.: The Lorax ( ගහ කොළ ගැන මීට‍ වඩා හිතමු ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: The Lorax ( ගහ කොළ ගැන මීට‍ වඩා හිතමු ) :.

    අද මම කියන්නේ යන්නේ කාටූන් එකක් ගැන....හැබැයි මේ කාටූන් එක පොඩිහිටියන්ටත් වඩා වැඩිහිටියන් විසින් අනිවාර්යෙන්ම නැරඹිය යුතු එකක් කිව්වොත් නිවැරදියි.....ඇයි මම එහෙම කියන්නේ කියල කියන්නම්, ඊට‍ ඉස්සෙල්ල අපි මේකේ කවර් එකක් බලල ඉමු....

    the-lorax-movie-poster1-399x600.jpg


    "Despicable Me" මතක ඇති නේ....අර හඳ හොරකම් කරපු කාටූන් එක...අන්න ඒ කට්ටියගෙම වැඩක් තමයි මේකත්.... මේ කාටූන් එකෙන් ලොකු පුංචි හැමෝටම ලොකු ආදර්ශයක් දෙනවා....ඒකයි මම මුලින් කිව්වේ වැඩිහිටියොත් මේ ෆිල්ම් එක බලන්න ඕනි කියල....

    dr-seuss-the-lorax-20120209032836515_640w_1330632189-001.jpg

    මිනිස්සු වේගෙන් දියුණු වේගන යනවා, ලොකු ලොකු කර්මාන්තශාලා,තට්ටු ගනන් යන බිල්ඩින්ග්,මාලිගාවල් වගේ ගෙවල් හැදෙනවා...මේවා හැදෙන්නේ කොහෙද? වෙන කොහෙද ඉතින් මේ පොලොවෙම තමයි....ඉතින් මේවා හැදෙද්දී කැලෑ එළිපෙහෙළි වෙනවා, ගස්වැල් කපන්න වෙනවා....ඉස්සර ගෙවල් වල කොස් ගස්,අඹ ගස් වගේ කොච්චර නම් ගස් තිබ්බද....දැන් කාලේ නගරවල් වල හැදෙන ගෙවල් වල ආසාවකට ගහක් දැකගන්න තියෙනවද? තිබ්බත් තියෙන්නේ මල් පැලයක් වල් පැලයක් විතරයි ඒවත් සමහර ඒවා ලස්සනට තියන් හිටියට ශරීරයට පවා අහිතකර පැලෑටි....මේකෙන් කියවෙන්නේ මොකක්ද? අපේ ලෝකයත් ටිකෙන් ටික කොන්ක්‍රීට් වනාන්තර වෙනවා කියන එක නේද, මෙහෙම ගියොත් අපිටත් වෙන්නේ මේ කාටූන් එකේ ඉන්න කට්ටියට වෙලා තිබ්බ දේම තමයි....

    movie-dr-seuss-the-lorax-600x337.jpg

    මේ රටේ මිනිස්සු ගස් කියල කියන්නේ ප්ලාස්ටික් වලින් හදපු කෘතීම ගස් වලට....ඒ කියන්නේ ඇත්ත ගස් එකක්වත් මේ රටේ නෑ....ඒ නිසාම එයාලට අවශ්‍ය පිරිසිඳු වාතය සල්ලි වලට තමයි ගන්න වෙලා තියෙන්නේ....ඉතින් මේ මිනිස්සුන්ට මේ "පිරිසිඳු වාතය" විකුණන එක්කෙනා තමයි මේ රටේ ලොක්ක, හරියට නිකන් අපේ ලෝකේ තෙල් නිධි තියෙන රටවල් ලොක්කෝ වගේ....මේ මිනිස්සුන්ට මෙහෙම වෙලා තියෙන්නේ නව නිර්මාණ කරන්න ගියපු එක පුද්ගලයෙක් ගේ මෝඩ වැඩක් නිසා....ඒ මෝඩ වැඩේ මොකක්ද සහ ඒ වැරැද්ද හදාගන්නේ කොහොමද කියල තමයි ෆිල්ම් එකේ ඉතුරු ටිකෙන් පෙන්නන්නේ....

    1127309-bigthumbnail.jpg

    හරිම ලස්සන කාටූන් එකක්....මේ චරිත වල කාටූන් ගතිය ටිකක් වැඩි වගේ පෙනුනට රසවිදින්න පුළුවන් විදියට ලස්සනට ගාලගෙන යනවා ෆිල්ම් එක....

    zN7NI.MiEm.8.jpg

    අනාගතේදී අපිටත් මෙහෙම කෘතීම ගස් හදල පෙන්නන වෙයිද දන්නේ නෑ ගස් කියල දෙයක් ලෝකේ තිබ්බ කියල.....ඒක නිසා මේ කාටූන් එකෙන් අපිට සහ අපේ අනාගත පරපුරට ලොකු අනතුරු ඇඟවීමක් කරනවා කියල කියන්නත් පුළුවන් අනාගතේ ගැන....ඒ නිසා රසවින්දනයත් එක්කම මේ ෆිල්ම් එකෙන් දෙන ඒ පණිවිඩය ගැනත් පොඩ්ඩක් හිතල බලන්න....


     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    man balapu hondama movie ekak...
    animation godak ewage manussakama,eka eka adarsha lamainta kiyala denna hadapu ewane....loku minissuntath hondai....:)

    Action,Comedy wage ewagen dena paniwida walata wada animation movies walin godak honda dewal karala thiyenawa...:) lamayekuta manussakama,yuthukam,adarsha denna 2000 n passe release unu Animation movie tika (3D ewa) Sinhala subtitle ekka collection ekak thibunanam maru...:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    man balapu hondama movie ekak...
    animation godak ewage manussakama,eka eka adarsha lamainta kiyala denna hadapu ewane....loku minissuntath hondai....:)

    Action,Comedy wage ewagen dena paniwida walata wada animation movies walin godak honda dewal karala thiyenawa...:) lamayekuta manussakama,yuthukam,adarsha denna 2000 n passe release unu Animation movie tika (3D ewa) Sinhala subtitle ekka collection ekak thibunanam maru...:)

    :yes:
    11.gif
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    mamath beluwa.. hithata hondata wadina film ekak. meayana vidiyata. apita issarahata thiyaganna wenne boru gas thamai

    tfs bro
     
    • Like
    Reactions: argan

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කම්මැලි ෆිල්ම් එකක්
    Despicable Me වගේ දෙයක් මේකෙන් බලාපොරොත්තු වෙන අයට දෙයියන්ගෙම පිහිටයි. දඟරවලිග ලප වානර වගේ සිංදු නං ගොඩක් තියෙනවා. ඒ තරම් ලස්සනත් නෑ