නවක බොදුනුවන් දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව
නවක බොදුනුවන් දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව
පටිරෝල් රගපෑ නළුවන් දෙදෙනා
දිනක් මා බසයකින් ගමන් ගනිමින් සිටියදී ගුවන් විදුලි නාලිකාවක විනෝදාත්මක වැඩ සටහනක් විකාශය විය. එය නමින් පටිරෝල්ය. එහිදී කරන්නේ ජවනිකාවට සම්බන්ධ දෙදෙනා විසින් කරන්නේ තමන්ගේ පටිරෝල් කර ගැනීමයි. එමගින් අසන්නාට රසවින්දනයක් ලැබේ. මෙවැනි පටිරෝල් ජවනිකාවක් ෆේස්බුක් තුලින්ද මා දුටුවෙමි. එනම් මුස්ලිම් ලෙස හැඳපැලඳගත් තරුණයන් දෙදෙනෙක් පංසල් ගොස් පහන් පුදන සහ යතිවර වඳින ආකාරයේ ඡායාරූපයකි.
නවක බොදුනුවන් දෙදෙනා පහන් පූජාවේ යෙදෙමින්
මෙම ඡායාරූපය දුටු පමණින් අපට වැටහෙන්නේ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් පංසලකට ගොස් පහන් පුදන බවක් සහ යතිවරයෙක් නමදින බවකි. අනෙක් වචනයෙන් පවසනවා නම් බුදු දහම වැලඳ ගත් බවකි. ඒ නිසා මා මෙතැන් පටන් ඔවුන් අමතනුයේ නවක බොදුනුවන් දෙදෙනා යනුවෙනි. මේ නවක බොදුනුවන් දෙදෙනා ඡායාරූපයේ පෙනී සිටින්නේ සුදු පැහැති වස්ත්‍රයක් සහ ඊට ගැලපෙන සුදු පැහැති මුස්ලිම් අය පලඳින තොප්පියක්ද සමගිනි. ෆේස්බුක් තුල මෙම ඡායාරූපයට ප්‍රතිචාර වශයෙන් බොහෝ දෙනෙක් සාදු සාදු සාදු වශයෙන් ලියා තිබුණි. ඇත්තෙන්ම ඔවුන්ට බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුවාට සැක නැත.
සරදම් සිනාවෙන් යුතුව යතිවර වන්දනාවේ
දැන් මේ අපේ නවක බොදුනුවන් දෙදෙනා පංසල් යන්නේද මුස්ලිම් තොප්පිය දමාගෙනය. පහන් ජුජා කරන්නේද මුස්ලිම් තොප්පි දමාගෙනය. ඉන්පසුව යතිවරයාණන් හමුවී වඳින්නේද මුස්ලිම් තොප්පිය දමාගෙනය. සාමාන්‍යයෙන් බොහෝ පංසල් වල මෙසේ හිස් වැසුම් පලඳින්නට කාන්තාවන්ට හෝ පුරුෂයන්ට ඉඩ නැත. හිස වසාගෙන රුවන් වැලි සෑ අභියසට ගිය මුස්ලිම් තරුණියකට මෑතකදී විරෝධතාද එල්ල විය. එසේ තිබියදී මේ නවක බොදුනුවන් දෙදෙනා තොප්පි දමාගෙන පංසල් ගියේ ඇයි? ඔවුන් තවදුරටත් මුස්ලිම් නොවන්නේ නම් තවදුරටත් තොප්පි දමාගෙන සිටින්නේ පිණි බාන නිසාද?
මේ තරුණයන් දෙදෙනා විසින් යතිවරයාණන් වඳින්නේද තොප්පි සහිතව මෙන්ම නියම නැමදුමද නොවේ. නියම නැමදුම නම් දණගසා කරන්නකි. එමෙන්ම මෙහිදී ඔවුන් සිටින්නේ යතිවරයාණන්ගේ පැත්තකට වන්නටය. වඳින අතරේ ඔවුන් දෙදෙනාගේම මුවින්ම සරදම් සිනාවක්ද පෙනේ. නියම ගරුසරුවකින් භික්ෂුවක් නමදින අයෙක් මෙසේ නොකරයි.
අවසානයේ එක ඡායාරූපයකින් දෙදෙනාගේම පටිරෝල් විය
අවසානයේ මේ දෙදෙනාගේ පටිරෝල් වන සිදුවීමක් අන්තර්ජාලයේ සිදුවිය. එනම් ඔවුන් මුස්ලිම් වරුන් නොව බොදුනු තරුණයන් දෙදෙනෙකුම බව මාධ්‍ය මගින් පලවු වෙනත් ඡායාරූපයකින් හෙළිවීමයි. නවක බොදුනු තරුණයන්ගේ පටිරෝල් ජවනිකාව එතැනින් අවසන් විය. නමුත් අනාගතයේද මෙවැනිම පටිරෝල් බලාපොරොත්තු විය හැක.
uputa gaththe :- Anwar aiyyage blog eken.
****** DO not spam*****
(link removed by Admin)

me liyana eka manchee biscuit kanawa wadi..