ඛණිජ.තෙල්

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    අහ් මචන්zලා......
    tumblr_m2ycqjVSeH1qmjkqo.gif


    ඔන්න අදත් අවා ත්‍රෙඩ් එකක් අරගෙන..


    හා හා දැන් කියමු බලන්න කවුද තම තමන්ගෙ BIKE වලට පෙට්‍රල් ගනහන්නේ කියලා..
    7059566f586aec1c43b9932cae23-grande.jpg

    ( මුන් ඔක්කොම වගේ ගහනව එහෙනම් ආ ) :) :) :)

    හරි හරි කතාවට බහිමුකෝ.අද මම කියන්න යන්නෙ ඛණිජ තෙල් ගැන පොඩි කතන්දරයක්..
    කොහොමද ඛණිජ තෙල් සැතපුම් 1.5 තරම් දුරින් ඉදන් උඩට ගන්නෙ කොහොමද කියලා... ( ඇයි යකෝ ඔව්වා උඩට ගන්නෙ අර මොකද්ද ලොකු මැෂින් එකකින් නෙහ් ) :angry::angry::angry:
    හරි හරි බොල, මැශිමෙන් කියලා දන්නවා තව ටිකක් කියන්නයි යන්නෙ ඒ ගැන :growl::growl::growl:

    හරි එහෙනම් පටා.....න් ගත්තා..

    DP11_18.jpg


    මේ ඛණිජ තෙල් කර්මාන්තයේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා

    1. කැනීම් ඉන්ජිනේරු විද්‍යාව (Drilling engineering )
    peak20oil20201420crude20oil20production20study.jpg



    2. නිශ්පාදන ඉන්ජිනේරු විද්‍යාව ( Production engineering )

    Crude_Oil_for_Sale_1.jpg


    3. සන්චිත ඉන්ජිනේරු විද්‍යාව ( Reservoir engineering )


    Seg-y_picture.gif


    ------------------------------

    කැනීම් ඉන්ජිනේරු විද්‍යාවෙන් සිදු වෙන්නේ කැනීම කටයුතු..
    ඛණිජ තෙල් වැව් වගේ පොලොව උඩ නැහැනේ.. සැතැප්ම ගානක් යට තියෙන්නෙ. ඉතින් ඕක ලගට යන්න හාරගෙන යන්න එපැයි.. අන්න ඒකට කැනීම් ඉන්ජිනේරු විද්‍යාව ඕන වෙනවා..
    දැන් බලමු කොහොමද මේ සීනි කෝන් එක වෙන්නෙ කියලා..

    මේ පහල පෙන්වලා තියෙන්නෙ Drill එක සහ එහි කොටස් යට ඉදන් උඩට..

    මේ තියෙන්නෙ පහලම කෑල්ල Head එක.
    v8KPO.png


    මේකෙන් තමයි පොලොවෙ තියන ඕනම ඝන කොටසක් කඩාගෙන පම්ප් කරන බටයට පහලට යෑමට අවස්ථාව සලසා දෙන්නේ.දැති 3ක් ආකාරයට පිහිටා තිබෙන අග කොටස නිසා පොලොව හෑරෙනවට අමතරව ඉතිරි වන පස් කොටස් ඉහලට යැවීමත් සිදු වෙනවා.

    මේ තියෙන්නෙ Drill එකෙ මැද කොටස
    piS64.png


    මේතන තමයි තියන ගැජට් වලින් ගොඩක්ම තියෙන්නෙ.
    ගැමා ප්‍රමානය මැනීමට,
    Drill එක පොලොව ඇතුලේ යන ආකාරය දැන ගැනීමට,
    ප්‍රතිරෝධකතාව මැනීමේ උපකරන මෙහි ඇතුලත්


    මේතියෙන්නෙ ඊට පස්සේ කෑල්ල..
    මේ කොටස තමයි පොලොව මතුපිටට ලගින්ම පිහිටන කොටස.
    X24Aq.png



    මේ කෑල්ලේත් ඉතින් නනාප්‍රකාර ගැජට් තමයි.. ඔය ලියල තියෙන්නෙ එව්වා තමයි.. :) :)


    ඉස්සර නම් පුලුවන් පහලට හාරගෙන යන්න විතරයි.ඒ කියන්නෙ සිරස් විදිහට විතරයි. නමුත් දැන අලුතෙන්ම ඇවිත් තියන තාක්ශනය අනුව පැත්තට හෑරීමෙ හැකියාව (තිරස් අක්ශය ඔස්සේ) සහ ඕනෑම ගමන් මාර්ගයක මෙම Drill එක ගෙනයාමෙ හැකියාව තියෙනවා.ඊට අමතරම එහි පාලනය පරිඝණක ආධාරයෙන් කිරිමේ හැකියාවත් තියනවා. ( පට්ටයි නෙහ්... නයා ගහනවා වගේ ගෙනියන්නයි තියෙන්නෙ )

    මේක බැලුවහම තේරෙයි මයෙහිතේ

    scaled.php


    ------------------------------

    දැන් අපි බලමු නිශ්පාදන ඉන්ජිනේරු විද්‍යාව ගැන.

    මෙහිදී ප්‍රධාන වශයෙන් සිද්ද වෙන්නෙ පොලොව මතුපිටට ගත්ත ඛණිජ තෙල් පිරිපහදු කීරීම අවශ්‍ය පරිදි සකස් කිරීමයි... ඊට පස්සෙ තමයි ඒවා ඔවුන්ගෙ රටවල් වලින් වෙනත් රටවලට තෙල් බැරල් විදිහට අපනයනය කරන්නෙ..
    ඒ වගේම තමයි මෙම ස්ථානවලම ඛණිජ තෙල් පිරිපහදු කර කිලෝමීටර් ගානක් දිග බට මගින් බෙදාහැරීමත් සිදුවෙනවා.
    සෑම කි.මි. 50 වරක් Pumping Station පිහිටා තිබෙනවා මෙම තෙල් Pump කරන්න.

    මේ තියෙන්නෙ Pumping Station

    crude-oil-pipeline.jpg




    ------------------------------

    අවසාන වශයෙන් සන්චිත ඉන්ජිනේරු විද්‍යාව ගැන බලමු...

    මෙන්න මේ ක්ශ්‍රෙත්‍රයේ තමයි Physics කාරයො, Mathematics කාරයො සෙට් එක ඉන්නෙ.වැඩ්ඩො ඉන්නෙ කීවොත් හරි මගේ හිතේ. :) :)
    මේයාල තමයි ගනනය කීරීම වලින්
    ඛණිජ තෙල් ආකර වල ප්‍රමානය,
    ඒ කියන්නෙ ඛණිජ තෙල් ලින් වල සීමාවන්,
    එහි කොච්චර ප්‍රමානයක් තෙල් තියනවද,
    Drilling stations හදන්න හොදම තැන් කොහෙද,
    කොච්චර කාලයක් තෙල් ලබා ගන්න පුලුවන්ද කියල හොයල බලන්නෙ..

    මෙන්න ඒ සීන් වල පින්තූර ටිකක්
    js10b.gif


    reservoir-group.jpg




    මේ තමයි තෙල් තියන විදිහ පොලොව යට
    YkHBu.png


    Oildiagr.jpg


    Resevoir_Simulation_Model_pu.jpg




    අවසාන වශයෙන් පොඩි තොරතුරු ටිකක් දෙන්නම්කො මේ සම්භන්දයෙන්..

    පළමු තෙල් ලිද 1859
    images



    මුල්ම තෙල් ලිදේ කළමණාකරු (BILLY SMITH)
    H4190285-Old_Billy_Smith_who_manned_the_first_oil_well-SPL.jpg




    විශාලතම තෙල් කැනීම් විනාශය
    maass_1-092911_jpg_470x473_q85.jpg




    විශාලතම Drill Head එක(විශ්කම්භය සෙ.මී.100, බර කි.ග්‍රෑ.1700)
    143_big.jpg




    විශාලතම තෙල් ලිද.( ගැඹුර අඩි 40320, අයිති සමාගම අල් ශහීම්,කටාර් )
    Al-Shaheen-Field-in-Qatar.jpg




    ලෝකයේ තෙල් තිබෙන ස්ථාන
    800px-Oil_Reserves.png




    විවිධ තෙල් ලින් වලින් එන විවිධ තෙල් පැහැයන්
    L05_oil_color_transorient.jpg




    විශාලතම තෙල් ගෙන යන නව්කාව, Hua San(318,000 dead-weight-ton)
    001109b42f730a70b89803.jpg



    AnimatedGIF-SweatingSmiley.gif


    එහෙනම් 0716aravinda කැපුනා
    හොදයි නම් හොදයි කියන්න..... නැත්තම් එත කියන්න........
    රී පොස්ට් නම් එත් කියන්න......

    (ගොඩක් වෙලාවට මේ මගේ අන්තිම ත්‍රෙඩ් එක වේවි අගොස්තු වෙනකම්.. මේ ලෝකෙ විභාග කියල එකක් තියනවනේ.. අන්න ඒකක් මටත් ජූලි වල තියනවා.
    ( පොතක් අතින් අල්ලලා නෑ :shocked::shocked::shocked: ) ඉතින් බැරි වේව ත්‍රෙඩ් දාන්න.බනින්න එපා හොදේ..හිහිහි )


    උබලා ඔක්කෝටම
    ජයෙන් ජය වේවා කොල්ලනේ!!!!!!

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    තෙල් හැදෙන්නේ කොහොමද?

    තෙල් හැදෙන්නෙ මචන් සත්තුන්ගෙ සහ ගස් වල ඛණිජ කොටස් අවුරුදු දහස් ගානක් පීඩනයට ලක් වීමෙන් සහ විවිධ ප්‍රතික්‍රියා වලට පත් වෙමින් මචන්... එවා තයි කලු පටට තියෙන්නෙ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෑමදාම වගේ හොද ත්‍රේඩ් එකක්.රෙප් දෙන්න බෑලු You must spread some Reputation around before giving it to 0716aravinda again:yes: