ජැකා කියන විදිය ලියපන්කො
ඇත්තටම මට හිතෙන හැටියට හරේන්ද්‍ර මේ ජංගිය කියන්නේ අපේ පෞරාණික බව අපේ ආදී මුතුන් මිත්තන්ගේ ගරු ඝම්භීරත්වය පෙන්වන හුදු සන්ඛේතයක්ම නෙවෙයි
මොකද අපි සිංහයන්ගෙන් පැවත එන ජාතියක් අපේ අත්තල මුත්තල නත්තල පනත්තල කිරිකිත්තල මී මුත්තලාගේ ඉඳන් ආදිතම පුරවැසිය වෙනකන් දියුන වාපී සංස්කෘතියකට උරුමකම් උරුම කියපු ජාතියක්නේ
මේ වාපී සංකෘතිය තුල පවුල කියන කුඩා ගෘහ මුල ඒකකයට තිබුන මහා විශාල වැදගත් කමක්
අන්න ඒ වැදගත් කම ගැන කතාකරනකොට තමයි අපිට මේ රෝස පාට ජංගිය වැදගත් වෙන්නේ
මෙතැනදී මේ කුවේණි චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා මහා ගැඹුරු පණිවිඩයක් දෙනවා හුදු මහත් ප්‍රේක්ෂක ජනතාවටම
මොකක්ද මේ පණිවිඩය
මේ පණිවිඩය තමයි හරේන්ද්‍ර අපේ මේ පවුල ,කියන කුඩාම ගෘහ ඒකකය
මොකෝ අපි හැමෝම දන්නවා ජයතිස්ස ලාලාඨතිස්ස පියතිස්සගේ ඉඳන් පණ්ඩුවාස කුමාරයා හරහා විජය කුමාරය තම්මන්නවෙන් උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගොඩ බහිනකල්
තියන අපේ මේ මහා ලිඛිත ඉතිහාසය තුල පවුල කියන කුඩා ගෘහ ඒකකය අති මහත් වැදගත් කමක් උසුලනවා