Mahinda vs Fonseka

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද්‍රිකාගෙන් පසුව රටේ සේනාධිනායකයා වන්නේ මහින්ද ය. ඔහු සේනාධිනායකයා වන්නේ අලුතින් ආරම්භ කළ හමුදාවක නොව, චන්ද්‍රිකා යටතේම පැවති හමුදාවේය. චන්ද්‍රිකා සමයේ සිටි යුධහමුදාපතිවරු ලංකාවෙන් බිහි වූ අය වූයේ ය. මහින්දගේ යුධහමුදාපතිවරුද එසේම ය. ඔවුන් ඇමරිකාවෙන්වත් රුසියාවෙන්වත් ආනයනය කළ අය නොවේය. ඔවුන්ද ලංකාවේම ඉපදී මෙහිම හැදී වැඩී මෙහිම පුහුණුව ලත් අය වූයේය. ඒ අනුව චන්ද්‍රිකා මහින්ද යුග දෙකෙහි බොහෝ දේවල් බොහෝ දුරට සමානය බව පෙනෙණ කරුණකි. එහෙත් යුද්ධය දිනුවේ මහින්දගේ යුගයේදී ය. පෙර සඳහන් කල ඉතිහාසය මහින්දට යුධ ජයග්‍රහණයේ පරම හිමිකාරිත්වය පවරන්නේ ඒ නිසාය. ඒ අනුව විජයග්‍රහණයේ පරම හිමිකරු මහින්ද බව සාහිත්‍යයම වශයෙන් අපි පිළිගනිමු. අනාගතයේ දී ඉතිහාසය යතාර්ථයක් ලෙස අනාගතයේ ජීවත් වන උන් දකිනු ඇත. ඒ අනුව අනාගත ඇසින් යුද්ධයේ හිමිකරු නැවතත් මහින්ද ලෙසම අපි දකිමු.

    :yes::yes::yes::yes:
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ඇත්තම ඇත්ත කතාව.. :yes::yes:
    දෙන්නම ලොකු මෙහෙයක් යුද්දෙ වෙනුවෙන් කලා.. :yes:

    ඒත් නූල කන්න කාලකන්නියෙක් ඇවිල්ල... :frown::frown:

    Rep+