කළුකුමාරයා පට්ට ගැහීම..(ලොකු වෙච්ච ගෑනුලම&#351

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
කළුකුමාරයා පට්ට ගැහීම..(ලොකු වෙච්ච ගෑනුලම&#351

ඇත්තටම කළු කුමාරයා කියන්නෙ කවුද? මීට පිළිතුරු ගොන්නකි. ඉන්දියාවේද මේකා අරක් ගනී ඉන්දියානු කතාද බොහොමයකි.

කළු කුමාරයා නල දත් ඇති, රකුසු මුහුණක් ඇති, ශරීරය තද කළු පාටින් යුක්ත මැණික් ඔටුන්නක් හිස දරා, දෙකන් පෙතිවල රන් තෝඩු එල්ලා කර වටා මුතු මාලයක් පැළැඳ, දකුණු අත යගදාවක් අතැතිව, සුදු හැට්ටයක් ඇඳ, ළය මත කාන්තා රුවක් කොටා ඇති පොරකි. කළු ගොනකු පිට නැගීයයිලුය.


kalu+kumaraya+copy.jpg


විජය -කුවේණිගේ පුතා මතකද ...?
(මතක නැත්තන් ෆිල්ම් එක බලන්ඩ හොදේ ..):yes::yes:

ජීවහත්ථ... ජීවහත්ථ යනු ආරෝහ පරිනාහ දේහයක් තිබුන බොහොම ජව සම්පන්න කෙනෙක්ලුය. සිංහලෙන්ම කියනවානං හෙනකදයා වගේ ඩයල් එකක්ය. ඒ කාලේ කාන්තාවෝ ජීවහත්ථට වශී වෙනවාලුය. ජීවහත්තත් කාමධික පුද්ගලයෙක් ලුය. කාන්තාවෝ අධික ලෙස ඇසුරු කලාලුය. දරුණු විදියට ලිංගිකත්වයට ඇබ්බැහි උන පොරක්ලුය . අවසානයේ මැරුනෙත් අධික ලිංගික සන්තර්පනයෙන් ඇති උන ලෙඩ කින්ලුය ...
( ලංකාවෙ සමාජ රෝග වල ආරම්භය ඔතන වෙන්න ඇති) :yes::yes:

අවිවාහක කාන්තාවෝ ලඟට ඇවිත් , දුෂණය කරනවාලුය. ඒකට තමයිලු ඔය 'කළු කුමාරයා වැහිලා ' කියන්නේ. අන්තිමට කාන්තාවත් ඇබ්බැහි වෙනවාලුය. රැ තිස්සේ කළු කුමාරයත් එක්ක ඔට්ටු වෙන නිසා දවල්ට ඉන්නෙ හෝන්දු මාන්දු ගතියෙන්ලුය.
(ඇයි ඉතින් සෑහෙන්න අමාරුයිනේ):rofl::rofl:

තොවිල් එහෙම කරලා හොඳ කරන්නේය..එතනත් මරු වැඩවෙනවාලුය. තොවිලේදී කළු කුමාරයට ආරාධනා කරනවාලුය, ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙන්න කියලා. ඒ වෙලාවේදී කළු කුමාරයා ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙනවාලුය. අර කාන්තාව එවලේ හැසිරෙන්නේ ඇත්තටම කාත් එක්ක හරි ලිංගිකව හැසිරෙනවා වගේලුය...
(ඕං බලන්න යනවනං... ලයිව් ඇන්ඩ් එක්ස්ක්ලූසිව්):rofl::rofl:

ඒ තැන වලට ගෑනු යන්නෙත් නෑ ලුය. මොකද එයාගෙන් අයින් වෙලා එතන ඉන්න තව කෙනක් ලඟට අවොත් කියලාලුය... මොකද කළු කුමාරයට ඒ ලැබෙන්නේ ඒ කාන්තාව එක්ක ඉන්න ලැබෙන අවසාන අවස්ථාවලුය. (අපරාදේ..නේ?):eek::eek:

___________________________________________________________________


මොහු වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්ථානයන් වන්නේ නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්ස ගස් ළඟ, කිරිගස්යට, මංසැල වල, රදා තොටුපල, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුළුටු, මස්, බිත්තර බැද කා යන විට වතක් ගලවා වතක් අඳින තැන් ආදියලුය.

කළුකුමාරයා කළුවන් ස්ත්‍රීන්ට දැඩි ආශාවක් දක්වයිලුය. (ඕං කළු නං කොල්ලො බලන්නෑ කියලා නෑ...කළු කුමාරයා එනවා හොදේ .) අවිවාහක කාන්තාවන්ගේ විවාහයට බාධා ඇතිකර ප්‍රමාද කරයිලුය. සමහරවිට මුළු ජීවිත කාලයටම විවාහ වීමට ඉඩ නොදේලුය. විවාහක ස්ත්‍රියකගේ නම් දරු ගැබ විනාශ කරයිලුය. වඳ ස්ත්‍රියක් කරයිලුය. දිනෙන් දිනම ශරීරය කෘෂ කර නොයෙක් රෝග ඇති කරයිලුය. විවාහක ස්ත්‍රිය ළඟට පැමිණෙන්නේ තම සැමියාගේ වේශයෙන්ලුය. එය භූතවිද්‍යා කාව්‍යයෙ ග්‍රන්ථවල මෙසේ සඳහන්ලුය...

