකා ගස් නිලයා / Ormiston’s Oakblue
11. අඳුරු රිදී නිලයා / Coulded Silverline
12. ශ්‍රී ලංකා රාජ් නිලයා / Lanka Indigo Royal
13. කැළෑ හතර ඉරියා / Woodhouse’s 4 Lineblue
14. ශ්‍රී ලංකා හය ඉරියා / Pale Lanka 6 Lineblue
15. සුදු නීල ඉරියා / White – Tipped Lineblue
16. ශ්‍රී ලංකා සේරු නිලයා / Lanka Cerulean
17. ශ්‍රී ලංකා පඳුරු දුඹුරුවා / Cingalese Bushbrown
18. ශ්‍රී ලංකා උදාර නිලයා / Lanka Hedge Blue
19. සිටිරාසියා / Decorated Ace
20. දුලභාසි / Rare Ace
03. පාවෙන්නා / Tree Nymph
06. ශ්‍රී ලංකා ගස් දුඹුරුවා /Lanka Treebrown
09. ශ්‍රී ලංකා තල් දුඹුරුවා / Lanka Palmfly
10. ශ්‍රී ලංකා ගස් නිලයා / Ormiston’s Oakblue
17. ශ්‍රී ලංකා පඳුරු දුඹුරුවා / Cingalese Bushbrown
20. දුලභාසි / Rare Ace
- පැවැත්මට ඇති තර්ජන
අනෙක් සතුන්ට මෙන්ම වන විනාශය මොවුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් වී ඇත...
වගාවන්ට යොදන කෘමිනාශක හා විදේශීය මල් වර්ග වැවීමෙන් අවේනික පෝෂක ශාක අහිමිවීම මොවුන්ගේ පැවැත්මට හානි දායක වී ඇත...
මේ හේතූන නිසා ශ්‍රී ලංකාවේ සමනළ විශේෂ76ක් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත...
අවේනික විශේෂ 20න් 13ක්ම මෙම තර්ජනයට ගොදුරු වී ඇත...
නීති විරෝධී ලෙස ඇල්ලා අපනයනය කිරීමද වර්ථාමානයේ මෙමෙ සතුන්ට ඇති තර්ජනයක්...
ලංකාවේ පවතින නීති වලට අනුව සියළුම සමනළයින් ආරක්ෂා කලයුතු සතුනෙ වේ...
මෙම මැරීම, හානි කිරීම, අවසර නොමැතිව ඇල්ලීම, විකිණීම, සන්තකයේ තබාගැනීම හා ප්‍රදර්ශණය කිරීම සපුරා තහනම් වේ...
මෙම වැරදි වලට අවුරුදු 2ත් 5ත් අතර සිරදඬුවමක් හෝ රු.15,000ත් රු.25,000ත් අතර දඩ මුදලක් නියම වන අතර අනවසර අපනයට රු.25,000ත් රු.75,000ත් අතර දඩ මුදලක් අවුරුදු 5ත් 10ත් අටර සිරදඬුවමක් යන දෙකම හෝ එකකට යටත් කෙරේ...
කොපමන නීති පැවතියද මෙම සතුන් සංරක්ෂනය නිසි පරිදි වෙනවාද යන්න ගැටළුවකී...
පරිසරයේ විචිත්රත්වය ඔප්නංවන, ඉතා අහිංසක සතුන් වන අහිමි වීම නවතාලිය හැකිද යන්න ගැටලුවකි...

Last edited:

මේ වගේ ගොඩක් අමුතු දේවල් මීමැස්සො ගැනත් තියෙනවා..පුලුවන්නම් ඒ ගැනත් නූලක් දාන්න..මගෙන් සුබ පැතුම්..REP ++