ටෝනේඩෝ/ Tornado

mic

Member
Nov 24, 2006
1,333
553
0
ටෝනේඩෝ/ Tornado
300px-Dszpics1.jpg

1.jpg

tornadoes1-300x181.jpg

south-dakota-tornado_8989_600x450.jpg

ටොනේඩෝ යනු කලගුණයේ වෙනස් වීමෙන් ඇති වන තවත් එක් සිදුවීමකි. දිය ගොබ වලාද ටොනේඩෝ වලට සමානය. ටොනේඩෝ වල ඉතිහාසය කාලගුණික සාධකවල උප්පත්තිය තරම්ම පැරණි වේ. ලංකාවේ අපට මෙය අලුත්දෙයක් ලෙස පෙනුනද මේ සිදුවීම පැරණි සිදුවීමකි. සුලි සුලං, අකුණු වැසි කුණාටු, මොසම්, දියගෙබ වලා, වැනි කාලගුණික පද්ධති වලින් එකකි ටොනේඩෝ වේ.

ටොනේඩෝවක ස්භාවය දිය ගොබ වලා මෙන් වේ. ටොනේඩෝවක මෙන්ම දියගොබ වලාවකද චාලක ලක්ෂණ එක හා සමාන වේ. මේවා ප්‍රබල සංවහන තත්ත්ව ඇති පරිසර පද්ධති වල වැඩෙන කැටි වලා මව් වලාව ලෙද ගෙන ටොනේඩෝ ඇති වෙයි. එවන් කැටි වලාවක පාදය සහා පෘථිවි තලය අතර වැඩෙන භ්‍රමණ වායු තලයකින් මෙම පද්ධති සමන් විත වේ. මෙවැනි ටෝනේඩෝවක් විනාඩි 10ක 15ක තරම් කෙටි ආයුකාලයක් තුල කිලෝමීටරයක පමණ දුරක් ගොස් ජීවිතය අවසාන කර ගනී.
මේවා හැදින්වීමෙදි හැදී වැඩෙන ස්ථානය අනුව ටොනේඩෝවක්ද, දිය ගොබ වලාවක්ද යන්න නිර්ණය කරයි. ගොඩබිමකදි ටොනේඩෝ ලෙසද, ජාලාශයක් මතුපිටදි දිය ගොබ වලාවක් ලෙසද නම් කරයි. ටොනේඩෝ වල චාලක ගති පැවතුම් දිය ගොබ වලාවකට සමාන උවද, ශක්තිය අතින් ටොනේඩෝ ඉදිරියෙන් සිටි. සිය කේන්ද්‍රය වටා ඉතා දැඩි ප්‍ර වෙග වලින් හමා යන සුළං ප්‍රවෙග වල බලපෑම නිසා එහි කේන්ද්‍රය සහ අක්ෂය ඔස්සේ අඩු පීඩන කලාපයක් හො රික්තයක් නිර්මාණය වෙයි. එම නිසා ගොඩ බිම වැඩෙන ටොනේඩෝවක මධ්‍යස්ථය දූවිලි, කොළ රොඩු, පමණක් නොව, උලු, අලුමිනීයම් සහ ඇස්බැස්ටොස් තහඩු වැනි දේ ඉහලට ඔසවනවා පමණක් නොව වීශාල ගස් පුලිනුපුටා දැමීමට උවත් සමත් වේ.

ටෝනේඩෝවක් තුලට රින්ගා ගන්නා ද්‍රව්‍යය කැබලි කැටි වලාවේ සිට පහලට දිගු වන ජල බිංදු නිසා ඈතට උවද දර්ෂණය වේ. සමහර ටොනේඩෝ වල වලාකුලට ආසන්න ප්‍රදේශය අඳුරු කඳක් ලෙස දිස් වේ. මෙය අනිවාර්රය නොවේ. පහල කොටස සාමාන්‍යෙයන් ඉතා ව්‍යාකූල වේ.

ඒ කෙසේ වෙතත් ටෙනේඩො වලින් බයානක අපදා ගෙන දිය හැක. ටොනේඩෝවක් ජනාකීර්ණ ප්‍රදේශයක ඇති වීම ඉතා භායානකය. පියසි, නාම පුවරු, යාන වාහන, බිඳි ගිය දොර ජනෙල් පවා ඉහලට ඔසවා දැඩි සුළං පහර ඔස්සේ ඒ මේ අත විසුරු විය හැකිය. ටොනේඩොවක් මගින් ඇති වන ආපදා වැඩිම ප්‍රමාණයක් සිදු වෙන්නේ විවිධ ද්‍රව්‍යය ඒ මේ අත විසිරීමෙනි. කෙසේ වෙතත් අප ටොනේඩො මගින් ඇති වන ආපදා අවම තර ගැනීමට වග බලා ගත යුතුය. කිලොමීටරයක් තරම් මෑත ක්‍රියාත්මක වන ටොනේඩෝවක් මගින් නිකුත් වන මහා ශබ්ධය ශ්‍රවණය කල හැකි බව නිරීක්ෂණ වලින් හොයා ගෙන ඇත. පහළින් පියාසර කරන ගුවන් යානාවක ශබ්ධය හෝ පිට පිට නගින මුහුදු රළ ගෙඩි වලට සාමාන ශබ්ධයක් ටොනේඩෝ මගින් පිට කරන බව සොයාගෙන ඇත.

මෙවැනි නිරීක්ෂණ මගින් ටොනේඩොවක් හඳුනා ගත හැක. කෙසේ වෙත් ටොනේඩෝ වලින් ඇති වන අපදා වලින් බේරීමට දත යුතුය. ටොනේඩෝවක් වැනි තත්ත්වයකදි අපි ආරක්ෂාව පිණිස ගොඩනැගිල්ලක්, කාමරයක් තුලට හෝ පහත් ඉස්ථානයක් වෙත කාණුවක් වැනි තැනකට රිංගා ආර්ක්ෂා විය යුත් වේ. ලංකාව වැනි රටකදි උවද නොනේඩෝ තත්ත්ව අති විය හැක. අප රටටද ටොනේඩෝ තත්ත්ව වල බලපෑම විටින් විය ඈත අතිතියේ සිය සිදුව ඇත.

උපුටාගැනීම
Code:
nethineha blogl