..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..

    03-1.jpg

    පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

    [FONT=&quot]ඩොලර් බිලියන 25ක් පාඩු කළ ඝාතන දෙකක්.[/FONT]

    [FONT=&quot]සවස් යාමයේ සිට පැතිර තිබූ වැහි අඳුර වසා ගනිමින් ඉක්මනටම රාත්‍රී අඳුර පැතිර ගියේය.. ඒ රාත්‍රිය පාළු ය.. මූසල ය.. ඒ මූසලකම වැඩි කරමින් බල්ලකු නඟන අඳෝනාව රාත්‍රියේ නිහඩතාව බිඳ දමයි.. පැබ්ලෝ සිය නිවසේ ජනේලයෙන් එබී බැලුවේ බල්ලාගේ අඳෝනාව අසා සිටින්නට බැරි තැනය.. එහෙත් අඳුර නිසා කිසිවක්ම නොපෙනේ..[/FONT]

    [FONT=&quot]පමා වී නිවෙසට ආ ලුවිස් ගේට්ටුව ළගට ආවේ තමාට ලියුම් ඇත්දැයි බැලීමටය.. නොකඩවා බුරන බල්ලාගේ හඩ ඔහුට බාධා කළේය.. ලියුම් ගැනීම පසෙක දැමූ ලුවිස් බල්ලා දෙස බැලීය.. බුරන්නේ අල්ලපු ගෙදර බල්ලා[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]අකිටා[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ය.. ඌ බුරමින් පාරට පැමිණ යළි නිවසට දුරවයි.. කිසිවක් පෙන්වීමට උත්සාහ කරන්නාක් මෙනි.. ලුවිස් පාර පැන අකිටා වෙත ළංවිය.. සුදු පැහැති බල්ලාගේ ලොම්වල රතු පාටින් කුමක්දෝ තැවරී ඇත.. ලුවිස් අකිටාගේ අමුතු හැසිරීම දෙස බලමින් ඌ දුවයන දෙසට ඇවිද ගියේය.. ඔහු දුටුවේ කුමක්ද..?[/FONT]

    [FONT=&quot]නිවසේ දොර ළග දෙදෙනෙක් ලේ විලක් මැද වැතිර සිටිති.. බියෙන් මුසපත් වූ ලුවිස් නැගූ හඩින් අසල්වැසියෝද දිව ආහ..[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot]මේ බල්ලා රෑ දහයෙ විතර ඉදන් බුරන්නෙ.. මාත් ජනේලෙ ඇරලා බැලුවා..[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] පැබ්ලෝ කීය..[/FONT]

    [FONT=&quot]ඒ සුවිසල් නිවසේ පදිංචි සුරූපී කාන්තාව සහ ඇගේ මිතුරා ගෙල කපා ඝාතනය කර තිබුණේ ඇගේ නිවසේ දොරකඩය.. බල්ලාගේ සිරුරේද තැවරී තිබුණේ ඔවුන්ගේ සිරුරුවලින් වහනය වූ රුධිරයයි.. බල්ලා බුරමින් දුව ගියේ බිම වැතිර සිටි සිය ස්වාමි දුවට උදව් පතාය..[/FONT]

    [FONT=&quot]ඇමෙරිකානු ඉතිහාසයේ වැඩිම මහජන අවධානය දිනාගත් අපරාධ නඩුව ලෙස වාර්තාවන මේ ද්විත්ව මිනීමැරුම සිදු වූයේ 1994 ජුනි මාසයේදී කැලිෆෝනියාවේ දීය.. ඕ.ජේ. ලෙසින් හදුන්වන මෙහි වයිත්තිකරු ඇමෙරිකානු අපරාධ ඉතිහාසයේ ජනප්‍රියම විත්තිකරුය.. ඕ.ජේ. සිම්ප්සන් නම් වූ ඔහු 70 දශකයේ ඇමෙරිකාවේ සිටි සුපිරි පාපන්දු තරුවකි.. මරා දමා සිටියේ නිකොලේ සහ ඇගේ මිතුරා වූ රොනල්ඩ්ය.. නිකොලේ ඉතා සුරූපීය.. ඒ රූමත්කම නිසම යන එන සෑම තැනකදීම ඇය කැපී පෙනිණි.. ඕ.ජේ සහ නිකොලේ මුලින්ම එකිනෙකා හදුනා ගත්තේ රාත්‍රී සමාජ ශාලාවකදීය.. ඇය එහි වේටර්වරියක ලෙස සේවය කළාය.. පෙමින් බැදුණු ඔවුහු විවාහ වූයේ 1985 දීය.. වැඩි කල් නොයාම ඔවුන්ගේ කැදැල්ලට පුත්තු දෙදෙනෙක්ද එක්වූහ..[/FONT]

    [FONT=&quot]සැවොම නිකොලේ දැන සිටියේ ආදර බර මවක ලෙසිනි.. එහෙත් ඇගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවීය.. ඇය නිතරම ඕ.ජේ. ගේ වද හිංසාවලට ලක් වූවාය.. අවසානයේ තීරණයක් ගත් ඕ 1992 දී සැමියාගෙන් දික්කසාද වූයේ දරුවන්ගේ භාරකාරත්වයද බලා ගනිමිනි..[/FONT]

    [FONT=&quot]රොනල්ඩ් ද රාත්‍රී සමාජ ශාලාවක වේටර්වරයෙකි.. ඔහු සහ නිකොලේ හොද මිතුරන් ලෙස හැදින්වුවද බොහෝමයක් දෙනා කීවේ ඊට වඩා සබදකමක් ඔවුන් දෙදෙනා අතර වූ බවය.. ඔහු ඇය හා රාත්‍රී සමාජ ශාලාවලට ගිය අතර නිතරම ඇගේ මෝටර් රිය පදවාගෙන එහෙ මෙහෙ ඇවිදින්නට ද ගියේය.. ඇගේ රූමත්කම ගැන ඔහු ආඩම්බරයට පත්විය..[/FONT]

    [FONT=&quot]ඔවුන් දෙදෙනා ඝාතනයට ලක්වූ දින සවස් යාමයේ නිකොලේ සහ දරුවන් ද ඇගේ මව ද රාත්‍රී ආහාර ගත්තේ රොනල්ඩ් සේවය කල ආපන ශාලාවෙනි.. අනතුරුව නිවෙසට ගිය නිකොලේගේ මව ජුඩිත් පැවසුවේ තම උපැස් යුවල ආපන ශාලාවේ දමා ආ බවය.. නිකොලේ මේ ගැන රොනල්ඩ්ගෙන් විමසුවාය..[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot]මමීගෙ කණ්නාඩි කූට්ටම ඔතැන දාලා ඇවිත්.. පුළුවන් නම් රෑට ඒක මගේ ගෙදරට ගෙනැත් දෙන්න..[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] උපැස් යුගලද රැගත් රොනල්ඩ් සිය නිවෙසට ගොස් නා ඇදුම් මාරු කර නිකොලේගේ නිවෙසට ගියේ රාත්‍රී 9.30ට පමණය.. ඔහු නිවෙසට යද්දී නිකොලේ කළු පැහැති කෙටි ඇදුමකින් සැරසී සිටි අතර නිවෙස ඇතුළේ විසිතුරු ඉටිපන්දම් දල්වා තිබිණි.. සිහින් සංගීත රාවයක්ද විසිත්ත කාමරයෙන් නික්මිණි..[/FONT]

    [FONT=&quot]ඉන්පසු සිදු වූ දේ දන්නේ නිකොලේ, රොනල්ඩ් සහ අකිටා බල්ලා පමණි.. දෙදෙනා ඝාතනයට ලක්වෙද්දී දරුවො දෙදෙනා නිවෙසේ උඩු මහලේ කාමරයක සුව නින්දේ පසු වූහ..[/FONT]

    [FONT=&quot]මේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියේ සැකය යොමු වූයේ නිකොලේ ගේ දික්කසාද සැමියා වූ ඕ.ජේ. වෙතය.. පොලීසියට බාර වෙන ලෙස ඕ.ජේ. ගෙන් කොතෙක් ඉල්ලීම් කෙරුණත් ඔහු පොලීසියට බාර නොවී කට්ටි පනිමින් සිටියේය.. ඔහු බාර වෙන බවට ලද තොරතුරක් මත දිනක් පොලීසියට පැමිණ සිටි පුවත්පත් වාර්තාකරුවෙකුගේ සංඛ්‍යාව දහස ඉක්මවිය..[/FONT]

