SearchIndexer ෆයිල් එක
ඔබගේ පරිඝණකයෙන් ඔබ කිසිදු කාර්යයක් සිදු නොකරන අවස්ථාවලදී පවා ඔබට නොපෙනී විවිධ වැඩසටහන් රැසක් පරිඝණකයේ ධාවනය වෙයි.ඔබගේ පරිඝණකයේ තිබෙන්නේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය නම් ටාස්ක්බාරය මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Task manager සංවාද කොටුවෙහි ඇති process යන ටැබ් ඒක ක්ලික් කල පසුව මෙම වැඩසටහන් සියල්ල ඔබට දැකගත හැකිය.
ඒවා ධාවනය වීමට පරිෂණකයේ රැම් මතකය යොදාගන්නා ආකාරයද එහි දර්ශණය වෙයි. පරිඝණකයේ මනා ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ෆයිල් එකක් වශයෙන් SearchIndexer.exe හැදින්විය හැකි අතර පරිඝණකයේ මතකයෙන් වැඩි ප්‍රමාණයක් මෙය ධාවනය වීම සඳහා යොදා ගනී.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල ඔබට අවශ්‍ය ෆයිල් එකක් සර්ච් කිරීමේදී එය තිබෙන ස්ථානය පහසුවෙන් සොයාගැනීම සදහා එය එක්තරා ආකාරයක සුචීකරනය හෙවත් Index කිරීම සිදුකෙරෙන්නේ මෙමගිනි.ඔබට අවශ්‍ය නම් මෙම ෆයිල් එක ධාවනය වීම නැවැත්විය හැකිය.
මේ සදහා කන්ට්‍රෝල් පැනලය විවෘත කර Services අයිකනයා විවෘර්ත කරගන්න.එසේ නැතහොත්
ස්ටාර්ට් මෙනුවේ ඇති සෙවුම් කවුළුව තුල services.msc යනුවෙන් ටයිප් කරන්න.එවිට ස්ටාර්ට්
මෙනුවේ ඉහලින් දර්ශණය වන windows search ක්ලික් කරන්න.අවසානයේදී stop බට්න්
එක ක්ලික් කරන්න.නමුත් මෙය ධාවනය වීම නැවැත්වීම එතරම් සුදුසු නැත.ඔබට අවශ්‍ය නම් මෙම
සේවාව uninstall කල හැකිය.පහතින් දැක්වෙන්නේ එය සිදු කරන ආකාරයයි.
වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තුල මෙය ඉවත් කරගැනීමද එතරම් සුදුසු නැත.නමුත් එය ඉවත් කර ගැනීමෙන් පරිඝණකයේ කාර්යක්ෂමතාවය තරමක් වැඩි කර ගැනීමට පුලුවන.මෙම සේවාව ඉවත් කර ගැනීම සදහා කොන්ට්‍රෝල් පැනලය තුල windows features අයිකනය විවෘත කර turn windows features on or off තිරය ලබා ගන්න.පසුව එහි ඇති windows search යන්න ඉදිරියේ ඇති හරි සලකුණ ඉවත් කර OK බට්න් එක ක්ලික් කරන්න.අවසානයේදී පරිඝණකය රීස්ටාර්ට් කරගන්න.
SearchIndexer.exe නම් ෆයිල් එකෙන් අත්පත් කරගන්නා රැම් ධාරිතාවය හා ප්‍රොසෙසරයේ ධාරිතාවය ඔබට අවශ්‍යනම් අඩු කරගැනීමටද පුලුවන.මේ සදහා කොන්ට්‍රෝල් පැනලයේ ඇති index options යන්න ක්ලික් කර හෝ ස්ටාර්ට් මෙනුවේ ඇති සෙවුම් කවුලුව තුල ඉහතින් සදහන් කල විධානය ටයිප් කර අවශ්‍ය වෙනස්කම් සිදු කරගත හැකිය.මෙම වින්ඩෝව තුල pause යනුවෙන් බට්න් එකක් තිබෙන අතර එය එබූ විට මෙම සේවාව ක්‍රියාත්මක වීම මිනිත්තු 15කට
තාවකාලිකව නතර වෙයි.
modify බොත්තම එබීමෙන් මෙහි තවදුරටත් වෙනස්කම් කර ගත හැකි අතර පරිඝණකයේ ඇති යම් ෆයිල් එකක් සොයාගැනීමට ගතවන කාලය මෙමගින් අවම කරගැනීමට පුලුවන.ෆයිල් නේම් පමණක් index වන ආකාරයටද මෙම සේවාව වෙනස් කරගැනීමට පුලුවන.මේ සදහා index options සංවාද කොටුවේ ඇති advanced බට්න් එක ක්ලික් කරන්න.
පසුව file types ටැබ් එක ක්ලික් කරන්න.පසුව doc,docx ආදී වශයෙන් ෆයිල් ෆෝමැට් එක පෙන්වා දෙන්න.ඒවායින් ඔබට සර්ච් කිරීමට අවශ්‍ය නොවන ෆයිල්ස් ඉදිරියේ ඇති හරි සලකුණ ඉවත් කරගන්න.ඉහතින් සදහන් කල පියවර කිහිපය අනුගමනය කිරීමෙන් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය සහිත පරිඝණකයක කාර්යක්ෂමතාවය වැඩි කරගත හැකිය.


mamath windows daapu gaman mulinma karanne search index disable karana ekai. drives wala indexing off karana ekai..
ea tharam patta watinawa. 