උණුසුම් ජලය සිසිල් ජලයට වඩා ඉක්මනට මිදෙන&#3530

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    උණුසුම් ජලය සිසිල් ජලයට වඩා ඉක්මනට මිදෙන&#3530

    උණුසුම් ජලය සිසිල් ජලයට වඩා ඉක්මනට මිදෙන්නේ ඇයි..?

    මේ ප‍්‍රශ්නය සියවස් ගණනක් තිස්සේ විද්‍යාඥයන්ට හා දාර්ශනිකයන්ට විසඳිය නොහැකි වූ එකක්. මේ සංසිද්ධියට පිළිගත හැකි නිර්වචනයක් හෝ පැහැදිලි කිරීමක් දුන්නොත් රසායන විද්‍යාඥයන්ගේ රාජකීය සංගමය සමස්ත ලෝකවාසීන් අතරින් කෙනකුට මේ ත්‍යාගය පිරිනමන්නට සූදානම්.

    මේ අසීරු ගැටලූව ලෝකයේ විසූ විද්‍යාත්මක චින්තකයන් රැුසකට විසඳිය නොහැකි ව තියෙනවා. ඇරිස්ටෝටල් කියන මහා පඬිවරයාත් ඉන් එක් කෙනෙක්. විසඳිය නොහැකි වූ මේ ගැටලූව එදා විද්‍යාඥයන් අතහැර දැමුවත් අද අයට අවශ්‍ය වෙලා තියෙනවා, උණුසුම් ජලය සිසිල් ජලයට වඩා ඉක්මනට මිදෙන්නේ ඇයි කියල දැන ගන්න කොහොම හරි. ඒක නිසා ඔවුන් එය ලෝකයාට ඉදිරිපත් කරනවා.

    මුළු මිනිස් වර්ගයාට ම සදාකාලික ගැටලූවක් වූ මෙය විසඳන්න ඔබට පුළුවන් නම් එක්සත් රාජධානියේ රසායන විද්‍යාඥයන්ගේ රාජකීය සංගමය (The Royal Society of Chemistry) මේ ත්‍යාගය පිරිනමන්න සූදානම්.


    1.jpg


    උණු වතුර සීතල වතුරට වඩා ඉක්මනින් මිදෙන්නේ ඇයි යන සංසිද්ධිය හැඳින්වෙන්නේ මෙම්බා (Mpemba Effect) ආචරණය කියලයි.


    මෙම්බා (Mpemba Effect) ආචරණය කියා හැඳින්වෙන මේ විද්‍යාත්මක ගැටලූව විසඳන්න ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්, විද්‍යාඥයන් විවිධ කාලවල උත්සහ ගත්තත් පලක් වුණේ නැහැ. ඒ අතර ගී‍්‍රක දාර්ශනික ඇරිස්ටෝටල් මෙන් ම එංගලන්තයේ සර් ෆ‍්‍රැන්සිස් බේකන්, ප‍්‍රංශයේ රෙනෙ ඩෙකාටස් වැනි විද්‍යාඥයන් පවා උත්සහ ගත්තා ඒත් හරි ගියේ නැහැ.

    මේ ප‍්‍රශ්නයට මේ නම ලැබුණේ 1968දියි. ඒ ටැන්සානියාවේ ශිෂ්‍යයකු වූ එරාස්ටෝ මෙම්බා විසින් මේ ප‍්‍රශ්නය ඔහු ඉගෙන ගත් පාසලට දේශනයක් සඳහා පැමිණි භෞතික විද්‍යාඥයකුගෙන් මේ ඇසීමෙන් පසුවයි.


    2.jpg


    මහා ගී‍්‍රක දාර්ශනික ඇරිස්ටෝටල්ටත් උත්තර නැති ප‍්‍රශ්නයක්!

    මෙම්බාගේ සිතට වසර බහක් තිස්සේ වද දුන් මේ ප‍්‍රශ්නය ඔහු ඔහුගේ පාසලට දේශනයක් සඳහා ටැන්සානියාවේ දර් එස් සලාම් සරසවියේ මහාචාර්ය ඩෙනිස් ඔස්බෝන්ගෙන් ඇසුවා.

    ”මහාචාර්යතුමනි, එක සමාන පරිමාවකින් යුත් ජලය බඳුන් දෙකකින් එකකට සෙල්සියස් 35 උෂ්ණත්වයෙන් යුත් ජලයත් අනෙකට සෙල්සියස් 100ක උෂ්ණත්වයෙන් යුත් ජලයත් දමා ශීතකරණයකට තැබුවොත් සෙල්සියස් 100 උෂ්ණත්වයෙන් යුත් ජලය පළමුව මිදෙන්නේ ඇයි?” ඔහුගේ ප‍්‍රශ්නය වුණා.

    මහාචාර්යවරයාට ඊට උත්තරයක් දීමට බැරි වුණා. ඊළඟ වසරේ එතුමා, ගැටලූව ඉදිරිපත් කළ ළමයාගේ නම ඊට යොදා, ඒ සංසිද්ධිය මෙම්බා (Mpemba Effect) ආචරණය කියා සඳහන් කොට ඒ ගැන නිබන්ධනයක් ඉදිරිපත් කළා. තවමත් විසඳීමට නොහැකිව ඇති මේ ගැටලූව කරළියට ආවේ එහෙමයි.

    දැන් එංගලන්තයේ රසායන විද්‍යා රාජකීය විද්‍යා සංගමයේ මාධ්‍ය කළමනාකරු බ‍්‍රයන් එම්ස්ලි ගාඩියන් පුවත්පතට ලිපියක් යවමින් මේ ගැටලූව ලෝක ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ ජූලි 31 වැනිදාට පෙර මේ පිළිබඳව එවන නිබන්ධන අතරින් විශේෂඥයන් විසින් තෝරා ගන්නා නිවැරදි විසඳුමට පවුම් 1000ක් පිරිනමන බව එම ලිපියෙන් කියා තිබෙනවා.

    මේ සංසිද්ධියට තුඩු දෙතැයි සලකෙන භෞතික ලක්ෂණ ගණනාවක් තිබෙනවා. එහෙත් තවමත් නියතයක් හඳුනා ගෙන නැහැ. වාෂ්පීකරණය (evaporation), සංවහනය (convection), සුපිරිසිසිලනය (supercooling) ආදී නියමයන් දැනටමත් ඉදිරිපත් කර තියෙනවා. ඒත් ගැටලූවට සරිලන පිළිතුරක් තවමත් ඉදිරිපත් වී නැහැ. ඔබටත් පුළුවන් මේ ගැන හිතන්න.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    නිවැරදි පිළිතුර මේ මාසයේ අවසන් දාට හෝ ඊට පෙර මේ ලිපිනයට යවන්න.


    http://www.hermes2012.org/ice
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තුතියි මචන් බෙදාගත්තට...
    තව උත්තර නැති ප්‍රශ්න කොච්චර ඇත්ද..:confused:
    try එකක් දීලා බලමු...;)
     
    • Like
    Reactions: nalinweer

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ගොඩක් ස්තුතියි මචන් බෙදාගත්තට...
    තව උත්තර නැති ප්‍රශ්න කොච්චර ඇත්ද..:confused:
    try එකක් දීලා බලමු...;)

    Try & Try...One day we can fly..Machan.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේකත් මුහුදු හුලං සිද්දිය වගේමයි. හිරු රශ්මිය වැටෙනකොට මුලින්ම රත්වෙන්නෙ ගොඩබිම මුහුද රත්වෙන්නෙ පස්සෙ. එවගෙම රෑට ඉක්මනටම සීතල වෙන්නෙත් රත්වෙලා තිබුන ගොඩබිමමයි.
    …
    …මම මේක විද්‍යාත්මකව කියන්න දන්නෙ න ඒත් මට හිතෙනව ජල අංශු 2ක් එකට එකතු වෙන්නෙ උෂ්නත්වය බලපානව. සීතල ජල අංශු එකතු වෙලා ඝනීභවනය වෙන්න වෙලා යනවා රත්වුන ජල අංශු 2ක කට වඩා.
    …
    …මම හිතන්නෙ එහෙමයි...