    [FONT=&quot]එහෙත් එදින ඕ.ජේ. සිය නීතීඥයෙකු සමගින් ලිපියක් පමණක් එවා තිබුණේය..[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot]නිකොලේගේ මරණයට මගේ සම්බන්ධයක් නෑ.. මං ඇය මැරුවෙ නෑ..[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ඔහු එහි ලියා තිබිණි..[/FONT]

    [FONT=&quot]ඕ.ජේ. පොලීසියට බාර නොවීම නිසා නිතීඥවරයාද පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනී මගින් ඔහුට බාර වෙන ලෙස දැනුම් දුන්නේය..[/FONT]

    [FONT=&quot]විත්තිකරු බාර නොවීම නිසා සියලු මාධ්‍යයද මේ වන විට ඕ.ජේ. සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටියේය.. අවසානයේ පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේ විශාල පරිශ්‍රමයක් දරමිනි.. ඕ.ජේ. පොලීසියට රැගෙන එද්දී දහස් ගණනක් මග දෙපස රැස්ව සිටියේ ඔහු දැක බලා ගැනීමටය.. ඕ.ජේ අල්ලා ගැනීමට කළ මෙහෙයුම සදහා හෙලිකොප්ටර් යානා 20ක් යොදවා තිබූ අතර ඒ අවස්ථාව සෑම මාධ්‍යයකින්ම පාහේ සජීවිව ආවරණය කළේය..[/FONT]

    [FONT=&quot]ඕ.ජේ. ළග තිබූ යම් යම් භාණ්ඩ සහ විවිධ සාක්කි මත මේ මිනීමැරුම් ඔහු විසින් කරන ලද බව ඔප්පු කිරීමට පොලීසිය මහත් වෙහෙසක් ගත්තේය.. මිනීමැරුම සති කිහිපයකට පෙර ඔහු පිහියක් මිලට ගැනීම, මිනීමැරුම සිදුවූ දා රාත්‍රීයේ ඔහුගේ වාහනය නිකොලේගේ නිවෙස අසලින් වේගයෙන් නික්ම යනු දුටු බවට කාන්තාවක දුන් සාක්ෂිය ඔහුට විරුද්ධව තිබූ සාක්ෂි අතර විය.. අත්මේස් එකක වූ සලකුණු හදුනා ගැනීම සදහා ඩී.එන්.ඒ පරීක්ෂණද පැවැත්විය..[/FONT]

    [FONT=&quot]සතියක් තිස්සේ පැවැති නඩු ඇසීමෙන් පසු විනිසකරු ඕ.ජේ. ගෙන් තමා වරදකරු දැයි විමසීය.. [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]මම සියයට සියයක්ම නිවැරදියි..[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ඕ.ජේ ගේ පිළිතුර විය..[/FONT]

    [FONT=&quot]මූලික නඩු විභාගයකින් පසු නඩුව ඇසීම වෙනත් උසාවියකට මාරු කෙරිණ.. ඇමෙරිකානු අපරාධ නඩු ඉතිහාසයේ වාර්තා තැබූ මිනීමැරුම් නඩුවක් වූ මේ නඩුව සදහා ජූරි සභිකයෝ 12 දෙනෙක් සහභාගී වූහ.. ඇමෙරිකාවේ සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා නඩුව මුල සිට අගට ආවරණය කළේය..[/FONT]

    [FONT=&quot]ඕ.ජේ. තමා වෙනුවෙන් ඉහළම නීතීඥ මණ්ඩලයක් යෙදවූ අතර ඒ වෙනුවෙන් වැය වූ මුලද ඇමෙරිකන් ඩොලර් මිලියන 3-6 ත් අතර වී යැයි පැවසේ..[/FONT]

    [FONT=&quot]මේ නීතීඥ මණ්ඩලය එකල පුවත්පත් විසින් [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]සිහින කණ්ඩායම[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ලෙසින් හදුන්වනු ලැබීය..[/FONT]

