ගැහැණු_ළමයින්ට_ඇහැක්_ගහද්දි_ප්‍රවේශම්වන&
ගැහැණු ළමයින්ට ඇහැක් ගහද්දි ප්‍රවේශම්වන්න.

පිරිමියකු, ගැහැනු ළමයෙකුට ඇහැක් ගැසූ බව ඔප්පුවුවහොත් බරපතළ වැඩ සහිතව අවු. 07ක් හිරේට යැවිය හැකි බව පානදුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. පී.එස්. සුභාෂිණී මහත්මිය පවසයි.
ඒ මහත්මිය එසේ ප්‍රකාශ කළේ මිල්ලනිය ළමා ආරක්ෂක කමිටුවේ මෙහෙයවීමෙන් පැවැති දැනුවත් කිරීමේ දේශනයකට සහභාගි වෙමිනි.
එහිදී ඇය මෙසේද පැවසිය.
” ඔය මහත්වරුන් ඉස්කෝලේ යන කාලේ කවදා හරි දවසක ගැහැනු ළමයෙකුට ඇහැක් ගහල ඇති. නැතිනම් පාසල් බස් එකේදී තට්ටුවක් දාල ඇති. කකුලක් පාගල ඇති. නැත්නම් කෙස් රොදකින් ඇදල ඇති.
එහෙම වෙලාවට ගැහැනු ළමයා ඒකට කැමැති නම් කට කොනකින් හිනාවක් දාල කැමැත්ත පළ කරන්න ඇති. අකමැති වුණානම් වැඩිම වුණොත් රවා බලන්න ඇති. ඒත් අද එහෙම නැහැ. අද කාලේ එහෙම දෙයක් වෙලා බැරි වෙලාවත් ඒ ගැහැනු ළමයා පොලීසියට ඇවිත් පිරිමි ළමයට විරුද්ධව පැමිණිල්ලක් දැම්මොත් ‘මට මෙහෙම දෙයක් බස් එකේදි වුණා. ඒකෙන් මම විශාල ලැජ්ජාවකට පත්වුණා. මට මහ පිළිකුලක් ඇති වුණා. ඒ නිසා මට සාධාරණය ඉටුකර දෙන්න’ කියලා. පොලීසිය විමර්ශනය කරල පිරිමියාට විරුද්ධව නඩුවක් ගොනු කරල බරපතළ වැඩ සහිතව අවු. 07ක් හිරේට යවන්න පුළුවන්.
ඒ නිසා අද කාලේ ගැහැනු ළමයෙකුට ඇහැක් ගැහුවත් දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා.”
දිනෙන් දින ඉහළ යන, ළමයින්ට සිදුවන නොයෙකුත් ආකාරයේ ළමා අපයෝජන අපචාර සිද්ධීන් වැළැක්වීමේ අරමුණින් යුතුව පැවැති එම දැනුවත් කිරීමේ දේශනය, ග්‍රාම නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා පසුගියදා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුභාෂිණී මහත්මිය මෙසේද පැවැසීය.
“කළුතර දිස්ත්රිදක්කය පානදුර හා කළුතර යනුවෙන් පොලිස් කොට්ඨාශ 02කට වෙන්කර තියෙනවා. 2010 වර්ෂයේ පානදුර කොට්ඨාසයේ ළමා අපචාර සිද්ධි 46ක් වාර්තා වුණා. 2011 දී ඒ ප්‍රමාණය 91ක් වෙලා. කළුතර කොට්ඨාසයේ 2010 වර්ෂයේ අපචාර සිද්ධි 124 යි. 2011 වර්ෂයේ ඒ ප්‍රමාණය 125 වෙලා.
බස්නාහිර පළාතෙම ගත්තොත් 2010 දී ස්ත්‍රී දූෂණ 126ක් වුණා. ඒ ප්‍රමාණය 2011 දී 184 ක් දක්වා වර්ධනය වෙලා. මේ ප්‍රමාණය පොලීසියේ පොත්වල සටහන් වන ප්‍රමාණය පමණයි. වාර්තා නොවන සිද්ධීන් ප්‍රමාණයකුත් තියෙනවා.
බස්නාහිර පළාතේ 2010 දී ළමා අපයෝජන ක්‍රියා 130ක් වාර්තා වුණා. 2011 දී ඒ ප්‍රමාණය 165යි. ළමා අපහරණ ක්‍රියා 2010 වර්ෂයේ 64 යි. ඒක 2011 වර්ෂයේ 149යි. කෲර වධහිංසාවන්ට ලක්කිරීම් 2010 දී 11 යි. 2011 වර්ෂයේ 21 යි.”
ඔන්න පුතේ පරිස්සමින්...

Last edited: