උඹලා කැමතිද වැඩේට?
මේ පෝස්ට් ටිකත් බලල ම ඉඳහල්ලා..
http://www.elakiri.com/forum/search.php?searchid=9258308&pp=50
ඔය පෝස්ට් ටික ඔක්කොම බලලා වැඩේ කෙරෙන විදිය තේරුම් ගනිල්ලා.
මට එක එක්කෙනා ඉල්ලන ඒවා එවන්න බෑ වෙන වෙනම.
කෙටියෙන් කියන්නම්, මෙහෙමයි.
මෙතන ගොඩක් අය අහන දෙයක්, මගෙන් ඇහුව දෙයක් තමයි ෆොටෝෂොප් ටියුටෝරියල්.
මම ලඟ ටිකක් තිබ්බා.
ඒව එවන්නම් එකෙක්ට (5 - 10 DVDs in a single packet).![]()
පස්සෙ ඌ ඒ ටික කොපි කරගත්තාම තව ඒ ටියුටෝරියල් ම අවශ්‍ය කෙනෙක් ඌව කන්ටෑක්ට් කරලා උගෙන් ඒ ටික ගන්න ඕන.
නැතුව ආයෙම මගෙන්ම ඉල්ලන්න එපා "මචන් මටත් ෆොටෝෂොප් ටියුටෝරියල් එවහන්" කියලා.
අවශ්‍ය අය මෙතනට සෙට් වෙන්න (A, B, C, D, E කියමුකො ඒ අයට),
ඕන දේ ඉල්ලන්න.
ඉල්ලපුවාම ගොඩක් අය එකම දේ ඉල්ලලා නම් ඒ ඒ අය එකට එකතු වෙලා මම හෝ වෙන කෙනෙක් හෝ එවන පාර්සල් එකේ තියෙන ඩීවීඩී බෙදාගන්න.
P මුලින්ම මම A ට යවනව ඩීවීඩී ටික, ඌ ඒ ටික කොපි කරගෙන දවස් 5ක් වගේ ඇතුලත ආයෙම ඒ ටියුටෝරියල් ටිකම අවශ්‍ය B ට යවනව. B ත් එහෙමයි, ඒක ලැබුනාම කොපි කරගෙන C ට යවනවා....
)
තව දෙයක්..
මේක මම කරන්න හිතුවේ කෙනෙක්ට උදව්වක් විදියට විතරයි.
ඒ නිසා මට ඉල්ලන පමාවෙන් ම එවන්න බෑ.
සමහරවිට ඉල්ලලා මාසයක් වත් යයි පෝස්ට් කරන්න.
සමහරවිට ඉක්මනින්ම පෝස්ට් කරන්න පුළුවන් වෙයි.
අනික කොච්චර කල් කරන්න පුළුවන් වෙයිද කියලා කියන්නත් බැහැ.
ගොඩක් අය හොර බොරු නොකර හරි විදියට මේක කරගෙන යන්න උදව් කරනව නම් මමත් පුළුවන් තරම් දේවල් එවන්නම්.
ගාස්තු මෙහෙමයි මචන්ලා..
මේක කිසිම විදියකින් ලාභයක් වත් වාසියක් වත් ගන්න කරන දෙයක් නෙවෙයි.
අනික මම හෝ අනික් කෙනෙක් මේකට සම්බන්ධ වුනා කියලා මුදල්මය අතින් රුපියලක තියා ශතයක වත් ලාභයක් නම් බලාපොරොත්තු වෙන්න එපා.![]()
ඩීවීඩී ඉල්ලනව නම් පෝස්ට් කරන්න යන ගාස්තුව සහ පෝස්ට් කරන්න යන bubble polythene කවරෙ ගන්න යන ගාස්තුව මොකක් හරි විදියකින් ගෙවන්න ඕන. (A ට පෝස්ට් කරන්න සහ කවරෙට යන ගාස්තුව B විසින් ගෙව්වාම A විසින් ඹB ට ඒ ටියුටෝරියල් ටික පෝස්ට් කරනවා. C ඒ ටියුටෝරියල් ම ඉල්ලපුවාම C විසින් B ට ඒ ගාස්තුවම ගෙවන්න ඕන.
එතකොට B ට ඒවා නිකන් වගේ.
වියදම් වුන සල්ලි ගෙන් ලැබෙනවා).
රුපියල් 100ක් 120ක් යයි.
yes: පෝස්ට් කරන්න 80ක් - 90ක් වගේ, කවරෙට 30ක් 40ක් වගේ)
ඉල්ලපු ඩීවීඩී ලැබුනාම ඒ ටික පරිස්සමින් පාවිච්චි කරහල්ලා.
මොකද ඒකෙන් නෙ හැමෝම කොපි කරගන්නේ,
ඒකයි.
කැමති උන් විතරක් set වෙයල්ලා.
මේකේ අවාසි ගොඩක් තියෙනව තමයි.
කරල ම බලමු,
හරියන්නෙ නෑ නම් නවත්තලා දාමු.
මට කවුරුහරි parcel එවන්න ඕන කරන address එක දුන්නා කියලා කිසිම විදියක අවුලක් හිතන්න එපා.
ඒක දන්නේ මම සහ ඒ දුන්නු කෙනා විතරයි.
වෙන කෙනෙක් අතට යන්න ඉඩ තියන්නේ නෑ.
පාර්සල් ලැබුනාම යවන අනික් අයත් එහෙම කරන්න,
කිසිම විදියකින් ඇඩ්‍රස් එක public forum එකේ දාන්න එපා.