රෑ හීනෙන් ඇවිත් - තම හිමියන් විලසේ

යහනේ සැතපෙමින් - නොයෙක් රස බස් කියා

කාමයෙන් උමතුවී - ඇඟ මතා දිගා වෙමින්

කම්සැප විඳිමිනේ - රාගයෙන් මත් වෙමින්
images+%281%29.jpg


ගුප්ත විද්‍යාව අනුව කළුකුමාරයා භූත කොටසට අයත් යක්ෂයෙක්ලුය. මෙම යක්ෂයා කාන්තාවන්ට නොයෙකුත් ලෙඩ රෝගයන් කරන අතර ඔවුන්ගේ දරු ගැබ විනාශ කිරීමේ බලයක්ද ඇත්තේලුය. මොහුගේ බැල්ම දිෂ්ඨිය ඇති කාන්තාවක් ඔල්මාදයෙන් විකාරයෙන් දොඩවයිලුය. මෙය හොර රහසේම තරුණියන්ට වැළඳෙන යක්ෂ දිෂ්ඨියක්ලුය. මෙය උච්චවූ විට රෝගය භයානක වේලුය.එය කිසිවකු නොදන්නේලුය.

එමෙන්ම විවාහක වයසේ පසුවන ස්ත්‍රියන් තමන්ගේ විවාහ ප්‍රමාදය ගැන හිතමින් තම රාගික අදහස් සමාජ සදාචාරය හිතතුළ සිරකරගෙන සිටින විටද මේ දෝෂය ඇතිවේලුය.

කළු කුමාර දිෂ්ඨිය ක්‍රම දෙකක් අනුව සිදුවේලු.

පළමු ක්‍රමය ලිංගික සිහින නිතර පෙනීම, ඒ සිහින දැකීමෙන් ඇය නින්දේදී ලිංගිකව හැසිරී කායික හා මානසික තෘප්තිය ලබයිලුය. නිදි යහනේදී ඇය හැඩි දැඩි තරුණයකුගේ ග්‍රහණයට අසුවුණු විවාහක තරුණියක් ලබන වින්දනයක් සතුටක් ලැබ පූර්ණ ආශ්වාදයක් ලබයිලුය (ඊයා.....). සිහින ලොවේදී ලබන මේ ප්‍රේම ආලිංගයෙන් ඇයට උපරිම තෘප්තිය පවා ලැබේලුය. එවන් අවස්ථාවලදී සමහර තරුණියන් තම කන්‍යාභාවය සිඳී ඇත්දැයි යන බියක් පවා දක්වයිලුය.:oo:

දෙවැනි අවස්ථාව බියජනකය. යම් තරුණියක් නින්දේදී හීනෙන් බියට පත්ව නැගිට දොරගුළු ඇරගෙන සිහිය නැතිව නිවසෙන් පිටව යාමය. එසේ යනවිට යම් දෙයක හැපී හෝ වතුර, තෙත පෑගුණ හොත් ඇය අවදිවන නමුත් එසේ නොවුන හොත් අනතුරකට පත්වී මියයැමට ද පුළුවන්ලුය.:dull:

මෙවැනි දෝෂයක් ඇතිවිටක එය වැඩිහිටියන්ට පවා කීමට ලැඡ්ජාවෙන් සිත තුළ සඟවාගෙන වධ විඳීලුය. එසේ නොව එවැනි දෝෂයක් ඇත්නම් එය වැඩිහිටියනට පවසා එයට අදාළ ශාන්ති කර්ම, යන්ත්රව, පුද පූජා පවත්වා ඉන් මිදීමට මාර්ගයක් සලසා ගතයුතුයයිලුය.:confused:

කළු යක්ෂයාගේ දිෂ්ඨිය ඇතිනම් ගුප්ත විද්‍යාත්මක වශයෙන් එය සදහටම නැති කිරීමට ප්‍රබල යන්ත්‍ර, හා පුද පූජා ආදියෙන් කළහැකිලුය. ඒවා විවිධාකාරව ඇත. ඒවායින් තම ශරීරයට මෙම දිෂ්ඨිය බන්ධන වීමට පෙර ඉවත්කර ගැනීම හිතකරයිලුය.:cool:

මොහුගේ බැල්මක් දිෂ්ටියක් ඇතිවූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම හිඳීම ආදී රෝග ලක්ෂණයන් ඇතිවේලුය. ලොව කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ටද විශේෂ ගිජු කමක් දක්වයිලුය. ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේද මේ යක්ෂයාගේ බැල්මෙන් වළකින්ටලුය. මේ නිසා ස්නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් යෞවනියන් වැළකීම හොඳයිලුය. :rolleyes:

