Seat Belt දාගනින් ඉස්සරහින් ලියනවලු.......!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Seat Belt දාගනින් ඉස්සරහින් ලියනවලු.......!!!

    rFQL.jpeg





    මෑතක ඉදන් රියදුරන් සම්බන්ධව සීට් බෙල්ට් නීතිය තදින් ක්‍රියාතමක කරන්න පටන් ගෙන තියනව. රියදුරා විතරක් නෙවි ඉදිරිපස අසුනේ ඉන්න අනිත් කෙනත් සීට් බෙල්ට් දාල නැතිනම් දඩ ගහනවවා. ගොඩක් අය කියනව ඕව පොලිස්කාරයන්ට කීයක් හරි හොයා ගන්න තියන බොරු නීති කියල. ඇරත් රියදුරාට තිබුනත් අනිත් කෙනාට සීට් බෙල්ට් මොකටද කියල සමහරු අහනව. ඇත්තටම මේ නීතිය ගොන් පාට් එකක්ද?

    පොඩ්ඩක් සලකල බැලුවොත් රිය අනතුරු බොහොමයක ඝට්ටනය වන්නේ රථය ඉදිරිපසින්. සරල භෞතික විද්‍යාව යෙදුවොත් මිලිතත්පර කීපයකින් අධික මන්දනයකට (Deceleration) මුළු රථයම සහ එහි තුල සියළුමදේ නතුවනව. මෙවිට රියදුරු අසුනේ ඉන්නා කෙනා නිසි පරිදි ආසනපටි පැලදුවෙ නැතිනම් ඔහුව ඉදිරියට විසිව ගොස් ඉදිරියෙන් වූ රිය කොටස් වල ගැටීම නිසා පහත දේවල් වෙන්න පුළුවන්.

    Capture2.PNG




    • හිස ඉදිරියට ඇදී ගොස් ඉදිරිපස winsdscreen එකේ හෝ පැත්තේ ඇති රිය කොටස් වල අධික වේගයෙන් වැදීමට හැක.


    • ඇතැම් විට රියදුරා තම හිසෙන් ඉදිරිපස වීදුරුවත් කුඩුකරගෙන රථයෙන් ඉදිරියට විසීවීය හැක.


    • පපු ප්‍රදේශය එක්වරම සුක්කානමට තදවී පර්ශු (ඉල ඇට) බිදී යාමත් හෘදය වස්තුව හා අක්මාවට හානි වීමත් විය හැක.


    • දණහිස ගොස් ඉදිරිපස පුවරුවේ ගැටී තුවාලවීම් හා අස්ථි බිදීයාම් විය හැක.


    • රිය අනතුරේදී කකුලෙන් වැරෙන් තිරිංග පාගා සිටින විටක සිරුර තව දුරටත් ඉදිරියට චලනය වීමට උත්සාහ දරණ විට එම ආතතිය පාදයේ අස්ථි දිගේ උකුලට සම්ප්‍රේෂණය වීමෙන් උකුල් අස්ථි බිදීයාම්, උකුල් සන්ධිය පැනීම (Dislocation) වියහැක.


    • පෙර කිව්ව ලෙසම හෘදය වස්තුවත් උරස් කුහරය තුළ ඉදිරියට වේගයෙන් චලනය වෙන්න උත්සාහකරද්දී මුළුසිරුරටම ලේ ගෙනියන මහාධමනියත් ඉරීයාමට ලක්වෙන්න පුළුවන්. මේක නම් මාරාන්තිකයි.

    දැන් ඔය ගෙනාපු අළුත් නීතියේ තියනවා නේද රියදුරා සීට් බෙල්ට් දාල හිටියත් අනිත්පස ඉදිරි අසුනේ ඉන්න කෙනා ඒක දාල තිබුනෙ නැතත් දඩ ගහනව කියල. දැන් අපි බලමු ඉදිරිපස යාබද අසුනේ ඉන්න කෙනාට අනතුරකදි මොනද වෙන්නේ කියල. බොහෝ වෙලාවට අනතුරකදි රියදුරාට වඩා වැඩි හානියක් ආසන පටි නැතිනම් ඔහුට වෙන්න පුළුවන් කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ නොවෙන්නත් පුළුවන්.

    මේකට හේතුකීපයක් තියෙනව.


    • ඉදිරිපස යාබද අසුනේ ඉන්න කෙනා බොහෝවිට අනතුරට සූදානමින් නෙමෙයි ඉන්නෙ (රියදුරා හා සසදන විට) ඇතැම් විට එයා පොඩි නින්දක් දාගෙන යනව වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් අවධානය වෙනතක වෙන්න පුළුවන්.