කෙටියෙන්,
අවශ්‍ය දේ කියහල්ලා..
අරක තියෙනවද, මේක තියෙනවද අහන්න එපා..
උඹට අවශ්‍ය දේම තව කීප දෙනෙක්ටත් අවශ්‍යයි නම් කවුරුම හරි තියෙන කෙනෙක් එවයි.
අනික මම ලඟ නම් මේක තියෙනව මේක තියෙනවා කියලා මෙතන දාන එක බොරු වැඩක්.
මොකද එතකොට දකින දකින එකා මටත් ඕන මටත් ඕන කියනවා.
සමහරවිට ලැබුනාම ආයෙ කාටවත් පෝස්ට් නොකර ෂේප් වෙයි. ඒ නිසා,
අවශ්‍යතාව තියෙන කෙනා අවශ්‍ය දේ විතරක්/හෝ කීපයක් ඉල්ලන්න.
වැඩිම අවශ්‍යතාව තියෙන දේවල් ටික එතකොට ඩීවීඩි වලට දාලා පෝස්ට් එකේ ෂෙයා කරගන්න පුළුවන්.මගෙන් ෆොටෝෂොප් tutorials ඉල්ලපු අය 3 දෙනෙක් ඉන්නව,
මේ ඒ අයගෙ පෝස්ට්..
තව දෙන්නෙක් වගේ සෙට් වෙනව නම් මම ෆොටෝෂොප් tutorial pack එකක් පෝස්ට් කරන්නම් crazy_lakshitha ට.![]()
පස්සෙ උගෙන් ඉල්ලගනින් පෝස්ට් දාලා තියෙන පිළිවෙලට මේ ත්‍රේඩ් එකේ.

මගෙන් ෆොටෝෂොප් tutorials ඉල්ලපු අය 3 දෙනෙක් ඉන්නව,
මේ ඒ අයගෙ පෝස්ට්..
තව දෙන්නෙක් වගේ සෙට් වෙනව නම් මම ෆොටෝෂොප් tutorial pack එකක් පෝස්ට් කරන්නම් crazy_lakshitha ට.![]()
පස්සෙ උගෙන් ඉල්ලගනින් පෝස්ට් දාලා තියෙන පිළිවෙලට මේ ත්‍රේඩ් එකේ.
Bubble bag yawanna ona rata yana kota witharalu machan. Local ewata 20 kawara kiyala ekak thiyenawa. ekata DvD 6k wage obanna puluwan! Anith eka thama apasu kiyana ekata ona pachayak gahanna puluwan lu, ithin eka awulakuth naha! Naththam "mata DvD aawe naha ne bun" kiyala ekek kiwwa gaman aapu un karanne pata gaala ewapu eka ge address eka forum eke dana eka![]()
Register post යවනව නම් විතරයි මචන් return කරන්න ඕන ඇඩ්‍රස් එක දාන්න ඕන.
Address එක public forum එකේ දාන එක,
මේක විශ්වාසෙන් කරන දෙයක්.
මම bubble කවරෙ දාලා යවන්නේ ඩීවීඩී නැවෙන්න, කැඩෙන්න පුළුවන් නිසා.
ඒ විදිය තමයි හොඳම.
මොකද වැස්සත් ඒ කවරෙ ඇතුලට වතුර යන එක අඩුයි.
Polythene air bubbles නිසා තෙරපීම් වලදි ඩීවීඩී වලට අවුලක් නෑ.mama nemeda bun kalin illuwe![]()
උඹ කලින් ඉල්ලුවා,
මට අමතක වුනා..
උඹ දෙවනියට දාන්නම්, crazy_lakshitha මට ඇඩ්‍රස් එකත් පී එම් කලා,
මේ ත්‍රේඩ් එකත් දැම්මා මට ත්‍රේඩ් දාන්න බෑ කීවාම.
අවුලක් නෑ නෙ?
Captain ජැක් ස්පැරෝ;13050908 said:එළකිරි මාත් උඹලට හෙල්ප් කරන්නම්. Download කරන්න අමාරු අය මෙතන Post කරන්න. මම පුලුවන් ඒවා Download කරලා දෙන්නම්........
මචන් එකෙක්ගේ අවශ්‍යතාවට වඩා හැම වෙලේම පොදුවේ තියෙන අවශ්‍යතා වලට මුල් තැන දීලා වැඩේ කරගෙන යමු.
අඩේ...මටත් ගන්න පුලුවන් නම් ලොකු උදව්වක්...
තැපෑලට යන ගාන රී ලෝඩ් වලින් දැම්මොත් මොකො මචන් ලා...කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ එතකොට.??
එහෙනම් උඹ 5 වෙනියා..
අවුලක් නෑ ද?මචන් එකෙක්ගේ අවශ්‍යතාවට වඩා හැම වෙලේම පොදුවේ තියෙන අවශ්‍යතා වලට මුල් තැන දීලා වැඩේ කරගෙන යමු.
![]()

මේක තව පිලිවලට කරනව නම් මම දෙන්නම් පොඩි උපදෙසක්...
අදාල ඩීවීඩී තියෙන කෙනා මේකේ පෝස්ට් එකක් දැම්මම එයාට ඩීවීඩි එකේ ගානයි පෝස්ට් එකට යන ගානයි එකතු කරලා 150/200 ක වගේ රීලෝඩ් එකක් යවලා ඩීවීඩී එක ගෙන්න ගන්න පුලුවන් නේද? එතකොට ගොඩක් අයට බලන් ඉන්න ඕන නෑ නේ මහ ගොඩක් කල්.... ( හරියාවිද මංදා )
මචන් මට නම් ඔහොම කරන්න බෑ.
මොකද මම තනි තනියට එවන්නේ නෑ.
දැන් උඹ වුනත් හිතහන්.
මම උඹට ෆොටෝෂොප් ඩීවීඩී 10ක් එව්වොත් උඹට පුළුවන්ද අනික් උන් හැමෝටම ඉල්ලන ඉල්ලන වෙලාවට වෙන වෙනම ෆොටෝෂොප් ටික වෙන වෙනම ඩීවීඩී වලට දාලා වෙන වෙනම පෝස්ට් කරන්න?
එහෙම අමාරුයි මචන්.
මේ විදියට කලාම එක්කෙනෙක්ට එක පාරයි පෝස්ට් කරන්න වෙන්නේ.
මට නම් සල්ලි නෙවෙයි ප්‍රශ්ණේ,
මේකටම යෙදිලා ඉන්න වෙන එකයි,
මේක නිකන් බිස්නස් එකක් වගේ වෙන එකයි එතකොට.

එහෙනම් උඹ 5 වෙනියා..
අවුලක් නෑ ද?


මචන් මට නම් ඔහොම කරන්න බෑ.
මොකද මම තනි තනියට එවන්නේ නෑ.
දැන් උඹ වුනත් හිතහන්.
මම උඹට ෆොටෝෂොප් ඩීවීඩී 10ක් එව්වොත් උඹට පුළුවන්ද අනික් උන් හැමෝටම ඉල්ලන ඉල්ලන වෙලාවට වෙන වෙනම ෆොටෝෂොප් ටික වෙන වෙනම ඩීවීඩී වලට දාලා වෙන වෙනම පෝස්ට් කරන්න?
එහෙම අමාරුයි මචන්.
මේ විදියට කලාම එක්කෙනෙක්ට එක පාරයි පෝස්ට් කරන්න වෙන්නේ.
මට නම් සල්ලි නෙවෙයි ප්‍රශ්ණේ,
මේකටම යෙදිලා ඉන්න වෙන එකයි,
මේක නිකන් බිස්නස් එකක් වගේ වෙන එකයි එතකොට.






මචන් මෙව්ව තැපැල් කරන්නෙ කොහොමද?..
මම ලියුමක්වත් තැපැල්කරන්නවත් හරියට දන්නේ නෑ..
දන්න බුවෙක් කියල දෙන්නකො කොහොමද මේවා යවන්නෙ කියලා.![]()

