රැකගනිමු, මේ අපේ සම්පතයි............!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    රැකගනිමු, මේ අපේ සම්පතයි............!!

    vUEw.jpeg


    285px-Asia_%28orthographic_projection%29.svg.png




    අපේ රට පිහිටලා තියෙන ආසියා මහද්වීපය ජෛව විවිධත්වයෙන් සරු කලාපයකි. මෙහි නිවර්තන කලාපයේ රටවල ඉහල ජෛව විවිධත්වයක් දැකගන්න පුලුවන්. ලෝකයේ සෑම කලාපයකම වගේ ආසියා කලාපෙත්, අධික ජනගහනය, කෘශිවගාවන් ආදී හේතූන් නිසා ස්භාවික පරිසරය විනාශවීම ප්‍රභල අර්බුධයක් වී ඇත. මෙම කලාපයේ වඳවී යෑමේ තර්ජනයට ලක්ව සිටින සතුන් සOඛ්‍යාව 1836ක් පමණවේ. මේ සතුන් ආරක්ෂා කිරීමට ඒ ඒ රටවල රජයන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත්, කලාපයේ බොහෝමයක් රටවල් සOවර්ධනය වෙමින් පවතින මට්ටමේ පවතින නිසා මුල්‍යමය ගැටලුද බලපායි. මෙලෙස වඳවීමේ තර්ජනයට ඉහලින්ම මූනපා සිටින සතුන් ගැනයි මේ ත්‍රෙඩ් එක.


    චීන කිඹුලා - Chinese alligator (විද්‍යාත්මක නාමය : Alligator sinensis )




    vTRp.jpeg




    චීනයට පමණක් සීමා වූ කුඩා ප්‍රමානයේ කිඹුල් විශේෂයකි. දිගින් අඩි 5ක් පමණවේ. ජීවත්වන වාස භූමි විනාශ වීම නිසා අද ඉතිරිව ඇත්තේ 100 ත් 200 ත් අතර ඉතා සීමිත සඛ්‍යාවකී. ෆැන්ටයි ගOගාවේ පහල නිම්නයේ ජියැන්සු, ෂෙOජියැO, අනුහුයි වැනි පලාත්වල චීන කිඹුලාගේ වාසස්ථන පිහිටා තිබේ. උගේ විනාශයට ප්‍රධන වශයෙන් හේතුව ඇත්තේ ස්භාවික තෙත් බිම් වී වගාව සඳහා යොදා ගැනීමයි. පසුගිය දශක පුරාවටම චීන කිඹුලාගේ වාසස්ථාන (ගුහා) සොයාගෙන ඇත්තේ කිහිපයක් පමණී. ලෝක ස්භාව ආරක්ෂන සOගමයේ රතු දත්ත ලැයිස්තුවේ ශීඝ්‍රයෙන් තර්ජිත සත්වයෙකු ලෙස ඉහලින්ම දක්වා ඇති සත්වයෙක් වේ.







    සුමාත්‍රානු ඔරOඔටන් - Sumatran orangutan (විද්‍යාත්මක නාමය : Pongo abelii )


    vU9Z.jpeg



    සුමාත්‍රාවේ නිවර්තන වැසි වනාන්තර වාසභූමි කරගෙන ජීවත්වන මේ සත්වයා දිගින් මීටර 1.4ක් ද බරින් කිලෝග්‍රෑම් 90ක්ද වේ. ගැහැනු සහ පිරිමි සතුන් පෙනුමෙන් එක සමානය. සිරුර එතරම් තරබාරු නොවන අතර මුහුන දිගැටිය. සිරුරේ රතු පැහැයට හුරු දිග ලෝම පිහිටා තිබේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ උතුරු කලාපයට පමනක් ආවෙනික ක්ෂීරපායී සත්වයෙකි.




