ටිප්ට්‍රොනික් ගියර් පද්ධතිය හඳුනාගනිමු

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
ටිප්ට්‍රොනික් ගියර් පද්ධතිය හඳුනාගනිමු

2011-toyota-corolla-4-door-sedan-auto-s-natl-gear-shift_100345831_l.jpg

Automatic ගියර පද්ධතියක ගියර පිහිටන ස්ථාන (Stick positions of an Automatic Transmission vehicle)
ටිප්ට්‍රොනික් ගියර පද්ධතියක් යනු ස්වයංක්‍රීය ගියර පද්ධතියක (automatic transmission) හා ස්වයංක්‍රීය නොවන ගියර පද්ධතියක (manual transmission) සංකළණයකි. එනම් රියදුරාට රථය, ස්වයංක්‍රීය (automatic mode) හෝ සවයංක්‍රීය නොවන (manual mode) ආකාරයට ධාවනයේ යෙදවිය හැකිය.

ට්‍රිප්ට්‍රොනික යන නාමය මෙවැනි ගියර පද්ධතිවලට බහුලව යෙදුනද නිවැරදි තාක්ශණික නාමය manumatic transmission හෙවත් මැනුමැටික් බලසම්ප්‍රේෂණ පද්ධතියයි. මැනුමැටික් නාමය සැකසී ඇත්තේ Manual + Automatic යන පද සංකළණයෙනි. ටිප්ට්‍රොනික් නාමය, මෙම ගියර පද්ධතිය වැඩිදියුණු කොට ජනප්‍රිය කල ජර්මනියේ සුප්‍රකට පෝර්ෂ් (Porche) මෝටර් රථ සමාගමේ වෙළඳනාමයකි.

ටිප්ට්‍රොනික ගියර පද්ධතියක් සහිත කාරයක් මුලින්ම හඳුන්වාදුන්නේ පෝර්ෂ් සමාගම වන අතර ඒ, 1990 වසරේදී ඔවුන්හේ සුප්‍රකට 911 මාදිලියේ සුපිරි කාරය සඳහාය. BMW සමාගම මෙය Steptronic ලෙස හඳුන්වන අතර ක්‍රයිස්ලර් සමාගම Auto/Stick ලෙස මෙම පද්ධතිය හඳුන්වයි. අනෙකුත් බොහෝ නිශ්පාදකයින් මෙම පද්ධතිය ඔවුන්ගේ ස්වයංක්‍රීය ගියර පද්ධතිවල වැඩිදියුණුවක් ලෙස සිය වාහන වලට අනුයුක්තකොට ඇත.

ටිප්ට්‍රොනික ගියර පද්ධතියක වාසි

මෙම බලසම්ප්‍රේෂණ ක්‍රමයේ ඇති ප්‍රධාන වාසිය නම් රියදුරාට ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් ලබාදෙන පහසුව ඒ අයුරින්ම ලබාදෙමින්, ස්වයංක්‍රීය ගියර පද්ධතියක ඇති ප්‍රධානම අවාසිය, එනම් ඉක්මනින් අඩු ගියර වලට මාරුවී (down-shift to low gears) රථයේ රෝදවලට යැවෙන ව්‍යවර්ත බලය (torque) වැඩිකර, රියදුරාට අවශ්‍ය ලෙස ක්ශණයෙන් රථයේ වේගය වැඩිකරගැනීමට හෝ වේගය බාල කරගැනීමට (engine breaking) ඇති නොහැකියාව අවම කිරීමයි.

ඒ අනුව රියදුරාට සාමාන්‍ය ස්වයංක්‍රිය ක්‍රමයට රථය ධාවනය කරන අතරම අවශ්‍යවූ විට ස්ව‍යංක්‍රිය තත්වයෙන් මුදවාගෙන (උදා: කඳු සහිත ප්‍රදේශයක ධාවනයේදී, ඉදිරියෙන් ඇති වාහන වලට ඉස්සරකිරීමේදි) තමන්ට අවශ්‍ය ආකාරයට ගියර් මාරුකිරීමේ පහසුකම ලබාදෙයි.

ක්‍රියාකාරිත්වය

tiptronic-1.jpg


Tiptronic ගියර පද්ධතියක ගියර පිහිටන ස්ථාන (Stick positions of an Tiptronic Transmission vehicle)

tiptronic-2.jpg

ටිප්ට්‍රොනික ගියර පද්ධතිය, manual ආකාරයට ධාවනය කරවනවිට ක්‍රියාකාරිත්වය

1. ගියර යෂ්ඨිය වමට තල්ලුකොට ටිප්ට්‍රොනික් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක කරගත යුතුය. මෙය ක්‍රියාත්මක වීම සඳහා බ්‍රේක් පැඩලය පාගාගෙන සිටිය යුතුය. නැතහොත් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක නොවේ

2. පලමුවැනි ගියරය (1st gear) ක්‍රියාත්මක කිරීමට ගියර යෂ්ඨිය ඉදිරියට, එනම් + සලකුණ දෙසට යොමුකල යුතුය.

3. දෙවැනි, තුන්වැනි, හතරවැනි, පස්වැනි ගියර සඳහාද මෙලෙස උචිත අවස්ථාවේදී ගියර යෂ්ඨිය ඉදිරියට, එනම් + සලකුණ දෙසට යොමුකල යුතුය.

4. රථයේ වේගය බාලවන අවස්ථාවලදී ඔටෝමැටික් ගියර පද්ධතිය ආකාරයටම මෙහිද ස්යංක්‍රීයව ගියර පහලට වැටේ (automatic down-shift). එහෙත් නැවත වේගය වැඩිකරගන්නා විට නැවතත් ගියර යෂ්ඨිය + සලකුණ දෙසට යොමුකොට වැඩි ගියර වලට යොමුකරගත යුතුය.

සැ: යු: මෙම ක්‍රියාමාලාව නිශ්පාදකයාට අනුව වෙනස්විය හැකි බව සලකන්න



:):):):):):):):):):):):):)
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එලකිරි..
    දැන්නම් කියවන්න කම්මැලි...
    පස්සේ කියවන්නම්...
    :):)
    අරව පසුව,දැන්ම බැලු
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    1. ගියර යෂ්ඨිය වමට තල්ලුකොට ටිප්ට්‍රොනික් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක කරගත යුතුය. මෙය ක්‍රියාත්මක වීම සඳහා බ්‍රේක් පැඩලය පාගාගෙන සිටිය යුතුය. නැතහොත් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක නොවේ

    break eka pagan inna oni na Manual Gear walata Shift wennakota. ( In Mazda 6 )
     

    TheMass

    Member
    Apr 9, 2012
    1,446
    182
    0
    I forget it!
    1. ගියර යෂ්ඨිය වමට තල්ලුකොට ටිප්ට්‍රොනික් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක කරගත යුතුය. මෙය ක්‍රියාත්මක වීම සඳහා බ්‍රේක් පැඩලය පාගාගෙන සිටිය යුතුය. නැතහොත් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක නොවේ

    break eka pagan inna oni na Manual Gear walata Shift wennakota. ( In Mazda 6 )
    ow ban break allanna avashana, ai dhanna ehema kiyala thiyanne man hithanne clach ekata break kiyala liwad dhana:P:P:P:P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. +6 sira ban