    [FONT=&quot]නඩුව සදහා 150 දෙනෙකු සාක්කි දුන් අතර අට මාසයක් තිස්සේ නඩුව අසනු ලැබීය..[/FONT]

    [FONT=&quot]ඝාතනයට භාවිතා කළ ආයුධයක් නැතත්, සාක්කි සදහා ඇගිලි සලකුණු නැතත්, ඝාතනය දුටු බවට සාක්කි නැතත් පැමිණිලිකාර පාර්ශවය සිතුවේ ඩී.එන්.ඒ සාක්කි මගින් ඕ.ජේ. වැරදිකරු ලෙස ඔප්පු කළ හැකි බවය..[/FONT]

    [FONT=&quot]එහෙත්, ඒ සියලු විශ්වාස බිද හෙළමින් 1995 ඔක්තෝබර් 05 වැනිදා ජූරිය ඕ.ජේ නිදහස් කළේය..[/FONT]

    [FONT=&quot]සජීවී මාද්‍ය ආවරණයක් බලා දුන් අපරාධ නඩුවක් ලෙස වාර්තා වූ මේ නඩුව සදහා 1994 සිට 1997 දක්වා රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ 2237ක් ලබා දී තිබිණි.. සුප්‍රසිද්ධ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]නිව්ස්වීක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] සහ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ටයිම්ස්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] සගරා සිය මුල් පුවත ලෙස මේ මිනීමැරුම් නඩුව වාර්ථා කළේ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ඇමෙරිකානු ශෝකාන්තය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] යන සිරස්තලය යටතේය..[/FONT]

    [FONT=&quot]කැලිෆෝනියානු අධිකරණ ඉතිහාසයේ දීර්ඝතම නඩු විභාගය ලෙස වාර්ථා වන මේ නඩුව සදහා ඩොලර් මිලියන 20කට වැඩි මුදලක් වැය වූ බව සදහන්ය.. නඩු වාර්ථාවේ පිටු ගණන 50.000කි.. නඩුව තිබූ මුළු කාල සීමාවේ වූ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළ ජූරි සාමාජිකයන්ට නවාතැන් දුන්නේ ලොස් ඇන්ජලීස් හී ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයේය..[/FONT]

    [FONT=&quot]රූපවාහිනී නරඹන ජනතාව අතරින් සියයට 95ක්ම මේ නඩු විකාශය නැරඹූ අතර මිලියන 142ක් වූ ජනතාව ගුවන් විදුලිය මගින් නඩු තීන්දුව දෙන අවස්ථාව ඇසූහ.. එසේම සමීක්ෂණයකින් හෙළි වූයේ ඇමෙරිකානු කර්මාන්ත අංශයට ඩොලර් බිලියන 25ක පාඩුවක් මේ නඩුව ඇසීම සදහා සේවකයන් සිය රැකියා ස්ථානවලින් බැහැරව යාම නිසා සිදු වූ බවයි..[/FONT]

    [FONT=&quot]මාධ්‍යවේදීන් 2000ක් නඩුව ආවරණය කළ අතර පුවත්පත් 23ක් වීඩියෝ ආවරණ 121ක් ද නඩුව වාර්තා කළේය.. නඩුව ආවරණය කළ රූපවාහිනී ආයතන සංඛ්‍යාව 19කි..[/FONT]

    [FONT=&quot]ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත පමණක් මේ නඩුව සම්බන්ධයෙන් විශේෂාංග ලිපි 1000ක් පළ කර තිබිණි.. කතාව අඩංගු පොත් 80ක් ලියැවුණු අතර නඩුවට සම්බන්ධ වූ බොහෝ දෙනා සිය කතාව පුවත්පත් හා පොත්වලට ප්‍රකාශ කරමින් මුදල් ඉපයූහ..[/FONT]

    [FONT=&quot]මෙතරම් ප්‍රසිද්ධියක් ලැබීමට තරම් මේ නඩුව වැදගත් වූයේ මන්ද යන්න අදත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයකි..[/FONT]