    පලතුරු වර්ග ආහරයට ගැනීමට වැඩි කැමැත්තක් දකවන මේ සත්වයා කුරුලු බිත්තර සහ කෘමී සතුන්ද ගිල දමයි. 19 වැනි සියවසේදී මේ සතුන් දූපතේ දකුනු ප්‍රදේශ වල්ද දහස් ගනනින් ජීවත් වූවත් දැන් ඒ ප්‍රදේශ වලින් වඳ වී ගොස් අවසානය. වර්ශ 2000 සිට නිකුත්වූ රතු දත්ත ලැයිස්තුවට ඇතුලත්ව සිටින මේ සුමාත්‍රා ඔරOඔටන් සත්වයා ලොව වැඩියෙන්ම වඳවෙමින් පවතින වඳුරන් 25 අතරටද එක්වී ඇත. 2004 වසරේදී කරන ලද සමීකෂනයන්ට අනුව මෙම සතුන් ඉතිරිව ඇත්තේ 73000ක් පමන ප්‍රමානයකි.






    බැක්ට්‍රියන් ඔටුවා -
    Bactrian camel (විද්‍යාත්මක නාමය : Camelus bactrianus)


    vUfo.jpeg



    අතීතයේ මධ්‍යම ආසියාවේ කාන්තාර අලOකාර කල මේ මොල්ලි දෙකේ ඔටුවාට අද අත්ව ඇත්තේ ඛේදනීය ඉරනමකි. අද ඔවුන් වන ගතව ඉතිරිව සිටින්නේ 800කටත් අඩු සOඛ්‍යාවකී. ඒ ඊසාන දිග චීනයේ හා මොOගෝලියාවේ කාන්තාර ප්‍රදේශ කිහිපයකය. මොවුන් ස්භාවික කාන්තාර වලින් වඳවී යාමට ප්‍රධාන හේතුව නම් ගෘහකරණය වීමයි. රතු දත්ත ලැයිස්තුවේ වඳවී යෑමේ තර්ජිත තවත් සත්වයෙකි මේ බැක්ට්‍රියන් ඔටුවා.




    වොන්ඩිවෝයි ගස් කැන්ගරුවා -
    Wondiwoi Tree Kangaroo(විද්‍යාත්මක නාමය : Dendrolagus mayri)


    tree_kangaroo_1_364785.jpg




    ඉන්දුනීසියාවට ආසන්න පැපුවානිව්ගිනියාහී වොන්ඩිවෝයි අර්ධද්වීපයේ වනාන්තරවල් වාසය කර මේ සුන්ඳර සත්වයා අද චිත්‍ර සටහන් වලට පමනක් සීමාවී ඇත. ඒ ඔවුන් අද මුලු ලෝකයෙන්ම තුරන් වී ඇති බැවිනි. අවසන් වරට මේ සත්වයා වාර්තා වී ඇත්තේ 1928 වසරේදීය. වොන්ඩිවෝයි අර්ධද්වීපයේ ව.කි.මී. 300 පමණ වූ කඳුකර වනාන්තර ප්‍රදේශයක ජීවත්වී ඇත. දිගු වලිගයකින් යුත් මේ සත්වයා ශාක භක්ෂකයෙකි. බර කි.ග්‍රෑම් 9.25 පමන වීය.






    යෝද චීන සැල්මැන්ඬර් - Chinese giant salamander (විද්‍යාත්මක නාමය : Andrias davidianus)


    vUnH.jpeg



    ලොව විශලතම සැලමැන්ඩරයා වන මේ ජලාශ්‍රිත සත්වයා දිගින් සෙන්ටි මීටර 180කි. චීනයේ ගිරිදුර්ග සහිත වනාන්තර ප්‍රදේශවල ඇළදොල සහ විල් වල උන් ජීවත් වෙති. වාසස්ථාන අහිමි වීම , පරිසර දූෂනය සහ දඩයම් කිරීම් උන්ගේ වඳවීමට බලපා ඇත. මේ සත්ව මාOශ සාම්ප්‍රදායක චීන ඖෂද වලට භාවිත කිරිම ද සිදුවේ. මේ හේතුන් නිසා වඳවී යන සත්වයෙකු ලෙස රතු දත්ත පොතටද ඇතුලත් කර ඇත. විශාල හිසක් සහිත මේ සත්වයාට අඳුරු සමක් ඇත. ගැහැනු සතා දිය යට වරකට බිජු 500ක් පමන දමයි. දින 50 ත් 60 ත් අතර කාලයකදී බිජු වලින් පැටවුන් පැමිනේ.