    • රියදුරාගෙ ඉදිරිපස තියන සුක්කානම නිසා අනතුරකදී ඉදිරියට විසිවිම පොඩ්ඩක් අඩු වෙනව (සුක්කානමට හිරවීත් අනතුරු වෙන්න හැකිවුවද) . හැබැයි ඉදිරිපස යාබද අසුනේ ඉන්න කෙනාට එවන් බාධකයක් නැති නිසා කෙලින්ම වීදුරුව කුඩුකරගෙන රථයෙන් ඉදිරියට විසිවෙනව.



    හරි දැන් බලමු කොහොමද මේ සීට් බෙල්ට් එක නිසා මේව වැලකෙන්නෙ කියල. ඔය පහත තියන අන්තිම කරුණු දෙක තේරුම්ගන්න නම් පොඩ්ඩක් භෞතික විද්‍යාව යොදන්න ඕන.



    • රිය අනතුරකදී වන වේගවත් මන්දනයන් හමුවේ සිරුර ඉදිරියට විසිවීම හැකිතාක් අඩු කරමින් ඉදිරිපස වීදුරුව, සුක්කානම යනාදීය හා ගැටීම සීට් බෙල්ට් මගින් අවම කරනව



    • අනතුරේදී මගියා ජනෙල් දොරවල් කඩාගෙන රථයෙන් එලියට විසීවීයාම වලක්වනවා.



    • තද මන්දනයකදී ආසන පටිත් යම්තාක් දුරකට ඇදෙමින් ශරීරය මන්දය වෙන්න යන කාලය වැඩි කරල අනතුරේ ප්‍රභලතවය අඩු කරනව. (භෞතික විද්‍යාව කරපු අය දන්නවනෙ මන්දනය= ප්‍රවේග වෙනස/ කාලය කියල)



    • පළල් ආසන පටි නිසා මන්දනය නිසා වන බලය වැඩි පෘෂ්ඨ ක්ෂේත්‍රපලයක් මත තමා ලැබෙන්නෙ. නැතිනම් හිතන්න හිස ගිහින් සුක්කානමේ වැදුනාය කියා. ඒ හා සසදද්දි ඒකීය ක්ෂේත්‍රපලයක් මත වන බලය බෙල්ට් දාල තිබ්බොත් අඩුයි.


    ඕන්න ඕකයි සිද්ධිය. රිය අනතුරු ගැන කියපු නිසා මොළයට හා කෂේරුවට ගොඩක්බ බහුලව වෙන්න පුළුවන් තව අනතුරු වර්ග දෙකක් ගැන කෙටියෙන් කියන්ම්.



    ෴Whiplash Injury ෴


    rFEf.jpeg





    Whiplash වචනෙ වෙනම බැලුවොත් තේරුම කස පහර කියන එකනෙ. කොහොමද ඉතින් අනතුරකදි කසපහර වදින්නෙ?මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ....


    අධික මන්දනයකට (Deceleration) ලක්වීම නිසා එක්වරම ගෙල ප්‍රදේශය පහතට නැවීම මගින් කොඳුඇට පෙලේ ගෙල සහ උරස් ප්‍රදේශයේ කොදුඇට වලටත් සුෂුම්නාවටත් හානිවිය හැක (Hyperflexion injury).

    rFDq.png



    ඉන්පසු ඇතැම්විට රිය නතර වනවාත් සමග ඉදිරියට නැවුනු හිස යලි වේගයෙන් පිටිපසට නැවීමෙන් ද අනතුරු විය හැක (Hyperextension injury). මීට අමතරව දෙවනුවට මම සටහන් කරන මොළයට වෙන Coup contrecoup ගණයේ අනතුරුද මේකෙන් වෙන්න පුළුවන්.

    තේරුනා මදි වගේනම් පොඩ්ඩක්ට බසයක ගමන් ගන්නා විට බ්‍රේක් පාරක් ගසන අවස්ථාවක් හිතින් හිතලා බලන්න. බ්‍රේක් එකත් එක්ක ඔලුව ඉස්සරහාට නැවිල ගිහිල්ල ආයෙ පිටිපස්සටත් නැවෙනව නේද? හරියට කසයක් ඉදිරියට වීසි කරල පහර ගහල ආපසු පිටිපස්සට ඇදල ගන්න වගේ.


    Capture.PNG



    මේක වලක්වන්න මූලිකම ක්‍රමය නම් සීට් එකට හොඳ Head-Restraints (හිස ආධාරක) නිවැරදිව යෙදීමයි. ඉහත රූපෙ පෙන්නනව හිස ආධාරකය හරියට තියන්නෙ කොහොමද කියල.