    [FONT=&quot]ශතකයේ නඩු විභාගය වශයෙන් හැදින්වුණු මේ නඩු විභාගය අතරතුරදී නිකොලේගේ මවුපියන් දරුවන්ගේ භාරකාරත්වය ලබා ගත් නමුත් 1996 දී ඕ.ජේ. නැවතත් දරුවන්ගේ භාරකාරත්වය හිමි කර ගත්තේය.. එහෙත් නිකොලේගේ මවුපියෝ දිගින් දිගටම දරුවන්ගේ භාරකාරත්වය ලබා ගැනීමට නඩු මගට බැස්සහ..[/FONT]

    [FONT=&quot]නඩු විභාගයෙන් පසු ලියැවුණු පොත් ගණනාවක්ම නඩුවේ චූදිතයා වූ ඕ.ජේ. නම් කර ඔහු වැරදිකරු කර තිබිණ.. 2008 වර්ෂයේ දී ලියැවුණු එක් පොතක කියා තිබුණේ ඕ.ජේ. එහි කතුවරයාට මිනීමැරුම පිළිබදව පාපොච්චාරණය කළ බවකි..[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot]නිකොලේ එදා පිහියක් අතින් අරන් දොරකඩට නොආවා නම් එයා තවමත් ජීවතුන් අතරයි..[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] යනුවෙන් ඕ.ජේ. කියූ බවත් එහි සදහන් වෙයි.. එහෙත් ඕ.ජේ දිගින් දිගටම පවසන්නේ තමා එවැන්නක් නොකී බවය..[/FONT]

    [FONT=&quot]කෙසේ වුවද, මේ පොත පාදක කරගනිමින් 2007 දී වාර්තා චිත්‍රපටයක්ද තැනිණ..[/FONT]

    [FONT=&quot]ඕ.ජේ. සිය දික්කසාද බිරිය සහ ඇගේ මිතුරාගේ ඝාතනයන් සම්බන්ධයෙන් නිවැරදිකරු වූවද ඔහු 2007 වසරේදී යළි අත්අඩංගුවට පත්විය..[/FONT]

    [FONT=&quot]ඒ ලාස් වේගාස්වලදීය.. ආයුධ සන්නද්ධව කළ සොරකම් සහ පැහැර ගැනීම් ඔහුට විරුද්ධව වූ චෝදනාය.. 2008 ඔක්තෝබර් මාසයේ දී චෝදනාවලට වැරදිකරු වූ ඕ.ජේ. වසර 33කට සිරගත විය.. ඔහුට යළි නිදහස පතා ඇයැදුම් කරන්නට ඉඩ ලැබෙන්නේ 2017දීය.. ඕ.ජේ. දැන් නොවාඩා හී හිර ගෙදරක සිර දඩුවම් විදිමින් සිටී..[/FONT]



    [FONT=&quot]නිමි.[/FONT]
    [FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.

    signt.gif


    ........................................................................................
    ...::: පෙර ලියූ ලිපි එකතුව :::...
    [/FONT][FONT=&quot]........................................................................................[/FONT]
    [FONT=&quot] ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..
    සියල්ල වෙනස් කළ මිනිත්තු අට
    http://www.elakiri.com/forum/showthread.php?t=1438391
    [/FONT][FONT=&quot]........................................................................................
    [/FONT][FONT=&quot]..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..[/FONT]
    [FONT=&quot]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා
    http://www.elakiri.com/forum/showthread.php?t=1438544
    [/FONT][FONT=&quot]........................................................................................

    [/FONT]
    .................................................. ...............................................................................
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
    පරිවර්තනය - සේමාලි කැල්ලපත
    [email protected]
    2012-06-03
    .................................................. ...............................................................................

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලා කම දේ පල දේ
    :):)

    ela mchn info tiak maru rep denan bhllu :)
    තෑන්ක්ස් මචං.. මේ දෙකත් කියවපං..:):)

    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot] ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..
    සියල්ල වෙනස් කළ මිනිත්තු අට
    http://www.elakiri.com/forum/showthread.php?t=1438391
    [/FONT][FONT=&quot].................................................. ......................................
    [/FONT][FONT=&quot]..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..[/FONT]
    [FONT=&quot]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා
    http://www.elakiri.com/forum/showthread.php?t=1438544
    [/FONT][FONT=&quot].................................................. ......................................[/FONT]​