    සුමාත්‍රානු රයිනෝසිරස් - Sumatran rhinoceros (විද්‍යාත්මක නාමය : Dicerorhinus sumatrensis)




    vUtB.jpeg



    ලොව පැතිර සිටින රයිනෝසිරස් විශේෂ අතරින් කුඩාම සතා වන මූ උසින් සෙ.මීටර 112 - 145 පමන වෙති. බර කි.ග්‍රැම් 500- 1000 දක්වා වෙති. ඇසක් සෙ.මීටර 15 - 25 දක්වා දිගින් යුක්තය. සුමාත්‍රාවෙ වැසි වනාන්තරවල දිවි ගෙවූ මේ රයිනෝට අද අඳුරු ඉරනමකට මුහුන දීමට සිදුව ඇත්තේ උන්ගේ අඟ නිසාය. සාම්ප්‍රදායික චීන ඖෂද සෑදීමට මෙම අඟ යෝදා ගැනීම ඊට හේතුවයි. රයිනෝ අO කිලෝග්‍රෑමයක් ඇ.ඩොලර් 30, 000 ක පමන මිලකට හොර රහසේ අලෙවි වේ. මේ සතා නීතියෙන් ආරක්ෂිත සතෙකු වුවද දඩයම් කරුවන්ගේ තුවක්කු උන්ඩයෙන් බේරිම්මට අපහසුවී ඇත. අද මේ සතුන් 275ක් පමන ජීවත්ව ඇති බවට ගනන් බලා ඇත.






    සොභාදහමේ නිර්මානයක් වුන මිනිසාගෙ වගකීම වනුයේ සොභාදහම රැක ගැනීමයි.



    vUCA.jpeg




     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    එල එල.. වටිනවා.. :D:D Rep 4+ ;);)
    ඒක නෙමෙය් උඹේ Profile එකේ Visitor Msg දාන්න බැරිද?? :confused::confused:


    53852833921039281456012.jpg
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    රෙපක් දෙන්න බැලුවේ......:yes:
    වටේට තව ඇරල එන්න කියන්නේ........:dull::dull::growl:
    හිත් තැවුල් ඔක්කම දැන් හරිය... එලකිරි ජනයා වෙනුවෙන් දැන් පුරුදු පරිදි ලොග් වන්නේද...:P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අඩෝ...උබත් වඳවීමේ තර්ජනයකට ලක්වෙලාද???:shocked::shocked::shocked::shocked::shocked::shocked:
    රැකගනිලා අපිව, අපි සම්පත්....:cool:
    උබව දූශනය කරල තියෙනවා වැඩියිලු...තව ඒවුන්ව දූශනය කරලා එන්නලු....
    :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිත් තැවුල් ඔක්කම දැන් හරිය... එලකිරි ජනයා වෙනුවෙන් දැන් පුරුදු පරිදි ලොග් වන්නේද...:P
    නැත..නැත.....:(මැරීඩ් ක්ලබ්-2 හි ඉනෝගරේෂන් එකට පැමිනි ගමන්යැ.......:(:nerd:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නැත..නැත.....:(මැරීඩ් ක්ලබ්-2 හි ඉනෝගරේෂන් එකට පැමිනි ගමන්යැ.......:(:nerd:
    අනෙ වෙනදා වගේ හිටපන් බන් අයියේ... සැස්ලීට් උනත් මට පේන්නේ ලගදිම භාලිකාවියන්ට විතරක් තියෙන පෞද්ගලික පන්තියක් දායි වගේ... ඒතකොට එකෙක්වත් නෑ...