    ෴Coup contrecoup injury෴




    injured01.gif



    මොනවද මේ Coup contrecoup injury? මතකද මම කලින් කිව්ව අනතුරකදී හිස ඉදිරියට තල්ලුවෙලා ගිහින් වාහනේ නතර වෙද්දි ආයෙ වේගයෙන් පිටිපසටත් ඇදෙනව කියල. ඉතින් අපේ මොළයත් ඔය කිව්ව සංසිද්ධිය බදුන් වෙනව. දැන් හිතන්න ... බ්‍රේක් ගහනව. (එතකොට ඔලුව ගිහින් ඉස්සරහ තියන සුක්කානමේ හරි වීදුරුවෙ හරි වදින්නත් පුළුවන්) මේක වෙද්දි හිස්කබල ඇතුලෙ මොළයත් වේගයෙන් ඉදිරිට ඇදෙනව. දැන් මොළේ ගිහින් ඉස්සරහ තියන හිස්කබලෙ වේගයෙන් වදිනව.දැන් වාහනේ නතර වෙන්න යනව. ඔන්න එතකොට මොළේ හිස්කබල තුළ බම්ප් වෙලා ආයෙ පසුපසට තල්ලු වෙනව. දැන් ඒක නතර වෙදිදි මොළේ පිටුපස කොටස ගිහින් ආයෙ වදිනව හිස් කබලෙ.


    රිය අනතුරකදි විතරක් නෙවි හිසට තදබල පාරක් වැදෙන වෙලාවන්හිදීත් මේ අන්දමට ම අනතුර වෙන්න පුළුවන්. හැබැයි රිය අනතුරකදී බාහිර පේන තුවාලයක් නැතිව තිබුනත් මොළේට ඇතුලින් මේ අන්දමට තැලීමක් වෙලා තියෙන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් අනතුරකදී හිස්කබලට සාපේක්ෂව මොලයේ චලිතයක් තියනව. ඒ මොළය මෘදුයි වගේම හිස්කබල ඇතුලෙ ඒකට චලනය වෙන්න පුලුවන් නිසා. හිස කොහේවත් වැදුනත් නැතත් වේගයෙන් මන්දනය වෙද්දි මොළය ගිහින් හිස්කබලෙ ඉස්සරහ වැදිල ආයෙත් බවුන්ස් වෙලා පස්සට ඇවිත් වදිනව.

    දැන් කොහොමද අපි ඔය කිව්ව coup-contrecoup වලක්වන්නෙ. හිස ඉස්සරහට චලනය වෙන එකයි, ඔලුව ගිහින් ඉස්සරහ තියන දෙවල් වල වදින එකයි අවම කරන්න පුළුවන්නම් coup-contrecoup අනතුරුත් අඩු බව තේරෙනවනෙ. කලින් කිව්ව වගේ සීට් බෙල්ට් දානව නම් ඔලුව වාහනයේ ඉස්සරහ වදින එක අඩුයි. මීට අමතරව අනතුරකදි හොදට වැඩ කරන Air Bags සවි කරල තියනව නම් ඒකෙනුත් මීට සෑහෙන්න උපකාරයක් වෙනව.

    airbag_demo1.jpg



    අන්තිමට තවත් පොඩිදෙයක් කියන්න හිතුව. ඔයගොල්ලො වාහන වල ඉස්සරහ Dash Board එක උඩ තියල තියනව නේද එක එක වෛවාරන සුකුරුත්තම් බඩු. ෆෙන්ෂුයිකරනය වෙච්ච සමහර බස් වල ඉස්සරහ අර ලාෆින් ගෝඩ් කියන වාමනය තියල ඊට ඉස්සරහ භාජනයක කාසි ගොඩක් දාල තියනව මම දැකල තියනව. හැබැයි අනතුරක් වෙච්චි වෙලාවක නම් ඔය සුකුරුත්තන් බඩු රිය තුල සැඟවූ මිසයිල බවට පත් වෙනව.

    dashboard-toys.jpg


    ඒ කොහොමද? මම කලින් කිව්ව දේට සමාන දෙයක් තමා ඔතනත් වෙන්නෙ. බ්‍රේක් ගහල නතර වෙද්දි ඔලුව ආපස්සට චලනය වෙනව වගේම මේ කිව්ව සුකුරුත්තම් ටිකත් මිසයිල වගේ අධි වේගයෙන් පිටුපසට වීසි වෙනව. Dash Board එක උඩ නිකම්ම තියල තියන දෙවල් නිසා ඒවායේ ගමනට කිසි ප්‍රථිරෝධයකුත් නෑ. ඉතින් රියේ ගමන් කරන අයට වෙනව අනතුරින් බේරෙන්න වගේම රථය තුලම තියන මේ මිසයිල වලිනුත් බේරෙන්න.

    බඳ පටියේ අගය තව දුරටත් දැක්වීමට පහල රූපත් බලන්න..

    carc.png


    bride-dead-accident.jpg


    2-778971.jpg


    rFOL.jpeg


    Code:
    http://apisinhalanews.blogspot.com



     
    Last edited by a moderator: