.: Super Six මගේ කෝණයෙන් :.
අපේ එළකිරි සහෝල මේ ෆිල්ම් එක ගැන දාල තිබ්බ ත්‍රෙඩ් හැම එකක්ම වගේ මම කියෙව්වා...ඒ නිසාම මේක බලන්න යන්න කලින් හිතේ පොඩි චකිතයකුත් ඇති වෙලා තිබ්බේ ෆිල්ම් එක මෙලෝ රහක් නැති වෙයිද කියල....
හැබැයි ෆිල්ම් එක බලාගෙන යද්දී හිතුනා කියපු තරම් යකා කළු නෑ කියල....
මම මේ කියන්න යන්නේ සහෝල කියල තිබ්බ ඒවා බොරු කියල නෙවෙයි ඒ ගොඩක් දේවල් ඇත්ත...
හැබැයි ඒ අඩු පාඩු නිසාම මේ වගේ ලොකු වියදමක් දරල නිර්මානය කරපු ඒ වගේම අපේ සිනමා ඉතිහාසයේ අලුත් පරිච්චේදයක් ලියන්න පටන් ගත්තු ෆිල්ම් එකකට "මෙලෝ රහක් නෑ" කියන ලේබල් එක අලවපු එක නම් සාදාරණ නෑ කියලයි මට හිතෙන්නේ....
ඇයි මම එහෙම කියන්නේ...?
හිතල බලන්න අපේ රටේ මෙච්චර කල් නිර්මාණය වෙච්ච ෆිල්ම්ස් ගැන......ඒ ෆිල්ම් වල කොලිටි එකයි මේකේ කොලිටි එකයි අතර ලොකු වෙනසක් තියෙනවා....කොලිටි එක කියන ඒකෙන මම අදහස් කරේ "Video and Picture Quality & Colours" ගැන...ඒ වගේම සටන් ජවනිකා ගත්තොත් මෙතෙක් අපේ රටේ චිත්‍රපටියක දැකපු සුපිරිම(තාක්ෂණික) සටන් ජවනිකා තියෙන්නේ මේ චිත්‍රපටියේ කියල කියන්න පුළුවන්(හැබැයි තාත්වික බව අතින් ගත්තම නම් "ගාමණී" චිත්‍රපටියේ තරම් තාත්වික නෑ).....ඒ වගේම හාස්‍ය රසය ගැනත් කතා නොකරම බෑ...හිනා යන්න පුළුවන් විදියේ විහිලු කරන නළු නිලියෝ යොදාගෙන තියෙන නිසා චිත්‍රපටිය පුරාම ඒ හාස්‍ය රසය තියාගන්න පුළුවන් වෙලා තියෙනවා...හැබැයි දෙපිට කාට්ටු වචන වැඩි ගතියක් තියෙනවා....තාරුණ්‍ය ඉලක්ක කරගත් නිර්මාණයක් නිසා ඒ ගැන එච්චර හිතන්න ඕනි නෑ....මොකද ඕව දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ නොදන්නා දේවල් යැ...
ඒ වගේම චිත්‍රපටය රූගත කරපු ස්ථාන, යොදාගෙන ඇති ඇඳුම් පැලඳුම්, ගීත එහෙම චිත්‍රපටයේ ඉලක්කගත තාරුණ්‍යට ගැලපෙන ආකාරයට නිර්මාණය වෙලා තියෙනවා....මේ දේවල් තමයි මේ ෆිල්ම් එකේ මම දකින වෙනස්කම්....
මේ වෙනස මීට කලින් අපේ සිනමාවට ඇවිත් තිබ්බ නම් අද මේ චිත්‍රපටය නිර්මාණය කරපු පුද්ගලයා නිර්මාණය කරන චිත්‍රපටය මීටත් වඩා ඉදිරියට ගියපු නිර්මාණයක් වෙන්න තිබ්බ...මොකද මේ පුද්ගලයට ඕනි උනේ අපේ ෆිල්ම් සහ පිටරටවල ෆිල්ම් අතර තියෙන ගැප් එක අඩු කරන්න...ඉතින් මේ නිර්මාණ කරුවා දරපු උත්සාහය අපේ රටේ අලුත් නිර්මාණ කරුවන්ට ලොකු පන්නරයක්.....මොකද එතකොට ඒ අයටත් හිතෙනවා අපිත් මේ වගේ තාක්ෂණයක් යොදාගෙන මීට වැඩිය හොඳ දෙයක් කරන්න ඕනි කියල....අන්න එහෙම තමයි මේ කලාව දියුණු වේගන යන්න ඕනි.....හැමදාමත් එකම තැනක හිටියොත් කවදාවත් අපේ නිර්මාණයක් ජාත්‍යන්තරයට ගෙනියන්න ලැබෙන එකක් නෑ...ඒ නිසා තමයි ජැක්සන් ඇන්තනි මහත්මය කියපු "උදාර පල්ලියගුරුගේ මේ උත්සාහය පාවඩ එලලා පිළිගත යුතුයි" කියන කතාවත් එක්ක මම එකඟ වෙන්නේ....
අන්තිමට කියන්න තියෙන්නේ, "කෝටි ගානක් වියදම් කරාට ඇඳුම්වත් හරියට අන්දලා නෑ" වගේ ඇඳුම් දිහා බලල චිත්‍රපටියේ වියදම් ගැන කරන උපකල්පනය කිරීම් වලින් බැහැර වෙලා මේ චිත්‍රපටයෙන් අපේ චිත්‍රපට කලාවට අලුතෙන් එකතු කරපු දේවල් ගැනත් ධනාත්මකව හිතන්න කියල....

Last edited:
.එක 

, api new technology eka use karanna one. uba hitanwada me wage films International i industry ekata yanna pulwan kiyala 