එමෙන්ම කළු කුමාරයා ස්ත්‍රීන්ට දරුවන් ලැබෙනවාට කැමති නැතිලුය. ඒ නිසා ස්ත්‍රීන් වඳ බවට පත්කොට දරු ගැබද විනාශකර පුද පූජා ලබා එම රෝගය නැති කිරීමටද සමත්ලුය.
(ම්හ්... ඌටම ගිය රට... ඇයි යකෝ අපි නැවුම් එකක් කඩපුහාම මොකෑ වෙන්නෙ? ):yes::yes:

එබැවින් ගුප්ත විද්‍යාවේ දැක්වෙන පරිදි අපේ යෞවනියන්, තරුණියන් කළු කුමාර යක්ෂයාගෙන් බේරීමට සදාචාර විය යුතුයිලුය. අශෝභන හැසිරීම් වලින් වැළකීම, තනිමග යැම කෑකෝ ගැසීම, දුටු තැන වස්ත්‍ර ගැලවීම ඇඳීම, තොටුපල ළිඳ ළඟ නෑම, අනිසි වේලාවල්වල පුළුටු මස් වර්ග බැද කා යැම ආදියෙන් වැළකිය යුතුයි.
(කනවනං අපිටත් දීලා කන්න ඕනා):yes::yes:

සමහර විටෙක කළු කුමාරයාගේ බැල්ම දිෂ්ටිය තදින් ඇතිවූ විට තමා අඳින ඇඳිවත පවා ගලවා ඉවතට විසිකර පිරිමින් වැළඳ ගන්නා තත්ත්වයට ඔල්මාදය ඇතිවේලුය.
(අන්න ඒක නං වටිනවා):D:rofl:

එවැනි රෝගියකුගේ කළු කුමාර යක්ෂ බැල්ම නැති කිරීමට කළු කිකිළි බිත්තරයක් රැගෙන ලෙඩාගේ ඇඟිල්ලෙන් ලේ ටිකක් ගෙන කළු කුකුළකුගේ පිහාටු පුළුස්සා එයින් අනා බිත්තරයේ රූපය ඇඳ කිකිළියට උඩින් පැන බිත්තරය සොහොනක් උඩ බිඳීමෙන් කළු කුමාර දිෂ්ටිය පහවී ගොස් යන්ත්රට මන්ත්‍ර බෙහෙත් තෙල් ආදියෙහි බලයෙන් දෝෂය පහවී යයිලුය.

_________________________________________________________


අපි කළු කුමාරයා කියල දකින රූපයේ (අපි නෙමේ ගෑල්ලමයි) කළු කුමාරයා අතේ තියෙන යෂ්ටිය ලිංගිකත්වයේ සංකේතයක් ලු. උගේ වාහනය 'ගොනෙක්' . ඒකෙන් පෙන්නුම් කරන්නේ වනචාරී - වල් කියන එකලුය.... අලි මස් කනවා කියල කතාවකුත් තියෙනවා... ඒකෙන් කියන්නේ අලින්ටත් වඩා ශක්තිමත් කියන එකලු..
(මම නං දන්නෑ වැහුන එක්කෙනෙක් ස්ථිර කරමු බලන්ඩ):yes::yes:

_________________________________________________________


ප/ලි : :rolleyes::rolleyes:

අද රෑට

;)මේක කියෝලා ඉවර උන කළු ගෑල්ලමයි රෑට කරණීයමෙත්ත සූත්තරේ 3 පාරක් කියලා නිදා ගන්න...
;)සුදු ගෑල්ලමයි චූ කරලා නිදා ගන්න...
:rofl:කොල්ලෝ.... මම කියන්න දෙයක් නෑ... උන් දන්නවා කරන්න ඕනේ දේ


_________________________________________________________

ඉන්ටෙර්නෙට් එකේ රවූම් ගහද්දි දැක්කේ ... :yes::yes:
මේ thread එකෙන් මොනවම හරි දැනගත්ත නම් , කතාව හොදනම් රෙපක් දෙන්න ලෝබ වෙන්න එපා .. .... ;);););)
 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    hehehe ela elaz... mohini gana mokuth danne naddda?

    mohini kiyanne kalu kumarayage wife nemmeda bnz??? LOL
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රෙපේ රෙප්++++++++ බන්... අඩෝ අපේ තාත්තගේ හොඳම යාළුවගේ දුවටත් කළු කුමාරයා වැහිලා දැන් සතියකට කලින් මාතරින් කපුවෙක් එක්ක ඇවිත් ඩෙඟා නටලා හොඳ කලා.දැන් ඒකිට සනීපයි.ලස්සන කෙල්ල මොනා උනත්.:love:ඒක තමයි මම අපේ ගෙදරින් ඇහුවම මට වැඩිය කළු කුමාරයා ගැන කිව්වේ නෑ.... මේක තමයි හොරේ එහෙනම්....... :P
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හැබැයි දැං ඉන්න කෙල්ලන්ගෙ දාංගලේටයි කෑගැහිල්ලටයි කළුකුමාරයට නූලක් බඳින්න වෙනව:D:D:D:D:D:D:D:D
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කළු කුමාරයා අතේ තියෙන යෂ්ටිය ලිංගිකත්වයේ සංකේතයක් ලු
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::baffled::baffled::baffled::baffled::baffled::oo::oo::oo::oo::oo::oo::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: