SearchIndexer ෆයිල් එක

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    SearchIndexer ෆයිල් එක


    searching-twitter.jpg


    ඔබගේ පරිඝණකයෙන් ඔබ කිසිදු කාර්යයක් සිදු නොකරන අවස්ථාවලදී පවා ඔබට නොපෙනී විවිධ වැඩසටහන් රැසක් පරිඝණකයේ ධාවනය වෙයි.ඔබගේ පරිඝණකයේ තිබෙන්නේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය නම් ටාස්ක්බාරය මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Task manager සංවාද කොටුවෙහි ඇති process යන ටැබ් ඒක ක්ලික් කල පසුව මෙම වැඩසටහන් සියල්ල ඔබට දැකගත හැකිය.

    8636362.png

    ඒවා ධාවනය වීමට පරිෂණකයේ රැම් මතකය යොදාගන්නා ආකාරයද එහි දර්ශණය වෙයි. පරිඝණකයේ මනා ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ෆයිල් එකක් වශයෙන් SearchIndexer.exe හැදින්විය හැකි අතර පරිඝණකයේ මතකයෙන් වැඩි ප්‍රමාණයක් මෙය ධාවනය වීම සඳහා යොදා ගනී.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල ඔබට අවශ්‍ය ෆයිල් එකක් සර්ච් කිරීමේදී එය තිබෙන ස්ථානය පහසුවෙන් සොයාගැනීම සදහා එය එක්තරා ආකාරයක සුචීකරනය හෙවත් Index කිරීම සිදුකෙරෙන්නේ මෙමගිනි.ඔබට අවශ්‍ය නම් මෙම ෆයිල් එක ධාවනය වීම නැවැත්විය හැකිය.

    searching-man.jpg

    මේ සදහා කන්ට්‍රෝල් පැනලය විවෘත කර Services අයිකනයා විවෘර්ත කරගන්න.එසේ නැතහොත්
    ස්ටාර්ට් මෙනුවේ ඇති සෙවුම් කවුළුව තුල services.msc යනුවෙන් ටයිප් කරන්න.එවිට ස්ටාර්ට්
    මෙනුවේ ඉහලින් දර්ශණය වන windows search ක්ලික් කරන්න.අවසානයේදී stop බට්න්
    එක ක්ලික් කරන්න.නමුත් මෙය ධාවනය වීම නැවැත්වීම එතරම් සුදුසු නැත.ඔබට අවශ්‍ය නම් මෙම
    සේවාව uninstall කල හැකිය.පහතින් දැක්වෙන්නේ එය සිදු කරන ආකාරයයි.

    Services.jpg

    වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තුල මෙය ඉවත් කරගැනීමද එතරම් සුදුසු නැත.නමුත් එය ඉවත් කර ගැනීමෙන් පරිඝණකයේ කාර්යක්ෂමතාවය තරමක් වැඩි කර ගැනීමට පුලුවන.මෙම සේවාව ඉවත් කර ගැනීම සදහා කොන්ට්‍රෝල් පැනලය තුල windows features අයිකනය විවෘත කර turn windows features on or off තිරය ලබා ගන්න.පසුව එහි ඇති windows search යන්න ඉදිරියේ ඇති හරි සලකුණ ඉවත් කර OK බට්න් එක ක්ලික් කරන්න.අවසානයේදී පරිඝණකය රීස්ටාර්ට් කරගන්න.

    top%20outlook%20support%20issues%20c.jpg

    SearchIndexer.exe නම් ෆයිල් එකෙන් අත්පත් කරගන්නා රැම් ධාරිතාවය හා ප්‍රොසෙසරයේ ධාරිතාවය ඔබට අවශ්‍යනම් අඩු කරගැනීමටද පුලුවන.මේ සදහා කොන්ට්‍රෝල් පැනලයේ ඇති index options යන්න ක්ලික් කර හෝ ස්ටාර්ට් මෙනුවේ ඇති සෙවුම් කවුලුව තුල ඉහතින් සදහන් කල විධානය ටයිප් කර අවශ්‍ය වෙනස්කම් සිදු කරගත හැකිය.මෙම වින්ඩෝව තුල pause යනුවෙන් බට්න් එකක් තිබෙන අතර එය එබූ විට මෙම සේවාව ක්‍රියාත්මක වීම මිනිත්තු 15කට
    තාවකාලිකව නතර වෙයි.

    Turn.off_.indexing.Windows.7.and_.Vista_.Indexing.Options.png

    modify බොත්තම එබීමෙන් මෙහි තවදුරටත් වෙනස්කම් කර ගත හැකි අතර පරිඝණකයේ ඇති යම් ෆයිල් එකක් සොයාගැනීමට ගතවන කාලය මෙමගින් අවම කරගැනීමට පුලුවන.ෆයිල් නේම් පමණක් index වන ආකාරයටද මෙම සේවාව වෙනස් කරගැනීමට පුලුවන.මේ සදහා index options සංවාද කොටුවේ ඇති advanced බට්න් එක ක්ලික් කරන්න.

    indexing-options-windows-7-advanced-options.jpg


    image78.png

    පසුව file types ටැබ් එක ක්ලික් කරන්න.පසුව doc,docx ආදී වශයෙන් ෆයිල් ෆෝමැට් එක පෙන්වා දෙන්න.ඒවායින් ඔබට සර්ච් කිරීමට අවශ්‍ය නොවන ෆයිල්ස් ඉදිරියේ ඇති හරි සලකුණ ඉවත් කරගන්න.ඉහතින් සදහන් කල පියවර කිහිපය අනුගමනය කිරීමෙන් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය සහිත පරිඝණකයක කාර්යක්ෂමතාවය වැඩි කරගත හැකිය.



    6921879.gif

    6921883.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes: mamath windows daapu gaman mulinma karanne search index disable karana ekai. drives wala indexing off karana ekai..

    eelangata menna me podi software eka daagannawa.
    http://locate32.net/content/view/18/31/

    oka gena mata kiwwe nam GT bro. adatath oka use karanawa. Patta software ekak.
    Kauru hari meka kemathi nam try karala balanna. Free software ekak.
    eka paarak use kaloth aayeth epa wenne na hamadaama daganie :rofl: ea tharam patta watinawa. :yes:
    Install karala Run karala. keyboard eke F9 key eka Press karanna, etakota index wei.
    eelangata search ekak deela balanna kohomada speed eka kiyala ;)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Tnx Machan
    +4
    :D:D:D
    :yes: mamath windows daapu gaman mulinma karanne search index disable karana ekai. drives wala indexing off karana ekai..

    eelangata menna me podi software eka daagannawa.
    http://locate32.net/content/view/18/31/

    oka gena mata kiwwe nam GT bro. adatath oka use karanawa. Patta software ekak.
    Kauru hari meka kemathi nam try karala balanna. Free software ekak.
    eka paarak use kaloth aayeth epa wenne na hamadaama daganie :rofl: ea tharam patta watinawa. :yes:
    Install karala Run karala. keyboard eke F9 key eka Press karanna, etakota index wei.
    eelangata search ekak deela balanna kohomada speed eka kiyala ;)
    තෑන්ක්ස් මචන්
    ගොඩක් වටිනවා :yes::yes::yes: