වැස්සේ වාහන පදවන ඔබ මේවා දන්නවාද?

chathura414

Well-known member
  • Jan 2, 2014
    5,186
    7,161
    113
    M-Town
    වැස්සේ වාහන පදවන ඔබ මේවා දන්නවාද?

    වැසි කාලය කියන්නේ වාහන අනතුරු ගොඩක් සිද්ධවෙන කාලයක්, වැස්සේ වාහනය පදවද්දී මාර්ගය සහ ටයර් අතර ඝර්ෂණය වෙනස් වගේම වාහනය හැසිරෙන ආකාරයත් වෙනස්. ඒ නිසා වාහනය පදවද්දි සැලකිලිමත් විය යුතු දේවල් අද අපි මේ ආටිකල් එකෙන් අරන් එනවා.

    👉අධික වැස්සේ රිය පැදවීම පුලුවන් තරම් මගඅරින්න.

    විශේෂයෙන් දුර ගමන් යද්දි අධික ලෙස වහින වෙලාවල් මගඅරින්න පුලුවන් නම් වඩාත් හොඳයි, මොකද වාහන අනතුරු වෙන ප්‍රමණය වැඩි නිසා.

    👉ඔබේ වාහනේ මේ දේවල් චෙක් කරගන්න.

    විශේෂයෙන් දුර ගමනක් යන වෙලාවක වාහනේ හෙඩ් ලයිට්, ටේල් ලයිට්, වයිපර් වගේම ටයර් කට්ටත් පරීක්ෂා කරන්න. ටයර් ගෙවිල නම් වාහනේ වැස්ස වෙලාවක ලිස්සන්න තියන ප්‍රවණතාවය වැඩියි මොකද ටයරය සහ මාර්ගය අතර ජලය සහ තෙල් තිබෙන වෙලාවක නොහිතන විදිහට වාහනයක් වංගුවකදී උනත් ලිස්සන්න පුලුවන් නිසා. මීට ලොකුම හේතුව ජලය සමග මාර්ගයේ තිබෙන තෙල් සහ අපද්‍රව්‍ය මගින් ලිහිසි පෘශ්ඨයක් හදන නිසා. ඒ වගේම 50kmph වේගයට වඩා වැඩි වේගයෙන් යනකොට මේ අවදානම ඉතාම වැඩි බව මතක තියාගන්න.

    👉වේගයෙන් නම් යන්න එපා.

    වහින වෙලාවට වේගය කියන්නේ ඉතාම අති-අවදානම් ක්‍රියාවක්. වහිද්දී වාහනය වගේම ඔබත් ප්‍රතිචාර දක්වන වෙලාව අඩු වෙනවා ඒ නිසා අවදානම අනිවාර්යයෙන් වැඩියි.

    👉වයිපර් භාවිතය

    පොඩි වැස්සකදී උනත් වයිපර් භාවිත නොකර යන්න එපා. මොකද ඉදිරියෙන් යන වාහන වලින් නිකුත් වන ජලය මුසු උන සියුම් පටලයක් ඔබේ වීදුරුව මත බැඳෙන්න පුලුවන් නිසා ගොඩක් වෙලාවකට ඔබට ඉදිරිපස පෙනීම අඩුවෙන්න පුලුවන්. ඉතින් නිතර ඔබේ වීදුරුව පිරිසිදුව තබා ගෙන රිය පදවන්න මතක තියාගන්න. ඒ වගේම දැන් ජලය වීදුරුව මත රැඳීම අඩුකරගන්න නොයෙකුත් ආලේපයන් පවා වෙළඳපොලේ තිබෙනවා.

    👉ටේල් ගේට් කරද්දී පරිස්සමෙන්.

    ඉදිරියෙන් යන වාහනෙත් එක්ක නිසි ඉඩක් තබාගෙන යන්න, මොකද පාරෙ වතුර පිරුන තැන් වල වලවල් තිබුනොත් ඉස්සරහ වාහනය අනපේක්ෂිත විදිහට නතර වෙන වෙලාවල් තියෙන්න පුලුවන් නිසා.

    👉වතුරෙන් යටවෙච්ච තැන් කියන්නෙ මාරකයක් වෙන්න පුලුවන්.

    වතුරෙන් යට උන තැනක ගැඹුර හරියට නොදැන ඔබ වාහනය අරන් යන්න හිතනව නම් ඔබ ගන්නේ ලොකුම අවදානමක් මොකද දුම් බටය තුලින් වාහනය ඇතුලට වතුර ආවොත් ඔබේ වාහනයේ එන්ජිම ක්ෂණිකව අක්‍රිය වෙනවා. ඒ වගේම වතුරෙන් යට වෙච්ච පාලමක් වගේ තැනකින් යනව නම් ඔබේ වාහනය ජලයේ පාවෙන්න ලොකු ඉඩක් තියනවා.

    පහුගිය කාලයේ වතුර මේ වගේ ගලන තැන් වලින් යන්න හදපු ඕෆ් රෝඩ් වාහන පවා ජල පහරට ගසා ගෙන යනවා අපි දැකල තියනවා. වතුර ඔබේ දුම් බටය මට්ටමට ගැඹුර නම් කිසිසේත්ම ඒ හරහා ගමන් කිරීම අනුමත කරන බෑ. මේ වගේ වෙලාවක මදක් යට උන වතුර හරහා ඔබට යන්නම වෙනවා නම් මේ දේවල් මතක තියාගන්න.

    👉ඔබට යන්න පුලුවන් ගැඹුර අඩුම තැනින් ගමන් කරන්න, පාරේ මැද නම් වඩා සුදුසුයි.

    👉 ඔබේ කකුල ගෑස් පෙඩල් එකෙන්(ඇක්සලරේටරයෙන්) ඉවතට ගන්න එපා. බ්‍රේක් පෙඩල් එකෙන් අවශ්‍ය නම් වේගය පාලනය කරන්න.

    👉 අදික වේගය හෝ ඉතා අඩු වේගය පාවිච්චි කරන්න එපා. පාලනය කල හැකි වේගයකින් යන්න (5-10kmph නම් ඉතා සුදුසුයි)
    ඔබ වතුරෙන් ඉවතට ආ පසු බ්‍රේක් වේලගන්න මද වේගයෙන් යන ගමන් හෙමින් බ්‍රේක් එක වරින් වර පාගන්න (Light taps)

    👉 ඒ වගේම වතුරෙන් යට උන තැන් වල වාහනයේ ටයර් සහ මාර්ගය අතර ස්පර්ශය නැති වෙන එකට hydroplaning කියල කියනවා. මෙතනදි වෙන්නේ වාහනය ලිස්සා යාම ඔබ වේගයෙන් යනවා නම් ටයර් ගෙවිල නම් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්, මේ වගේ වෙලාවක කරන්න පුලුවන් හොඳම දේ, ඇක්ස්ලරේටරයෙන් කකුල ඉවතට අරගෙන ක්‍රමයෙන් වාහනය පාලයන කරගන්න එක. එක පාරට බ්‍රේක් කරන්න යන්නත් එපා මේ නිසා ලිස්සා යාම වැඩි වෙන්න පුලුවන්.

    👉 A/C

    වැස්සක වාහනය පදින වෙලාවක A/C පාවිච්චි කරන එක වඩාත් හොඳයි, මොකද වාහනය අවට වාතය සිසිල් වෙද්දී වාහනයේ වීදුරු විවෘත වෙලා නැත්නම් mist එක වීදුරුව ඇතුලෙන් බැඳෙන්න පුලුවන් නිසා, එහෙම වෙන්නේ අපේ ප්‍රාශ්වාස වාතය එක්ක පිටවෙන ජල වාෂ්ප වලින් වාහනේ ඇතුලත ආර්ධතාවය(Humidity) වැඩිවෙන නිසා, A/C පාවිච්චි කරොත් මේ දේ වෙනවා අඩුයි.

    👉 ඒ වගේම ඔබ A/C පාවිච්චි කරද්දී අවට පරිසරය ගොඩක් සීතල වෙලාවක වාහනයේ වීදුරු වල එලියෙන් mist එක බැදෙන්න පුලුවන්, ඉතින් මෙය වලක්වා ගැනීම සඳහා defrost ඔප්ශන් එකක් ගොඩක් වාහන වල ලබා දීල තියනවා. මේකෙන් වෙන්නේ වාහනේ වීදුරුව රත් වෙලා mist එක බැඳෙන එක වලක්වන එක.

    උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,646
    18,698
    113
    Miami
    පොඩි හරි වතුරෙන් යට උන තැනකින් දානව නම් ඒ කෑල්ල එකදිගට පාස් කරන්න පුළුවන් වෙනකන් වතුරට දාන්න එපා. ඉස්සරහින් වාහනයක් යනවනම් ඌ වතුරෙන් එගොඩ වෙනකන් උඹ එන්ටර් වෙන්න එපා. කරුමෙට හරි ඌ හිට්ටොත් උඹටත් නතර කරන්න වෙනව වතුර මැද්දෙ. බයික් එකක යනවනම්, මං කියන්නෙ බයික් ඈ, ගෑනු සයිකල් නෙමෙයි, ඉස්සරහින් යන පොඩි වාහනේක පස්සෙ රෝදෙ යන පාරෙම යන්න බලපන්. එතකොට පාරෙ වලක් වත් තිබ්බොත් උඹට ඒක කලින් පේනව. වල මග අරින්න හරි සූදානම් වෙන්න හරි වෙලාව තියෙනවා. ගලාගෙන යන වතුරකටනම් කොහෙත්ම දාන්න එපා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,731
    1
    25,668
    113
    කැළෑ පොජ්ජේ
    ඔබේ කකුල ගෑස් පෙඩල් එකෙන්(ඇක්සලරේටරයෙන්) ඉවතට ගන්න එපා. බ්‍රේක් පෙඩල් එකෙන් අවශ්‍ය නම් වේගය පාලනය කරන්න.

    ඇයි කකුල ඇක්සලරේටරෙන් ගන්න එපා කියන්නේ? 🤔
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,368
    7
    33,740
    113
    Every car has a recommended wading depth. Many countries have flood depth indicators where the roads usually get flooded. Smaller cars about 16 cms safe, medium about 30 cms & for a SUV about 45 cms of water is enough to move the car with a water flow of about 3.5 km/h.
    Even on still water a Toyota Yaris rear wheels will clear the road surface at 0.6 m water depth. It's simple physics, Archimedes principle - weight of the car and the water displacement.
    Even if you have a snorkel, in which case the engine will keep running because the air intake is well above water, the bouyancy comes into play.
    Unless you are experienced do not drive on water in flooded areas. If you see a similar vehicle wading across safely and still running at the other end then do cross.
    I have driven across water in several countries but the vehicle could manage it safely. Never drive too fast and use the second gear. The best policy is if it's flooded just avoid it.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    4,811
    4,125
    113
    Okkotama kalin baala tyre daanna epa.

    ඉස්සරහින් යන පොඩි වාහනේක පස්සෙ රෝදෙ යන පාරෙම යන්න බලපන්. එතකොට පාරෙ වලක් වත් තිබ්බොත් උඹට ඒක කලින් පේනව
    අන්න හරි, හෙළ ක්‍රමෙට ඩ්‍රයිව් කරන්න ඔනෙ, ඉස්සරහා යන එකා මක බැවිලා ගියත් කමක් නෑ.
    ------ Post added on Dec 1, 2024 at 4:34 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,646
    18,698
    113
    Miami
    ඔබේ කකුල ගෑස් පෙඩල් එකෙන්(ඇක්සලරේටරයෙන්) ඉවතට ගන්න එපා. බ්‍රේක් පෙඩල් එකෙන් අවශ්‍ය නම් වේගය පාලනය කරන්න.

    ඇයි කකුල ඇක්සලරේටරෙන් ගන්න එපා කියන්නේ? 🤔
    එතකොට එන්ජිම අයිඩ්ල් ස්පීඩ් එකට එනවනෙ. එතකොට වතුර තල්ලු කරගෙන දුම එලියට යන්න තරම් ප්‍රෙෂර් එකක් එන්නෙ නෑ එක්සෝස්ට් එකෙන්. එක්සෝස්ට් එක බ්ලොක් උන ගමන් එන්ජිම නවතිනව. දුම පිට කරන්න අමාරු උන හැටියෙ. එන්ජින් එක රේස් කරගෙන ක්ලච් එකෙන් තමා ස්පීඩ් කන්ට්‍රෝල් කරන් යන්න ඕනෙ

    Okkotama kalin baala tyre daanna epa.


    අන්න හරි, හෙළ ක්‍රමෙට ඩ්‍රයිව් කරන්න ඔනෙ, ඉස්සරහා යන එකා මක බැවිලා ගියත් කමක් නෑ.
    ------ Post added on Dec 1, 2024 at 4:34 PM
    ඉතින් පොන්නයෝ ඌට මම කියන්නෑ වතුරට දාන්න කියලා. යන එකෙක් ඉන්නවනම් උගෙ පස්සෙන් යන එක කරන්නේ
    ------ Post added on Dec 1, 2024 at 4:37 PM