ඇදගෙන නා ගැනීම…(+18 මත් නෙවෙයි..)
මේ කතාව මට එළකිරියෙත් පල කලා නම් හොඳයි කියලා හිතුනේ අද උදේ මේකෙම පල උන නූලක් දැකපු වෙලේ..මේ කතාව මම ලියුවේ මීට අවුරුද්දකට විතර කලියෙන්..
බොරු කියන්න ඕන නැහැනෙ ඉතින් මේක මටම පැටිය කාලෙ උන ඇබැද්දියක්.ඉතින් මූණු පොතට(Facebook බං) register උන අලුතම උන දෙයක්. අද වගේ Internet එකෙ තිබුන පොටෝ එකකට Tag කිරිල්ලට වඩා ඒ කාලෙ කලේ තමුන්ම ගත්ත එකකට යාලුවො Tag කල එක.ඉතින් ගොඩක් මේ වගේ පොටෝ වල තිබුනෙ තමුන් පවුලේ ඈයොත් එක්ක Trip ගිහින් ගත්ත එවුවා.ඒ ඇරෙන්න තව තිබුනේ අහල පහළ තියෙන ගස් වල,ගස් වල හැදෙන මල්වල,මල් වලින් හැදෙන ගෙඩි වල,ඇළි වල,මඩ වලවල් වල දැකුම් කලු හෝ කළු නොවන අවස්ථාවන්.ඒවත් අත ඇරියම තව තිබුනේ ගෙදර ඉන්න සත්තුන් ගෙ පොටෝ වගේ දේවල්.කොයි වගේ දේවල් උනත් ඒ photo වලට ප්රතිචාර සෑහෙන්න තිබුනා.(ගොම්බෙට්ටක් දැක්කත් sweet කියන කාලේ නොවැ)
ඉතින් මටත් දවසක් ඔය විදියට පොටෝ එකක් Upload කලොත් කොහොමද ප්රතිචාර කියල බලා ගන්න හිතුනා.ඉතින් අර උඩ කියල තියෙන ජාති වලින් මට තිබුන ලේසිම,පහසුම,වැඩේ තමයි අර අන්තිමටම තිබුන එක. මොකද අපේ ගෙදර හිටියා සුදුම සුදු බැළලියක්(පූසියක්).ඒ වගේම ඌ ලස්සනයි.
ඉතින් මම ගෙදර හිටපු බැළලිගෙ පොටෝ එකක් ගහල upload කලොත් හොදා කියල ඒවිදියටම කරල හිටපු හොඳම යාළුවොන් වත් ගෑණු,පිරිමි භේදයකින් තොරව tag කොලා.ඔන්න ඉතින් කස්ටිය comment කරනවා…අනේ..ලස්සනයි,cute,sweet ඔය ජාතියෙ ගොඩක් ඔතන තිබුනා.එකම වචනෙට වචන 65,000ක් විතර ඉංගිරීසියෙන් තියෙනවනේ.
ඉතින් ඔහොම මම දන්නම කියන ගෑණු ළමයෙකුත් “අනේ sweet” කියල තිබුන.
ඉතින් ඒ comment එකට මම “ඔව් හරියට ඔයත් අපෙ ගෙදර ඉන්න පූසි වගේමයි…[ow hariyata oyath ape gedara inna pussy vagemai]“ (අදහස් කලේ එයත් ලස්සනයි කියලා) reply කලා.
මෙන්න ඒ ගෑණු ළමය ටස් ගාල දුම්මල වරම අතට අරන් “මීට පස්සෙ මාව මේ කුනුහරුප වලට tag කලොත් බලා ගමු "කියපි.මට හිතා ගන්නත් බැහැ මොකද්ද කුනුහරුපෙ කියලා.ඔය ගැන ගිහින් වෙන කෙනෙක් ගෙන් අහ ගන්නත් බැහැනෙ හරුපයක් නම්,මගේ හොදම යෙහෙලියක් නිසා මම ඇත්තම කියුවා මට කුනුහරුපෙ හොයා ගන්න බැහැ කියලා”ඔය මඟුල අයින් කරල දානවා.ඔක්කොටම ඉස්සෙල්ල,ඊට පස්සෙ ගිහින් Oxford ශබ්ද කෝෂයක් අරන් Pussy කියන්නෙ මොකද්ද කියල බලනව ඔච්චරටම දන්නෙ නැත්තම්”කියපි…
අන්තිමට ඕක කෙලවරක් උනේ ඒ සතාගෙ පින්තූරේ Delete කරලා.මටත් සෑහෙන තරහයි.
ලැජ්ජාව ඊටත් වැඩී ඉඳල ඉඳල Upload කළ Photo එකම සෑහෙන comment ගානකුත් එක්ක හේතුවත් නොදැනම Delete කොරන්න උනු එකට.ඔක්කොටමත් වඩා පොටෝ එක ගන්න දඟලපු වදේ දන්නෙ මම විතරයි.බල්ලෙක් ගෙ,බළලෙක් ගෙ පොටො එකක් ගන්න ගිය කෙනෙක් දන්නව ඒකෙ රඟේ.මොකො මුන් එක විදියකට ඉන්න එකක් යැහ්.එදා මම හිතුවෙ පූසා කියන්නෙ සෑහෙන ලොකු කුණුහරුපයක් වෙනැති කියල.
කොටින්ම එදායින් පස්සෙ ඉදල ගෙදර පූසට පූස්…පූස්…. කියල කතා කරන එකත් නවත්තල දැම්මා.වටේ පිටෙත් ඉංගිරීසිය දන්න උන් හිටියොත් කියලා…
ඔය වැඩේ වෙලා තරමක කාලයක් ගියාට පස්සෙයි මම ඔය වචනෙ හරි තේරුම දැන ගන්න ඔය කියපු විදියෙ ශබ්ද කෝෂයක් හොයා ගන්න පුලුවන් උනේ...
[question]එදා ඒ Photo එකට ගොඩ දෙනෙක් Comment කරත් එක්කෙනෙක්ට විතරක් එය හරුපයක් විදියට පෙනුනෙ ඇයි….ඉංගිරීසි දන්නෙ එක්කෙනෙක් පමනක් නිසාද?[/question]
මේ කතාව මගේ,ඒත් මම පබ්ලිෂ් කලේ The Last Row එකට ඒ නිසා ගත්ත තැනත් දාන්නම්.. http://www.thelastrow.net/?p=11656
හොඳයි කියලා හිතෙනවා නම් REP දෙන්න අපිට දුන්නොත් අපිත් දෙනවා...

ගොඩක් අය කඩ්ඩ කතා කරන්නෙ සෝබනේටනෙ..