එක නම් ඇත්ත බන්, අපි දහස් ගනන් වියදම් කරලා රස කෑම ජාති කනවා එත්, බඩ ගින්නට පාන් කෑල්ලක් ගන්න සල්ලි නැති මිනිස්සු කොච්චරනම් මේ ලොකේ ඉන්නවද බන් . . .
මේ ලඟදි දවසක් මම මගේ වයිෆ් එක්ක පොඩි පොඩි බඩු වගයක් ගන්න ටවුන් එකට ගියා . . .
වයිෆ් කඩේට ගිහින් එනකන් මම බයික් එකට වෙලා ඉන්නකොට අවුරුදු 50ක් විතර වයස මනුස්සයෙක් මගේ ලඟට අවා. පහලින් තියෙන්නේ අපි දෙන්න අතර ඇතිවෙච්ච දෙබස මට මතක ඇති විදියට . . .
වයස මනුස්සයා - " මහත්තයෝ මහත්යට පුළුවන්නම් මට පොඩි උදව්වක් කරන්න, පිං අයිති වෙයි"
මම - "මොකද ඔයාට තියෙන ප්‍රශ්නේ
වයස මනුස්සයා - "අනේ මහත්තයෝ මගේ නෝනට මේ දවස් ටිකේ හොදටම අසනීපයි . . . අපි දෙන්නා කුලී වැඩ කරලා තමයි මමයි, මගේ නොනයි, මගේ පොඩි දුවයි ජීවත් වෙන්නේ . . . මටත් මේ දවස් ටිකේ හරිහමන් වැඩක් හම්බුනේනැහැ . . . මහත්තයට පුළුවන්නම්, මට බත් පැකට් 2ක් අරගෙන දෙන්න . . . අපි තුන් දෙනාට කන්න . . . මට සල්ලි එපා මහත්තයෝ . . . මහත්තයම අරගෙන දෙන්න පිං සිද්ධ වෙයි . . ."
එතකොටම මගේ වයිෆ් ආවා . . . මම එයාට විස්තරේ කිව්වම එයත් එක පයින් කැමති උනා ඒ වැඩේට . . . ඊට පස්සේ, මම කිව්වා ඔය පාර දිගේ ඉස්සරහට එන්න, මම ඉස්සරහ තියෙන කෑම කඩේ ලඟ ඉන්නම් කියලා . . . ඊට පස්සේ ඒ මනුස්සයා කෑම කඩේ ලඟට අවා.
මම - "බලන්න මෙතන තියෙන කෑම ජාති වලින් මොන කෑම ජාතියටද ඔයා කමති . . ."
වයස මනුස්සයා - "අනේ මහත්තයෝ මට එලවළුයි මාළු තියෙන කෑම දෙකක් අරගෙන දෙන්න . . . ( එතන ෆයිඩ්‍රයිස්, බුරියානි වගේ එක එක කාම ජාති තිබුනා)"
ඊට පස්සේ මම ඒ මනුස්සයට කෑම දෙකක් අරගෙන දුන්නා . . .
වයස මනුස්සයා - (ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ) "මහත්තයට පිං සිද්ධ වෙනවා මහත්තයෝ මේ කරපු උපකාරෙට, අද උදේ ඉදලා මම 50 දෙනෙකුට විතර කිව්වා, මට කෑම එකක් අරගෙන දෙන්න කියලා, කව්රුත් ගනන් ගත්තේ නැහැ . . ."
ඊට පස්සේ මම කැම දෙක අරගෙන ඉතුරු රුපියල් 200ත් ඒ මනුස්සයටාම දිලා ගෙදර එන්න ආවා . . .
මම මේ කතාව දැම්මේ මගේ ලොකු කම පෙන්නන්න නෙමෙයි, අපි දහස් ගනන් දිලා රස කර කර කන කෑම අපේ අගට කිසිම ගුණයක් නැහැ තනිකර ලෙඩ රෝග විතරයි . . . එත් අපි දහස් ගනන් දීලා ගන්න කෑම වෙනුවට අපි සාමාන්‍යය කෑම වේලක් කාලා ඉතුරු මුදල් වලින් තව අහිංසක මනුස්සයෙකුට බත් පැකට් එකක් අරගෙන දුන්නොත් එකේන් ලැබෙන සතුට කියලා නිම කරන්න බහැ නේද ?